Saturday, March 10, 2012

චාටර් උනාද මන්දා අපි.. :P



හලෝ ළමයි කොහොමද? ඔන්න මම අද කියන්න යන්නේ මම ඉස්කෝලේ යන කාලේ කරපු පිස්සු වැඩක් ගැන. මගේ අර පට්ටපල් බොළඳ නවකතාව කියවන එක  මටම   බෝරිං හේ හේ..


රයිට් පටන් ගමු කොටන්න.


ඔන්න මේක වුනේ 2008 අව්රුද්දෙ. එතකොට අපි A/L කරන පොඩි උදවිය ඕන්. අර ඉස්කෝලේ 1 වසරේ ඉඳං  11 වසර වෙනකම්ම ලොකු අක්කලාට යටත්ව හිටිය නිසාද මන්දා පන්ති නායකයාට එහා ගිය ටිකක් ලොකු බලයක් අපේ සෙට් එකටම ලැබුනාම  ටිකක් හයි ලෙවල් එකේ හිටියේ ඒ අව්රුද්දේම :D ඒ ඉතින් ශිෂ්‍ය නායක පට්ටම. වාසනාවටද අවාසනාවටද මන්දා අපේ සයන්ස් පන්තියේ හිටිය 17 දෙනාගෙන් 15 කටම ඒ ශිෂ්‍යනායක පට්ටම හම්බුනා. අපේ ඉස්කෝලේ තිබුනා පාර්ලිමේන්තු ක්‍රමයක්. ඊට අමතරව විනය කමිටුවක්. එයාලව තමයි එක එක පන්තිවලට දාලා තියෙන්නේ. ඇමතිලා පන්ති බලන්නේ නැහැ. එයාලා ප්‍රධාන දේවල් විතරයි බලන්නේ.ජනාදිපති තමයි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කියල හැදින්නුවේ. ඇමති මණ්ඩලය ඊට පස්සේ. විනය ඇමති, අධ්‍යාපන ඇමති, සෞක්‍ය ඇමති හෙවත් ටොයිලට් ඇමති :D, ක්‍රීඩා ඇමති, බාහිර කටයුතු ඇමති ඔන්න ඔය වගේ එකී මෙකි නොකී ඇමතිලා හිටියා. හැම සෙක්ෂන් එකටම නියෝජ්‍ය ඇමති කෙනෙකුත් හිටියා. විනය ඇමතිට නියෝජ්‍ය දෙන්නෙක් හිටියා. විනය ඇමතියි නියෝජ්‍ය දෙන්නයි කරන්නේ පාන්දරම ඉස්කෝලෙට ගිහින් මේන් ගේට් එක ලගට වෙලා ළමයින්ගේ නියපොතු බලනවා, ගවුම් බලනවා, සමහර දවස්වලට බෑග් බලනවා. කොටින්ම කියුවොත් විනය විරෝදී වැඩක් උනොත් සිස්ටර් ප්‍රින්සිපල් ට දැනුම්දෙන්න නියමිත වෙලා තියෙන්නේ ඒ තුන්දෙනාට. මගේ කරුමෙට මම විනය ඇමති උනා ඒ අව්රුද්දෙ. අපේ පන්තියේ ශිෂ්‍යනයකයෝ 15 දෙනාගෙන් 12 ක්ම ඇමතිලා සහ නියෝජ්‍ය.  අටුවා ටීකා ටික කියලා හිටියේ මම මේ කියන්න යන කාරණයට මම මොකද සම්බන්ද වුනේ කියලා දැනුම්දෙන්න. නැත්තම් ඔයාලා කියයි ඔයාලට තියෙන අයිතිය මොකක්ද කියලා :D


දැන් එමු කතාවට


අලි ඔලුව ආවම ඉතින් ළමයින්ගේ පන්ති වලට ගිහින් ලියුම් මාට්ටු වෙච්ච ඒවා වලට මිස් ලට නොකියා අපි ඉතින් අවවාද කරලා යවනවා. මේක මුලින්ම කියලා ඉන්නම්කො ඒ වෙද්දී අපේ පන්තියේ කාටත් සීරියස් රිලෙෂන්ශිප් එකක් කාටවත්ම තිබුනේ නැහැ. අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න ඉස්සර වෙලා අපි අපේ ඇස් වල පොල් පරාල අයින්කරලා ඉන්න එපැයි. කොටින්ම මාව විනය ඇමති විදියට ගන්න කලින් ප්‍රින්සිපල් සහ ගුරුවරු මං ගැන විශේෂයෙන් හොයලා බැලුවා. අනිත් අය ගැනත් එසේමයි.


                                      ඔන්න ඉතින් ගුරුවරයෙක් ඒ කියන්නේ O/L පන්තියකට උගන්වන මිස් කෙනෙක් ඔන්න දවසක් ලැබ් එකට ඇවිත් කියුවා අහවල් පන්තියේ ළමයෙක් අහවල් බස් එකේ දිනපතාම පිරිමි ළමයෙක් එක්ක නොහොබිනා විදියට හැසිරෙනවා කියලා. ගොඩාක් අය දැකලා ඒ ගුරුතුමියට පැමිණිලි කරලා තිබුනා; අපිටත් ඉතින් මදැයි ඕක. :PP


වහාම ක්‍රියාත්මක වන පැරිදී ඒ බස් එකේ යන ළමයෙක්ගේ මාර්ගෙන් ඒ කෙල්ල හොයාගත්තා. ගෙන්නලා අවවාද දුන්නා. මගේ නියෝජ්‍ය දෙන්නා තමයි ඕක කලේ. එත් ඉතින් කෙල්ල ඒ කටයුත්ත නතර කරලා නැහැ. අපිට ඉතින් ප්‍රින්සිපල් ට කියන්න එවිඩන්ස් ඕනා. නැත්තම් එතුමියගෙන් අපිට බැනුම්. ඉතින් අපි පුංචි පහේ ප්ලෑනක් ගැහුවා. හොඳේ කියන්නේ ජනාදිපති තුමිය අපේ පන්තියේ නෙමෙයි උනාට අගමැතිනිය අපේ පන්තියේ. එත් ජනදිපතියත් අපේ ෆිට් එක. ඉතින් අවුලක් නැහැ.මේක ටිකක් භයානක වැඩක්. කොහොමහරි මේක අපේ තාත්තිත් දැනන් හිටියා. :D


මෙන්න මේකයි ප්ලෑන් එක.


