Friday, March 30, 2012

කවිය ඔබ









"ඔයා මොනවද කරන්නේ?"


"කවියක් ලිව්වා, අනේ හොඳද බලන්න"


"බාගයිනේ ලියලා තියෙන්නේ. "


"ඉතිරි ටික ලියන්න හිතට එන්නේ නෑනේ"


"චුට්ටක් කල්පනා කරලා ලියන්න"


"බෑ... ඔයාම ඉතිරි ටික ලියන්න. ඔයා මහ ලොකු කවිකාරයනේ"


"මම ඔය අනුන් ලියපු කවි බෑගවල අඩු පුරවන්න ගිහින් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය නැති කරගන්න කැමති නෑ හලෝ.. තේරුනාද? "


"මෙහෙමනේ. මේ කවිය ලියලා තියෙන්නේ අපි දෙන්නා ගැන. ඉතින් අන්තිමේදී අපි දෙන්නා එකතුවෙන වග කවියෙන් කියවෙන්න ඕනා."


"ඉතින් ඒක ඔයාටම පුලුවනිනේ, අවසානයේ අපි දෙන්නා කසාද බඳිමු කියලා ලියන්න."


"මට එහෙම ලියන්න පුළුවනි නම් ලියන්න ඕනානම් මම ඔයාට කියනවද? දෙන්න , දෙන්න මම බැරි කමට හරි ලියා ගන්නම්. ඔයාට මේක මදිකමක්නේ. ඉතින් යන්න මට ලියන්න දීලා."


"අයියෝ ඔච්චර තරහා ගන්නෙපා. කෝ දෙන්න මම ලියන්නම්. මේ කෙල්ල මහා ඇට්ටර කෙල්ලෙක්."






මටම හිමිවන ලෝකයක් ඇත ඒ ලොවේ රැජිණිය    වෙමි
සිතට සිත් වන සිතුම් පොදියක සිහින ගෙන එහි      අතුරමි
එසඳ ඔබ රන් කිරුළ ගෙන එන මගට හිනැහී දිව            එමී
ඔබම මිස මට මටම මිස ඔබ වෙනත් කෙනෙකුට නොව හිමී


71 comments:

  1. බලන් යද්දි හැම කෙල්ලම කොල්ලට දෙන වද එක සමානද කොහෙද?... :)

    ReplyDelete
    Replies
    1. හිහි.. අනේ එහෙම නැහැ. ඒවා සුන්දර කරදර :)

      Delete
    2. කෙල්ලෝ හිතන්නේ එහෙම තමයි. රැග්‍ වෙන කොල්ලෝ තමයි දන්නේ ඒකෙ රඟ.... :(

      Delete
    3. කොල්ලෝ පව් නේද අනේ :පි

      Delete
  2. හරිම ලස්සන එළිසම ඇති කවියක් වර්ණා...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ෆාතිමා

      Delete
  3. ගොඩක් ලස්සනයි මගෙ අක්කියො..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මගේ නංගියෝ

      Delete
  4. කවිය කෙසේ වෙතත් කතාව නම් සුන්දරයි...

    ReplyDelete
  5. ඔබේ සෙනෙහේ මා සතූ
    ඔබේ ජීවේ මා සතූ
    ඔබේ සිනහව මා සතූ
    මගෙ ජීවේ ඔබ සතූ...

    මගෙ සිහිනේ මින් මතූ
    රැක ගැන්මයි මා සුදූ
    ඔබේ පැතුමන් මින් මතූ
    ඉටුවේවි මගේ සුදූ...

    මට කවියක් ලියන්න කිව්වනම් මගේ ආදරී වෙනුවෙන් මේං මෙහෙමයි මම ලියන්නේ...

    ReplyDelete
  6. වර්ණා කවිත් ලියනවයි දැන්..............ලස්සනයි.

    ReplyDelete
  7. අනිත්‍ය මෙනෙහි වුනා

    ReplyDelete
  8. කවියයි කතාවයි දෙක ම හරිම ආදරණීයයි... ඊටත් වඩා වෙන මොනා කියන්නද!

