ආදරේ කරන හිත් කඳුලින් දුකින් තෙත් උනාට කවදාහරි ඒ හිත් සතුටින් පිබිදෙනවා.
විහඟ කෞමදී මේ දෙන්නාගේ ජිවිත එයාලට ඕනා විදියට ගෙවුනේ නැහැ.. හැම දෙයක්ම සිද්ද වෙන්නේ ඉරණමේ තියෙන විදියට කියලා අපි හැමෝම හිතුවත් විහඟ ඒ ඉරණම පිළිගන්න සුදානම් වුනේ නැහැ.
සැහැල්ලුවෙන් ජිවිතේ ලස්සනට ගෙනිච්ච විහඟට මේ සිද්දවුණු දේවල් ගැන ඔහුගේ දෙමව්පියන් යාළුවන් ගොඩාක් කම්පා වුනා.
ඒ දේවල් එහෙම වෙද්දී රෝහල ඇතුලේ සිද්ද උනේ අපි කව්රුත් හිතුවේ නැති දෙයක්...
මේ ආදර කතාව කොහොම අවසන් වේවිද..
කුතුහලයෙන් පිරුණු මේ ආදර කතාවේ අවසානය මෙසේ සනිටුහන් කරන්නම්......
මුල් කොටස් බලන්න බැරි උනානම් මෙන්න පාර
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
බොඳව ගිය දේදුනු 5 කොටස
බොඳව ගිය දේදුනු 6 කොටස
බොඳව ගිය දේදුනු 7 කොටස
මුල් කොටස් බලන්න බැරි උනානම් මෙන්න පාර
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
බොඳව ගිය දේදුනු 5 කොටස
බොඳව ගිය දේදුනු 6 කොටස
බොඳව ගිය දේදුනු 7 කොටස
"ඔව් කෙල්ලේ ගයාන් වෙන කෙනෙක්ව බැන්දා?"
"මො මො ...කා ..කක්?"
"මො මො ...කා ..කක්?"
අද එතැන් සිට
කවි...කවි අනේ කෞමදී..... ඩොක්ටර්.........
නැගිටින්න කවි අනේ ඇස් අරින්නකෝ........
විහඟ ත් නෙතුකිත් මාරුවෙන් මාරුවට කෑ ගැහුවා...
---------------------------------------------------------------------------------------------------------------------
"විහඟ" "විහඟ"
"අහ්හ් වරෙන් කසුනෝ වරෙන්..."
විහඟ ඉන්න තත්වේ දන්නා නිසාම කසුන් ආවා විහඟලගේ ගෙදර.
"ආයෙමත් පිස්සු කෙලින්න ගත්තද? "
"කොහොමත් පිස්සුනේ බං"
"උඹ මැරෙන්නද හදන්නේ"
"මැරෙන්නේ නෑ.. මැරෙන්නේ නෑ.. තව මට විඳවන්න තියෙනවා.."
"උඹ විදෙව්වා කියලා මේ ලෝකේ කාටවත්ම පාඩුවක් වෙන්නේ නැහැ. ජීවිතේට මුණ දීපන් විහඟ..."
"මොනා මුණ දෙන්නද බං. "
අසිහියෙන් විහඟ ගොඩාක් දේවල් කියෙව්වා.කසුනුත් ඔහේ අහගෙන හිටියා. හිතක ඇවිලෙන ගින්දරක් මිනිහෙක්ව පුච්චලා අලුකරලා දාන්නේ කොහොමද කියලා කසුන් ඇස් දෙකෙන්ම දැක්කා...
විඳවන්න පුළුවන් හැම වේදනාවක්ම විහඟ මුළු හිතින්ම තුරුළු කරගෙන විදෙව්ව්වා.එත් ඒ කිසිම දෙයක් විහඟ ගේ අම්මා නම් ඉවසුවේ නැහැ. විහඟ කාමරේට වෙලා ඉන්න වෙලාවක අම්මා විහඟ ව හොයාගෙන කාමරේට ආවා...
"දරුවෙක් උස් මහත් වෙද්දී අම්මෙක් තාත්තෙක් ඒ දරුවා දිහා බලලා දාහක් හීන පුරනවා මගේ පුතේ.ජිවිතේ විඳපු හැම දුකක් කරදරයක්ම දරුවන්ගේ දෙපාමුල තියලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ සැනසීම විතරයි. මගේ පුතා මේ කරන දේවල් වලින් අපේ සැනසීම නැතිවෙලා.. අපිට ඒ සැනසීම ආපහු දෙන්න මගේ පුතේ... "
"අම්මා ටවත් බැරි උනාද මාව තේරුම් ගන්න අම්මේ. "
"මට පුතාව තේරෙනවා. එත් හැමදාම මෙහෙම ඉන්න බැහැනේ ඔයාට. කවදාහරි මේකේ අවසානයක් තියෙන්න ඕනා. ඒ අවසානය අද හෙටම වෙනවානම් මම කැමතියි. අම්මා ට තාත්තාට සලකන්න හිතනවානම් ඒ දේ විතරක් අපිට කරන්න. හිතලා තීරණයක් ගන්න"
එහෙම කියලා අම්මා කාමරෙන් ගියා.
