කඳුළු දුම් පිහාගෙන එන අලුත් හුළඟ ඇඟට හරිම සනීපයි. ඉර එළියෙන් නැටවෙන මල්යාය මුළු හිතම සනසනවා. එත් ඒ කිසිම දෙකින් විහඟටත් කෞමදිටත් සැනසීමක් නැහැ.මේ බොඳ වෙලා ගිය දේදුන්න කවදා ආපහු විහඟ ගේ ජීවිතය එලිය කරයිද කියලා විහඟ මඟ බලාගෙනයි උන්නේ..
ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව
බොඳව ගිය දේදුනු අද 7 වෙනි කොටස...!!
මුල්කොටස් කියවන්න බැරි උනානම් මෙන්න පාර
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
බොඳව ගිය දේදුනු 5 කොටස
බොඳව ගිය දේදුනු 6 කොටස
කාලය ඉගිල්ලිලා ගියේ ගොඩාක් වේගෙන්.
එදා අහස ලස්සනට පායලා තිබුනා. විහඟ හිතුවේ නැහැ ඒ දවස විහඟට මෙච්චර සතුටු හිතෙන දවසක් කියලා ඒ වෙලාවේ. විහඟ රෝහල වෙත එදාත් ගියේ අදවත් කෞමදිට සිහිය එන්න කියලා දෙවියන්ට කියලයි.
අද එතැන් සිට
අහසේ අදුරක් වැහි වලාකුළු වලට වැහුනාම මුළු ලෝකෙම ඝන අන්ධකාරෙකින් වැහිලා ගියා. උණුහුම් හිත් දෙකක් විතරක් සදාකාලික පාරමිතාවක් පුරනවා..
කෞමදී විහඟ
මේ ආදර කතාවට ඊළඟ මොහොතේ මොන විදියේ කුණාටුවක් කඩාපාත්වෙයිද?
විහඟ රෝහල වෙත වෙනදාට වඩා වෙලාස්සනින් එදා ඇවිත් හිටියා. කෞමදිගේ මුණ දකින දකින වාරයක් පාසා විහඟට දැනුනේ වචනෙන් විස්තරකරගන්න බැරි දුකක්. මුළු හිතම දහස් වාරයක් අඩද්දී වැලපෙද්දී කවි ඒ කිසිම දෙයක් නෑසුණු ගානක හිටියා.
"නින්දක් නැතිව ගෙවන මේ හැම රැයක්‌ම ඔයා මගේ ලඟම ඉන්නවා වගේ මට දැනෙනවා. එත් මේ තනිකම ටික කාලෙකටනේ කියලා හිත හදාගන්නවා මම රත්තරන්"
විහඟ එහෙම කියලා කෞමදී ලග දනගහගෙන ගොඩාක් ඇඬුවා. ඉහලට ගත්ත හුස්මපොද පවා වසක් විසක් ගානටයි විහඟට දැනුනේ..
එකපාරටම කෙඳිරිලි හඬක් විහඟට ඇහුනා. ඒ ඇසිල්ලේම විහඟට කෞමදිගේ මුණ දිහා බැලුනා...
දෙයියනේ.. කෞමදී ට සිහිය ඇවිත්.
"කොහොමද ඔයාට බබා''
කෞමදී ඇස් ඇරගන්න ලොකු වෙහෙසක් දැරුවා. එත් වචනයක් වත් මුවින් පිට කලේනම් නැහැ.
"ඉන්න මම ඩොක්ටර් ව එක්ක එන්නම් "
එහෙම කියලා විහඟ අසිහියෙන් වගේ කොරිඩෝව දිගේ දුවලා ගියා.විහඟ ගේ හිත සතුටින් පිරිලා ඉතිරිලයි තිබුනේ.
"නර්ස් නර්ස් ඩොක්ටර් අනේ බලන්න කෞමදිට සිහිය ඇවිත් වගේ " විහඟ කෑගැහුවා..
හැමෝම ඉක්‌මනින් ගියා කෞමදී ඉන්න කාමරේට.. කෞමදිට ඩොක්ටර් කතා කළා. ඒ වෙද්දී කෞමදී ඇස් ඇරලායි තිබුනේ.