    ReplyDelete
  9. හරිම ලස්සනයි!! ඇත්තටම වර්ණා.. හැබැයි අර දෙබස කියවද්දි මට මතක් වුනා දෙන්නෙක්ව..o_O

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ ඒ? :o

      Delete
    2. හිතේ මැවුන කතාවක් කිව්වට ඔය පනින්නේ බළල්ලු දෙන්න දෙන්න එලියට!:P

      Delete
  10. ෂා...කෙටි වුනත් මරු කවිය.රිදම් එකට කියන්නත් පුලුවන්..

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කේ .. අපි රිදම් එකට තමයි කවි ලියන්නේ :පි

      Delete
  11. අර කතාව හරි.. සියලු දේ අස්ථිරයි

    ReplyDelete
  12. වර්ණා දැන් හරි දියුණුයිනේ.... ;)

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඇයි මම ඉස්සර නොදියුනුද? තනි ඇහැට ඇඬේන්නේ :'(

      Delete
  13. මම නම් මට කවි ලියන බව කියන්න යන්නේ නෑ.. පේනවනේ තියෙන කරදරේ..

    ReplyDelete
    Replies
    1. එකනේ.. අනේ ඉතින් කරදර තියෙනකොටත් සුන්දරයි නේ :)

      Delete
    2. ඔව් ඔව් ඉතින්.. කවුද නෑ කිවුවේ.. :)

      Delete
  14. සා...දැන් කවුද ඇත්තටම මේ කවිය ලිව්වේ...?

    ReplyDelete
    Replies
    1. තනි හිතක උපන් කවියක් අක්කේ. මේවා ඔක්කොම හිතන මනස්ගාත, ඇත්ත සිදුවීමක් නෙමෙයි

      Delete
  15. දැන්ම මෙහෙමනම් .... අහො දුකකි ඉරකි තිතකි. තමා

    ReplyDelete
  16. "මං කවි කාරිලු මං කවි කාරිලු
    ගජමන් නෝනට වැඩි කවි කාරිලු
    ආලවඩන කවි සිංදු ගොතන්නට
    ඉස්සර ඉඳලම මං කවි කාරිලු"....

    එහෙම කිව්වෙ මම නෙවෙයි "නිරංජලා සරෝජීනී" ගීයකින්

    ReplyDelete
    Replies
    1. "මං කවි කාරිලු" සින්දුව ගැන මම කතාවක් අහල තියනවා. ඒක කවුරු හරි නිරංජලා සරෝජිනිට නිර්නාමිකව එවපු සින්දුවක් කියලා. මේකේ කියවෙන්නේ දරුවන් නැති කෙනෙක් ගැන නේද? රචකයා කවුද කියලා හෙළි කරන්න කියලා ඇය ඉල්ලුවට හෙළි කරලා නැහැලු. ඇත්තද නම් දන්නේ නැහැ...

      Delete
    2. මං කවිකාරිලු ගීයෙන් කියවෙන්නේ දරුවන් නැති විවාහක කාන්තාවක් ගැන තමයි. මේක ලියු ගිත රචකයා ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. නමින් "නිමල් රත්නසිරි රූපසිංහ" ගීය ගයා බෙහෝ කාලෙකට පස්සෙ නිරංජලාට ඔහුව හමුවෙලා තිබුනා.අනික මේ ගීය සංගීතය සපයලා තියෙන්නේ අන්ධ බටනලා වාද්‍ය ශිල්පී වී. හේමපාල පෙරේරා.

      Delete
  17. මට නම් කවි ලියන්න දක්ශකමක් කවදාවත් තිබ්බෙ නෑ. නමුත් හොඳ කවියක් රස විඳින්න ඒක බාදාවක් නොවෙයිනෙ. වර්ණගෙ කවියත් නියමයි. කමෙන්ට් වලට අනිත් අය දාලා තියෙන කවිත් එහෙමයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  18. ලස්සනයි..
    පොඩි පොඩි රණ්ඩු ආදරේ වැඩි කරනවලුනේ..

    ReplyDelete
  19. රැයෙහි පිපි තරු
    හිරුට අහිමිද?
    දවල් පිපි මලා
    සදුට අහිමිද?
    නොපිපි මල් හැම
    ‍බමරු සිබිතිද ?
    ලැබෙන නොලැබෙන
    දහම ඒකද ?