"කෙල්ලේ ඇයි මට මෙහෙම කලේ..." විහඟ තමන්ටම මුමුණ ගත්තා.
ඔහු ගෙදරින් එලියට ආවා.. අරමුණක් නැතුව ඔහේ ඇවිදගෙන ගියා. පුංචි හුලන් රැල්ලක් ඔහු ගාවින් ඔච්චමට හිනා වෙලා වගේ දුවලා ගියා..
අහසට පොළොවට ගතු කියන මේ හුළඟ හැම ආදර හිතක් ලඟම නැවතිලා මොනවදෝ රහසක් මුමුණනවා... විහඟ ගේ කෞමදිගේ ආදර හිත් ළඟ නැවතුනු මේ හුළඟම දැන් මහා කුණාටුවක් වෙලා මේ හිත් දෙකම අතරමං කරලා ඉවරයි.
විහඟ ඔහේ ඇවිදගෙන ගියා.. ඔහු නැවතිලා වට පිට බැලුවා. ගොඩාක් ලොකු සමීප බවක් ඔහුට දැනුනා. කෞමදී ලඟට ආවා වගේ හැඟීමක් ඔහුට දැනුනා. ඔහු ගියා කෞමදී ලඟට. හැම දෙයක්ම ඔහුට නැවත ඔහුගේ ඇස් ඉදිරිපිට මැවුනා.
-------------------------------------------------------------------------------------------------
"ඩොක්ටර් ඉක්මනට එන්න. කවි ට සිහිය නැති උනා වගේ උනා "
වෛද්‍යවරු එතනට යනකොටත් කවි හැමෝවම දාලා ගොඩාක් දුර ගිහින් ඉවරයි. ගොඩාක් උත්සහා කලත් ඇයගේ ජිවිතේ එතනින් නතරවෙලා ඉවරවෙලා තිබුනා.
"ඇයි ඩොක්ටර් මොකෝ කවිට"
". එයාට ඔහු නැතිවුණු දුක දරාගන්න බැරි උනා. මොකද එයා ඒ වෙලාවෙදිත් මානසික කැළඹීමකින් හිටියේ.මට කනගාටුයි මිස්ටර් විහඟ. එයා නැති උනා"
පැය ගානක් විහඟ කවිගේ මුණ අල්ලං කෑ ගහලා ඇඬුවා. එත් ඒ කිසිම දෙයක් කවිට ඇහුනේ නැහැ. එදා ඉඳං අද දක්වා විහඟ කෞමදී ව මතකේ තියාගෙන විඳවනවා.
"අනේ ඇයි දෙයියනේ ඔයා මාව දාලා ගියේ.. මෙහෙම ජිවිතේ මාව තනිකලේ ඇයි..?"
හැමදාම කවිගේ සොහොන ළඟ ඉඳගෙන අහපු ප්‍රශ්නේ එදාත් විහඟ ඇහුවා. එත් හැමදාම වගේ උත්තරයක් ලැබුනේ නැති ප්‍රශ්නයක් පිටින් විහඟ එහි තනි උනා.
ඔබ ගියා යන්න
මටවත් නොකියාම
කඳුළු සුසුම් විතරමයි මට
ඔබේ සුවඳවත තිබුනේ නැහැ තනියට.....
පුළුවනි නම් ඉස්සර වාගේ හිනැහෙමින්
මගේ හිතට ආදරයෙන් තුරුලුවෙන්න
ඔබ හිතට ආයෙමත් එන්න කියනවාද ?
-නිමි-
පසුවදන-
එහෙනම් මම කැපුනා :)
---------------------------------------------------------------------------------------------------------------------
"විහඟ" "විහඟ"
"අහ්හ් වරෙන් කසුනෝ වරෙන්..."
විහඟ ඉන්න තත්වේ දන්නා නිසාම කසුන් ආවා විහඟලගේ ගෙදර.
"ආයෙමත් පිස්සු කෙලින්න ගත්තද? "
"කොහොමත් පිස්සුනේ බං"
"උඹ මැරෙන්නද හදන්නේ"
"මැරෙන්නේ නෑ.. මැරෙන්නේ නෑ.. තව මට විඳවන්න තියෙනවා.."
"උඹ විදෙව්වා කියලා මේ ලෝකේ කාටවත්ම පාඩුවක් වෙන්නේ නැහැ. ජීවිතේට මුණ දීපන් විහඟ..."
"මොනා මුණ දෙන්නද බං. "
අසිහියෙන් විහඟ ගොඩාක් දේවල් කියෙව්වා.කසුනුත් ඔහේ අහගෙන හිටියා. හිතක ඇවිලෙන ගින්දරක් මිනිහෙක්ව පුච්චලා අලුකරලා දාන්නේ කොහොමද කියලා කසුන් ඇස් දෙකෙන්ම දැක්කා...
