Thursday, January 12, 2012

සුන්දර ගාලු ගමන

                                                                                                            
මොනා කියන්නද කොහොම කියන්නද හිතාගන්න බෑ අනේ අපොයි....!!!    :ඩි
කොහොමින් කොහොමහරි ගෙදෙට්ට බොරුවක් කියලා, මගේ අක්කා කෙනෙක්ව ලෑස්ති කරගත්තා 7 වෙනිදා ගාලු යන්න. බ්ලොග් කියුවම අපේ අම්මි අහයි ඒ මොන කුනුහරොපයක්ද කියලා. දැනටත් බුකිය ගැනමයි කතාව කියලා  නෑදෑයොත් මට බනින එකේ බ්ලොගයක් ගැන කියුවොත් තවත් අහගන්න පුළුවන්යැ හැක හැක..
6 වෙනිදාම මන්තුමි කොලබ බලා පිටත් උනේ අර පොරොන්දු උනාය කියන කිරිටෝපිය හදන්න බඩු ටිකත් අරගෙන. මගදී පොඩි මෑන් ට කොල් එකක් දාලා කොච්චරක් එනවද කියලාත් ඇහුවා ඔන්. ඔන්න ඉතින් අක්කලා ගේ ගෙදර ගෙහුං කිරිටෝපිය හැදුවා පදම වැරදුනා.. බුල්ටෝ වගේ උනා ගලේ ගැහුවත්  හපන්ඩ බැරි සයිස් එකට. අනේ අප්පේ පස්සේ තමයි හිතුනේ බුල්ටෝ ටික හරි ගෙන්න තිබුනානේ කියලා.
3.30 ට ඇහැරවන්න කියලා නිදාගත්තට වේලපහින් ඇහැරුනාත් අක්කා ගේ ගෙදරින් එල්ලවුණු යම් බාධාවක් නිසා පැය 3 ක් පමණ ප්‍රමාද උනා අපිට කොට්ටාවට එන්න.ඒ වෙලාවට හරි ආවේ රාජ් අයියාගේ සහ සදකිදුරා මල්ලිගේ පිහිටෙන්. ඒ ගැන මම ගොඩාක් කනගාටු වෙනවා සහ ඒ වෙනුවෙන් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ වෙලාවේ සමාවගන්න බැරි වුනේ ඒ වෙලේ පොඩ්ඩක් බයෙන් හිටපු නිසා. කවදාවත් නොදැකපු මිතුරන් සමුහයක් අතරේ මට කෑගහලා සමාව ඉල්ලන්න බැරි වුනා. එත් එකට මම දැන් ගොඩාක් කනගාටු වෙනවා. මම නිසා පරක්කු වුනු අයගෙන් මම සමාව ඉල්ලනවා හදවතින්ම. රාජ් අයියාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිව දාලා නොගියාට..මම දන්නවා එදා වුනු ලොකු වැරද්දක්. එත් මොනා කරන්නද දෙමව්පියෝ යටතේ අපි හැදෙන තාක්කල් එයාලගේ කීම අපිට ඉටුකරන්න වෙනවා.නැත්තම් අපි මහා ගුණමකු ළමයි වෙනවා.ඔන්න ඕකයි එදා වුනේ. ගොඩාක් අය අහලා තිබුනා කට්ටියගෙන් ඇයිඔයාල පරක්කු වුනේ කියලා. ඔන්න ඒ අයට දැනගැනීම පිණිස, මම නිසා තමයි පරක්කු වුනේ. ඒ පිලිබදව මගේ කනගාටුව.

බස් එකේ ගාලු එනකම්ම මට ඉතින් කනක් ඇහිලා ඉන්න හම්බුනේ නැහැ කිරිටෝපියක් ඉල්ලා ඉල්ලා.ඒ මදිවට මගේ මුනේ බෝඩිලෝෂන් අතුල්ලලා පොඩි උන් මට කරපු හදියක්.
සින්දු කියලා නටලා ගයලා, ඒ මදිවට අධිවේගියේ අධිවේගයෙන් එන්න බැරුව ත් අපි හිටියා. මගේ පළමු අධිවේගී අත්දැකීම :))
ගොඩාක් අය අදුනගත්තා. ඒ ගැන ගොඩාක් සතුටුයි.
ගාල්ලට ආවාට පස්සේ මුලින්ම කාලා එහෙම කට්ටියව අදුනගත්තා.හැමෝම ඇවිත් කතා කළා.


