Thursday, January 19, 2012

වරුවකට අම්මා කෙනෙක් වුනෙමි..!!

ගිය ඉරිදා උදේ මම ගියා පුන්චිලාගේ ගෙදර.. හප්පේ ඉරිදා නිසා පොඩි එවුන් ඔක්කොම හිටියා. අහල පහල පොඩි ඈයොයි ඔක්කොම එහෙ. හරියට නිකන් ඩේකෙයාර් එකක් වගේ.මම හුගදවසකින් එයාලගේ ගෙදර ආවේ නැහැ කියලා පුංචි බැන බැන හිටියේ .  මම යද්දී පුංචි මාර්කට් ගිහින්. දොනියන්දා හිටියා අල්ලපු ගෙරද පොඩි කට්ටයත් එක්ක සෙල්ලම් කර කර.. මාව දැක්ක හැටියේ මේකිගේ වැඩේ ඇගේ එල්ලෙන එක. :))
මමත් ඉතින් පොඩි එකා වගේ සෙල්ලම් කරන්න ගියා. ටිකකින් එහා ගෙදර ඉන්න අක්කා කොහෙද යනවා කියලා ටිකකට බබාව බලාගන්න කියලා මට දීලා ගියා. හෆොයි. මාස 3 යි බබාට. පුංචිගේ පොඩි කෙල්ලලු වෙනදාත්  නිවාඩු දවස් වල බබාව බලා ගන්නේ. එකී තමයිලු දෙකම්මා :ඩි
මමත් ආසයි පොඩි බබාලාට. මමත් පැනලා බබා ව වඩාගත්තා :))



අනේ කොලු පැටියා ෂෝයි. එයාව වඩාගෙන මම හැමතැනම ඇවිද්දා. එයාගේ ඇගිලි රස්නෙයි. චුටි. පොඩි එකෙක්ව ගොඩාක් ලගින ආශ්‍රය කරපු පලවෙනි වතාව තමයි ඒ. අම්මෝ හරිම බරයි මාස 3 ක් උනාට චන්ඩි බන්ඩියාගේ.කොට් එකේ දැම්මට අඩනවා. වඩාගෙන එහෙට මෙහෙට ඇවිදින්න ඕනා මම. වඩාගෙන එක තැනක හිටියත් මේකා අඩනවා. පොඩි කාලේ ඉදන්ම රස්තියාදුව. එහෙට මෙහෙට කැරකිලාම කකුල් රිදෙන නිසා පොඩ්ඩක් වෙලා කොට් එකේ දාලා තිබ්බා. 


එතකොට අඩන්නේ මෙන්න මෙහෙමයි :((
පුංචිගේ පොඩි එක්කෙනයි මමයි  එකතු වෙලා බොහොම අමාරුවෙන් හිනැස්සුවා..





අනේ කොහොම කොහොමහරි දහදිය හෙලලා පොඩි කොල්ලාව නිදි කෙරෙව්වා.

හුරේ අපි දිනුම්...!!!
අනේ එත් එයා නිදාගත්තට පස්සේ අපිට ගොඩාක් පාලුයි. අපි ආපහු එයාව කොනිත්තලා ඇහැරවා ගත්තා.
ඒ ටික වෙලාවකින් එයාලගේ අම්මා ආවා. මට කියලා ගියා ඒ අක්කා නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියලා :)))


113 comments:

  1. :)එයා හරි හුරතල් වර්ණා නංගි

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි එයා හරිම හුරතල් අක්කේ.
      මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :))

      Delete
  2. ඔයාටත් වැඩි වැඩියෙන් ලැබේව බාබාලම... ඇයි යෝදියේ පොඩි එක්ව කොනිත්තුවේ..තවම මාස 3 ලුනේද ?

    ReplyDelete
    Replies
    1. හිහි. කෙනිත්තුවේ නැගිට්ටවගන්නනේ :/
      එයා නිදියගත්තම පාලු හිතුනා.

