හිතුවක්කාරිගේ හිත- බලු මෙහෙයුම
වර්ණ-අපරාදයක් සැගවුවෙමු
අසරණයා-කුකුළා උඹට නිවන්සුව!!!
මේවා කියවලා මමත් හිතුවා මගේ සුරතල්ලු ටික ගැන කියන්න.
මොකද මතක ඇති දා ඉදන් අපේ සුරතල් සත්තුන්ගෙන් අඩුවක් තිබුනේ නැති නිසා.. මුලින්ම නිකී කියලා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ ලොකු බල්ලෙක්. එයා මටත් වඩා උසයි මම 5 වසරේ ඉද්දි හැබැයි හිහි.. අපි හැමෝම එයාට මහා ගොඩාක් ආදරේ කළා. එයා ගැහැණු සතෙක්. ඉතින් එයා ගෙනත් මාස 5 කින් විතර අපේ අන්කල් කෙනෙක්ගේ පොරේට එයාගෙනුත් බව්වෙක්ව ගත්තා, එයාගේ නම බිතෝවන්. ඒ දවස්වල ගිය චිත්‍රපටයක හිටපු බව්වෙක් ගේ නමක් තමයි ඒ. ඉතින් අපි ඒ කාලේ දන්නේ නැහැ බිතෝවන් කියන්නේ සන්ගිතච්යයෙක් කියලා. කොහොම හරි එයාත් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ පිරිමි බලු පැටියෙක්, දෙන්නම එද්දී ගොඩාක් පොඩියි. කොහොමහරි දෙන්නා ලොකු වෙලා අම්මා කෙනෙකුයි තාත්ති කෙනෙකුයිත් වුනා :) ඒ මම 8 වසරේදී වගේ.
ඉතින් එක පේලියට මෙයාල පුංචි පැටව් 8 දෙනෙක් මේ පුංචි පවූලට එකතු කළා.
ඇස් ඇරලවත් නැති පුංචි අය ගොඩාක්. මමයි මල්ලි එයාලව ගොඩාක් ආදරෙන් ලොකු කළා.එක පෝලිමට තියලා කිරි පෙව්වා. පුංචි ළමයින්ට වගේ සමහර අයට කිරි පොවන බෝතල් වලට දාලා පෙව්වේ. :) ටිකක් ලොකු වෙනකොට දත් එනකොට එයාලට බව්වන්ට වෙනමම තියෙන කෑම පැකට ගෙනත් දුන්නා, බත් දුන්නා. මට මතකයි අපේ තාත්ති නිවාඩු දවස් වලට ඔක්කොමල්ලවම නානකාමරේ බාත් ටැබ් එකට දාලා නාවනවා. ඒ දවස්වල අපි පුදුමාකාර සතුටකින් හිටියේ. අපේ පව්ලේ බැදීම මේ සුරතල් සත්තු ටික නිසා ගොඩාක් වැඩි වුනා. දැන් ඉතින් එකා දෙන්නා මේ අසරනයන්ව ඉල්ලනවා අපේ ගෙදරටම ඇවිත් අපේ තාත්තිගේ යාළුවො, කෝල් කරලා ඉල්ලනවා. අපේ බප්පිලා ඔක්කොමල්ලම.ඉල්ලපු දෙයක් කාටවත් අපේ තාත්ති නොදී ඉදලා නැහැ.අනික අපිට ඔක්කොමල්ලවම හැමදාම තියාගන්න අමාරු නිසා හැමොමවම එක එක්කෙනාට දුන්නා. බව් අම්මයි තාත්තයි විතරයි අපි ගාව නතර උනේ.. :(
ටික කාලෙකින් නිකිට පසුපස කකුල් පන නැති වීමේ රෝගයක් ආවා. කොච්චර බෙහෙත් කලත් හොද වුනේ නැහැ. එයා අපිව දාලා ගියා මේ ලෝකෙන්ම. දැන් අපිට ඉතුරු බිතෝවන් විතරයි. නිකී නැති වෙලා ටික දවසකින්ම එයාත් නැති වුනා.. ගොඩාක් අය කියුවේ එයාලගේ පැටව් වෙන් කරපු නිසාද දන්නේ නැහැයි කියලා. කොහොමත් නොහිතපු විදියට හැමෝම අපේ ජීවිතෙන් ගියා. ඊටපස්සේ අවුරුදු 3 ක් විතර අපේ ගෙදරට කිසිම සුරතලේක්ව ගෙනාවේ නැහැ. හැමෝම ඒ සිද්දියට කම්පා වෙලා හිටියේ
මේ නම් ගුගල් එකේ පින්තුරයක් , අපි නිකිත් මෙයා වගෙමයි. |
.අවුරුදු 3 කට පස්සේ වෙනස් ආකාරයේ බව්වේ අපේ ගෙදරට ගෙනාව. මම බල කරලාම. එයා TZU කියන ජාතියේ බව්වෙක්. එයාට අපි නිකී කියලම දැම්මා.මේ ඉන්නේ එයාගේ වර්ගයේ වෙනත් බව්වෙක්.මෙයා අපේ නිකියා වගේමයි. (නිකිගේ එකම පින්තුරයක් වත් මට හම්බුනේ නැහැ හෙව්වට.)