විඳවන්න පුළුවන් හැම වේදනාවක්ම විහඟ මුළු හිතින්ම තුරුළු කරගෙන විදෙව්ව්වා.එත් ඒ කිසිම දෙයක් විහඟ ගේ අම්මා නම් ඉවසුවේ නැහැ. විහඟ කාමරේට වෙලා ඉන්න වෙලාවක අම්මා විහඟ ව හොයාගෙන කාමරේට ආවා...
"දරුවෙක් උස් මහත් වෙද්දී අම්මෙක් තාත්තෙක් ඒ දරුවා දිහා බලලා දාහක් හීන පුරනවා මගේ පුතේ.ජිවිතේ විඳපු හැම දුකක් කරදරයක්ම දරුවන්ගේ දෙපාමුල තියලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ සැනසීම විතරයි. මගේ පුතා මේ කරන දේවල් වලින් අපේ සැනසීම නැතිවෙලා.. අපිට ඒ සැනසීම ආපහු දෙන්න මගේ පුතේ... "
"අම්මා ටවත් බැරි උනාද මාව තේරුම් ගන්න අම්මේ. "
"මට පුතාව තේරෙනවා. එත් හැමදාම මෙහෙම ඉන්න බැහැනේ ඔයාට. කවදාහරි මේකේ අවසානයක් තියෙන්න ඕනා. ඒ අවසානය අද හෙටම වෙනවානම් මම කැමතියි. අම්මා ට තාත්තාට සලකන්න හිතනවානම් ඒ දේ විතරක් අපිට කරන්න. හිතලා තීරණයක් ගන්න"
එහෙම කියලා අම්මා කාමරෙන් ගියා.
"කෙල්ලේ ඇයි මට මෙහෙම කලේ..." විහඟ තමන්ටම මුමුණ ගත්තා.
ඔහු ගෙදරින් එලියට ආවා.. අරමුණක් නැතුව ඔහේ ඇවිදගෙන ගියා. පුංචි හුලන් රැල්ලක් ඔහු ගාවින් ඔච්චමට හිනා වෙලා වගේ දුවලා ගියා..
අහසට පොළොවට ගතු කියන මේ හුළඟ හැම ආදර හිතක් ලඟම නැවතිලා මොනවදෝ රහසක් මුමුණනවා... විහඟ ගේ කෞමදිගේ ආදර හිත් ළඟ නැවතුනු මේ හුළඟම දැන් මහා කුණාටුවක් වෙලා මේ හිත් දෙකම අතරමං කරලා ඉවරයි.
විහඟ ඔහේ ඇවිදගෙන ගියා.. ඔහු නැවතිලා වට පිට බැලුවා. ගොඩාක් ලොකු සමීප බවක් ඔහුට දැනුනා. කෞමදී ලඟට ආවා වගේ හැඟීමක් ඔහුට දැනුනා. ඔහු ගියා කෞමදී ලඟට. හැම දෙයක්ම ඔහුට නැවත ඔහුගේ ඇස් ඉදිරිපිට මැවුනා.
-------------------------------------------------------------------------------------------------
"ඩොක්ටර් ඉක්මනට එන්න. කවි ට සිහිය නැති උනා වගේ උනා "
වෛද්‍යවරු එතනට යනකොටත් කවි හැමෝවම දාලා ගොඩාක් දුර ගිහින් ඉවරයි. ගොඩාක් උත්සහා කලත් ඇයගේ ජිවිතේ එතනින් නතරවෙලා ඉවරවෙලා තිබුනා.
"ඇයි ඩොක්ටර් මොකෝ කවිට"
". එයාට ඔහු නැතිවුණු දුක දරාගන්න බැරි උනා. මොකද එයා ඒ වෙලාවෙදිත් මානසික කැළඹීමකින් හිටියේ.මට කනගාටුයි මිස්ටර් විහඟ. එයා නැති උනා"
පැය ගානක් විහඟ කවිගේ මුණ අල්ලං කෑ ගහලා ඇඬුවා. එත් ඒ කිසිම දෙයක් කවිට ඇහුනේ නැහැ. එදා ඉඳං අද දක්වා විහඟ කෞමදී ව මතකේ තියාගෙන විඳවනවා.
"අනේ ඇයි දෙයියනේ ඔයා මාව දාලා ගියේ.. මෙහෙම ජිවිතේ මාව තනිකලේ ඇයි..?"
හැමදාම කවිගේ සොහොන ළඟ ඉඳගෙන අහපු ප්‍රශ්නේ එදාත් විහඟ ඇහුවා. එත් හැමදාම වගේ උත්තරයක් ලැබුනේ නැති ප්‍රශ්නයක් පිටින් විහඟ එහි තනි උනා.
ඔබ ගියා යන්න
මටවත් නොකියාම
කඳුළු සුසුම් විතරමයි මට
ඔබේ සුවඳවත තිබුනේ නැහැ තනියට.....
පුළුවනි නම් ඉස්සර වාගේ හිනැහෙමින්
මගේ හිතට ආදරයෙන් තුරුලුවෙන්න
ඔබ හිතට ආයෙමත් එන්න කියනවාද ?