      Delete
  3. අම්මෝ මාස 3 බබෙක් එහෙම දීලා ගියාද ? :D
    අපේ අක්කා නම් බබාලා දෙන්නා ( twnz)
    අපිට දෙන්නෙත් උපදෙස් මාලාවක්ම දීලා :D
    අත හෝදලද?
    සබං ගෑවද?
    මිරිස් නැනෙ අතේ ?
    දාඩියද ?
    හයියෙන් අල්ල ගන්න
    ඔයා පනිනවා
    etc etc :D

    ReplyDelete
    Replies
    1. හිහි. අනේ මම දන්නේ නැහැ. එයානම් දීලා ගියා.
      බනිගෙන් විශේෂයෙන් ඕවා අහනවා ඇති නේද.. :ඩි

      Delete
  4. හනේ ඉතින් පොඩිඑකාට දෙයියන්ගෙම පිහිටයි...

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නැහැ හරිද පැණි ඩොදම් :/
      :ඩි

      Delete
  5. වැඩි වැඩියෙන් දරුවො ලැබේවා..... :) බැදපු දවසට මහත්තයට කියන්න...

    ReplyDelete
  6. Replies
    1. හ්ම්ම් එයා ගොඩාක් හුරතල්

      Delete
    2. අක්කී, Settings වලින් mobile templates ON කරනවනම් ගොඩක් හොඳයි! :)

      Delete
    3. හරි මල්ලියා ON කළා

      Delete
  7. අනේ අම්මපා පොඩි එව්වොන්ව ඔහොම කොනිත්තනවද.
    හරි හුරතල් පාට කොලු පැටියෙක්
    මමත් ප්‍රර්ථනා කරනවා ඔයාට දරුවෝ දුසිම් දෙකක් තුනක් ලැබෙන්න කියල :D

    ReplyDelete
    Replies
    1. රිද්දුවේ නැහැ ගොඩාක් ඉතින් :))
      දුසිම් ගණන්? :o
      හෆොයි
      ඔයාටත් එසේම වේවා :ඩි

      Delete
  8. අනේ ඒ අක්කාගෙ ප්‍රාර්ථනාව ඒ ආකාරෙන්ම ඉෂ්ඨ වේවා...... :))

    පව් පොඩි එකාට රිදෙන්න ඇති කෙනිත්තුවාම ...:(

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අක්කි.
      රිදෙන්න ඇති තමයි. අපි කොනිත්තලා එතන අතගෑවා :))

      Delete
  9. හිකිස්.. වැඩි වැඩියෙන් දරුවො ලැබේවා! කොනිත්තලා ඇහැරපු වැඩේ නම් අන්තිම නරකයි හරිද?

    ReplyDelete
    Replies
    1. පිටසක්වලයාටත් එසේම වේවා :))
      හ්ම්ම් මටත් දැන් හිතෙනවා ඒ වැඩේ නරකයි කියලා :((

      Delete
  10. අනේ මාත් මගේබැතිබර හිතෙන් ප්‍රාර්තනා කරනවා දරුවො වැඩි වැඩියෙන් ලැබෙත්වා කියලා.. එතකොට හොදයිනෙහ්.. එකෙක් නිදාගත්තාම ඌව කොනිත්තන්න ඔනි නෑ තව එකෙක් ඉන්නවනෙහ්.. නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ශෝක් එතකොට නේද..

      Delete
  11. //මට කියලා ගියා ඒ අක්කා නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියලා :))) එසේම වේවා එකසිය විස්සට දෙසිය විස්සක් ම!