"බයවෙන්න එපා කෞමදී. ඔයාට දැන් හොඳයි. ඔයා මාස 3 ක් විතර සිහිය නැතුව කෝමා තත්වයකින් හිටියේ. දැන් මට කියන්න බලන්න ඔයාට මොනාද දැනෙන්නේ කියලා. Are you ok? "
"කොහෙද ඉන්නේ මම? කෝ ගයාන්?"
කෞමදී එහෙම අහද්දී විහඟ කරකියාගන්න දෙයක් නැතුව බලාගෙන උන්නා.
"බයවෙන්න එපා ඔයා ඉන්නේ හොස්පිට්ල් එකේ.. ඔයාට ඇක්සිඩන්ට් එකක් උනා. "
"කෝ ගයාන්?"
"කවුද ගයාන් කියන්නේ කෞමදී?" විහඟ එකපාරටම කෞමදිගෙන් ඇහුවා.
"ගයාන් කියන්නේ මම යාළුවෙලා ඉන්න කෙනා? කෝ එයා?
ඔයා කවුද? ඩොක්ටර් කෙනෙක්ද?"
මුළු ලෝකෙම අඳුරු වෙලා ගියා වගේ විහඟට දැනුනා. විහඟ කෞමදී ලගට ගිහින් කෞමදිගේ අතකින් ඇල්ලුවා. ඒ වෙලාම කෞමදී අත අහකට ගත්තා.
"මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි. මම ඔයා ඔයා යාළුවෙලා ඉන්න කෙනා."
"පිස්සුද ඔයා කවුද මම ඔයාව දන්නෙවත් නැහැ. ඔයා ගයාන් නෙමෙයි."
"මේ බලන්න කෞමදී මට මේදේ කියන්න. මේ අව්රුද්ද මොකක්ද?"
ඩොක්ටර් කෞමදිගෙන් එහෙම ඇහුවා.
"මේ 2006 නේද "
විහඟ ගේ හිත දුර ඈතක අතරමං උනා. ඩොක්ටර් කියාපු කිසිම දෙයක් විහඟට ඇහුනේ නැහැ. මුළු ආත්මේ පුරාම දෝංකාර දෙනවා වගේ දැනුනා.සදහටම මුළු හිතම අයිතිකරලා දුන්නත් ඒ අයිතිවාසිකම අද කවි විහඟගේ දෙපාමුල අතැරලා යන්න ගිහින්.
අමුසොහොනක් මැද්දේ පිච්චිලා අලුවෙලා ගිය මගේ ආදරේට ජිවිතයක් නැහැ කියලා විහඟට හිතුනා. විහඟ ඒ මොහොතේම නැගිටලා කාමරෙන් එලියට ගියා.ඩොක්ටර් ඔහු පසුපසින් ආවා.
"මේ බලන්න මිස්ටර් විහඟ.. කෞමදිට අතීතය අමතක වෙලා. අව්රුදු 6 ක අතීතයක් එයාට අමතක වෙලා තියෙන්නේ. මොලේට සිද්දවෙන බලවත් කම්පනයක් නිසා කෝමා තත්වයකින් පස්සේ මේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. බයවෙන්න කාරියක් නෙමෙයි."
"මොනාද ඩොක්ටර් බයවෙන්න එපා කියන්නේ? එයාට මාව මතක නැහැ. එයාව මට කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙන්නේ නැහැ ඩොක්ටර්.ගයාන් කෙනෙක්ව අහන්නේ. ගයාන් බැඳලා ළමයිනුත් ඉන්නවා."
විහඟ වේගයෙන් කෑගැහුවා. ඔහුට ජිවිතයම එපා උනා.විහඟ ගේ ඇස් වල කඳුළු අතීත ආදරයක හැම මතක නවාතෑනක්ම හොය හොය දුක්වින්දා.හැම හිනයකටම ගිනි ඇවිලෙද්දී බිඳිලා ගිය හීන අතැරලා දාන්න විහඟට පුළුවන්කමක් තිබුනේ නැහැ.
"මේ බලන්න මම ඔයා කවුද කියලා දන්නේ නැහැ. මට දැනගන්න උවමනාවකුත් නැහැ. මට දැනගන්න ඕනා කෝ ගයාන් කියලයි. එයා මාව බලන්න ආවා නේද?"
කෞමදී එහෙම අහනකොට විහඟ ගේ ඇස් කෙවිලා කඳුලක් මෝදු උනා. එත් කඳුළු හංගන් විහඟ කතා කළා.