-නිමි-
පසුවදන-
- පුරා මාස දෙකක් මාගේ කුළුඳුල් නවකතාව සමඟ රැඳී සිටි ඔබ සැමට මුලින් ස්තුතිවන්ත වෙනවා. මේ මම කුලුඳුලේ ලියපු කතාව. ගොඩාක් අඩුපාඩු තිබුනා. ඒවා ඔයාලා මට පෙන්නලා දුන්නා. ඒවා යම්තාක් දුරට හරිගස්සවාගෙන මම ඔන්න අද කතාව මෙලෙස නිමා කළා. මාගලක් වගේ දිග කාතාවක් ලියන්න අදහසක් තිබුනේ නැති නිසයි කතාව කොටස් 8 කට සීමා කලේ.. ඉතුරු කොටස කවදාද දාන්නේ කියලා මට බැනපු අයත් නැතුවා නෙමෙයි :P
- දෙවෙනුව මම දන්නවා කට්ටිය දැන් කඩු කිනිසි උස්සන් මාව කොටන්න එයි. මොකද දුක හිතෙන අවසානයක් දුන්නු නිසා. :)
- මෙහෙමයි මම මේ කතාවේ පලකරන්න කලින් ඉඳලම මුළු කතාවම ප්ලෑන් කළා. දුක හිතෙන අවසානයක් නිසා තමයි මම බොඳව ගිය දේදුනු කියලා නමත් යෙදුවේ. ඉතින් නමේ හැටියටම කතාව ඉවර කලේ එකයි. ළමායි සන්සුන් වෙන්න දැන් ඉතින් :)
- තෙවෙනුව මේක මගේ ඇත්තම කතාවක් නෙමෙයි. මොකද ඉතින් මම තාම ජිවත් වෙනවානේ :D
- මේක මම ගොතපු කතාවක්. එත් සමහර කොටස්, සමහර වචන මගේ ජීවිතේටත් සම්බන්දයි...
- අවසාන කොටස ලියන්න කල්ගියේ පාඩම් වැඩ වගේකට හිර වෙලා හිටිය නිසා හොඳේ
එහෙනම් මම කැපුනා :)
ලස්සන සිතුවිල්ලක්..
ReplyDeleteසමහර වෙලාවට ආදරේ නිසා අපිට අපිවම අමතක වෙන වෙලාවල් ගොඩයි..
දැන් ඉතින් ඊළඟ කතාව කවද්ද දාන්නේ..?
එකටනං ගොඩාක් කාලයක් අක්කේ. :)
Deleteමමනම් හිතුවා නමෙන්ම..දුක හිතෙන සීන් එකක් තමයි කියලා...අනිත් දවසේ "පායන දේදුනු" කියලා සතුටු හිතෙන එකක් ලියන්න හොඳේ..
ReplyDeleteඔව් ඔව් හිහි :)
Deleteකොහේ ගියත් ඉතින් කසුන්ලට තමයි මිනිස්සුන්ගේ දුකක් තේරුම් ගන්න පුළුවන්.;) පව් හැබැයි විහඟය.
ReplyDeleteදැන් ඔයාම කාතාව මුල ඉඳලා කියවලා බලන්න නගෝ. එතකොට අඩු පාඩු තියන තැන් ඔයාටම තේරේවි. ඊළඟ කතාව කියද්දී එතකොට ඒවා හදාගන්න පුළුවන්.
ගොඩාක් ස්තුති අයියේ. :)
Deleteකසුන් ලට තේරෙනවා ඔව් හෙක් හෙක් හෙක්
මම ඇවිත් තියෙන්නේ අන්තිම කොටසට..කියෙව්වෙ නෑ.. ඊලඟ එකටවත් මුල ඉඳලා සෙට් වෙන්නම්..
ReplyDeleteජය !!
කමක් නෑ අනේ.. :)
Deleteලස්සනයි නංගියෝ කථාව.. ඒත් දුකයි.. මම හිතුවේ හොඳ විදියකට ඉවර වෙයි කියලා..
ReplyDeleteගොඩාක් ස්තුති අක්කේ. හ්ම්ම් නමේ හැටියට දුක්කිත අවසානයක් තමයි දුන්නේ
Deleteඇති යන්න්තම් ඉවර උනා . අනෙ ඇයි මෙ එක පාරින් ඉවර වෙන්න ලියන්නෙ නැතිව කඩ කඩ ලියන්නෙ හරියට සතිපතා පත්තරෙක කතා ලියනවා වගෙ. මට හිතෙන විදියටනම් එතකොට කියවන එකාගෙ රසවින්දනය නැතිවෙනවා. ඔහේ කියවනවා විතරයි. මම අවංකවම මෙ කතාව කියෙව්වෙ නෑ.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් එක එක්කෙනා හිතන විදියනේ ලොකු...
Deleteහ්ම්ම් අවංකව අදහස කිව්වා එක ගැනනම් ගොඩාක් සතුටුයි.