රසවත් සිද්දි ගොඩකුත් වුනා ඉතින්. :ඩි
ඒවා දැම්මොත් මේක මාගලක් වෙයි . ඒ නිසා නොදා ඉන්නවා :))
ආපහු ගෙවල් බලා එන්න බොහොම අමාරුවෙන් බහින්න වඩා නගින්න අමාරුවුණු කන්දකුත් නැගලා ඒ මහන්සියට තැබිලිත් බිලා ආපහු පයින් බස් එකට ගාටලා , බස් එකේදී කන පැලෙන්න සින්දු කියලා නටලා කාලා බිලා විනෝද වෙලා කොට්ටාවට ආවා. 
අනේ අර නාකි කොලුවා මට නටන්න එන්න්න කියලා පොරේ, හත්දෙයියනේ මම කොහොමද නාකියෙක් එක්ක නටන්නේ, මට බෑ :/ හැක හැක හැක...!!
මදි නොකියන්න නාකියා අයියා අපිට සින්දුවලට කතා ටිකක් නම් කියුවා.
ඒ අස්සෙන් මගෙන් අහනවා මොකක්ද බන් අර සින්දුවේ නම කියලා. හතිලව්වේ මම දන්නවයි නාකිකාලේ සින්දු :ඩි


කොට්ටාවට ඇවිල්ලත් ගෙදර එන්න කාපු කට්ට සදකිදුර මල්ලිත්, පවනි නංගි මල්ලිත්, සුලගිල්ලා මල්ලිත්, කුමාරයා අයියාත් තමයි දන්නේ. කුඩයක්වත් අතේ නැතුව පැය බාගයක් විතර කට්ටක් කළා කිදුරා මල්ලිගේ කාර් එකේ ගෙදරටම අවා.ඒ කතාව දැනගන්න මෙතෙන්ට යන්න..වැස්සේ කාපු චාටර් එක
හෝන් කරන්න එපා කියලාත් මේකා හෝන් කරලාමනේ ගියේ :/
ගෙදෙට්ට ආපුගමන් ශානි අක්කගේ අම්මගෙනුත් හොදවයින් අහගෙන රැටත් නොකා නින්දට ගෙහුං පහුවෙනිදා උදේම මම ගෙදර පැමිණුනා.
වමේ සිට දකුණට හසී අක්කා , චතු මිතු අක්කා සහ සදකිදුරා මල්ලි
මගේ දුප්පත් කැමරාවේ සටහන් වුනු පින්තුර ටිකක් සහා මුණු පොතෙන් සොරාගත් පින්තුර කිහිපයක් දමන්නම්..
වමේ සිට දකුණට දිල්ශාන් මල්ලි, සුලගිල්ලා මල්ලි සහ උදිත මල්ලි

රාජ් අයියා
මේ ඉන්නේ වෙනි මාමා




කසුන් අයියා



පොඩි මෑන්
වමේ සිට දකුණට පැණි දොඩම්, වෙනි මාමා සහ පවනි මල්ලි


නාකියා



ශානි අක්කා සහ මම :))


වමේ සිට දකුණට දේවා අයියා , වෙනි මාමා, අභීත අයියා සහ පැණි දොඩම්
මෙන්න මෙහෙමයි හැඟෙන්නේ නංගි :ඩි

මේක කැඩිලා ඩ මන්දා  :ඩි


මැද ඉන්නේ හසී අක්කා




දේවා අයියා


මන්තුමි





ඔන්න ඉතින් ඔහොමයි වුනේ. ගොඩාක් දෙනා අදුනගන්න ලැබුනා. හුගාක් දවසකින් ජිවිතේ ලස්සනටම හිනා වෙලා හිටපු දවසක්. ඒ දවසේ කිසිම දුකක් හිතට දැනුනේ නැහැ.මේ දවස දුන්නාට සංවිදානය කරපු සහා එදින සහභාගී වුනු හැමෝටම ස්තුතියි.
එහෙනම් මේ අව්රුද්දෙ හා හා පුරා කියලා දාපු පොස්ට් එකත එක්ක ඔන්න මම එහෙනම් යනෝ.