මුස්ලිම් කබායක් පොරවාගත්ත තරුණියන් කිහිපදෙනේක්ගේ පැපරාසි සිහිනය. :O
හේ හේ ඔන්න ඕකයි ඔය සිහිනය.


අපේ පන්තියේ හිටියා මුස්ලිම් ළමයෙක්. අපි එයාට කියමුකෝ ෆාතිමා කියලා. ඇත්ත නම නෙමෙයි ඔන්න.එයා තමයි අපේ බැජ් එකට හිටපු එකම මුස්ලිම් ළමයා. ඔන්න ඉතින් ෆාතිමා කියුවා එයා දෙන්නම් කියලා අර කළු ලෝගු වගේ තියෙන ඇඳුම්. ඇස් විතරක් පෙන ඒවා. මෙන්න මේ වගේ .....


                            වැඩේට සෙට් උනේ 4 දෙනෙක්.මොකද ඇඳුම් 4 ක් තමයි තිබුනේ. ඔන්න ඉතින් මමයි , ෆාතිමායි, තව මගේ නියෝජ්‍ය දෙන්නයි ලැස්ති උනා පැපරාසි හීනෙට.. අයියෝ සල්ලි.


මෙන්න මේකයි සැලසුම. එදා අපි තෝරාගත්තේ නිවාඩු දෙන දවස.ඇඳුම් ටිකයි මේක්අප් බඩු ටිකයි, සපත්තු ටිකයි, අත් වලට ග්ලවුස් ඔක්කොම ෆාතිමා ලැස්ති කළා. ඔන්න ඒ ටික අපේ තාත්ති ලවා රෑට අපේ ගෙදර ගෙන්වීම පළමුවෙන්ම කලයුතු වැඩේ. මොකද  අපේ ගේ තමයි ඉස්කොලෙට ලඟම ගෙදර. විනාඩි 5 යි.
බෙල් එක ගහන්න පැය බාගෙකට කලින් ඉස්කෝලෙන් යෑම තමයි ඊලග ප්ලැන. එදා සිකුරාදා දවසක්. සාමාන්යෙන් සිකුරාදාට අපිට බස් එකේ යන පන්තියක් තියෙනවා. අපේ පන්තියෙන් 6 ක් විතර ඕකට යනවා. ඉතින් පන්ති යන දවසට වේලපහින් යන්න පුළුවන් විදියට අපි මිට කලින් සැලසුම් කරලා තිබුනේ.එක අවුලක් නැහැ. කෙලින්ම අපේ ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරගන්නවා. එතකොට දෙන්නෙක් අර ළමයා පස්සෙන් දාලා තියෙන්නේ. එයා එක්කම බස් ස්ටෑන්ඩ් එකට යෑම. එතකොට තව දෙන්නෙක් එයා නගින බස් එක ගාව ඉන්නවා. හරියටම එයා නැග්ගට පස්සේ අපිට කෝල් කරන විදියට. බස් එකේ අංක සටහන් සමග. පන්තියට යන 4 දෙනා කෙල්ල එක්ක ම බස් එකට නගිනවා. මොකද පන්තියත් තියෙන්නේ කෙල්ල යන බස් පාරෙමයි. ඔන්න කෝල් එක එනකොට දෙන්නෙක්  අපි 4 දෙනාව දාගෙන යන්න ඕනා ඒ බස් එක යන්න කලින්. අපි ගිහින් නගින්න ඕනා ඒ බස් එකේ. කෙල්ලට අඳුනගන්න බෑ. අපි ලෝගු පොරවන් ඉන්නේ. කෙල්ල ගාවින් හිටගෙන අර කොල්ලා එක්ක යනකොට ෆොටෝ දෙක තුනක් ගන්න තමයි තියෙන්නේ. අන්න ඕකයි සැලැස්ම.


ඔන්න පටං ගන්නකොටම වැඩේ හබක් උනා පලමු පියවර. ඒ කියන්නේ අපේ තාත්ති ලව්වා අර ෆාතිමාලගේ ගෙදරින් ඇඳුම් ගෙන්වීම. තාත්තිට යන්න බැහැ කියුවනේ. උදේට යන්නම් කියුවා.  උදේ මම නැගිටිනකොට තාත්ති නැහැ. අම්මි එපා කියලා තාත්තිට, එයා මාරු වෙලා වැඩට ගිහින්. බලන්නකෝ එකෙත් හැටි :/
ඉතින් ඉස්කෝලෙට ඇවිත් එහෙට ගිහින් ඇදුම් ඇඳගෙන යන විදියට ප්ලෑන් එක වෙනස් කළා. දෙවෙනියට හබක් උනේ වේලපහින් පනින වැඩේ. එදා අන්තිම දවස නිසා පන්තිවල ළමයි එලියට ගෙන්නවා විනය අයට කියුවා පන්ති වටේ ගිහින් පන්ති අතුගාලද අරවා මේවා බලන්න කියලා. කොහොමහරි පැය බාගයක් කලින් යන්න බැරි වුනා. විනාඩි 10 කට කලින් පැනගත්තා. දැන් පයින් විනාඩි 10 ක දුරක් තියෙනවා ෆාතිමාලගේ ගෙදරට.  ගේ ලඟට යද්දී මෙන්න කෝල් එක, කෙල්ල ඉස්කෝලෙන් පිටත් වෙලා යනවාලු. අපි දඩි බිඩි ගාලා ඉස්කෝලේ ඇඳුම් පිටින්ම අර ලෝගුවත් දාගෙන, ඇස් වලට මොනවදෝ ෆවුන්ඩේෂන් ක්‍රීම් ගාගෙන දැන් පයින්ම යන්නන ලෑස්ති වෙනවා බස් ස්ටෑන්ඩ් එකට. දැන් ඔන්න දෙවෙනි කෝල් එක කෙල්ල බස් එකට නැග්ගලු. ඔන්න ඉතින් අපි පාරේ දුවනවා. ඉතින් ටිකක් දුරයි. පයින්මනේ. ඔන්න බස් එක පිටත් වුනා කියුවා අපි එනකොටම. දැන් මොන සක්කරයට කියන්නද.හැබැයි වෙලාවට කෙල්ල යන්නේ කෙලින් පාර බස් එකක නෙමෙයි. හැරිලා යන බස් එකේ. කෙලින් පාර එකක ගියොත් ඒ බස් එකට වඩා වේගෙන් ගිහිල්ලා හන්දියේ ඉඳල කෙල්ලගේ බස් එකට නගින්න පුළුවන්. ඔන්න ඉතින් අපි ලොකු කොළඹ බස් එකකට නැග්ග. කොන්දොස්තරටත් කඩ්ඩෙන් තමයි ටෝක් කලේ. මොකද අපි දන්නා දෙමලක් නැහැ. :(
ඒ මදිවට මෙන්න මම ඉදගෙන හිටිය සීට් එකට එහා පැත්තෙන් දෙමල මිනිහෙක් මගෙන් මොනවදෝ දෙමලෙන් ඇහුවා. මට කරකියාගන්න දෙයක් නැහැ. මම ඒ පැත්ත බලලා ඔලුව හෙල්ලුවා :D