ඕයේ... මම මුල ඉඳන්ම කිව්වනෙ කෙල්ලව මරපන් කියල... තැන්කිවු හොඳේ... :)
ReplyDeleteදැන් නම් මට ෂුවර් උඹනම් සාතන්ම තමයි කියලා..
Delete@ සාතන් අයියා
Deleteඔව් ඔව් ඉතින් ඔයා කියුවේම එකනේ :D
@ සෙන්නා
හේ හේ එයා සාතන්ම තමයි :)
හ්ම්ම්... ඔන්න කියපු විදියටම මම අවසාන කොටස දැම්මයින් පස්සේ මුළු කතාවම බැළුවා. මුළු කතාවම කැටි කරලා ගත්තම යම් තරමක ප්‍රගතියක් මුල කොටස් වලට සාපේක්ෂව පසු කොටස් වලදි තියෙනවා. කතාවේ තේමාවත් හොදයි. වරිත නාමකරණයත් හොන්දාදායියි... :) දුක හිතෙන අවසානයක් වුනත් මෙක ටිකක් ඉක්මන් වැඩියි වගේ. මේ කතාවම තව ටිකක් දිගට ලියන්නත් පුළුවන් කම තියෙනවා. පළවෙනි එක කියලා කියන නිසා මේ ඇති ඉතින්.. ඊළගට මීටත් වඩා අති සාර්ථක නිරිමාණයක් එක්ක වර්ණාව මුණ ගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ සාර්ථකත්වයේ පෙරමන් සළකුණු "මේ" යැයි බය නැතිව කියන්න පුළුවන්.. තව ලස්සන සුඛාන්තයක් ඔබ අතින් ලියවේයැයි මම විශ්වාස කරනවා වර්ණා... :)
ReplyDeleteප.ලි. මටත් මේ කතාවේ ඇතැම් කොටස් සමීප බවක් දැනුනා. විශේෂයෙන්ම "දරුවෙක් උස් මහත් වෙද්දී අම්මෙක් තාත්තෙක් ඒ දරුවා දිහා බලලා දාහක් හීන පුරනවා මගේ පුතේ.ජිවිතේ විඳපු හැම දුකක් කරදරයක්ම දරුවන්ගේ දෙපාමුල තියලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ සැනසීම විතරයි. මගේ පුතා මේ කරන දේවල් වලින් අපේ සැනසීම නැතිවෙලා.. අපිට ඒ සැනසීම ආපහු දෙන්න මගේ පුතේ... " කියන දෙබස.. අනේ මන්දා තව නමකත් සමීප බවක් දැනුනා...;)
ඉක්මනට ඉවර කළා අයියේ. මම උනත් කැමති නැහැ ගොඩාක් කොටස් තියෙන කතා වලට.
Deleteතව දිගට ලියන්නනම් පුළුවන් තමයි :)
තව ටිකක් කල් අරගෙන තමි අනිත් කතාව. ගොඩාක් දුරට කෙටි කතාවක් වෙයි :)
බොහොම ස්තුති අගය කිරීමට සහ මෙවන්වූ දිරි ගැන්වෙන සුළු වචන වලට. එක මට ගොඩාක් හයියක්.
නමේ සමීප බව නම් එහෙම තමයි :)
හ්ම්ම්ම්ම්.....7 වෙනි කොටස මට මග ඇරිල තිබුනෙ..ඔන්න ඒකත් කියවලාම මේ ආවෙ.....එයාට හොන්දටම සුව වෙනකම් ගයාන් ගැන නොකිය ඉන්නයි තිබුනෙ...කියන්න කලින් ඩොක්ටර් ගෙන් ඇහුව නම් එයත් කියාවි දැන්ම කියන්න එපා කියල......කෝම උනත් ලස්සන කතාවක්....!
ReplyDeleteහ්ම්ම් ඔව් එහෙම තමයි ඉතින්. කතාව ඉක්මනින් ඉවර කරන්න ඕන නිසා තමයි එහෙම කලේ :)
Deleteඅවුලක් නැ...අරුත්බර අවසානයක් තමා...ඇය නැති වුනා එක්කම කතාවත් නිමා වුනා නෙ...සැබෑ ආදරේට නැ අවසානයක්...!! වර්ණාගේ සිතුවිල්ලෙන් ප්‍රකාශය වුයේ ඒ හා සමාන අදහසක්! so nice...best of luck! :-)
ReplyDeleteහ්ම්ම් ඔව් ඒ අදහස තමයි දෙන්න උත්සාහා කලේ.
Deleteබොහොම ස්තුති ෆාතිමා කතාවේ මුල සිට රැඳී සිටියාට :)
කතාව ලියන්න ගනිද්දිම අවසානය තීරණය කරලා ඉන්න ඕන.. නැත්නම් අන්තිමේ හිර වෙනවා.. කොටසකට දෙකකට මම කමෙන්ට් නොදැම්මට ඔන්න කියෙවුවා හොදේ.. අතර මැද මේ අවසානය ගැන හිතුනා.. ඒ විදිහටම වෙලත් තියෙනවා.. හ්ම්ම්ම්.. ඊළග කතාවෙන් හමුවෙමු...