66 comments:

  1. යකෝ මගේ වෙන 4ටෝ එකක තිබුනෙම නැද්ද දාන්න ??

    ReplyDelete
  2. පරක්කුයි කියන්නේ පොස්ට් එකක් දාන්නත් පරක්කුයි :P

    ReplyDelete
  3. පළවෙනි කොමෙන්‍ටුව මමද මන්දා.. කට්ට කෑවා.. අඩු ගානේ කිරි ටො‍ෆි තියෙනවා නේ කියලා හිතා ගෙන..:P එකත් නෑ..:D :D කමක් නෑ ඉතින්.. :) ඇත්තටම කට්ටක් කෑවේ නැත්තම් ගමනක් ගියේ නෑ වගේ නේ.. :P සුන්දර දවසක්.. :)

    ReplyDelete
  4. තාත්ත ගහයි විල්බැරැක්කෙන් කිවුවලු.....

    යන්තම් චුට්ටක් විතර ශේප් උනාට මේ කිරිටොපිය හීන් නූලෙන් දීලනෙ පහර...

    ReplyDelete
  5. තාත්ත ගහයි විල්බැරැක්කෙන් කිවුවලු.....

    යන්තම් චුට්ටක් විතර ශේප් උනාට මේ කිරිටොපිය හීන් නූලෙන් දීලනෙ පහර...

    ReplyDelete
  6. ගාල්ලේ වගේ ගෙට්ටු කොහෙද අනේ මෙහෙ......:(

    ReplyDelete
  7. පරක්කු වුන කතාව දැන් අමතක කරලා දාන්න නගෝ. කාගේවත් හිතේ දැන් ඒ ගැන තරහක් නෑ. කට්ට කාල හරි යාළුවො ටිකක් අඳුර ගත්තනේ. ඒක නේ වටිනාම දේ.

    ReplyDelete
  8. ඔයාගේ කිරිටෝපි වලට අලුත් නමක් දල දෙන්න තිබුනනේ..අලුත් කෑමක් කියල හැමෝම විසිකරවී බඩට..

    ඔයා විතරයි රාජ් පින්තුරයක් දැම්මේ.ස්තුතියි..

    ReplyDelete
  9. අපෝ .. අති යන්තං ට්‍රිප් එක ගැන මොනව හරි ලිව්වා...

    ReplyDelete
  10. දුප්පත් කැමරාවේ කිව්වට මෙන්න බෝලේ මං ගහපු එකකුත් උශ්ශලා.. :P ජයවේවා! අද තමා ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ..:D

    ReplyDelete
  11. මම නම් හිතන්නෙ නෑ ඔය පරක්කුව ගමන ගිය උන් අප්සට් එකක් කරගනී කියල...

    ඒත් ඒක වාර්තාවක් තියන්න ඕන පරක්කුවක්නෙ... කලින් දවසෙ ගෙදරින් ඇවිල්ලත් පරක්කු වුනා කිව්වහම ;) මොනා උනත් උඹ විතරයි නම් ටිකත් එක්ක ‍4ටෝ දාල තියෙන්නෙ..

    ReplyDelete
  12. ගෙට්ටුව ගැන හොඳ විස්තරයක්.. ඉදිරිපත් කිරීම වර්ණාගෙන්
    නම් එක්ක ෆොටෝ දාපු එක ගොඩක් වටිනවා නංගි :)

    ගෑනු ළමයින්ට ගෙවල් වලින් තියෙන තහංචි එක්ක බැලුවහම ඔයාල ඒ ගමන ඔහොමහරි ගියපු එකම ලොකු දෙයක්නේ

    ReplyDelete
  13. නම් එක්ක පොටෝ දාපු එක නම් අදහන්න වටිනවා...හප්පේ මේ ශානියි වර්ණයි දෙන්නම මට වඩා ලොකුයි වගේ නේ (සරීරෙන් මං කිව්වේ :)

    හොඳයි හොඳයි..ඔන්න මට නම් J නැහැලු පොඩ්ඩක්වත් :-/

    ReplyDelete
  14. අලේ........ඔයාට පෝස්ටුව දන්න පරක්කු උනා කියල මමනම් කියන්නෙ නෑ.මං නම් පලකරන්න දිගගගගගගග මාගලක් ලියාගෙන යනෝ.මගේ බ්ලොග් එකේ පලකරන්න යන පලමුවන පෝස්ටුව නිසා ටිකක් විස්තර ඇතුව ලියන්න යන්නෙ.අලේ ඇත්තටම නම් ඇතුව දාපු එකනම් කාගෙන් වත් නොවුනු තරම් උදව්වක් හිහිහිහ්........ සැහ් කිරිටොපි අක්කගෙ ගෙදරත් අහු උනානම් හැමදාම හෝන් ගහන් යන්න තිබුන :D