මට එයාව මතක් වෙද්දීත් ඇස් වලට කදුළු එනවා :( එයා අපි ගාව අවුරුදු 1 1/2 ක් හිටියේ. තාත්ති ඔෆිස් යද්දී මෙයා තාත්තිගේ වාහනේ පස්සේ ගිහින් එයාව අපිට හැමදාටම නැති වුනා. අපි පත්තරේ ඇඩ් එකකුත් දැම්මා . එත් එයාව හම්බවුනේ නැහැ. අපේ තාත්තිට පපුවේ අමාරුවත් හදුනා. අපි ඒ තරමට එයාට ගොඩාක් ආදරේ කළා. එයා නැති වෙලා සතියක් යනකම්ම අපේ ගෙදර බතක් ඉයුවේ නැහැ.
එදායින් පස්සේ අපේ ගෙදරට බව්වෝ ගේන්නෙම නැහැ කියලා අපි ලොකු තීරණයක් ගත්තා.අව්රුද්දක් විතර ගත වුනා.
ඊට පස්සේ අපේ ජීවිතවල ලොකු ලොකු හැලහැප්පීම් වගයක් සිද්දවුනා. එක දවසකින් එක පාරටම අපේ අම්මි කෑගැහුවා පුසෙක් කියලා. මම පුසන්ට ආසම නැහැ. මොකද මගේ නම් පට්ටම පූසි. අපේ පුංචි මට පූසි කියලා නමක් දැම්මේ මම කෑගහද්දී පුසියෙක් කෑගහනවා වගේලු. එදයි මෙදා මට පුසන්ව පෙන්න බැහැ. අප්පිරියයි. මමත් දුවලා ගියා අම්මිගේ සද්දෙට. මෙන්න බොලේ කළුම කළු පුසෙක් අපේ තාප්පේ ඇතුලට ඇවිත්. මම කෑ ගැහුවා ඔකාව එලවන්න අම්මි කියලා. කොච්චර එලෙව්වත් එයා ගියේ නැහැ. කොහෙටද මන්දා අරන් ගිහින් දැම්මා එත් ආපහු ආවා. එයා පුoචි පුසෙක්. එතකොට ඉපදිලා දවස ගානක් ඇති. අම්මිට දුක හිතිලා කෑම දුන්නා.මමනම් බලන්නවත් ගියේ නැහැ. දැන් මෙයා අපේ ගේ අස්සට එන්නේ නැහැ, එත් වටේ ඉන්නවා. මෙන්න බොලේ දවසක් මම දැක්ක කොළ ගුලියකට අතින් ගහගෙන ගහගෙන යනවා ෆුට් බෝල් ගහනවා වගේ. පස්සේ අපේ අම්මි බෝලයක් ගෙනත් දුන්නා එයාට සෙල්ලම් කරන්න. දැන් ටික ටික මමත් එයාට ආසයි. එයා ටිකක් ලොකු වුනා,. මෙන්න බොලේ උඩ පැන පැන ඩාන්ස් දානවා. මම එහෙම කරන පුසේක්ව දැකලාම නැහැ. මෙයා දැන් ගේ ඇතුලේමයි. දැන් එයා අපේ ගෙදර සාමාජිකයෙක් වගේ. මමත් එයාට ගොඩාක් ආදරෙයි. අපි හවසට සෙල්ලම් කරනවා.