ReplyDeleteහ්ම්ම් ගොඩාක් ස්තුති අයියා. මම දන්නවා ඔයාලා කියවනවා කියලා. කමෙන්ට් එකක් නොදැම්මට තරහා නැහැ හොඳේ
Deleteලස්සන කථාවක්.....ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් අප්පා..ජීවිතේ වෙනස් වෙනවා හිතාගන්න බැරි විදියට....ඉතින් ඊලඟ කථාව පටන් ගන්නේ කවද්ද...
ReplyDeleteඊළඟ කතාව නම් ගොඩාක් ලොකු විරාමයක් අරගෙනම තමයි පටන් ගන්නේ :)
Deleteමම මුල ටික කියෙව්වේ නැහැනේ අක්කියො.කියවලාම එන්නම් හොදේ.
ReplyDeleteලස්සනයි කතාව.. දුක හිතෙන කතා ලියන්නත් ඉන්නෙපැයි කවුරු හරි නේද?
Deleteහැබැයි ඊළග එක හැපි එන්ඩින් එකක් හොදේ..
හොඳයි හොඳයි නගෝ.
Deleteගොඩාක් ස්තුති හොඳේ. ලියන ඒවා කව්රුහරි කියවනවා කියන්නේ ගොඩාක් ලොකු සතුටක්
වැඩක් නෑ.. වැඩක් නෑ.... ඔහොමත් ශෝකාන්තයක් විදියට කතාවල් ඉවර කරනවද :/
ReplyDeleteඅම්මෝ චම්ම්මා අයියාට තරහා ගිහිල්ලද බොලේ.. :පි
Deleteහැරියෝ ඊලග එකේ සතුටු කඳුළු පනින්න අවසාන කරන්නම්කො :)
පවනි - හොඳයි... එපා වෙනකම් හෑලි නොදා බෝම සාර්ථක විදියට කතාව ඉවර කරල තියෙනව....... අවසානය ගැන දුකයි... ඒත් දරාගන්න බැරි දේවල් නෙමෙයි නෙ...ලස්සනයි මැණික......
ReplyDeleteගොඩාක් ස්තුති මැණිකේ :)
Deleteමොකෝ මේ ඇනෝ කෙනෙක් වෙලා. බයෙත් බෑ :පි
ජීවිතේ මොන තරම් දේවල් දරා ගන්න වෙනවද... අවසානය සාර්ථකයි කියලා හිතනවා......
ReplyDeleteඅකීකරු හිත මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..
Deleteහ්ම්ම් ඇත්ත මොන තරම් දේවල් දරාගන්න වෙනවාද :(
ඇඩෙනවෝ........ඇයි අෆ්ෆා එහෙම ඉවර කලේ? මරලා ආයෙ පන දෙන්නනෙ තිබ්බෙ
ReplyDeleteහැක හැක එහෙම මැරිලා පන එන්නේ අර ප්‍රවීනා එකේ අනුරාධටනේ :පි
Deleteඅවසානය අතිශයින් දුක්බරයි ඇයි අප්පා වෙන විදියකට හරි කෙල්ලව ජීවත් කෙරෙව්වේ නැත්තේ....ලස්සනයි සමස්තයක් විදියට...තව කතාවක් එනකන් බලාගෙන ඉන්නවා.
ReplyDeleteඅපි හිතන දේවල් සිද්ද වෙනවා ගොඩාක් අඩුයි නේද මල්ලි. අන්න ඒ දේ කියන්නයි මෙහෙම අවසානයක් දුන්නේ :)
Deleteඔන්න ඔහොමලු උනේ ...
ReplyDeleteඅන්න එහෙම තමයි :)
Deleteඅයියෝ!!!! :'( :'( හරිම දුකයි... හුඟාක්ම දුක අවසානයක්.. කතාව ලස්සනට ගියා වර්ණා..අවසානය දුකක් වුනත් ඔයා ලස්සනට ලිව්වා..:)
ReplyDeleteජය වේවා!! තවත් කතා ලියන්න..
ගොඩාක් ස්තුති හිතු :)
Deleteකොටස් 8න් අහවර වීම සතුටුයි. සමහර කතන්දර තියෙනවා අනේ අප්පා ඉවරයක් නැහැ.
ReplyDeleteමම ඒකයි සිතූ කුසූ කතාව පවා කොටස් 6න් අහවර කලේ.. නැත්තම් බ්ලොග් බලන ජනතාවට කරන සාපරාධී වැඩක්. ;)
අන්තිමට මැරුන එක නම් පව්. දුකයි. ඒත් පළවෙනි කතාව මෙහෙම නම් දෙවෙනි එක කෝම වෙයිද? (මැරෙන සීන් එපා බොල.. :)
ජය පතමි..