එත් අහෝ දුකකි අපි හන්දියෙන් බහිනකොට අර බස් එක ගිහින්. එදා කරුමෙට ඒ බස් එක ඉක්මනින් ගිහින්. මොකද අපි ආපහු බස් එක යන්න වෙලා ගියා. අපි හන්දියට වෙලා ඉන්නවා දැන් ආපස්සට ගෙදර යන්න. මලා අපේ  පන්තියට යන කොල්ලෝ සෙට් එක අනිත් බස් එකේ එතනින් බැස්සා. මුන්ට අපිව අදුනගන්න පුළුවන්. මොකද අපේ ඉස්කෝලේ සපත්තු නිසා. අපිට ඉතින් නොන්ඩි. කොහොමහරි මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉඳලා පන්ති ඉවරවෙන වෙලාවට අර යාලුවෝ එන බස් එකේම නැගලා ගෙදර ආවා. යාළුවො කියුවා කොල්ලා එදා ආවේ නැහැලු  බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන්ම. එයාලගේ පන්තිය ගාවින්ලු කොල්ලා නැග්ගේ කියලා කියුවා.






මෙන්න පහුවෙනිදා ආරංචි වෙනවා  බස් ස්ටෑන්ඩ් එකේ අපේ ඉස්කෝලේ නංගිලා අපිව අඳුනගෙන කියලා. ඉස්කෝලෙට මාට්ටු වුනොත් ඉතින් අනවසරෙන් කරපු වැඩක් නිසා ලෙඩ ගොඩයි. අපිව අදුනගෙන තියෙන්නේ අපි නැගපු කොළඹ බස් එකේ අපේ ෆිට් නංගිලා ටිකක් අපේ කටහඩින් අඳුනගෙන. කොහොමහරි ගොඩාක් කාලයක් යනකන් ඒ කියන්නේ දැනටත් අපි අපේ බොඳවුණු පැපරාසි සිහිනය ගැන කියා කියල විහිලු කරගන්නවා. මොකද මඟ දිගට හරි හරි වැඩ උනා. ලෝගු පැටලිලා වැටුනා. තුවාල උනා.  සපත්තු කැඩුනා. හේ හේ. තව තව ගොඩාක් උනා. ඒවා ඕනා නැහැ LD


කොහොමහරි ඉතින් අනිත් පන්තිවල හිටපු අපේ යාලු අනිත්  ශිෂ්‍ය නායිකාවෝ ටික මාස ගානක් යනකම් අපිට කින්ඩි දදා හිටියා. :(
ඔන්න ඕකයි කතාව. අසාසිටි ඔබ සැමට ස්තුති :D


හැබැයි එක දෙයක් ඉගෙන ගත්තා අම්මෝ ලව් එකකට බාධා කරන්න හොඳම නැහැ මොන අසන්වරයක් උනත් කියලා. 




125 comments:

  1. යකෝ සහගහන අපරාධයක්නෙ කරන්න ගිහින් තියෙන්නෙ... උඹලගෙ ඇමති මන්ඩලෙත් බලන්ගියහම වැඩ කරල තියෙන්නෙ රජා වටේ ඉන්න උන් ටික වගේම තමයි ;)

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක
      අනේ අපි එහෙම නැහැ අපි හරිම අහිංසකයි..
      අනේ අපේ දවල් බත නැති කරන්න එපා :D

      Delete
  2. හෆේ හෆ්ෆෝ........ කින්ඩි සාගරයයි ඈ....... :PP
    ලව් එකකට උදැල්ල දාන එක නම් එච්චර හොඳ වැඩක් නොවුණත් ඉතින් ස්කුල් යුනිෆෝර්ම් එකෙන් ඔහොම යන එකට නම් තද දඬුවමක් දෙන්නම ඕනේ.. කැත වෙන්නේ මුළු ඉස්කෝලෙම නම නේ.. අපි ඒ කාලේ යුනිෆෝර්ම් එකෙන් අපේ කෙල්ලෙක් දැක්කොත් එහෙම මුළු බස් එකටම ඇහෙන්න බනිනවා. එතකොට පහුවෙනිදට ඒ බස් එකේ යන හැම ඉස්කොලේකම ළමයි නෝන්ඩි කරයි කියල බයවුනාම නිකන්ම ඒ වගේ ගමන් නවත්තනවා. ඒත් කලර්ඩ් එකෙක් දැක්කොත් නම් අපි දැක්කේ නෑ වගේ යනවා. මොකෝ අපිත් කලර්ඩ් එකෙන් එහෙමනේ... :PP

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ නගෝ අපි ඒ පන්ති යන බස් එකේ අපේ සහෝදර පිරිමි පාසල් වල ළමයි යනවා අපේම පන්තිවල ඉන්න. ඉතින් ඔය අස්සේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා. ස්කුල් බස් නෙමෙයිනේ. ඉතින් කෑගහලා බනින්න ගියාම අපිටමයි නෝන්ඩිය. එකයි අපි එහෙම දෙයක් නොකළේ, අන්තිමට ඒ පිරිමි ළමයා අපිට බනින්නත් බැරි නැහැනේ.
      ඒ ළමයාට අපි පස්සේ ගෙන්නලා අවවාද කළා. ආපහු යන්න ඕනානම් ටයි එකයි බැජ් එකයි ගලවාගෙන යන තැනක යන්න කියලා

      Delete
  3. අය්යෝ අය්යෝ හිනා හොඳටම උන වැඩේටනම් . හැමෝගෙම පාසැල් කාලේ මේ වගේ සුන්දර අත්දැකීම් තියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කේ. ඒ කාලේ නොකරපු වැඩ වෙන කවදා කරන්නද හිහි :)

      Delete
  4. අනිවා මෙහෙමත් පිස්සු කෙල්ලෝ ටිකක්.... ආතල් කෝටියයි...