    ReplyDelete
  15. ඇත්තටම වටිනව නං එක්කම පොටෝ දාපු එක..කස්ටියව අඳුර ගන්න ලැබිච්ච එක සතු‍ටුයි....ඔය වැල්ලේ නටන්නේ මොනව හරි බීලද..තැඹිලි බීලද....

    ReplyDelete
  16. මං ඉන්න කුජීතම ෆොටො එකමනේ දාලා තියෙන්නේ :D

    ReplyDelete
  17. සුන්දරම ගමනක මතක සිහිවටන ටික ලස්සනයි...

    ReplyDelete
  18. ම්ම්ම්..හොඳ වැඩක් කරල තියෙන්නේ..කෙල්ල..නියමයි..ජය..22 වැඩේ හිටු කියල යනව එන එකයි ඇත්තේ ඔන්න මම නම් දන්නව එදාට අපිටත් කලින් එන්නේ ඔයානේ..හික්

    ReplyDelete
  19. කමක් නෑ දුවේ .. අනපේක්ශිත දේවල් වෙනවා අපි නොහිතන විදියට, බස් එක කැඩුන එකත් ඔයාගෙ ප්‍රමාදය නිසා වෙච්ච දෙයක් නෙවෙයිනෙ ! අපි උදෙන්ම එතනට ගිය නිසා එතන හිටපු අය එක්ක කතා කරලා දැන හඳුනා ගන්න තිබුනු කාලයම ඔය ගොල්ලො එක්ක නැති වුනු එක තමයි අප්සට් එක !! මේ ආරම්භයක් විතරයි ! අවුරුදු උත්සවේ දි නැවත තවත් ගොඩක් අය එක්ක හමු වේවි !

    ReplyDelete
  20. මෙන්න මේවා දකිද්දී තමයි මරාගෙන මැරෙන්න හිතෙන්නෙ අම්මප!
    :/
    අපිට එන්න බැරි උනානේ!

    ReplyDelete
  21. පරක්කු වෙච්චි එකට ඔච්චර සොරි කියන්න ඕනි නෑ මෙයා.....
    අපි කියපු ඒවට සොරි කියන්නෙ නෑ නෙ......

    ReplyDelete
  22. ජර්ර්ර්ර්ර්ර්නලයටත් දුකයි....අපි අලුත්නෙ...ගෙට්ටුව තියෙද්දි බ්ලොග් 1ක් හදන්න දත් කකා හිටියෙ

    ReplyDelete
  23. හප්පේ... මං මෙච්චර වෙලා හිතාගෙන හිටියේ ශානි කිව්වෙ සාපා කියලනෙ.බලාගෙන යද්දි මේ වෙන කෙනෙක් නෙ.

    මේකට එන්න බබැරි වුනානෙ.බලමුකෝ සැනකෙලියට එන්න.

    ReplyDelete
  24. අක්කාත් එක්ක කතා කරන්න බෑරි විම ගෑන නම් දුකයි.ඔයාලා පරක්කු වෙලානෙ ආවෙ ඉතින් ඒකට කමක් නෑ.ඊලග පාරවත් අපි හම්බවෙමුකො.අපි ඉතින් අක්කගෙ කිරිටොෆි කන්න බලන් හිටියෙ.කොහෙද ගෙනාවෙ නෑ නෙ ඉතින්

    ReplyDelete
  25. එල එල...කිරි ටොපි නැති උනාට හිතේ කහටක් නැත..
    ප්‍රමාද වී හෝ පැමිණීම ගැන බලවත් මෙව්වා එක!!!

    ReplyDelete
  26. ෂහ් නියමයි. මට නං පුල්ම ජෙල. කිරිටොෆි(බුල්ටො) හදනහැටි පෝස්ට් එකක් දාන්න බැරිද?