පළවෙනි එකේ එකයි මලේ.. දෙවනි එකේ දෙන්නම මැරෙනව... :)
Deleteහ්ම්ම් ඔව් ඔයාගේ කතාව මම කියෙව්වා සැමෝ :)
Deleteඑකනම් නියමයි
හ්ම්ම් ඊළඟ කතාවේ මරන්නේ නැහැ හොඳේ
සාතන් අයියේ ඔයානම් අම්මෝ සාත්න්ම තමයි :/
මට නම හිතෙන්නේ ඔයා කතාවේ අන්තිම ටික ලියද්දි හොර වෙලා,කම්මැලිකමට :-/
ReplyDeleteඔයාට එහෙම හිතුනද.. හ්ම්ම් හ්ම්ම් මටත් හිතුනද මන්දා. :)
Deleteවැඩේ කාලානෙ. මේ දවස් වල කියවන හැම කතාවම දුක හිතෙන විදියටමයි ඉවර වෙන්නෙ. කවුරු නැතත් ඔන්න මම කඩු , පොලු කිණිසි උස්සන් ආවා.ඒත් කතාව ලස්සනට ලිවුව නිසා ඒ ටික ආයෙ විසි කරලා දැම්මා
ReplyDeleteහ්ම හ්ම්ම් අම්මෝ මම මේ හැන්ගේන්නයි බැලුවේ :)
Deleteහ්ම්ම් ගොඩාක් ස්තුති අක්කේ
අවසානය දුක උණත් කතාව ලස්සනට ලියලා තියෙනවා. ඊලඟ කතාව මීට වැඩිය සාර්ථක වේවි. ජය!!!
ReplyDeleteගොඩාක් ස්තුති අක්කේ :)
Deleteඔන්න මම මුලින්ම දවසක එක පෝස්ට් එකක සටහන් කළා ලංකාවේ කතා කයවන අයගෙ මානසිකත්වය කොහොමද කියලා. ඔනෑම නවකතාවක, ටෙලියක, ප්‍රධාන චරිත මැරෙනවට කියවන,බලන අය කැමති නෑ. නවකතාවක් එහෙම වුණොත් පොත් ප්‍රකාශකයො බාරගන්නෙත් නෑ පොත මුද්‍රණය කරන්න. මොකද ප්‍රධාන චරිතය මැරෙන නිසා.
ReplyDeleteඒ කොහොම වුණත් ලස්සනට කතාව නිර්මාණය කළා. මේ වගේ තව දිගට ලියන්න සුබ පතනවා.
කතාවෙ කෞමදී මළානෙ ඒකට මෙහෙම කියන්නම්
"ඇය යන්න ගියා මැකිලා
පාලු අහසේ තබා ගිය
එකම සිතල කඳුළත්
සිත්තමක තවරා
ඇය යන්න ගියා මැකිලා....
හ්ම්ම් එකනම් එහෙම තමයි සහෝ .. ඉතින් මම මේක පොතක් විදියට ලියන්නේ නැති නිසා ඔන්න දුකක් ඉතුරු කළා :)
Deleteගොඩාක් ස්තුති අවසාන කවියත් ගොඩාක් ලස්සනයි
ලස්සනයි මම නම් මාරම කැමතියි
ReplyDeleteඉල්ලපු උදවුව කරන්න බැරි උනාට සොරි හොදේ :(
අයියෝ සොරි කියන්න එපා ,,, එක ඕනා නැහැ .. එක අමතක කරන්න හොඳේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅවසානෙට,මමනම් කැමතියි
ReplyDeleteමමත් එහෙමයි :)
Deleteඔන්න ඉතින් කතාවක් ඉවර කරලා තියෙන හැටි මේ වර්ණා කෙලී. හරි ට්‍රැජඩිත් තියෙන්න ඕනෙ තමයි.වැඩේ පත්තරයක් බැලුවත් තියෙන්නෙ ට්‍රැජඩිමනෙ. ඒකයි. මම ඔයාට යෝජනා කරනවා එක දවසෙ කතා ටිකකුත් දාන්න කියලා ඊ ලඟට. ජය!
ReplyDeletehenryblogwalker the Dude
ඊළඟට ලියන්නේ ඒවා තමයි සහෝ :)
Deleteකලින් මේ පැත්තට ඇවිත් තිබුනත් මේ නවකතාව කියවන්න පටන් ගත්තේ අද තමා. ඒ මොකද අවසාන කොටස කියලා දැක්ක නිසා සේරම කොටස් එක හුස්මට කියව ගෙන කියව ගෙන අවා. මටනම් හිතුනා කතාවට තව තව දෙවල් එකතු කරලා ටිකක් දිග උනානම් හොදයි කියලත්.කොහොම උනත් ලස්සන කතාවක් දුක්බරව අවසන් උනා.ඉක්මනට තව ලස්සන කතාවක් දෙන්න අපිට. ආ කියන්න අමතක උනානේ මගෙ නවකතාවේ ඉන්නෙත් කවී කෙනෙක්නෙ. හැබයි එය කවිති. මෙයා කෞමදී හොද වෙලාවට හිකීස්.....