    බ්ලොග් එකට ආවෙත් කාලෙකින්... (මම ලව් ස්ටොරි නොකියාවන නිසා අවේ නැත්තේ)

    කොහොමහරි ඇමති මන්ඩලෙට මේක අල්ලගන්නම බැරි උනාද?

    ඉල්ලා අස්වෙන්නයි තිබුනේ

    ReplyDelete
    Replies
    1. හෙහෙ අපිනම් ඉල්ලා අස් වෙයි. අනික අපි කරන වැඩ මුලදී ටිකක් නෑවට වැඩේ කරනාවා.
      ඒ ළමයාව ගෙන්නලා අවවාද කළා අපි ඊට පස්සේ

      Delete
  5. අනිවා මෙහෙමත් පිස්සු කෙල්ලෝ ටිකක්.... ආතල් කෝටියයි...

    බ්ලොග් එකට ආවෙත් කාලෙකින්... (මම ලව් ස්ටොරි නොකියාවන නිසා අවේ නැත්තේ)

    කොහොමහරි ඇමති මන්ඩලෙට මේක අල්ලගන්නම බැරි උනාද?

    ඉල්ලා අස්වෙන්නයි තිබුනේ

    ReplyDelete
  6. අපි නම් ඔච්චර ඒවා කරන්න යන්නෙ නෑ.. :/
    අවවාද කරනවා.. නැත්තං එච්චර චාටර් නැති සර් කෙනෙක්ට කියනවා මෙහෙමයි කියලා..
    එතකොට ඒ සර් අරූට බොක්කටම වදින්න කියවනවා.. අපිත් කියවනවා.. (ඔහහොම හිතට වදින්න කතා කරන වැඩ මට පුළුවන්)
    කොහොම හරි අන්තිමට කියන්නෙ සදාචාරයක් තියාගෙන ලවු කරපල්ලා කියලා.. ඕන මගුලක් ඉස්කෝලෙට අපහාස වෙන්නැතිවෙන්න..
    මොකද කවදා හරි උන් ජෝගි නටලා ඉස්කෝලෙන් යයි.. ඒත් තව අවුරුදු දහස් ගාණකට හරියන විදිහට ඉස්කෝලෙ නම තියලා යන්න ඕන අපි..!!!

    ReplyDelete
    Replies
    1. // කවදා හරි උන් ජෝගි නටලා ඉස්කෝලෙන් යයි.. ඒත් තව අවුරුදු දහස් ගාණකට හරියන විදිහට ඉස්කෝලෙ නම තියලා යන්න ඕන අපි..!!!//

      සහතික ඇත්ත. කලින් හිටපු ප්‍රිෆෙක්ට්ස් අක්කලා ට වඩා ළමයින්ගේ විනය ගැන අපි ගොඩාක් සැලකිලිමත් වුනෙත් එකයි. නැත්තම් පන්ති කට් කරගෙන එක එකාගේ ලව් වලට උදැල්ල දාන්න අපිට තියෙන අමාරුව මොකක්ද.
      ඉස්කෝලේ වෙනුවෙන් තමයි හැමදේම කලේ

      Delete
  7. හපොයි, මේක ගැස්සුනානම් ගුටිත් කන්න තිබ්බා තමන්ට අයිති නැති ඇඳුමක් ඇඳන් පපරට්සි වැඩ කරන්න ගියාට. හැනැයි වැරදුන එකමයි හොඳ.
    Varna, now you are on 'HeyDude' blogroll. Sorry for the Delay.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත dude හිහි
      thanks vary much for adding me :)

      Delete
  8. වෙලාවට ඔයින් ගියා. නැතිනම් අර අහිංසක ගෑණු ළමයගෙ ලව් එක ඉවරයිනේ...
    :)

    ReplyDelete
    Replies
    1. හේ හේ අනේ ඉතින් අපි පව්

      Delete
  9. පවුල් කඩන්න ගියාම ඔහොම වෙනවා අලෝ..

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙම වෙනවද? මේ පුංචි එකී දන්නා දේවල් :D

      Delete
  10. මොනව වුණත් ඇමති මණ්ඩලේ නරක වැඩක් කරලා. ආදරෙන් හදාගත්ත කූඩුවකට උදැල්ල දාන එක හරි නෑ.

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉතින් නිකන් ඉන්න බැරුවට කළා තමයි හැක හැක හැක

      Delete
  11. වර්ණා... රහස් පරික්ෂක වැඩ කරන එක නමි ඉස්කොලේ යන කාලේ ගැහැණු/පිරිමි බෙිදයකින් තොරව කැමත්තෙන්ම කරන දෙයක් නේ. ඒ උනාට ඔයාලට ඔයිට වඩා ටිකක් හිතලා වැඩෙි කරන්න තිබිබා. හික්ස්!!! කමක් නැහැ ඔක්කෝටම වඩා නියම කතාව තමයි අර අන්තිමට ලියලා තියෙන එක. කෙහොම උනත් අර නවකතාවෙි අන්තිම කොටස ඉක්මනටම දාන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ මෙහෙම දෙයක් වත් කලේ නැත්තම් ජොලියක් නැහැනේ නදුන්.. හේ හේ

      ඉක්මනටම දාන්නම් අන්තිම කොටස

      Delete
  12. හපොයි! හරිම විගිලැජ්ජාවයි.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්න එපා ඇඩේනවා :(

      Delete
  13. මොකෝ කෙල්ලේ මේ. බ්ලොග් එකක් ආපහු පාරක් හැදුවාද? කෝ පරණ එක?

