Saturday, January 21, 2012

නුවරට තනියක් නෑ.....

ඔබ ගියා යන්න
මටවත් නොකියාම...
කදුළු සුසුම් විතරමයි මට
ඔබේ සුවදක්වත් තිබුනේ නෑ තනියට..
කාලෙකට පස්සේ ආවා මං ආයෙත්
අපේ මේ පුරුදු ඉසව්වට..
වැව් රැළිති බිදෙමින් හැඩුවා
හීත පවනේ හී ගඩු පිපුනා...
ඉස්සර වාගේම..
තුරු සෙවනින් හිරු බිංදු වැටුණා...
අපි නැතත්
අපි හුන් තැන කවුදෝ උන්නා..
මටම මිසක් නුවරට
තනියක් නැහැ...
මේ කදුළු දුන්නේ ඔබ මට
හැමදාමත් අඩන්න....




ප.ලි. -කාලෙකට පස්සේ මම නුවර ගියා. පරණ මතකයන් ගොන්නක් හිතේ මතු උනා.. ඇයි නුවර ගියේ කියලා හිතුනා.

86 comments:

  1. රජ පිහිල්ල පාරෙද .... ?

    ReplyDelete
    Replies
    1. මම හරියටම පාරවල් වල නම් දන්නේ නැහැ. මම නුවරට ගොඩක් ඈතින් ඉන්නේ සහෝ

      Delete
  2. අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
    මම උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
    ඔබ හිනහෙන්න සැනසෙන්න සිහිනයෙ මගේ
    මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ.....

    ජීවිතය කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත .... ජිවිතේ තේරුම්ගන්න බැරි අමුතු දෙයක්

      Delete
  3. හලේ......... කලින් කිව්වා නම් මන් එනවනේ ඔයාව බලන්න.. :D

    ReplyDelete
    Replies
    1. වර්ණා දවස දෙකකට කලින්වත් කියන්න.නුවර එන්න ඉතින් සැහෙන්න කාලයක් යනවා නේ..

      Delete
    2. @ අයිස් නගා-Official ගමනක් ගියේ නංගෝ.. එකයි කාටවත් කියුවේ නැත්තේ.ආපහු එන දවසක කියන්නම්කො.

      @ අසරණයා- අහා මට නුවරට යන්න පැය 4 ක් යන්නේ අලිද :/

      Delete
    3. @වර්ණා ඒ වුනාට අයෙශාට නුවරට එන්න දවස දෙකක් වත යනවලු නේ?..

      Delete
    4. මටත් යන්නේ පැය හතරයි මාත් දැන් දවස් දෙක තුනකට කලින් නුවර නැවතිලා ඉඳලා ආවේ හි හි.අයිස්ව හම්බුවෙන්න නම් කලින් කියන්න ඕනේ නෑ නුවරින් බැහැලා හූවක් තිබ්බාම ඇතිලු

      Delete
  4. //මටම මිසක් නුවරට තනියක් නැහැ...// මං ආසම කෑල්ල..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඔව් මටම මිසක් නුවරට තනියක් තිබුනේ නැහැ

      Delete
  5. දළදා වීදියේ දෙපසට යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකය හඬනවද..

    සංවේදීයි..ලස්සනයි..ඒත් ආදරය ඔහොම්මයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආදරය පිස්සුවක්.. එක නැතිවුණු දාට ඊටත් වඩා පිස්සුවක් තවත් නැහැ

      Delete
  6. ලස්සනයි, හැබැයි දුකයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේ පැත්තේ ආවාට ස්තුති

      Delete
  7. හ්ම්ම්...

    එයි කියා ඔබ බලන් හිටියත්
    ආවෙ නෑ ආයෙත්..
    දෙනෙත් අතරින් ගැලූ කඳුළැලි
    මුව කමල මත සිඳී යද්දී
    සිහිනයෙන් හරි ඇවිත්
    සනසන්න මා රත්තරන්...

    ReplyDelete
    Replies
    1. පුළුවනි නම් ඉස්සර වාගේ
      මගේ හිතට ආදරයෙන් තුරුළු වෙන්න
      ඔබේ හිතට ආයෙමත්
      එන්න කියනවාද ....??