"ගයාන් කෙනෙක්ව මම දන්නේ නැහැ. නෙතුකි ඔයාගේ යාළුවාව මතකද? එයා දැන් එයි. ඔයා එයාගෙන් අහන්න ඕවා "
ඒ වෙලමයි නෙතුකි රෝහල කාමරය වෙත ආවේ.
"කවි අනේ දෙවියනේ ඔයා හොඳින්. විහඟ කෝල් කරපු ගමන්මයි මම මේ දුවලා ආවේ. කොහොමද කෙල්ලේ ඔයාට.."
"මම හොඳින් නෙතු. කෝ ගයාන් බං? මේ කව්රුත් ගයාන් ව දන්නේ නැහැලු බං "
නෙතුකිට විහඟ දිහා එකවරම බැලුනා.
"නෙතු ටිකකට එලියට එන්න පුලුවන්ද?"
විහඟ එහෙම ඇහුවා
"මම ඉක්මනින් එන්නම් කෙල්ලේ."
එහෙම කියලා නෙතුකි විහඟ ගේ පස්සෙන් වැටුනා
"මොනාද විහඟ මේ වෙන්නේ? මොකද මෙයා දැන් ගයාන්ව අහන්නේ? එයා ගයාන්ගේ නම කියන්නවත් කැමති නැහැනේ."
"මේ මම කියන දේ හොදට පැහැදිලිව අහගන්න නෙතු. කෞමදිට අතීතේ අමතක වෙලා. සම්පුර්ණ අතිතේම නෙමෙයි. අවුරුදු 6 ක. එයා හිතන් ඉන්නේ මේ 2006 අවුරුද්ද කියලා."
නෙතුකිගේ ඇස් උඩ ගියා..
"මට කියන්න නෙතු , කෞමදියි ගයානුයි වෙන්වුණේ මොන අවුරුද්දේදීද?"
"මට මතක විදියට එයාලා යාලුවුනේ 2005, එතකොට වෙන් වුනේ දැනට අව්රුදු 3 කට කලින්. ඒ කියන්නේ 2009."
"එතකොට මේ වෙද්දී ගයානුයි කවි යි යාළුවෙලා අව්රුද්දක්.එයාට මාව මතකවත් නැහැ නෙතුකි. මට තේරෙන්නේ නැහැ මොනවද මේ වෙන්නේ කියලා. "
"බයවෙන්න එපා විහඟ. කවිට මතකය ඒවි. එක මට විශ්වාසයි. දැන් අපි කොහොමද මේක කවිට කියන්නේ?
"එකටයි මම ඔයාට එන්න කියුවේ නෙතු. එයාට මාව රුස්සන්නේ නැහැ. ඔයා කියන්න ඕනා එයාට"
"එයා කලබල වෙයිද කියලා බයයි මට. මම කියන්නම්. යමුකෝ. "
නෙතුකියි විහඟ යි කෞමදී ලඟට ගියා.
"මොකක්ද බං උබටත් වෙලා තියෙනේ දේ? එක නෙමෙයි මේ මිස්ටර් කවද්ද මාව ඩිස්චාර්ජ් කරනවා කියුවේ.?
" හෙට යන්න පුළුවන් කියුවා කෞමදී."
"නෙතුකි ගයාන් වැඩට ගිහිලද? මගේ කොල්ලා මාව බලන්න ආවේ නැති නිසා මම තරහා වුනා කියන්න හොඳේ."
"මේ අහපන් කෙල්ලේ, ගයාන් එන්නේ නැහැ. ඔයා ඇක්සිඩන්ට් වුනු වෙලාවේ ඔයාගේ මොලේට වුනු තෙරපුමක් හින්දා උඹට අව්රුදු 6 ක අතීතය අමතක වෙලා. මේ 2006 නෙමෙයි. මේ 2012."
"මොකක්?"
"ඔව් කෙල්ලේ ගයාන් වෙන කෙනෙක්ව බැන්දා?"
"මො මො ...කා ..කක්?"
මුළු ලෝකෙම එපා කියලා ලෝකෙටම වඩා ආදරේ කරපු ඔයා මට මෙහෙම කරයි කියලා මම හිතුවේ නැහැ රත්තරන්.
කෞමදිගේ ජීවිතේට?... එතකොට විහඟ? මේ දෙන්නාගේ ආදරේට මොනවා වේවිද?