    ReplyDelete
  14. ඇති ඔයින් ගියා. අපරාදෙ නින්ජා ගේම් එකක් මිස් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  15. හපෝයි... දැන් කැබිනට් එක හදලා තියෙන්නේ ඔයාලාගෙන් බලාගෙනද කොහෙද, ඉන්න හැමෝටම වගේ මොනාහරි පට්ටමක් තියෙනවානේ. මීට වඩා හොඳ ප්ලෑනක් තිබුණෙම නැද්ද ඇත්තටම????

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කරන්න පුළුවන් ලේසිම ප්ලෑන් ඒකතමයි කලේ :( කවුදෝ දන්නේ මෙහෙම බාල්දි වැටෙයි කියලා :(

      Delete
  16. කැබිනට් මණ්ඩලේ හදලා තියෙන්නේ ඔයාලාගෙන් බලාගෙන වගේ, ඉන්න හැමෝටම මොනාහරි පට්ටමක් තියෙනවනේ. ඇත්තටම ප්ලෑනක් ගහන්න වෙන කවුරුත් හිටියෙම නැද්ද?

    ReplyDelete
  17. හප්පොච්චියේ මෙහෙමත් වැඩ කරනවද මම අහන්නේ...කරලා තියෙන වැඩේ නම් හිනාවෙලා පනයනවා.

    ඉස්කොලට හව්වුනානම් තමා වැඩේ...

    ReplyDelete
    Replies
    1. අහුවුනනම් එහෙම කෙලින්ම බැජ් එක නැහැ තමයි ඉතින් :D

      Delete
  18. yasithwishwanath@gmail.comMarch 10, 2012 at 6:58 AM

    balagana giyama maaaaaaaaaaara anduwakne kohomath andu okkoma 1i neda:P

    ReplyDelete
  19. චාටර් උනාද මන්දා අපි නේ කියලා නේ අහලා තියෙන්නේ..
    ආයෙත් අහන්න දෙයක්ද ෆුල් චාටර්..
    අනේ කුරුළු කූඩූ වලට ගහන්නෙපා කැට කැබලී

    ReplyDelete
    Replies
    1. හා ඒ කාලේ ගැහුවට දැන් නම් ෆුල් සපෝර්ට් එක දෙනවා මාතලන් අයියේ

      Delete
  20. ඊයා... වර්ණෝ.. අම්බානෙකටම චාටර්නෙ.. හිකිස්ස්... හැබැයි අර කතාවනම් ඇත්ත, ලව් කරන අයට බාල්දි දාන්න හොද නෑ වර්ණෝ>.ඒවා මේ අපිට කැරකිලා ආවොත් එහෙම..

    හැබැයි ජොලි..ඉස්කෝලෙ කාලෙ මරු දේවල්නෙ කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඈ බොල ඊයා කියන්න එපා අඩේනවානේ :'(

      ඇත්ත ඇත්ත කැරකිලා එනවා. එකනේ දැන් පිංඅතේ වැඩ කරන්නේ හිකිස්‌

      Delete
  21. මරු ඇමති මණ්ඩලේ... හික්..හික්..හික්...
    තාත්තාත් මරු වැඩේ කරල තියෙන්නෙ... අම්මට තේරෙන්න ඇති දුව කරන්න යන පව්කාරකමක මහත.... අර ඔයාල ලෝගු ඇඳන් දුවනකොට, වැටෙනකොට හෙම ෆොටෝ ගන්න කවුරුවත් හිටියෙ නැද්ද....?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වැඩේ වැරදුනා කියුවම අම්මිට හොඳටම හිනා ගියා. අපි ආපහු කරන්න ගියේ එකම. එත් අම්මලා කෑ ගැහුවා. ඉතින් කලේ නැහැ. :)
      අහ්හ් ෆොටෝ නම් තියෙනවා. ඒවා දාන්න බෑ අෆ්ෆා ලැජ්ජයි වගේ :D

      Delete
  22. වැඩේ සවුත්තුයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.. දැන් තමයි තේරෙන්නේ. එත් ඉතින් විනය ඇමති ළමයින්ගේ විනය බලන්නත් එපයි නේද. නැත්තම් ඇමතිවනේ අල්ලගන්නේ

      Delete
  23. හයියෝඕ හයියෝ මාර වැඩනේ කරලා තියෙන්නේ...ලෝගුව දාලා මූනු වැහුවත් කටවල් වහන්න බෑ කියන්නේ ඕකනේ..හි හි...සුන්දර මතකයක්.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත අක්කේ. කටවල් හින්දා තමයි අපිව අඳුනගත්තෙ

      Delete
  24. සාටර්ද කියලත් අහනවා තව ඩිංගෙන් ..

    අනේ බං සහෝදරී පංවු වැඩක් නෙව කොරන්න ගිහින් තියෙන්නේ .. උඹලාව උලතියන්නයි වටින්නේ . ..

    පොඩි සිනහවකුත් ගියා ..

    ReplyDelete
    Replies
    1. හේ හේ සඳරු අයියේ ඉතින් මක් කොරන්නද..
      ඒ කාලේ ඕවා තේරුනේ නැහැනේ :D

      Delete
  25. හපොයි..... හරිම නරක වැඩක්නෙ කරන්ට ගිහින් තියෙන්නෙ. ඒ නිසා වෙන්ට ඇති ඒක වැරදුනෙත්,,,

    ReplyDelete
  26. මේගොල්ලොත් ලේසි නැහැනෙ ඒ කාලෙ ඉඳලම රහස් පරීක්ෂකයො.

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට :)
      අපි එහෙමයි අපි චන්ඩියෝ :D

      Delete
  27. හප්පොච්චියේ... සාටර්ම තමා... !!! හැබැයි කතාව නම් ලෙසටම ලියා ඇත.. වටේ පාරෙන් යන බසුත් ඉඳල හිටලා හයියෙන් යනව කෙල්ලෙ, පස්සෙන් කවුරුහරි එලවද්දී...