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔබටත් එසේම වේවා :))

      Delete
  12. අපේ ලොකු අම්මගෙ අක්කගෙ පොඩි එකා අතට ගත්තොත් එක්කො කක්ක බාල්දියක් නැත්නම් චූ බාල්දියක් සෙට් වෙනව....හැබෑටම වර්ණට එහෙම වුනේ නැතෙයි...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ හොද වෙලාව එහෙම දෙයක් උනේ නැහැ :ඩි

      Delete
  13. අඩේ මාත් ආසයි පොඩි ඈයෝ එක්ක ඉන්න.
    එයාලා එක්ක ඉන්නකොට දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අයියේ, මට එක එදා ගොඩාක් හිතුනා. ඇත්තටම ඉක්මනටම බදින්න ආසාවකුත් ආවා :))

      Delete
  14. හොඳයි හොඳයි දැන්ම පුරුදු වෙලා තියන එක.;) වැඩි වැඩියෙන්ම දරුවෝ ලැබේවා කියල මාත් ප්‍රාර්ථනා කරනවා.:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් පුරුදු වෙන එක හොදයි තමයි, අපේ අම්මිත් ඕකමයි කියුවේ :ඩි
      ඔයාටත් එසේම වේවා :))

      Delete
  15. වැඩි වැඩියෙන් දරුවො..???
    හම්බේ.... දෙන්නෙක් හොඳටම ඇති.

    ReplyDelete
    Replies
    1. අන්න දෙන්නෙක් ඇතිලු :ඩි

      Delete
  16. වැඩි වැඩියෙන් දරුවො..???
    හම්බේ.... දෙන්නෙක් හොඳටම ඇති.

    ReplyDelete
  17. වැඩි වැඩියෙන් දරුවො..???
    හම්බේ.... දෙන්නෙක් හොඳටම ඇති.

    ReplyDelete
  18. මට මතක් උනේ අපේ ලොකු අය්යාගේ පුතා පුංචිම කාලේ... හරිම ස්වීට් නේ?...:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අපේ අයියා බදිද්දී මම නාකි වෙලා ඉදීද මන්දා බන් :/

      Delete
  19. පොඩි එකා ලොකු වුණාම මේ බ්ලොග් පෝස්ට් එක කියෝලා ඇවිල්ලා ඔයාට ගුටි බැට දෙයිද මන්දා මාව කෙනිත්තුවා කියලා ..

    දරුවෝ බොහෝ වේවා !! කියලා මමත් පතන්නම්

    ReplyDelete
    Replies
    1. අහ්හ් සදරු අයියා කියද්දී තමයි එක මතක් උනේ... :ඩි
      හ්ම්ම් අයියටත් එසේම වේවා

      Delete
  20. අලේ....... මගේ කිරිටොපි අක්කට බබාල ගොඩා........................................ක් ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. අලෙ මගේ අලගෙඩි කිදුරා මල්ලිටත් එසේම වේවා :))

      Delete
  21. හුරතල් පොඩි එකා....
    මේ පැත්තේ ආව පළවෙනි පාර

    ReplyDelete
    Replies
    1. බොරු මේ දෙවෙනි පාර :/

      Delete
  22. Replies
    1. නොසිතු ඔබව සාදරයෙන් පිලිගන්නවා

      Delete
  23. ලස්සන පොඩි එකෙක්.....වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියන්න තමා තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයාටත් එසේම වේවා අයියා

      Delete
  24. වැරදි වැඩ 2ක් කොරල.. එකක් නම් ඔය උඩින් හැමෝම ලියල තියෙන්නේ.. අනික තමා පොඩි එකාගෙන් නිසි අවසරයක් නැතුව පොටෝ අරගෙන අන්තර්ජාලයට මුදා හැරීම. ඔය සඳරු කියුව වගේ පොඩි එකා ලොකු වෙච්ච දාට, අනිවා නඩු දානව වර්ණාට...
    ඒ මොනව උනත් පොඩි අයව ඔය විදිහට ආදරෙන් බලාගන්න පුලුවන් කරුණාවන්ත හිතක් තියන කෙනෙක්ට විතරයි කියලයි මට හිතෙන්නෙ :) ඒ අතින් ඔබ දිනුම්...