අවසාන කොටසින් ඉක්මනින් හමුවෙමු ...
මම එක...:D අයියෝ...මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා....අනේ පව් විහග :( දුක හිතුනත් ලස්සනට ලියල තියනවා යාලු...කතාවේ නමේ විදියට දුකක් වෙඉ කියලමයි හිතෙන්නේ...:( ඉකමනට ඉතිරියත් දන්නා..:) අපි මග බලන් ඉන්නවා.
ReplyDeleteඑකනේ.... :(
Deleteහ්ම්ම් බලමුකෝ අවසාන කොටස විතරනේ ඉතුරු...
අහ්හ් ඔයා එක වෙලා නේන්නම් :D
හත්වෙනි කොටසින් ඉවර කරනව කිව්ව නේද?... හැබැයි මේ විදිහත් මරු.. :)
ReplyDeleteඉරට්ටේ සංක්‍යාවකින්ම නතර කරන්න හිතුනා අයියේ...
Deleteහය්යෝ....... මේ මොනවද මේ වෙන්නේ? :/
ReplyDeleteඅයියෝ අයිස් ඒකතමයි. මේ මොකද මේ උනේ..
Deleteනොහිතපු පැත්තකට කතාව අරන් ගිහින්....
ReplyDeleteහ්ම්ම් ඔව් අක්කේ. අපේ ජිවිත වලටත් සිද්ද වෙන්නේ නොපතන නොහිතන දේවල්නේ
Deleteහයියෝ............කොහෙද මේ කතාව දුවන්නේ. හීනෙකින් වත් නොහිතපු දිහාකට නේද. මරු මරු. ඔහොම යමු... දිගටම ලියන්ඩෝ..... ජය වේවා.
ReplyDeleteතැන්ක්ස් පැතුම්... බලමුකෝ කොහෙටද දුවන්නේ කියලා.
Deleteහෆෝයි... මාර වැඩේනේ! ම්ම්ම්, මේ විදියත් හොඳයි වගේ! අන්තිම එකත් බලමුකෝ එහෙනම්!
ReplyDeleteහාකෝ බලමුකෝ. :)
Deleteහ්ම්ම්...!
ReplyDeleteමොකෝ මේ හ්ම්ම් විතරක්.. කතාව හරි නැහැ වගෙයිද?
Deleteකතාව ලස්සනයි.... කෝ දැන් මොනව වේවිද හිතාගන්න බෑනෙ, ඒකයි මේ හ්ම් විතරක්..
Deleteහනේ.. මේ මොකක්ද වුනේ.. :(
ReplyDeleteදුකයි තමයි මටත් :(
Deleteහත්තිලවුවේ..... මේ මොකෑ උනේ !
ReplyDeleteඅහ්හ් :O
Deleteඒකතමයි
දැන් ගයාන්ට කෝල් එකක් දාන්න වර්ණා ඉන්න තැනකින් එන්න කියල විජහට......
ReplyDeleteඒ අමනුස්සයට කෝල් කරලා වැඩක් නැතිවෙන පාටයි
Deleteදුක උනත් කතාව යන පැත්ත ලස්සනයි...හොඳ අදහසක්
ReplyDeleteස්තුති අක්කේ
Delete//මුළු ලෝකෙම එපා කියලා ලෝකෙටම වඩා ආදරේ කරපු ඔයා මට මෙහෙම කරයි කියලා මම හිතුවේ නැහැ රත්තරන්.//
ReplyDeleteඅනේ... දෙයියනේ.. මෙහෙම දෙයක් වුනොත්?? මම නම් මැරෙයි..:'(
හ්ම්ම් අපි හිතන දේවල් අපිට ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින් කෙල්ලේ
Deleteමේක දැන් නොහිතු පැත්තකට නේ යන්නේ :o
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඉතුරු කොටසත් බලන්නකෝ :)
Deleteඔන්න ඕක නේ මම කිව්වේ.. කොන්දේසි විරහිත ආදරයකට ගියා නම් හරි නේ..
ReplyDeleteඅපොයි හැම ආදර කතාවක්ම එහෙම උනොත් දුකට කදුලට සතුටට ඉඩක් නැතිවේවි..