      Delete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම්.... :'( මටත් තියෙනවා එහෙම සමහර තැන්වලට ගියාම පරණ මතක ඇවිස්සෙන... දුකයි.. ලස්සනයි නිසැදෙස..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තැන් 2ක් තියනවා. හැබැයි දුක හිතෙන්නේ නෑ, හිනා යනවා....:)

      Delete
    2. @ හිතුවක්කාරි-
      හ්ම්ම් ගොඩාක් තැන් වගේම තමයි ගොඩාක් දේවල් වලට හිත ගැස්සෙනවා මගෙත්

      @ Kasun
      ඒ මොකෝ හිනා යන්නේ ඔයාට අහ්හ් :/

      Delete
  9. හපොයි ඔය මතකයන් කියන ඒවා නම්..............

    ReplyDelete
    Replies
    1. එපා වෙනවා නේද.. මටනම් මගේ මතකේ අමතක වෙනවානම් හොදයි

      Delete
  10. මටත් දැයේ වෙනස නම්....
    නුවර තවමත් තරුණයි... නොවෙනස්....
    ඒත්... අපි...?
    බහු වචනෙන් ආමන්ත්‍රණය කරන්න තරම් වාසනාවන්ත වුනේ නෑ මමත්..
    ඔය වගේම...
    :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මයේ මැණික නුවරට තනි නැහැ. අපිට විතරි තනි.
      ඒ වගේම තමයි අපේ හිත කියවපු අයටත් තනි නැහැ

      Delete
    2. තනිකම රස වින්ඳින්න ටිකක් පුරුදු වෙලා බලන්ට....
      සතුටු වෙන්ට වගෙම දුක් වෙන්ටත් මතක ජීව්ත වල ඉතිරි වෙන එක ලෝක සොබාවය මගෙ මැණික....
      තවත් කෙනෙක්ට තමන්ගෙ මතක ආවර්ජනය කරල ඒ දුක බෙදාගත්තට හැමදාම දුකින් ඉන්නම ලෑස්ති වෙන්න එපා මැණික..... ඒක තවත් එක මතකයක්ම විතරක්, බවට පත්කරන්න......

      Delete
    3. ඔව් මම එකට උත්සහා ගන්නවා :((

      Delete
  11. මතකයන් කියන්නේ මහා එපා කරන දෙයක් ...............එත් මන් මතකයන් වෙනුවෙන් ජීවත් වෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටනම් මතකයන් එපා. එපා එපාමයි

      Delete
  12. නුවර කවදාවත් තනි වෙන එකක් නෑ අක්කේ....පරණ අය යද්දී අළුත් අය එනවා....මතකයන් විතරක් උරුම කරගත්ත වැව රවුමේ රූස්ස ගස් ටික...බංකු ටික ඔහේ බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත මල්ලි. ඒවා මට විහිලු කරනවා. ඔච්චම් කරනවා.
      මම කදුළු බොනවා

      Delete
  13. නුවර වැව ජල තරඟ දිවැවිත් ඉවුර අසබඩ බිඳෙනවා
    ඒ වගේමයි මගේ හදවත මතක මතු වී රිදෙනවා
    වලාකුළු බැම්ම අසබඩ පුංචි බංකුවෙ පෙම්වත්තු තව ඉන්නවා
    අපි අපේ නොවු අද දිනත් මට අපේ මතකය මැවෙනවා....

    ලස්සනයි වර්ණා......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයාගේ කවිය ලස්සනයි
      හ්ම්ම් අපි අපේ නොවූ හැම දිනයක්ම මට මතකෙට එනව‍ා

      Delete
  14. නුවර ආවම දුකින් යන්න එපා...මතක දුක උනත් හිත සතුටින් යන්න....

    පද ටික සරළයි....සංවේදීයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් උත්සහා කරන්නම් අක්කි... හැමදේම අමතක කරන්න..
      මේ පැත්තට ආවාට ස්තුති

      Delete
  15. බහිරව කන්ද පැත්තෙද නැත්නම් වැව රවුමේ ද ?

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියේ, වැව රවුමේ, නුවර ටවුමේ, කඩ සාප්පු වල, මේ හැම තැනක් ම මට කදුළු දෙනවා

      Delete
  16. //වැව් ඉවුරේ දිය රැළි පෙල සේම දිලෙනවා//
    ලස්සන කවියක් නගේ..මට උඩ සින්දුව මතක් වුනා..

    ReplyDelete
  17. //මටම මිසක් නුවරට
    තනියක් නැහැ...//

    මෙතන ප්‍රබලයි.