දවසක් අම්මිගේ පස්සෙන් පාරේ ගිහින් එයා බයික් එකකට හැප්පුනා. එයා දුවලා ගෙදර ආවේ. කිසිම ලේ පැල්ලමක් නැහැ. එත් බිම දිගා වුනා. අම්මි දුවගෙන ආවා කෑ ගහගෙන.එයා පණ අදිනවා. ඒ වෙලේම අපි එයාව අරන් ඉක්මනට පශු වෛද්‍ය ගාවට අරන් ගියා. අනේ එතකොටත් එයා අපිව දාල ගිහින් ඉවරයි. අම්මි කෑ ගහලා ඇඩුවා. මමත් හොදටෝම ඇඩුවා. එයාට අපි කියුවේ කිටියා කියලා. කිටියා අපේ ජිවිත වල හිටියේ හියටම මාස 3 යි. දැන් එයා නැති වෙලාත් මාස 3 යි.
එකම එක පින්තුරයයි එයාගේ තියෙන්නේ මන් ගාව. |
අනේ නංගෝ ඔය හේතුව හින්දා තමයි සත්තු හදන එක එපා වෙන්නේ...එයාලා පවුලේ කෙනෙක් වගේ ඉඳලා හරිම ඉක්මනට අපිව දාලා යන නිසා...කිසිම ලෙඩක් නොහැදී හිටියත් වැඩිම උනොත් අවු. 15 ක් 20 ක් ඉඳීවි..ඊට පස්සේ ඉතින් ආපහු අර දුක තමයි..මටත් ඔය වගේ දුක හිතෙන අත්දැකීම කොයි තරම් නම් තියනවද...
ReplyDelete"බීතෝවන්" නියම නමක්නේ දාලා තිබිලා තියෙන්නේ :))
ReplyDeleteඔයාලගේ සුරතල්ලු හැමෝම ඔයාලව දාල ගිය නිසා ගොඩක් දුක ඇති...
ReplyDeleteඅපේ ගෙදර කවදාවත් බව්වන්ව හදල නැහැ...
අපි(විශේෂයෙන් මම) එයාලට එච්චර කැමති නැහැ
ඒත් ඉස්සර පුසෝ කීප දෙනෙක්නම් හිටියා
උන් පුංචි කාලේ ඔයා මේ කියපු විදිහට උඩ පැනපැන සෙල්ලම් කරනවා
දැන්නම් කවුරුවත් නැහැ
මම සුරතල්ලු විදිහට සලකන්නේ අපේ ගෙදර පේර ගහේ ගහල තියෙන ලෑල්ලේ බත් කන්න එන ලේන්නු, කුරුල්ලෝ... සහ අපේ ගෙදර වටපිටාවේ ඉන්න කුරුළු සුරතලුන්ට තමයි
එයාලගේ සද්දේ අහන එකයි, ෆොටෝ ගහන එකයි තමා මගේ ලොකුම විනෝදාංශය...
අහිමි වුණා උනත් ඒ සුරතල් මතකය හැමදාටම තියේවි
ReplyDeleteහිහී.. අපේ බැඡ් එකේ ඉන්නවා බව්වෙක්.. ඕන්නම් එවන්නම්..
ReplyDeleteමේ ලොකේ කිසිම බැඳීමක් සදා කාලික නෑ කියනවනේ අක්කෙ... අපේ ගෙදරනම් මම දන්න කාලෙ ඉදලා ඉන්නෙ එකම බව්වයි.. මේ දවස් වල එයාටත් හොඳටම සනීප නෑ..
ReplyDelete@ සයුරි
ReplyDeleteහ්ම්ම් ඔව් අක්කේ. මිනිසෙක්ගේ ජීවිතෙන් අවුරුද්දක් කියන්නේ බල්ලෙක්ගෙ ජීවිතෙන් අවුරුදු 7ක් ලු. ඒ කියන්නේ මිනිසෙක්ට වඩා වැඩි කාලයක් එයා ජිවිතේ විදිනවා ඉතා පොඩි කාලපරාසයක් තුල. ඒ ඇයො අපේ ජිවිත පුදුමාකාර විදියට ලස්සන කරනවා..