    ෂික්.. මට තිබ්බෙ නෑනේ ඔය සිස්ස නාකිය පට්ටමක්... :P

    ReplyDelete
    Replies
    1. ඒකතමයි වෙනදට ගාටන බස් එක එදා වේගෙන්ම ගිහිල්ලනේ. අයියෝ අපිටමයි වෙන්නේ :(

      Delete
  28. ඔය ලෝගු ගැනනමි කියන්න දෙයක් නෑ හලේ ඕක ඇතුලේ කිසිම ගින්නක් නැතුව පිරිමියෙක්ට වුනත් හැංගිලා යතෑකි හි හි ඕක ඇඳන් අව්වේ හිටියේ කොහොමද අප්පා ඇස් දෙක විතරයිනේ එලියේ තියෙන්නේ....හිනා සාගරයයි මේක කියවද්දි...

    ඔය සමහරක් ගෑනු ඉස්කෝලවල තියෙන කැතම නීතියක් තමා තමන්ගේ සහෝදරයත් එක්කවත් පාරේ කතා කර කර යන්න බැරි එක..අපේ නංගිටත් ඔහොම කියලා තිබ්බා දවසක් මම බස් එකේ ඒ ටීචට ඇහෙන්න හොඳවයින් දෙක තුනක් කිව්වා එයා බයවෙන්න ඇති ආයේ මුකුත්ම කියලා තිබුනේ නෑ....

    පාසල් ඇඳුමින් අසංවරම විදියට යන එකටනම් මමත් විරුද්ධයි මමත් එහෙම යන එවුන්ට හොඳින් කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා මොකද මමත් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියනේ...මම ඩියුටි ගත්ත පන්තිවල ඉන්න එවුන් එක පාරක් කරන වැරුද්ද ආයේ කලේ නෑ මොකද මම ඒවට වල කැපුවේ නැති නිසා මම ඒ වැඩ මාට්ටු නොවී කරන්න හොඳ උපදෙස් දීලා තියෙනවා...අපිත් උන් වගේම එවුන්නේ ඉතිං එහෙමට උන්ව හිරකරන එක පව් කියලයි මම හිතුවේ...

    අනික ඉතින් මම හැමදාම ඉස්කෝලේ ගියේ මුල් පීරියඩ් එකේ බෙල් එකත් ගැහුවාම....ඉස්කෝලේ ඉඳන් ගෙදර යන්න විනාඩි පහයි හි හි

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ මල්ලි මම ලඟම උනාට මම එන්නෙත් බෙල් ගැහුවම. මම එද්දී නියෝජ්‍ය දෙන්නා වැඩ ගේට්ටුව ගාව. හැමදාම උදෙන්ම මාව හොයනවා කට්ටියම විනය නිසා වැඩ වැඩි.. මම එද්දී ඉතින් වැඩ ඉවරයි. :ද

      අපිත් ඔය වගේ ඒවා කලාට ළමයින්ට බැනලා ඕවා නවත්තන්න කියලා නැහැ. උපරිමයෙන් කරුණු පැහැදිලි කරලා දෙනවා. බැරිම උනොත් තමයි ඉස්කෝලේ ගැන හිතලා ගුරුවරයෙක්ට හරි සිස්ටර් ට හරි කියන්නේ

      Delete
  29. එෆ් බී අයි එකට බැඳුනොත් නරකද? :P :P :P හැබැයි බරටම ප්‍රැක්ටිස් කරල යන්න වෙයි!

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔහොම කින්ඩි දාන්න එපා ඉතින් ඕක වැරදුනාට අනිත් ඒවා හරි ගියා :D

      Delete
  30. :D ලව් ඉලව් කරන ඒවට සම්මාදන් වෙන වැඩ හොඳ නෑ තමයි!

    ReplyDelete
  31. චාටර් උන එක හොඳා...
    කූඩු කඩන්න ගිහාම ඔහොම වෙනවා...
    ඔයිටවඩා මොනවා හරි වෙන්න තිබ්බේ..... :)

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ඔහොම දේවල් කියද්දී ඉතින් දුක හිතෙනවානේ හිකිස්‌

      Delete
  32. රහස් පරීක්‍ෂන කරන්න ගියාම ඉතිං, ඔය වගේ සුළු සුළු ප්‍රශ්න ‍‍ඇති වෙනවා තමයි..:)))

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයාට විතරයි ෆාතිමා තේරුනේ.. අපිට ඉතින් වැඩ බැරුව නෙමෙයිනේ. :D

      Delete
  33. //එහා පැත්තෙන් දෙමල මිනිහෙක් මගෙන් මොනවදෝ දෙමලෙන් ඇහුවා.// මෙතනින් බේරුනා කියන්නේ ගොඩම තමයි.එත් වැඩේනම් නරකයි හැබැයි තව ටිකක් ප්ලෑන් කරනම් සාර්ථක වෙන්නත් ඉඩ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඔව් විභාගේ දවස් නිසා හරියට ප්ලෑන් කරගන්න බැරිඋනේ

      Delete
  34. අනුන්‍ට දඩුවම් දෙන්න පුදුම ඇමියාවක් එනවා නේද ඔය පට්ටම හම්බ වුනාම..:)
    මොනවා වුනත් හොද වෙලාවට ප්ලෑන ගැස්සිලා තියෙන්නේ.. ඕක හරි විදියට වුනානම් සමහර විට ඔයාට ජීවිත කාලෙටම විදව විදව ඉන්න වැඩේ වෙන්නත් තිබුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එක ඇත්ත නාකියෝ...
      එක නිසා වෙන්න ඇති නේද වැරදිලා ගියෙත්. එකනේ දැන් ඒ සිද්දිය මතකවෙනකොට හිනා යන්නේ

      Delete
  35. කට්ටිය ප්ලෑන් කරලා මහන්සි වෙලා කරපු වැඩේ අවුල් උනානේද? කතාව කියවලා සෑහෙන්න හිනාගියා. ඉස්කෝලෙ කාලෙ වගෙ කාලයක් ආයෙත්නම් ජීවිතේට එන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ කාලේ ආයෙමත් එනවානම් කියලා හිතෙනවා

      Delete
  36. අයියෝ මෙයාලා කරන වැඩ. අපොයි අපායේ යන වැඩ නේ..