    ReplyDelete
  27. ෆොටෝ ටික හරි වටිනවා බං, ගෙට්ටුවට එන්න බැරි උණු අපිට ඒකවත් බලලා සැනසෙන්න...

    ReplyDelete
  28. කියල වැඩක්නෑ ඔක්කොම වැඩ පරක්කුයි.. තව මොනවා පරක්කුද දන්නෑ..

    ReplyDelete
  29. ඇත්තමයී සයුරී කිව්ව ඔයා ලොකුයීනේ.ඔයා ලගින් මම තිව්වොත් මාව පේන්නැති වෙයිද මන්දා?
    කට්ටිය හොද ජොලියක් අරන් තියෙනවා නේද. ස්තූතියී ෆොටෝ වල ඉන්න අය අදුන්නලා දුන්නට. ඒත් මට නම් මේ අයව කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ. මොකද හමුවීම් වලට යන්නෑ කියලා මං තීරණය කරලා තියෙන්නේ. ඒකයී. දුකයී. ඒත් හුගක් හිතලා ගනිපූ තීරණයක්.

    ReplyDelete
  30. හලේ...... ඕව ඔහොම තමයි අනේ... :))
    අවුරුදු උත්සවෙටවත් සෙට් වෙමුකෝ... :D

    ReplyDelete
  31. 'පොඩි මෑන් ' ටොයිලට් එකේ වාඩි වෙලා ඉන්න පිංතුරේ මරේ මරු

    ReplyDelete
  32. යාන්තම් හීනියට සේරම තියෙනවා..!! කට්ටිය අදුන්වලම දීල තියෙනවනේ..මොනා වුනත් සුන්දර මතක සටහන් එකතු වෙච්ච දවසක් කට්ටියටම ජය වේවා!!

    ReplyDelete
  33. :D බලාහල්ලකො.. පොඩ්ඩ කක්කුසියට ගියත් ලස්සනට හිනාවෙලා තමයි ඉන්නේ..

    ReplyDelete
  34. මට මාල ප්‍රශ්නයක් තියෙනවා..වෙනි අයියා , වෙනි මාමා උනේ කොහොමද :D
    කස්ටිය හොද පික්සුවක්‌ නටලා තියෙනවා වගේ...චක්‍ අවුරුදු උත්සවේටවත සෙට් වෙන්න ඕන

    ReplyDelete
  35. හිකිස්ස්... මෙන්න බොලේ දැකලා නැති කීප දෙන්ක්මත් මේකෙ ඉන්නවා.. මරු....මටත් කියන්න තියෙන්නෙ අවුරුද්දෙ එකටවත් සෙට් ව්එන්න ඕනෙ කියන එක තමා...:(

    ReplyDelete
  36. දැන් වෙලාව නෑ.පස්සෙ ඇවිත් හොදවයින් දෙකක් කියන්නම්. හිටු.

    ReplyDelete
  37. හලේ මට නම් අලි සතුටු ඉ ඉතින්

    ReplyDelete
  38. ඔය කිරි ටොපි තියෙනවා නම් දැන් සෑහෙන ගානකට විකුණ ගත්ත හැකි. දැන් කැම්පස් වල පිකටින් වලට ඕවා මරු !

    ReplyDelete
  39. ෆොටෝ බලා හූල්ලමි
    .
    .
    .
    අයියෝ අපරාදේ

    ReplyDelete
  40. මරු ගමනක් නේ කස්ටිය ගිහිල්ලා තියෙන්නේ . අපිට ඉතින් එන්ඩ බැරි වුණාට දුකයි මේ ෆොටෝ පෙන්න්ලා අපිව තවත් දුක් ගස්සන එක හරිද ඈ

    ඔබා අයියා +++++++++++

    ReplyDelete
  41. මටත් ටොපියක් ඕනෙ ලබන පාර ඈ‍‍...!!!

    ReplyDelete
  42. aparade kiwwanam ekenma enawane. anith para kiyanawa neda? mama hoollanawa.

    ReplyDelete
  43. ආයි බලද්දි ඇඩෙන්න වගේ..