    //මේ කදුළු දුන්නේ ඔබ මට
    හැමදාමත් අඩන්න....//

    මෙතනනම් දුර්වලයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අඩුපාඩු පෙන්නලා දුන්නට ස්තුති ..
      :))

      Delete
  18. නුවරටත් මතක නැති එකේ ඔයත් අමතක කරලා දාන්න නගෝ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයා දන්නවානේ අයියේ, මම එකට කොච්චර උත්සාහා කරනවාද කියලා

      Delete
  19. හ්ම්ම්....මේ දවස්වල ගොඩක් අය ලියන්නේ දාලා ගියපු ඒවා ගැනමනේ....අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමතමයි අක්කේ. මොනා කරන්නද ඉතින් :(((

      Delete
  20. ඇත්තටම ජීවිතේ සුන්දර මතක නම් එමටයි.මටත් මහරගම වැව පාර ගාව, මීගමුවෙ බ්‍රව්න්ස් මුහුදු තීරයෙ කුඩ පේලි දැක්කම, රත්නපුරේ ටවුම පැත්තෙ ගියාම එහෙම කොයිතරම් මනස ව්‍යාකූල උනත් ඒ මොහොතට නම් ආපහු අතීතයට යන්න ඇත්නම් කියල හිතෙනව.ආපහු එහෙම හුරතල් ආදරයක් ලැබේනම් කියල හිතෙනව.ඇත්තටම වෙන කිසිම දෙයක් තනි වෙලා නෑ.අපෙ හිත්ම විතරයි තනිවෙලා තියෙන්නෙ.ඒ තනිය මකන්න කෙනෙක් ලැබුනු දාක ලෝකෙම ගොඩක් ලස්සනට දැනෙන්න පටන් ගනීවි ආපහු.ඒ තනිය මකන්න කෙනෙක් මගේ අක්කණ්ඩිටත් ඉක්මනටම ලැබේවි :))))

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මල්ලිගේ දිරි ගැන්වීමට ගොඩාක් ස්තුති මල්ලියෝ..
      මල්ලිටත් එහෙමකෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. මල්ලි ගොඩාක් හොද කෙනෙක්.

      Delete
  21. ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙන්වා
    ජීවිතයම හීනයකැයි කියා හිතෙනවා.....
    ගොඩක් සංවේදීයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුති :))

      Delete
    2. මටත් මතක් වුනේම මේ නගරය සින්දුවයි!
      මාත් ලඟදී පේරාදෙනියේ ගියා සින්දුවේ විදියටම අත් අල්ලං. නමුත් දුකක් නං ආවේ නෑ. කාලයත් එක්ක ඕවා තුනී වෙලා යනවා වර්ණා!

      Delete
    3. බොහොම ස්තුති කතන්දර.. අන්න එහෙම තුනී වෙලා යන කාලේ එනකම් තමයි මම මේ බලාගෙන ඉන්නේ

      Delete
  22. ඒ වගේ සිතුවිලි සමුහයක් ඇති උන වෙලාවක තමයි මම හිතන්නේ
    "එදා අප සමග හුන්
    අවන් හල දෙසුම් හල
    පුරුදු සේ බලාගෙන
    ඉන්නවා.." කියලා ලියවෙන්න ඇත්තේ..
    කොහොම උනත් වර්ණා අක්කට ලස්සනට කවිත් ලියන්න පුළුවන් කියලා දැන ගත්තේ අද!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ගොඩාක් ස්තුති මල්ලි.

      Delete
  23. කොහෙට හරි යත්දි අතීත සැමරුම් හිතට එනකොට ඒකහිතට හරි වදයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් හිතට ගොඩාක් අවුල්

      Delete
  24. මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි!
    එහෙමද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මුණගැසුනේ නම් කොලොම්පුරේදී. වෙන් වුනේ නම් මගේ ගමේදී. නුවර හමුවුනා විතරයි

      Delete
  25. පදපෙළ ලස්සනයි.
    පරණ දේවල් අමතක කරලා දාන්න නංගි.
    ජිවිතේ කාර්යබහුල කරගන්න, මේවා විතරක් නෙමෙයි ජිවත් වෙනවද කියලත් අමතක වෙලා යාවි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ලොකු.
      සතියේ දවස් පහේ නම් මට ඕවා මතක්වෙන්නේ නැහැ මොකද ඒ තරමට කාර්යබහුලයි. එත නිවාදුදවසකට තමයි ඔක්කොම මතක වෙන්නේ

      Delete
  26. මේ කවිය කියෙව්වාම නුවරට සම්බන්ධ ගී රැසක් මතකය අවදි කරනවා.ඒත් ඒ හැම ගීයටම වඩා සුනිල්ගේ මේ ගීය වෙනස් කියලා මේ කවිය කියවන කොට හිතෙනවා
    "කඳුලු දෙන්න මට හඬන්න
    සක්වල ගල සසල වන්න
    සසුම් දෙන්න මට හෙළන්න
    සත් සමුදුර ගොඩ ගලන්න".......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුති
      ඔබතුමාගේ පැමිණීමට සහා අගය කිරීමට

      Delete
  27. ඇතුලටම කිඳා බැස්සා

    ගියා අවුරුදු ගානක් පස්සට ...