    ReplyDelete
    Replies
    1. අහ්හ් අනේ අපායේ යයිද :'(

      Delete
  37. ආපෝ කැත වැඩක්‌නෙ කරන්න ගිහින් තියෙන්නේ.අපිනම් ඔවා දැක්‌කම දැක්‌කෙ නැහැ වගේ යනවා..නැත්නම් අපිටත් ඕකම වෙනවනේ..:ඩි

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බැහැනේ කෙල්ලේ. ඉස්කෝලේ ගැන මොනාව එතකොට අනිත් මිනිස්සු හිතන්නේ?

      Delete
  38. අවංක ආදරයට උදැල්ල දන්න ගියාට හොද වැඩේ

    ReplyDelete
  39. හොඳ වැඩේ ප්‍රේමයට බාධා කරන්න ගියාට...

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්න එපා අපි ඉතින් බාධා කලේ නැහැනේ :(

      Delete
  40. මුස්ලිම් නීතිය අනුව දඩුවම එල්ලා මැරීම!:P

    ReplyDelete
    Replies
    1. මලා :o මැට්ටෝ කෑගහන්න එපා කට කට
      කාටහරි ඇහෙයි :D

      Delete
  41. කරලා තියෙන වැඩක් !
    මට හිනා වෙලාම පන නෑ. කගේ කාගෙට් පාසල් ජීවිත වල මේ වගේ ලස්සන මතකයන් තියෙනවා. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඒවා මතක් කරලා හිනා වෙන එක විතරයි !

    ReplyDelete
    Replies
    1. එකනේ මධුරංග අයියේ.. ඒ කාලේ මේ වගේ දේවල් කලාට දැන් කරන්නේ නැහැනේ :)

      Delete
  42. හෆ්ෆා.. :D අහුවුණානම් ලෝක විනාසයි නොවැ නංගියේ.. හැබැයි ඉස්කෝලෙ අළුතින් කමිටුවක් පත් කොරන්න තිබ්බා.. පැපරාසි කමිටුව කියලා.. මං හිතන්නෙ ඉදිරියට එහෙමනම් සෑහෙන්න වටී.. :D

    හිහිහී.. ඒකාලෙ විනය කමිටුව මතක්වුණා.. කොටගවුම් වලට පත්තර අලවන.. :P

    ReplyDelete
    Replies
    1. අක්කා දන්නවානේ ඉතින් අපේ ඉස්කෝලේ ගැන :)
      ඇයි eyebrows ව;අට කළු දැලි ගාන්නේ :D
      පස්සේ පස්සේ ඒවා කලේ නැහැ. :)

      Delete
  43. අනේ හැබෑටම මෙයත් කරලා තියෙන වැඩ. හිනාවෙලා පන ගියා. ඔය ඇදුම දකිද්දිත් මට නම් දාඩිය දානවා. අදින්න තියා හිතන්නවත් පුළුවන්ද?කොහොමද අනේ ඇදගෙන හිටියේ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් අක්කේ, අපි එදාම තමයි ඒවා ඇන්දේ. ගලවනකම් සිහියක් නැතුව උන්නේ අපි. එපා උනා

      Delete
  44. හම්මෝ පැපරාසින්ගේත් වැඩ..... ලව් එකකට බාධා කිරීම පසුකාලීනව පලදෙන කරුමයකි... එම නිසා මම නම් කැපුවත් ලවක් නම් පාවල දෙන්නේ නෑ මගේ සහෝදරයෙක්ගේ වුනත්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ එහෙම කලාට දැන් කරන්නේ නැහැනේ කොල්ලෝ.. :)

      Delete
  45. හිකිස්......ලව් එකකට බාධා කිරීමනම් හැබැයි හරි පව් වැඩක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පව් තමයි අෆ්ෆා

      Delete
  46. චාටර් උනාදත් අහනවා... සෑහෙන අප්සට්නේ.. අපි නම් ලවු වලට ෆුල් සපෝට්.. මම මට නැතත් කීයකට උදවු කරලා ඇත්ද?? කොහොම උනත් වැඩේ මාට්ටු නොවුන එකනම් හොදයි..

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් අයියේ. මාට්ටු උනානම් ඉතින් ඉඳලා ඉවරයි.. අපිත් දැන් ලව් වලට උදව් කරනවා සෑහෙන්න :)

      Delete
  47. වැඩේ නම් කැතම කැතයි හොදේ .......

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තේරුනේ නැහැනේ :)

      Delete
  48. අයියෝ සිරිසේන කිව්වලු....

    ReplyDelete
  49. kethai wade apith prifectla wela hitiya oya wage game nam dunne naha

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද... අපිනම් මේ වගේ ඒවා කළා :D

      Delete
  50. හි හී මරු ඔයාටත් වෙන්නේ පුදුම වැඩ. හැබැයි මාර ජොලි ඒ කාලේ වෙන ඔය වගේ සිද්දි නෝන්ඩි උනත් අද මතක් කරනකොට දැනන සතුට ඊට වැඩී. අපි පොඩි කාලෙදී අපිටත් ශිෂ්‍ය නායිකාවෝ අරහං ඒත් අපිත් ඒ බැජ් එක ගහ ගත්තම පොඩ්ඩක් ලොකු සයිස් එකෙන් ඉන්න වෙලාවලුත් තිබුනා. ඒ උනාට මම නම් ඔය ලව් කේස් වලට බාදා කොලේනම් නෑ

    ReplyDelete
    Replies
    1. අපිව 10 11 වසරවල ඉන්න ළමයින්ට පෙන්න බෑ.. ඒ උනත් පොඩි එවුන් ඇඟේ එල්ලුන ගමන්මයි :)
      ඉස්කෝලේ චාටර් නොකර කරන ඕනා දෙකට අපිත් බාධා කලේ නැතෝ :)

      Delete
  51. අනේ අපේ අහිංසක වර්ණා නංගි !!! දන්න කියන ඉස්කෝලයක්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ එකනේ අපි අහිංසකයි
      ඉස්කෝලේ දන්නවාදෝ? එකනේ :)

      Delete
  52. මම එන්න ටිකක් පරක්කු වෙලා නේද? හොඳ වැඩේ කුරුළු කූඩු කඩන්න යනවට.:P ඔය ගානෙන් නොන්ඩි වෙලා බේරුනා මදැයි. කොහොමද ඉස්කෝලෙටම නොන්ඩි වුනානම්.:D

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා තමයි. තරා වෙන්න හිටියේ තව ටිකකින් :/
      අයියෝ අපි ඉතින් අහිංසකයි රටක වැටි..
      ඉස්කෝලෙම අය දැනගත්තොත් ඉතින් ඉඳලා ඉවරයි :D

      Delete
  53. පිස්සු හැදිලා ආයෙත් හැදෙන සීන් එකක් නේ..ඕකනේ කියන්නේ ආදරයට නැත බාදා කියල ...හොඳම වැඩේ ...හැබය් වෙන්න තිබ්බේ ඔහොම යන කෙල්ලෝ ටිකට මුස්ලිම් කොල්ලෝ ටිකක් සෙට් වෙන්න ,,පට්ට එහෙනම් ....