    ReplyDelete
  44. @ පොඩි මෑන්
    ඕක තමයි ලත්තනම එක පොඩ්ඩෝ


    @ මහිම මදුරංග
    අනේ ඉතින් වැඩනේ මට. පුළුවන් වෙලාවට තමයි දැම්මේ :((


    @ චතුමිතු
    අනේ ඔව් කඩෙන් හරි ගෙන්න හිටියේ. කොහෙද පරක්කු උණු නිසා එකත් බැරි වුනා :((


    @ පවනි
    අපේ තාත්තා හරි හොදයි මල්ලි. මට මොකෙන්වත් ගුටි දෙන්නේ නැහැ.
    ඔව් ඔව් හිනි නුලෙන් වැඩේ දුන්නා :ඩි


    @ බීටා
    22 වත් එන්න බිටෝ


    @ Kasun
    එක ඇත්ත අයියේ. කට්ට කාලා හරි ඔයආලා වගේ යාලුවන්ව අදුනගන්න ලැබුණු එක ලොකු දෙයක් :))


    @ අසරණයා
    එකත් ඇත්ත තමයි. ගෙදර හිටියනම් මට අම්මගෙන් වත් උදව්වක් ගන්න තබුණා. කොහෙද එදා එහෙමවත් බැරි වුනානේ..


    @ kumaraya
    කුමාරයා අයියා බලන හිටියද මම දානකම් :)) ස්තුති හොදේ :))

    ReplyDelete
  45. @ යසයා
    යසයාව මේ පැත්තට වෙල්කම් කියුවා. දුප්පත් කැමරාවේ සහ මුණු පොතේ සොරා ගත්තා කියලා දාලා තිබුනා දැක්කේ නැතයි? ඔයාගේ පින්තුරේ එහෙනම් මුණු පොතෙන් ගත්ත එකක් වෙන්ටැ මම. මතක නැහැනේ


    @ සාතන්
    ඔව් අයියේ කාගේවත් හිතේ කහටක් නැති වුනාත් සමාව ගැනීම මගේ යුතුකමනේ.
    හ්ම්ම් එක නේන්නම් කලින් දවසේ ගෙදරි ඇවිල්ලත් පරක්කු උනානේ.. :((



    @ ලොකු පුතා
    ඔව් අයියේ, අපේ අම්මි තාම දන්නේ නැහැ. එත සයිබර් සැණකෙළිය නම් දැන්ම ඉදන්ම කියුවා යන්න ඕනා කියලා. එත් එපා කියුවානේ :((


    @ අනේ එහෙමද ලොකුයි වගේද :))
    හිහි ඔයාලා ලංකාවට ආවට පස්සේ ගේට් එකක් තියමු අක්කේ ලොවෙත් නැති වෙන්න

    ReplyDelete
  46. අන්තිම කමෙන්ට් එකට උත්තරේ සිරි අක්කාට...


    @ සඳකිඳුරා
    අනේ ඔව් අපේ ගෙදර හෝන් ගැහුවනම් දනී මම කරන දේ..
    කෝ තාම ඔය මාගල ලියනවයි කිදුරා මලේ..?


    @ ඔබ නොදු‍ටු ලොවක්
    අපොයි නැහැ එයාල ඒ මත් වෙන මොනවද බිලා ඔය වැල්ලේ නටන්නේ හිකිස්‌.


    @ DarKneT | ඉෂාර
    හික් හික් ඔව් අනේ උනලාගේ ලස්සන එව්වා මම ලග නැහැ බන් මල්ලියේ, ඔක්කොම කුජීතයි නොවැ :ඩි



    @ දයානන්ද රත්නායක
    කවදා හරි ඉතුරු වෙන්නේ ඔය මතක සිහිවටන තමයි




    @ Raj
    අනිවා අයියේ. එදාට කුකුලා අතේ අරන් එන්නේ මම ඔන්න බලන්නකෝ :)))

    ReplyDelete
  47. @ Weni
    අනිවාර්යෙන් මාමේ. එදාට මිට වඩා කට්ටිය හමු වෙන්න පුළුවන්. :)
    අනිවා එදාට හමුවෙමු. එත ඒ ටික වෙලාවට හරි මාමා අපි එක්ක කතා කරපු එක වටිනවා ගොඩාක් :))

    ReplyDelete
  48. @ Nuwan Tharaka
    අනේ දෙවියනේ මැරෙන්න එපා
    22 එන්නකෝ එකට


    @ යැංකි
    හික් හික් එහෙමද? එහෙනම් සොරි එක ඉල්ලා අස් කරගන්නම්කො :))