    [මම හිතන්නේ මේ මගේ පළවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ ඔබේ අඩවියේ...]

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි එකාගෙන් අවසර ඉල්ලුවා, එකා ඉතින් ඔලුව වැනුවා මුකුත් කියුවේ නැහැනේ..
      හ්ම්ම් බොහොම ස්තුති මේ පැත්තේ ආවාට
      ඔව් මේ ඔබේ පළමු කමෙන්ටුව

      Delete
  25. නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා :)) පොඩි එකා නම් ලස්සනයි...අර නන්ගාත් හරි හුරතල් පාටයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අක්කිටත් එසේම වේවා :))

      Delete
  26. Replies
    1. තාම නැන්දා උනේ නැතෝ :ඩි

      Delete
  27. කොහොමද අතල් 1 "මමී" ගාගෙන ළමයි දුසිමක් විතර එනකොට!:D
    කොහොම උණත් ඇස්වහක් කටවහක් නෑ පොඩි එක නම සීදෙවි!:))

    ReplyDelete
    Replies
    1. ළමයි ගොඩාක් එහෙම මමී කියනවට වඩා අම්මා කියනවට මම ආසයි..
      හ්ම්ම් පොඩි එකා ශෝක් තමයි

      Delete
  28. හී හී...දැම්ම ඉදලම ඕවා පුරුදු වෙන එකත් හොදයිනෙ නේද...

    ReplyDelete
    Replies
    1. අනේ තරු ඔයා මේ කමෙන්ට් එක ආපහු බලයිද දන්නේ නැහැ, ඔයාගේ බ්ලොග් එකට යද්දී මගේ ලැප් එක හිරවෙනවා, ඒ මොකෝ දන්නේ නැහැ, අනිත් ඒවලට එහෙම වෙන්නේ නැහැ. මට කමෙන්ට් කරන්නත් බැරි වුනා එහෙ, අනේ මොකක් හරි කරන්න එකට

      Delete
  29. හප්පේ ඉතින් අපේ ගෙදර ඔය වදේ මට හැමදාම තියෙනවනේ අපේ අක්කිගෙ බන්ඩෝ දෙන්න නිසා..
    දැන් හැදෙන පොඩි උන් ආසම නෑනේ එක තැනක ඉන්න. වඩා ඇවිදින්නම ඕනේ..
    අර නඟාට නේද පික්නික් වලින් පොඩි ඉෆෙක්ට් පාරක් දැම්මේ? හික් හික්....

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත නගෝ. පොඩි කාලේ ඉදන්ම දාන්ගලේ :ඩි
      ඔව් ඔව් මෙයාට තමයි පික්නික් වලින් මුණ දැම්මේ :ඩි

      Delete
  30. මටත් පුංචි අයනම් නලවන්න හොදට පුළුවන්. මම නම් එයාලව නිදි කරන්නේ පපුවට තුරුළු කරන් හ්ම් හ්ම් හ්ම් කිය කිය ඇවිදිනවා. එතකොට වට දෙකෙන් දොයී.

    ReplyDelete
    Replies
    1. එහෙමද? අනිත් පාර එහෙ ගියොත් එහෙම දොයි කරන්නම්කො'

      Delete
  31. අලේ ෂෝක් කොලු පැටියා!! මොනවා වුනත් අක්කා අන්තිමට කිව්ව දේ නම් සේරටම වඩා ෂෝක් අලේ....