@ Hasitha
ඔව් ඔව්. ඔය නම නිසා ගොඩාක් ඔඑ බව්වා ප්‍රසිද්ද උනා අපේ ගමේ. එයා හෙන ලොකුයි. ඕන කෙනෙක් දැක්කම බය හිතෙනවා. එත් එයාගේ වසකම දන්නේ අපිනේ..
@ ලොකු පුතා
මමත් දැක්කා ලොකු බව්වන්ට ආස නැහැයි කියලා තියෙනවා කලින්.
ගහකොළ කුරුල්ලන්ට ආදරේ කරන එකත හොදයි ලොකු. එහෙං හිත ගොඩාක් නිවෙනවා. අපේ ගෙදර දැන් සත්තු ඇති කරන්න තහනම් නිසා මමත් ගොඩාක් වෙලාවට අපේ වත්තේ ගස් වලට තනියම කතා කරනවා. එයාල ගොඩාක් නිශ්ශබ්දව අපේ දුක අහනවා. කවදාවත් බැහැයි කියලා යන්නේ නැහැනේ. මම මේ ලගකදී දැනගත්තේ බව්වන්ගේ පුසන්ගේ පින්තුර ගන්න හොද නැහැලු එයාලා නැතිවෙනවාලු කියලා.
@ විසිතුරු
එක ඇත්ත අයියේ. හැමදාටම ඒ මතකයන් අපේ හිත වල රැදෙනවා..
@ පැණි දොඩම්
ReplyDeleteඅනේ එපා. ඔය විස්සවිද්යාල වල ඉන්න බව්වෝ හෙන වසයිලු.. මට නම එපෝ...
@ Budditha
එක ඇත්ත මල්ලි. කිසිම බැදීමක් සදාකාලික නැහැ.
ඔහොම තමයි ඉතින්, සුරතල් සත්තු හදනවා කියන්නේ හිතට දුකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ.
ReplyDelete@ Kasun
ReplyDeleteහ්ම්ම් ඇත්ත..
අපේ ගෙදරත් ඔයවගේ.. සත්තු හදන්නෙ නෑ කියලා තීරණයකට ආවා... ඒ උනාට පිටිං එන සත්තු පස්සෙ අපිට ගෙඩක් හිතවත් වෙනවා.... මං ගාවත් තියෙනවා සුරතල්ලු ගැන පෝස්ට් එකක් වෙලාවක් තියේනම් ....!!!
ReplyDeletehttp://arunadeepa.blogspot.com/2011/11/blog-post_15.html
http://arunadeepa.blogspot.com/2011/11/blog-post_28.html
@ නරකයා
ReplyDeleteමම කියුව්වා නරකයෝ.. හ්ම්ම් මාව අතීතෙට එක්කන් ගියා ඒ පොස්ට්..
parissam karanna beri nam saththu hadanna epa. eka maha paw wadak.
ReplyDelete@ ඇනෝ
ReplyDeleteඇත්ත. එකයි ආපහු සත්තු හදන්න හිතන්නෙවත් නැත්තේ..
ane akkiyo matath innava lassana puus petiyek...dukin inna mage hitha hadanne eya thamai.. oya lassanata liyala thiyenava...really heart felt..
ReplyDeleteහරිම හැගිම්බර කතාවක් අක්කි මාත් එකයි සත්තු හදන්නේ නැත්තේ එයාලා නැති වුනාම සැහෙන දුකයි. එත් එයලා එක්ක ගත කරපු ලස්සන දවස් කවදාවත් අමතක වෙන්නෙ නැහැ
ReplyDeleteඅනේ.... හරිම දුක හිතෙනවා.. මටත් මගේ නැති ව්උනු රැන්ඩියා මතක් වුනා. එයත් ජර්මන් ශෙපර්ඩ් කලු පාට එක්කෙනෙක්...:(
ReplyDeleteමොනා කරන්නද කිසිම බැඳීමක් සදාකාලික නෑනෙ...:(
ඔබීත් ගෙදර නැති මේ දවස් වල තනියට ඉන්නෙ අපේ 'කලූ'
ReplyDelete@ ඇනෝ
ReplyDeleteතැන්ක්ස් නංගෝ,,,
@ dagakara kolla
හ්ම්ම් ඔව් මල්ලි. ඒ දවස් කවදාවත් අමතක වෙන්නේ නැහැ,,
@ හිතුවක්කාරි
හ්ම්ම් ඔව් ඇත්ත කිසිම බැදීමක් සදාකාලික නැහැ.