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ලොකු ජෝන් ව :)))

      Delete
  28. "මටම මිසක් නුවරට
    තනියක් නැහැ..."

    මේ නගරය මතක් වුණා නංගියෝ... :(
    ලස්සනයි ගොඩක්..

    ReplyDelete
  29. අතීත කතාව දුක හිතෙන කතාවක් වගේ....

    ReplyDelete
  30. මේ සමහරවිට ඔයා මාත් එක්ක කියපු කතාව ගැන ලිය උන කවි පෙලක් වෙන්න ඇති..

    ReplyDelete
  31. නුවර නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ මොකද කීවොත් මුල්ගම්පොල හරියේදී හම්බවෙච්චි මගේ පලවෙනි ආදරේ මතක සුවඳ දැනෙන නිසා .. අනේ අප්පේ ඒ අතීතය !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හිස් අහසට එහෙනම් නුවර අල්ලා ගිහින් වගේ :))

      Delete
  32. දුක හිතෙන අතීත මතකයක්...ම්......

    ReplyDelete
  33. මදෑ අඩන්න කදුලුවත් දීල ගියා..

    මොකද සමහරු යන්නෙ ඇස් දෙකත් උගුල්ලගෙන

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකනම් ඇත්ත.. මම අදටත් දන්නවා එයා මට ආදරෙයි කියලා. එත අපි දෙන්නාට වෙන් වෙන්න උනා..
      සමහර අයගේ ආදර කතාව ඇහුවම පව් කියලා හිතෙනවා ඒ අතින් මම වාසනාවන්තයි

      Delete
  34. ඇත්තටම වර්ණා ගොඩක් දැනෙන්න ලියල තියෙනවා.අන්තිම ටික වචන නැහැ දැනුන විදිය විස්තර කරන්න.
    ගොඩක් අයට ඔයවගේ අතීතයන් තියෙනවා ඒක කොච්චර දුකක් උනත් අපි කවුරුත් හොරෙන් හරි ඒ අතීතයට ගොඩක් ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එක ඇත්ත... අපි ඒ අතීතයට ගොඩාක් ආදරෙයි

      Delete
  35. චිකේ ඇයි නුවර ගියේ....ආයිත් යන්න එපා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඔව් ආයෙත් යන්නේ නැතුව ඉන්නම්

      Delete
  36. දුක හිතෙන කවියක්. ඒත් ලස්සනයි.
    සමහර තැන් තියෙනවා එක එක්කෙනාට විශේෂ. ඒක නුවරද, කොළඹද, ලංකාවද, එංගලන්තේද තැනේ වෙනසක් නැහැ. සමහර විට මොකක් හරි නම අමතක වෙච්චි පාරක්, පන්ති කාමරයක්, ඇහැළ ගස් හෙවනක්, ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අනිත් අයට විශේෂත්වයක් නොපෙනුනාට එක්කෙනෙක්ට විතරක් අමුතු සුන්දරත්වයක් දෙන...
    මිනිස් හැඟීම් පොදුයි. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සම්පුර්ණයෙන්ම එකගයි

      Delete
  37. සන්වෙදී පද පෙලක්!

    ReplyDelete
  38. මගේ ආදරේ මතක් වෙනවා නුවර කියලා දකින හැම වෙලාවකම.නිතර එහෙ යන්න එන්න බැරිකමෙන් මම නම් ගොඩක් දුක් විඳිනවා.මගේ ජීවිතේ මතක වැඩි හරියක් රැඳිලා තියෙන්නේ නුවරම තමයි මේ ලඟදිත් ගියා ඒ මතකයන් අළුත් කරගෙන කව මතක පුරෝගෙන එන්න.හරිම දුකයි මෙහෙම කවි පේළියක් කියවද්දි මොකද ඒ හැඟිම මටත් ආවොත් මම මැරේවි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දුක හිතුනනම් සමාවෙන්න මල්ලියෝ

      Delete