    ReplyDelete
  20. ලස්සන කවියක්..ගොඩක් ලස්සනයි..
    ආ ඔයාව දැක්කේ අදනේ ඔයාත් ගොඩක් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කුමාරිහාමි :)

      Delete
  21. ලස්සනයි කවිය..කවි කොලයක් අම්මට අහුවෙලා ඇහුව ඇහුවා මම කිව්වෙම නෑ කව්ද ලිව්වේ කියලා...මම ලිව්වේ කිව්වම උඹේ අකුරුද මේ කියලා අතේ කෝට් වැඩේ...පොඩි අක්කගේ යාළුවෙක්..අම්මා උගන්නපු ඉස්කෝලේ කෙල්ලක්..කිව්වනං එහෙම කෙල්ලගේ පටි රෝල්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වමයි මටත් මතක් උනේ. මමත් හා හා පුරා කියලා ලියපු කවියක් 9 වසරෙදී ගෙදර අයට හබවෙලා මට මතකයි හැමෝම ඉන්න වෙලාවක තාත්ති හිනා වේවි කවිය කියෙව්වා. ඒ වෙලාවේ මට දැනුනු ලැජ්ජාව අදටත් මට මතකයි අයියෝ :'(

      Delete
  22. දැන් කවිත් ලියනවා නේ.එත හදිස්සියෙන් නේ දාන්නේ.

    ReplyDelete
  23. ලැජ්ජයි අනේ මෙව්වා දකිද්දී!:P

    ReplyDelete
    Replies
    1. අනේ මම ඉතින් කියන්නේ නැහැ :/ :පි

      Delete
  24. ම්ම්..කවියත ලස්සනයි..කතාවත් ලස්ස්නයි..මම වැඩියෙන්ම ආස ඒ කතාවට..ඒක නිකන් ඇත්තම ටිකක් වගේ.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු :)

      Delete
  25. කෝ බං මං කලින් දාපු කමෙන්ට් එක????

    මෙව්වට උත්තර දෙන්න කවී ලියන්න මමත් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය ද මොකක්ද එක නැති කර ගන්නේ මොකටද? ඔන්න ඔහේ සද්ද නැතුවම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. කෝ කලින් කමෙන්ට් එකක් දැම්මද ? අනේ මන්දා

      හික් හික් ඔව් ඉතින් අර මොනවද බැරි මිනිහට මොනවද ඇදයි කියුවා වගේද එකත :පි

      Delete
  26. කවිය හුඟාක් ලස්සනයි වර්ණා..... සුබ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අක්කේ :)

      Delete
  27. සා මරේ මරු කවිය..!! ඇගේ හිරිගඩුත් පිපෙනවා අෆ්ෆා ..!! :)) එල ආ

    ReplyDelete
  28. අපූරුයි වර්ණා හරිම ආදරණීයයි

    ReplyDelete
  29. හෙ.හේ....මෙයා ට මොකක්ද වෙලා වෙලා වගේ......ඒ කියන්නෙ හොඳ දෙයක් හොඳේ?..:):)

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ එහෙම කිසිම දෙයක් වෙලා නැතෝ :)

      Delete
  30. හේ හේ නගාට මල්සරාවත් විද්දද?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ නෑ නෑ අක්කේ :)

      Delete
  31. අන්තිම පද දෙක නම් පට්ටයි හොඳේ.. වර්ණා අක්කා දැන් කවි ලියනවා නේ හිටු කියල...

    ReplyDelete
    Replies
    1. අනේ හිටු කියලා ලියන්නේ නැහැ කොල්ලෝ. :පි

      Delete
  32. ආ.......නෝ...........සෝයි කවිය අප්පා....^_^

    ReplyDelete
  33. ලස්සනයි අක්කි.. අර බට්ටි කිව්වා වගේ එකක් වෙලා නම් සුභ පැතුම් හොදේ.. : D

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම දෙයක් නැහැ නගෝ. බොහොම ස්තුති :)

      Delete