@ ඔබා මාමා
හ්ම්ම් ශෝක්නෙ.. තනියට නොතනියට ඉන්නේ බව්වෝ තමයි..
මේ සත්තු හදලා අන්තිමට ඇස් ඉස්සරහා මැරිලා යනකොට පුදුම දුකක් දැනෙනවා.ඒත් හැමකෙනෙක්ටම උරුම දෙයක් නේද කියලා හිත හදාගන්නවා.
ReplyDelete@ Janaranga
ReplyDeleteහ්ම්ම් ඔව් . මමනම් මේ මරණය කියන දේ හොදට අත්විදලා තියෙන්නේ. ඕනෑම දුකක් දරාගන්න දැන් මට පුළුවන්..
මුලින්ම ඔයාට ස්තුතියි මගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මට.බැඳීම වැඩි වෙද්දී දුකක් විතරයි ඉතුරු වෙන්නේ.බල්ලෙක් තරම් කිසිම සතෙක් අපිට කිට්ටු වෙන්නේ නැහැ
ReplyDelete@ අසරණයා
ReplyDeleteඑකට තැන්ක්ස් ඕනා නැහැ අසරණයා. හ්ම්ම් ඇත්ත බව්වෙක් තරම් කිසිම සතෙක් සමීප වෙන්නේ නැහැ මටත්,.
බැඳීම් වලින් අපි බැඳෙන තරමට ඒ බැඳුනු අය දුරස් වුණාම වේදනාවත් වැඩියි.. ඒ බව දැන දැනත් අපි බැඳීම් වලට ආසා කරන්නේ තාමත් පෘතග්ජනයෝ හින්දා වෙන්න ඇති..
ReplyDeleteමට සුදූ කියලා ලේනෙක් හිටියා,අල්මාරිය අස්සට රින්ගලා දවසක් මීයෙක් ඌට ඇටෑක් කරා,නැට්ට ඩැමේජ් උනා,ටික දවසකින් සුදූ මාව දාලා ගියා.....
ReplyDeleteමට නම් සත්තු ඇලජික්
ReplyDeleteඅපෙත් ඔහොමයි... 2006 දී අන්තිමට ඇති කරපු අපි හැමෝම ආදරේ කරපු බල්ලා අපිව දාල ගියාට පස්සේ අදවෙනකන් කිසිම සතෙක්ව ඇති කරන් නෑ.. අපේ කට්ටියටම පූසෝ පේන්න බෑ.... :)
ReplyDeleteබල්ලො කියන්නේ එල කොල්ලො....
ReplyDeleteakkiya edum maru karala vagei...mata nam hithenne parna eduma thama lassana
ReplyDeleteසුරතල්ලු නිසා මුළු ගේම එළිය වෙනවානම් තමයි..මටත් අපේ ගෙදර හිටිය බලුස්ලව මතක් වුනා..
ReplyDelete@ Najath Akram
ReplyDeleteඅපි පෘතග්ජනයෝ නිසා සම්මතයෙන් ඔබ්බට යන්න අමාරුයි. එකයි ඔයා කියුවා වගේ බැදීම් කොච්චර වේදනාවක් දුන්නත් අපිට එවලින් මිදෙන්න බැරි...
@ ඔබ නොදුටු ලොවක්
අනේ හරිම දුකයි ඒ සිද්දියට. හ්ම්ම් එයා දැන් මනුස්ස ආත්මයක් වෙලා ඉපදිලා ඇති.. කවදාහරි ඔයාලගටම ඒවි..