Deleteකාටවත් නොහිතුණු පැත්තකට අද කතාව ගියේ... මොනා උණත් තව එකනේ.. ඒකත් දානකල් බලං ඉඳිමි... :)))
ReplyDeleteහ්ම්ම් බලාගෙන ඉන්නකෝ කෙල්ලේ :)
Deleteහනේ...මේ කතාව මෙහෙම වෙයි කියල හිතුවේ නැහැ...පණටත් වඩා ආදරය කෙරුව කෙනෙක් එහෙම කියද්දී...දුකයි...
ReplyDeleteහ්ම්ම් ඒ දුක ගොඩාක් දරුණු දුකක්
Deleteදැන් කතාව කොයි පැත්තට භැරුනත් කමක් නැහැ වර්ණා.......-:)
ReplyDeleteහැබැයි, ලස්සන සතුටදායක අවසානයක් අපිට ඕනෑ!
මම මේ කතාව මුල ඉඳං අගට ප්ලෑන් කලානේ ඩාර්ලින්.. කතාවේ නමත් එක්ක බලපුවම බලම්මුකෝ මොනා වෙයිද කියලා නේද
Deleteමේ විදිහත් හොදයි වගේ.එක පාර කැමන් වුනොත් ගතියකුත් නෑ නෙ.
ReplyDeleteඑකනේ එකනේ.. :)
Deleteවර්ණා, මම මෙි කතාව මුල ඉදන්ම කියවනවා. හැබැයි අද තමයි මුලින්ම කොමෙන්ටුවක් දාන්නේ. කතාව නමි කියලා වැඩක් නැහැ සුපිරි. මෙි කතාවෙි අවසානයත් හොද විදිහටම තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා වර්ණා... සුභ පැතුමි!!!
ReplyDeleteබොහොම ස්තුති.. :)
Deleteඅන්තිම කොටසත් කියවන්නකෝ :)
කතාවෙ අන්තිමට "ගයාන් බැන්දා" කීවාම ආයෙමත් ෂොක් එකක් එනවා වගේ දැනෙනවා. මට හිතෙන්නෙ ඒ ෂොක් එකෙන් පියවි සිහිය ලැබෙයි. මෙකද මම අහල තියනවා සමහර වෙලාවට එවැනි දැඩි කම්පනයකින් නැවත පියවි සිහිය එනවා කියලා. ඇත්තද කියලනම් හරියටම දන්නෙ නෑ.
ReplyDeleteකොහොම වුණත් මේ කතාවෙ අද කොටස තුළ දිවුල්ගනේගෙ " අතීතය සිහිනයක් පමණයි හැබෑ සුවඳක් නෑ" ගීයෙ ඡායාව ඇඳිල නම් තියෙනවා.
බලමුකෝ මොනා වෙයිද කියලා.
Delete"මම අහල තියනවා සමහර වෙලාවට එවැනි දැඩි කම්පනයකින් නැවත පියවි සිහිය එනවා කියලා.මම අහල තියනවා සමහර වෙලාවට එවැනි දැඩි කම්පනයකින් නැවත පියවි සිහිය එනවා කියලා."
එකනම් ඇත්ත.,, :)
මළ කෙළියයි
ReplyDeleteසිරාවටම
Deleteහ්ම්ම් ඒකතමයි
Deleteඅප්පොච්චියේ.... විහඟට මොනවා හිතෙන්න ඇද්ද?
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් දිවිනසාගන්න හිතුනා කියුවා
Deleteඅවසාන කොටසත් කියවලම අදහසක් ලියන්නම්....
ReplyDeleteහා :)
Deleteපවු අහිංසකයා
ReplyDeleteහ්ම්ම් පව් තමයි ඉතින්'
Deleteහපොයි දෙයියනේ මේ මොකක්ද මේ වුනේ මාවත් ෂොක් වුනා වගේ අවුරුදු තුනක් කෝමා එකකින් ඉද්දි විහඟ ලඟම ඉද්දි කෙල්ලට අවුරුදු 6ක් අමතක වෙලා ඇහැරුණාම????? මොනා වෙයිද කියලා හිතාගන්න බෑ අක්කේ හ්ම්ම්ම්
ReplyDeleteකෝමා එක මාස 3 ක් මල්ලියෝ
Deleteoh my goad!
ReplyDeleteමන් හිතපු පැත්තට නෙවෙයි කතාව යන්නේ. මෝඩ කමට කමෙන්ට් ලියනවා මම..
ReplyDelete