    @ පොදු ජ'නලය
    අයියෝ අලුත් පරණ මොකක්ද? බ්ලොග් ලියන් නැති අයත් ආවේ. අනිවා 22 එන්න :))



    @ නිසුපා
    ශානි කියන්නේ මගේ එක කුස ඉපදුනු අකා නොවුනත් මගේම අක්කා කෙනෙක්
    22 හමුවෙමු අක්කේ :)))



    @ හිම හංසි
    22 කිරිටෝපි ගෙන්නම්කො නගෝ
    පොඩ්ඩක් හරි කතා කරානේ නගෝ, එක ගොඩාක් වටිනවා මට :))




    @ ගිනි කුරුල්ලා
    ගිනි කුරුල්ලා ආවැයි? දැක්කෙවත් නැහැ


    @ රාජ්
    අනිවා අනිවා දාන්නම්කො.. දිගටම රැදී ඉන්න :))



    @ Shani
    22 අනිවා වරෙන් මචන් :))


    @ පැණි දොඩම්
    අනේ නැහැ ආපහු එහෙම වෙන්නේ නැහැ :))
    පැණි දොඩම් නම් කැමරාවයි ෆෝන් කට්ටි දෙකම මගෙන් හොරකම් කරගත්තු ඒවා නේද හිකිස්‌ :))

    ReplyDelete
  49. @ බට්ටි
    ඒ මොකෝ අක්කේ ඒ? ඔයාගේ තීරණයක්‌ නිසා මම මුකුත් කියන් නැහැ.
    එත් යාළුවො අදුනගන්න එක ජීවිතේට හරි වටිනවා අක්කේ.


    @ Ice
    හා හා නගා සෙට් වෙමු එකෙන්ම :))

    ReplyDelete
  50. ශිහ්... මට මිස් වුණානේ අප්පා.... ඊළඟ පාර නම් අනිවා එනවා....

    ReplyDelete
  51. @ Observer
    ඔබා මාමේ මේ පොඩිගේ ටොයිලට් සින්මයි තියෙන්නේ :ඩි



    @ කල්ප
    අනිවා , ගොඩාක් කෙටියෙන් හැමදේම ලියුවා :))



    @ සුළඟිල්ල
    හිහි. අනේ සුළඟිල්ල ගැන නම් කවර කතාද? මේකාට පොඩ්ඩක් වැස්සත් ඇති සීතලේ හැදෙනවා



    @ ChammA
    එහෙම තමයි ආදරේට මාමා කියන්නේ. :))
    අනිවා 22 එන්නකෝ :))


    @ හිතුවක්කාරි
    අනිවා එකටවත් එනවා හොදේ. අපරාදේ මම නම් හිතුවෙම ඔයා එයි කියලා :((


    @ නාකියා
    නාකි නිසා වල පයයි ගොඩ පයයි වගේ ඉන්න නිසා වැඩියේ මහන්සි නොවුනට කමක් නැහැ නාකි මාමේ :ඩි


    @ Good බබා
    මටත් අලි සතුටුයි :))


    @ මධුරංග
    හික් හික් එහෙමද.
    අයියා ආවේ නැහැනේ. මම ඔයාව ඇහුවත් එක්ක කෝ කියලා ආපු අයගෙන්


    @ ගැමියාගේ පත් ඉරුව
    හුල්ලන්නේ නැතුව 22 වත් එන්ට මලේ


    @ හිස් අහස
    එන්ට එපයි ඉතින්
    මොකෝ මේ ඔබා අයියා ගන්නේ :ඩි


    @ ආගන්තුකයා
    අනිවා අනිවා .. :)))


    @ chameera Asanka
    හිහි. හා හා කියන්නම්කො :))



    @ රහස් පරික්ෂකයා
    අඩන්න එපා මලේ.. 22 එන්ට හොදේ :)))

    ReplyDelete
  52. @ මහි
    මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :))
    ඊලග පාර අනිවා එන්නකෝ :)))

    ReplyDelete
  53. අපිත් බලන් හිටියේ බුල්ටෝ නගාගේ පෝස්ට් එක දානකල්...

    හොඳයි හොඳයි... සයිබර් සිහින උළෙලට නම් නිදිවරාගෙන හරි පාන්දරම එන්ඩ හොඳේ... නැත්නම් තව මොන කාඩ් හැදේද දන්නෑ.