@ Loku John
අනේ එහෙමද. මම මේ එහෙම කෙනෙක් දැක්කමයි.. මටනම් සත්තු ඇලජික් නැහැ. මිනිස්සුන්ව තමයි දැන් ඇලජික්. මිනිස්සුන්ට වඩා සත්තු හොදයි..
@ Ice
මම ත් ආසම නැහැ පුසන්ට. එත් අපේ කිටියට ආස වුනා. එකට හේතු ගොඩාක් තිබුනා. සමහර හේතු මම පොස්ට් එකේ සදහන් කලෙත් නැහැ.
@ Raj
හ්ම්ම් ඔව් ඔව්
@ ඇනෝ
හ්ම්ම් ඔව් නංගි ඇදුම ටිකක් වෙනස් කළා නත්තල් නිසා. නත්තල් ඉවර වුනාම පරණ ඇදුම ම දාගන්නම්කො..
@ රූ
ReplyDeleteහ්ම්ම් ඔව් අක්කි. මුළු ගෙදරම පාළුව නැති වෙනවා.
මම නම් බල්ලන්ට ආසයි.. ඒත් මම බල්ලන්ට නොසෑහෙන්න බයයි.. ඒත් අපේ අම්මා නම් සත්තුන්ට පුදුම ආදරයක්.. ඒ අම්මලාගෙ හැටි වෙන්න ඕන..
ReplyDeleteගොඩාක් දුක හිතුනා...අපේ ගෙදර මේ වෙනකොට පූසො විසි ගානක් හිටියා..බලු පැටව් පස් දෙනෙක් හිටියා දැන් ඉන්නේ සුදුම සුදු පූසියි.එයාගේ පැටියයි විතරයි.එයාට ලැබුනු පැටවුත් සුදුම සුදු පාටයි..අපේ පූසො හැමොගෙම නම රෝසි..නැති වෙච්ච අය ගැන මතක් වෙනකොට ගොඩාක් දුකයි..
ReplyDelete@ Shani
ReplyDeleteඔයාව ආදරෙන් පිලිගන්නවා.
හ්ම්ම් ඔව් අම්මලාගේ හැටි තමයි. දැනට උනත් අපේ අම්මා පාරේ යන සත්තුන්ට පවා කෑම දෙනවා. මම බනිනවා වෙලාවකට. ඇයි ඊට පස්සේ එයාල පස්සෙන් එනවානේ.
@ තරු
හ්ම්ම් ඔව් නැති වෙද්දී තමයි. ගොඩාක් දුක හිතෙන්නේ..
අන්තිමට හදාපු බල්ලව අපේ ගෙවල් පැත්තට සවාරි ආපු බල්ලෙක් වෑන් එකක දාගෙන ගියදා පටන් මම ආයේ හිකනැලෙක් පමන ඇති කරන්න හිතුවේ නෑ .
ReplyDeleteඅපේ ගෙදර බලෙන් පදිංචි වෙච්ච බිලාලයෙක් ඉන්නවා ඌ විතරයි ඉතින් දැන් අපේ දියෑ ඉන්නේ .. ඌ වෙඩි තිවුවත් යන්නේ නෑ
බව්වාට බිතෝවන් නම දැමීමට මගේ බලවත් විරෝධය...!
ReplyDeleteසැරට නෙවේ හොඳේ... ඒක ඇහුවම ටිකක් අප්සැට් ගියා. මොකෝ උන්නැහේ අපිට ඉතින් මුල් ගුරෙක් නේ...
මමත් ජීවිතේ ඉස් ඉස්සෙල්ලම හදපු බව්වා ඌ විහින්ම බෙල්ලේ වැල ලා මිය ගියා... එතකොට මාස දෙකක් විතර ඇති. මැරුනෙත් ශෝක දායක දිනයක. සනත් 340 ට අවුට් වෙලා විනාඩි ගානකින්...
මම මගේ කියලා තාමටත් සුරතල් සත්තු හදන්නේ නෑ. ඒත් නෝනිගේ බව්වෝ දෙන්නට නම් පොඩි මල්ලිලා දෙන්නෙක්ට වගේ බැඳීමක් තියේ...
මාත් ඇල්ටෙෂන් එකෙක් හොයාගන්න ඕන..