ReplyDeleteහ්ම්ම් ගොඩාක් ස්තුති... තව දේවල් ගොඩක් එකතු කරන්න පුළුවන් තමයි. එත් ඉතින් එක්ටියෙන් අවසන් කළා :)
Deleteමම ඔයාගේ කතාවත් කියවනවා :)
අප්පටසිරි ! කතාවේ අවසානය දුකක් නේ !
ReplyDeleteපලවෙනිම කතාව ලස්සනයි !!! ඉදිරියේදිත් කතා ලියන්ඩ !
හ්ම ගොඩාක් ස්තුත්යි අයියේ :)
Deleteමමත් බලාගෙන හිටියෙ අවසාන කොටස එනකල් මොනාද වෙන්නෙ කියලා බලන්න, දුක හිතුණනේ. නම දැක්කට මම හිතුවෙම නෑ ඔහොම වෙයි කියලා. කොහොම වුණත් ආකර්ෂණීය විදියට ලියලා තියෙනවා කියලා නම් කියන්නම ඕනෙ!
ReplyDeleteහ්ම්ම් හිතෙන දේවල් වෙන්නේ කොයි රටේද :)
Deleteහ්ම්ම් හ්ම්ම් ගොඩාක් ස්තුති යාලු :)
අදනේ මම මේක දැක්‌කේ..කලින් කියෙව්වද කියලා මතක නැහැ..එහෙම උනොත් කියවන්න වෙන්නෙ අඟ ඉදන් මුලට..:) කොහොම හරි මේ කොටසනම් දුකයි..එත් ලස්‌සනට ලියලා ඔයා..
ReplyDeleteගොඩාක් ස්තුති :)
Deleteදුක හිතෙන අවසානයක්..ආයෙත් ලස්සන කතාවක් ලියයි කියලා හිතෙනවා....බලන් ඉන්නවා ඒකත් ලියනකම්
ReplyDeleteගොඩාක් ස්තුති අක්කේ :)
Delete1 වෙනි නව කතාව වුනාට ගොඩක් සාර්ථකයි කියල හිතෙනවා..හැම කොටසටම කමෙන්ට් නොදැම්මට හැම කොටසම කියෙව්වා..ආයෙ කතාවක් ලියමුකො නිවාඩු පාඩුවෙ..අපි එනව කියවන්න.. :)
ReplyDeleteගොඩාක් ස්තුති. මම දන්නවා ඔයාලා කියවනවා කියලා. එක මට ගොඩාක් ලොකු හයියක් :)
Deleteතනිකර ශෝකාන්තයක්......හ්ම්ම්....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඔව් ඔව්
Deleteඅයියෝ මෙච්චර දුක්ඛිත අවසානයක්...
ReplyDeleteමං මේ හොයන්නේ කඩුවක් හරි කිනිස්සක් හරි.
විහිලුවට හොඳේ. කතාව ලස්සනයි. හැම කතාවම ආදරණීය අවසානෙකින් ඉවර වෙන්නේ නෑනේ. උත්සාහය සාර්ථකයි කියල හිතනවා. සුබ පැතුම්
හිහි...
Deleteගොඩාක් ස්තුති. දුක හිතෙන අවසානයක් තමයි මම මුල ඉඳලම හිතුවේ :)
හෆොයි.. අර අහිංසක කෙල්ලව මැරුවා නේද ? චා චා චා.. මන නිකම් වත් හිතුවේ නැහැ වර්ණා ඔහොම කරයි කියලා.
ReplyDeleteමම හිතුවා ඔහොම කියයි කියලා. මොකද මම හැම කමෙන්ට් එකක්ම බලාගෙන හිටියේ :)
Deleteකමක් නැහැ ඉතින් අපි හැමෝම මැරෙනවානේ :)
ඉතින් මෙයාත් මැරුණා .. එහෙම හිතලා හරි හිත හදා ගමු නේද :)
අහිංසක කෙල්ලව මැරුව නේද .....මම මිනීමැරුම් නඩුවක් දානවා වර්නාට ......සාක්කි දෙන්න කවුරු හරි ඉන්නවදෝ ........
ReplyDeleteනව කථා කියන්නේ මේවට තමයි. දුකයි ඒත් මරු.
ReplyDeleteලියාගෙන ලියාගෙන ඇවිත්.. කෞමදීගෙ ජීවිතෙන්ම නැවතීමේ තිතත් තියලා.. :(
ReplyDeleteකතාවෙ ආරම්බයට වඩා ලිවීමේ දියුණුවක් මේ කොටස් වලින් මං දැක්කා නංගියෝ..
සුබ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට..!!! :)
හ්ම්ම්......:(
ReplyDeleteහ්ම්ම්..:'(
ReplyDeleteඅපරාදේ, දුකේබැ :(
ReplyDeleteපළමු වතාවට වර්ණාගෙ මතක පීරන්න ආවෙමි..
ReplyDeleteකුළුදුලේම උනත් කතාව ලස්සනයි.
අවසානය දුකක් වුනත් මුළු කතාවම රසවින්දා ,,ඉදිරියේදිත් හොද නිර්මානයකට සුබ පැතුම්,,,, :)