    ReplyDelete
  32. මේ කරගත්තාවූ කුසල කර්මයේ බලයෙන් අනාගතයේදී පඩිපෙලක් මෙන් බබාලා ලැබේවායි ප්‍රාර්තනා කරමි.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ පඩි පෙළක් :ඔ
      රාජ් අයියාටත් එසේම වේවා :ඩි

      Delete
  33. අරූ අඩද්දි මේකි ෆොටෝ ගගහ ඉඳලනේ අම්මපා...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගහද්දි ටිකක් සයිලට් වෙනවානේ. එකයි :))

      Delete
  34. පොඩ්ඩාගේ කිරි හිනාව දැකලා හිතයි බඩයි දෙකම පිරුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත්. මුළු ලෝකෙම එතන වගේ හිතුනා :))

      Delete
  35. දිල් දැන් නැන්දා කෙනෙක්නෙ...ආයූෂ් පුතත් දැම්ම ඉඳන් දඟ මල්ලක්..එයා 11/11/11 ඉපදුන කෙනෙක්නෙ... මේ වයසෙම වෙන්න ඇති.. වඩා ගත්තම අපිව කන්න හදන්නෙ...කට ලඟ කිරිම කිරි සුවඳයි...මේ වගේ පොඩි කෙනෙක් එක්ක ඉද්දී දවස යනවා දැනෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමද අක්කේ. දග මල්ල මට හිතා ගන්න පුළුවන්
      ඔව් මේ පැටියා ලගත් කිරි සුවදයි.

      Delete
  36. වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා.....!!!!!!!!!!!!!!!!!!මෙච්චර විතර.

    ReplyDelete
  37. වැඩි වැඩියෙන් බබාලා ලැබේවා! ඒත් දෙය්යනේ ඇයි අර පොඩි එකාව කෙනිත්තුවේ.? තාම මාස 03යි කිවුවා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාටත් එසේම වේවා..
      අහ්හ් කෙනිත්තුවේ ආදරේටනේ :(((
      ඔව් මාස 3 ක් තමයි :((

      Delete
  38. ෂෝක් ළමයි බලාගැනිල්ල... පොඩි එකාට දස වද දීලද කොහෙද පොටෝ ගන්න ;)

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන !.. :)

    ReplyDelete
    Replies
    1. හිහි දස වද පොඩ්ඩයි දුන්නේ :))
      සාතන්ටත් එසේම වේවා

      Delete
  39. අනේ..හලිම හුරතල්...:* :* :* ආදරේ හිතෙනවා හුඟාක්...මමත් ඔය චූටි අයට උම්මා දීලා, පොඩි කරන්න රිද්දන්න ආසයි...:D තරහට නෙවෙයි..ආදරේ වැඩි වුනාම එහෙමයි...

    ReplyDelete
    Replies
    1. එකනේ, ආදරේටනේ කොනිත්තන්නේ .. මේ නාකි ළමයින්ට එක තේරෙන්නේ නැති හැටියක් :/

      Delete
  40. මටත් කියන්න තින්නේ අක්කේ... දැන්ම ඉදන් පුරුදු වෙන එක හොදයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එක තමයි මල්ලි. එක තමයි

      Delete
  41. අර අහිංසක පොඩි එකා අඩවලා මෙයා ෆොටෝ ගහලා
    වැඩේ කැතයි
    ඒකරපු වැඩේට ළමයි දුසිම් දෙකක්ම ලැබෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හා එහෙම හොදයිද අහ :ඩි
      ඔයාටත් එසේම වේවා හොදේ

      Delete
  42. මොකක්ද වර්ණා ඒ කරපු වැඩේ? "ඔබා මාමාටත් එසේම වේවා" කිව්වෙ? දෙයියනේ එහෙම උනොත් හෙම කටවහවත් වැදිලා!!!!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ එහෙම තමයි ඔබා මාමාට ආදරේට එහෙම කියුවේ :))

      Delete
    2. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  43. ශෝක් කොලුපැටිය.ලොකු කෙනෙක් කරන ආශිර්වාදයක් වරදීනෙ නැතිලු.හ්ම්ම්ම්...අපි දන්නෙ නැහැ ඕන්.සුභ පැතුම්,වැඩි වැඩියෙන් ලැබේවා!!!