ReplyDeleteඅපේ ගෙදරත් බව්වෝ නම් හදල නෑ කවදාවත්..එත් මං අසයි බව්වොන්ට..අපේ තාත්ත කැමති නෑනේ..ඉතින් මොනවා කරන්නද???
ReplyDelete:(
ඔයාගේ සුරතල්ලු ටික ගැනත් දුකයි නංගියෝ..
මේ මම ඔයාගේ බ්ලොග් එකට ආපු මුල්ම පාර.අසරණයාගේ කකුළා ගැන කියෙව්වට පස්සේ මම කියවපු දුක හිතෙනම පෝස්ට් එක මේක.හරි ලස්සනට ලියලා තියෙනවා ඔන්න අද ඉදන් මම මේ බ්ලොග් එකේ සාමාජිකයෙක්
ReplyDelete@ හිස් අහස
ReplyDeleteශික් එහෙමත් කරනවද මිනිස්සු..
අපේ ගෙදරර්ත් ඉස්සර හිටිය ජාතියක් දන්නේ නැති බව්වෙක්. ගොඩාක් කාලයක් ඉදලා එයාත් මැරුණා. එයාගේ නම ජැක්සන්
@ Chathuranga
හිහි හ්ම්ම් ඔව ඉතින් අපි දන්නේ නැහැනේ ඒ බිතෝවන් කියලා මනුස්සයෙක් ඉන්නවා කියලා. අපේ අම්මිවත් දන්නේ නැතුව ඇති මයේ හිතේ.
ටික දවසකින් පස්සේ තමයි දැනගත්තේ., ඉතින් ඊට පස්සේ එයාට බිතෝවන් නොකියා බිතෝ කියුවා..
@ රහස් පරික්ෂකයා
ඔව ඔව හොයාගන්න හොයාගන්න. මමත් හොයනවා TZU ජාතියේ බව්වෙක්ව. එත හම්බුනේ නැහැනේ සල්ලි වලට ගන්නවත්
@ ගිනි කුරුල්ලා
ඔයාව සාදරයෙන් පිලිගන්නවා. අපේ අම්මත් මුලින් චරු චරු ගෑවා, එත අන්තිමේදී එයාට තමයි ඔක්කොම බව්වෝ ආදරේ කලේ,
@ ගැමියාගේ පත් ඉරුව
ගැමියාවත් සාදරයෙන් පිලිගන්නවා.
අපි පොඩි කාලෙ නම් අපේ ගෙදරත් බල්ලො පූසො හිටියා... ඒත් දැන් නම් නැහැ.... මැරුණාම ඇතිවෙන දුක දරා ගන්න බැරි කමටම අම්මා සත්තු හදන්න කැමති නැහැ දැන්....
ReplyDeleteMiyuru
ReplyDeleteහ්ම්ම් ඔව් සහෝදරි. අපේ අම්මාත් කැමති නැහැ දැන්.
මම නම් ගොඩක්ම ආස කරන්නේ පූසන්ට. පූසෝ නියමයි ඥාව් (මකන්න එපා.ලියාගත්තේ අමාරුවෙන්) කිය කියා ඔහේ ඉන්නවා. මරු
ReplyDelete@ මධුරංග
ReplyDeleteඑහෙම මකනවද මම
ඔය ඥාව් ( ඔයාගෙන් කොපි කලේ ) කියන සද්දෙට තමයි මම අකමැතිම.
ඥාව් ඥාව් ඥාව් ඥාව් ...!!!
ReplyDeleteපොඩ්ඩෝ මොකෝ මේ අහ්හ් ;/
ReplyDeleteඅපේ ගෙදර නම් දැනටත් ඉන්නව පූස් පැටියෙක්.. ඌට මවුතුමිය නම දාල තියෙන්නෙ අඳෝනා කියල... තාම පුංචි පැටිය වුනත් සර්පයො තුන් දෙනෙක්ගෙන් සාතන්ව බේරගෙන තියෙනව... එකෙක්ව නම් පූස් පැටිය මරලම දැම්ම.. අනිත් උන් දෙන්නව ඌ මාට්ටු කරල දුන්නට පස්සෙ එලවල දැම්ම..
ReplyDelete