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙම නම් උනේ නැහැ හොඳ වෙලාවට. මොකද දඩි බිඩි කියලා අපි බස් එකකට නැග ගත්තානේ :)

      Delete
  54. ඇති ඔයිං ගියා ..!! ඕක අදාළ පුද්ගලයෙක්ට එහෙම මාට්ටු උනා නම් මොනවයින් මොනා වෙයි ද දන්නේ නැහැ ..!! මොනා උනත් කතාව මල් හය හමාරයි ..!!

    ReplyDelete
    Replies
    1. කෝ පොඩ්ඩෝ ඉතිඋරු බාගේ :D

      Delete
  55. අදයි මේ පැත්තෙ ආවෙ......අනේ ඇත්තට මට නම් හිනා මැරෙන්න අර ලෝගුව දාගෙන ඇවිද්ද හැටි මැවිල පේනකොට...නියම අයිඩියා එක බොලේ..ඔන්න මටත් ආවා නරි නුවනක්....හෙක් හෙක්.....!.

    ReplyDelete
    Replies
    1. හා හා නරි නුවන ආවට කමක් නැහැ, ඔව්වා එහෙම කොරනවා නෙවෙයි :D

      Delete
  56. ගොඩ කාලෙකින් බ්ලොග් බලන්න උනේ නැහැ
    එහෙං මෙහෙන් ගිහින් බ්ලොග් කීපෙක පෝස්ට් කීපයක් බැලුවා.. ඒත් ඔයාගේ මේ පැපරාසි සිහිනය මිස්වෙලා..
    ඔයාලත් හරි වැඩ තමයි කරලා තියෙන්නේ ඒ දවස්වල
    කොහොමටත් ජිවිතේ පියවරක් ඉස්සරහට ගිහින් ආපස්ස ගැන හිතල බලද්දී කලින් අපි කරපු සමහර දේවල් වැරදියි කියලා පේනවා. ඒක සාමාන්‍යයි.(මම මේ කියන්නේ පෝස්ට් එකේ අන්තිම හරියට අදාලව)

    අර කළු පාට ලෝගු කාරයින්වනම් මට පේන්න බැහැ :(

    ReplyDelete
    Replies
    1. මම එත් බැලුවා කෝ ලොකු කියලා
      එක ඇත්ත. සමහර දේවල් දැන් වැරදි කියලා හිතෙනවා.. ඒවා හදාගෙන ඉසාරහට යනවා :)
      මට එයාලව දකිද්දී බය හිතෙනවා :)

      Delete
  57. මරු කතාව.. හැබැයි ඉතින් ක්ලඉන් කට්ටිය ම කියල තියෙන වගේ. බරපතල වැරැද්දක් ඔය නම්.. අදරේට උදලු දාන එක. ඒත් ඉතින් තාම මතක් කර කර හිනා වෙන්න පුලුවන් විදියෙ කතාවක්. ලෝගු අදහස නම් මරු ඈ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
      හේ හේ උදලු දැම්මේ ඉස්සර නගෝ :)
      දැන් අපි හොඳ ළමයි අනේ :D

      Delete
  58. හයියෝ.....සල්ලි....
    ඒකට අපේ ස්කෝලෙ.....ඔය හැම වෙඩිමකටම හෙල්ප් කලේ මං...;)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ඔයාවත් පිලිගන්නවා :)
      හේ හේ අපිනම් ඉතින් ඉස්සර එහෙම නැහැ හලි වසයි :D
      එත් සමවයස් ලව් වලටනම් උදව් කරනවා

      Delete
  59. දැක්කද සත්‍ය ප්‍රේමෙට බාදා කරන්න ගිහින් උන දේ ? හොඳ වැඩේ..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්ට එපා අයියෝ :(

      Delete
  60. ආයෙත් අහලා.. දේශපාලුවො වැඩක් කොලොත් ඉතින් කොට උඩ තමා..

    හොඳ වැඩේ ආලයට උදැල්ල දාන්ඩ ගියාට.

    ReplyDelete
  61. අහ අක්ක සිරිකුරුස විදුහලේ ආදිසිසුවියක් වගේ.. මගෙත් පරණ ඉස්කෝලේ... මටත් මතකයි ඉස්සර ඔය වගේ වැඩ මගේ කසින් අක්කත් කරනවා.. ඔක්කොම එකයි... කාලෙකින් ආවේ.මේ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. නැත නැත මම හෝලි ක්‍රොස් නොවෙමි මල්ලියෝ.. :)

      Delete
  62. මට මේක මිස් වෙලාද මන්ද...

    ඉස්කෝලෙ වෙන වැඩක් කරලම නැද්ද? ඕප දූප හොයන එක ඇරෙන්න...

    සිරි කුරුසියෙද අර අත් දිග පරන තාලේ ගවුම් අදින ??

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක නැහැනේ අපි ඉස්කෝලේ තනිකරම කලේ ඔබා දුප හොයන එක :D
      නැත නැත මම සිරි කුරුස සිසුවියෙක් නොවෙමි

      Delete
  63. ඉස්කෝලෙ ගිහින් වෙන වැඩක් කොරලම නැහැ වගේ..


    මෙයා සිරි කුරුසියෙද? අර අත්දිග පරන තාලේ ගවුම් අදින ?

    ReplyDelete
  64. හොඳට පුරුදු ඉස්කෝලයක් වගේ මට නම් හිතෙන්නෙම මේ මන් ගිය ඉස්කෝලෙමයි කියලා අනේ මන්දා..

    ReplyDelete