    ප.ලි. තහනම් වචනය....ඔයාටත් එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. හා තහනම් වචනේ නිසා ඔන්න මම කියුවේ නැහැ එක. එත් හිතින් එහෙම ප්‍රාර්ථනා කරනවා

      Delete
  44. අර අක්කගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා කියල පතනවා :))
    මමනම් පොඩි එව්වෝ බලාගෙන ඇති දවස් බර ගානක්
    අක්කලාගේ පොඩි එව්වෝ අපිට බලාගන්න දීල යනවනේ ඉස්සර
    මමනම් කක්කා කෝස්, චූ කෝස් වලට කරගහලා තියෙනවා ඇති පදං... :)

    ReplyDelete
    Replies
    1. ලොකූ ව දැක්ක කල්?
      හිහි එහෙමද.. එතකොට ජොලි නේද :ඩි
      හ්ම්ම් ලොකුටත් ඉතින් ළමයි දස දහස් ගණනක ලැබේවා ..

      Delete
  45. වර්ණා දැම්ම ඉදන්ම මේ වට පෙර පුහුණුවක් ගන්න එක හොදයිඔ ඔන්න.. මොනවා උනත් ශෝක් පොඩි එකා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකතමයි දිනේෂ් අයියේ,, එකනේ ඉතින් මම පුරුදු වෙන්නේ :))

      Delete
  46. හරි හුරතල්! :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකනම් ඇත්ත. :))

      Delete
  47. අර අක්කාගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා....!!! :D :D

    ReplyDelete
    Replies
    1. කුබු ටත් එසේම වේවා ඔන්න ))

      Delete
  48. මාස තුනක්...????
    අලේ අම්මෝ.මමනම් මාස හයට අඩු ළමයිව ප්‍රතිපත්තියක් විදියට වඩා ගන්න යන්නේ නෑ. හයියෙන් ඇල්ලුනොත් උන්ට රිදෙයි කියලා බයයි මම.
    ඒත් මෙන්න වර්ණා පොඩි එකාට කොනිත්තලාත් එක්ක...

    පොඩ්ඩානම් ගති.. නම මොකක්ද?

    ReplyDelete
  49. අනේ ඉතින් නාකි අයියා ගේ ඇගේ පතේ සයිස් එක නිසා සහා වයසක නිසා පොඩි ළමයි ලගටවත් එන්නේ නැතිව ඇති :ඩි
    ඩිහාන් තමයි නම :))

    ReplyDelete
  50. Replies
    1. මමත් ඉල්ලුවා, මටත් දෙන්න බැහැ කියුවා :((

      Delete
  51. අර ඔබාමාම කිවුවගානට මේටිකත් +කරගන්න !!!!!

    ReplyDelete
    Replies
    1. හා එකතුකර ගන්නම්කො :))

      Delete
  52. ෂෝයි චන්ඩි බන්ඩි කෙනෙක්නෙ... :)
    නංගියා දැන්ම ඉඳලම ප්‍රැක්ටිස් වෙනවා වගේ..
    වෙඩිමක් එහෙම ලඟදෝ නංගියෝ... :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ නැතෝ මොන වෙඩිමක්ද අක්කේ හිහි

      Delete
  53. අනේ අම්මෝ පොඩි එවුන්.........ඔයාලා නම් කියයි වැඩි වැඩියෙන් බඳින කොල්ලට දැන්ම තියා කියන්න හොඳේ රස්සා දෙක තුනක් වත් කරන්න කියලා නැත්තම් බඩුම තමා......හි හි

    ReplyDelete
  54. he he heee balangiyahama me ganulamayintath thiyana wada... math podiuntanam asayi eth wadaganna bayayi....

    (Eagle)

    ReplyDelete
    Replies
    1. හා හා ..ඔය බය වෙන්න එපා. ළඟදීම ඔයාටත් වඩාගන්න පුළුවන්...

      Delete