    ReplyDelete
  54. අප්පට සිරි බොලේ..මං ආවද කියල අහන්නේ???
    ඇයි ලමයෝඕ මතක නැද්ද කොලයි සුදුයි ඉරි ඉරි ෂර්ට් එකක් ඇඳන් ඉඳපු හීන්දැරි උස කොලුවෙක් ඔබතුමි එක්ක කතා කොරා???
    ඒ මංතුමා තමයි !!!!ඔය ෆෝටෝ වලත් ඉන්නේ..යාන්තමට..

    ReplyDelete
  55. අපිටත් ළඟ පාතක හිටියානම් සෙට් වෙන්න තිබුණා...බලමු ඊළඟ එකටවත්...

    ReplyDelete
  56. ෂික්.... මේ කිරි ටොපිය කන්න මම හිටියෙ නෑ නෙව... ඊලග පාර නම් අනිවා එනව, වෙන මොකටවත් නෙමෙයි කිරි ටොපි වල බුල්ටො එඩිෂන් එක කාල බලන්න... හැක් හැක්...

    ReplyDelete
  57. මේව දැක්කම තනි ඇහැට ඇඬෙන්නේ..මොනා කරන්නද අපි ඉතින් රටින් නෙරපපු අයනේ.. කිරි ටොපි කාලා කට්ටිය යහතින් හිටියද

    ප.ලි.
    අනේ ඇත්තමයි වර්ණා අපේ අම්මටත් බුකිය ඇලජික් ඒ නම ඇහුනත් අම්මා පරල වෙනවා..

    ReplyDelete
  58. ඔයා විතරයි නොදැක්ක අපි ගැන හිතලා නමුත් එක්ක පින්තුර දැම්මේ. ඔන්න දැන් සමහර නම් වලට මුණු දාගත්තහැකි..

    ReplyDelete
  59. @ Chathuranga
    හම්මේ ඔව් අයියේ. මම නම් හිතුවා කලින් දවසෙම ඇවිත් කුඩාරමක් ගහගෙන ඉන්නවා කියලා :ඩි


    @ ගිනි කුරුල්ලා
    අහ්හ් හරි හරි දැන් මතක වුනා :)



    @ ලහිරු
    සයිබර් සැණකෙළියට එන්න සහෝ :))


    @ මන්ඩිපාල
    අනිවා අනිවා එන්න එන්න මගේ කෑම කන්ද එන්න හොදේ :)))


    @ පුංචි කුමාරිහාමි

    පුංචි කුමාරිහාමි ව සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.. අහ්හ් රටින් නෙරපලාද :(( හෆොයි ..
    අපේ අම්මත් එහෙමයි හැමදාම බනින එකමයි කරන්නේ


    @ සරත් ලංකාප්‍රිය
    හ්ම්ම් ඔව් ඔව් නොදැකපු අයටත් දැකගන්න කියලාම තමයි නමුත් එක්කම දැම්මේ

    ReplyDelete
  60. අඳුනගන්න ලැබීම සතුටක්..

    ReplyDelete
    Replies
    1. ඔබවත් එසේමයි. ඔබ වගේ දැවැන්තයෙක් මගේ බ්ලොග් පිටුවට ආපු එකත මට ගොඩාක් සතුටුයි

      Delete
  61. බ්ලොග් ලියවිල්ල නැවැත්තුවත් හරි කස්ටිය ම ජයටම ට්‍රිප් නේ කැතයි හොදේ...නමුත් එක්ක ම ෆොටෝ දාපු එකනම් සැහෙන්න හොදා චතු මිතු කොල්ල මට නිකන්වත් කිව්වෙ නැනේ...එල එල හැමෝටම ජය වේවා...අපිව අමතකම උනාට.. දුකආආආආආආආආඊ...

    ReplyDelete
  62. This comment has been removed by the author.

    ReplyDelete
  63. අමතක උනානේ කියන්න මේ පැත්තේ අවේ අහම්බෙන් නොවැ...අදමයි ඕන් ආවේ...අඩබෙරයක් ගැහුවට මොකෝ ට්‍රිප් එක ගැන අම්තකම් වෙලා ගියානේ... කොහොමත් එන්න වෙන්නේ නැ..කැගැහුවට..මන් දැන් ...?

    ReplyDelete