Saturday, December 24, 2011

සුභම සුභ නත්තලක් වේවා

හ්ම්ම් දවස් දෙක තුනක් බ්ලොග් කියවන්නත් බැරි වුනා.. අනේ මට වැඩ ගොඩාක් තිබුනා. ඔෆිසියේ රාජකාරි ඉවර වුනු ගමන ගෙදර රාජකාරි නත්තල් නිසා.. නැත්තම් මම කොරයි ගෙදර වැඩ හිකිස්‌....
මටනම් ඔන්න නත්තල් තියෙනෝ මොකද මම කතෝලික.
හෙට අනිද්දට ආපහු එන්න බැරි වෙයි , ඇයි ඉතින් නත්තල් අපිට අවුරුදු වගේ තමයි..
එත් හිතේ සතුටක් නැතුව මේ සමරන නත්තල  කුමටද කියලත් හිතෙනවා.
ගිය අව්රුද්දෙ අපි නත්තල් ගහක්වත් හැදුවේ නැහැ. එත් අපේ අයියාගේ බලවත් ඉල්ලීම මත මේ අව්රුද්දෙ වර්ණා නත්තල් ගහත් සැරසුවා.
කෑම ජාති ගොඩාක් හැදුවා. හදන ගමන එවල පින්තුරත් ගත්තා. ඉක්මනින් ඒවා හදන විදියත් එක්කම බ්ලොග් එකේ දාන්නම්කො..

දැනුයි ඔන්න මම නත්තල් පුජාව ඉවර වෙලා ගෙදර ආවේ. ගෙදර අයටයි නෑයෝනටයි විශ් කරලා දුවගෙන ආවේ බ්ලොග් මිතුරන්ට සුභ පතන්න.

ඔන්න එහෙනම් මේ ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා. කිරියෙන් පැණියෙන් ඉතිරේවා. තනිකඩයන්ට පර්ට්නර්ස් ලා ලැබේවා.. හිහි...
හැමෝගෙම හිතේ දුක තුනී වේවා.
එක එක්කෙනාව වෙන වෙනම සුභ පැතුම් එක් නොකලාට සමාව අයදිමි. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මිස් වුනොත් තරහා වෙනවානේ.. :)))
එහෙනම් මම ගියෝ.;..

ප.ලි.
නත්තලට සාප්පු සවාරි යනකොට වෙච්ච හොද හොද රසවත් කතා ටිකකුත් තියෙනවා. ඒවාත් කියන්නම්කො...

16 comments:

  1. සුබම සුබ නත්තලක් වේවා නංගියටත් පවුලේ හැමදෙනාටත් නංගෝ.. :)

    ReplyDelete
  2. සුභම සුභ නත්ත්ලක් වේවා වර්ණා... සතුටින් මේ දවස් ටිකත් ගෙවලා පරිස්සමින් එන්නකෝ

    ReplyDelete
  3. වර්ණා නංගිට සුබම සුබ නත්තලක් වේවා !!!
    අර ලියනවා කිව්ව සාප්පු සවාරි කතා ටිකත් හිමිහිට ලියන්න.

    ReplyDelete
  4. සුභම සුභ නත්තලක් වේවා!
    අපිට නම් නත්තල් නෑ. හැබැයී නත්තල් කේක් නම් හුගක් හම්බ වුනා.

    ReplyDelete
  5. ඔයාටත් පවුලේ හැමදෙනාටමත් සුභම සුභ නත්තලක් වේවා....!

    ReplyDelete
  6. ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නත්තලක් වේවා.....!!

    ReplyDelete
  7. ඔයා ඇතුළු හැම දෙනාටම සුභම සුභ නත්තලක් වෙන්න ඕන... :)

    ReplyDelete
  8. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ නත්තලක් සහ සුභ නව වසරකට ආසිරි පතනවා.....

    ජය වේවා...

    ReplyDelete
  9. මන්දාකිණියටයි පවුලේ ‍හැමෝටමත් සුභම සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  10. සුභ නත්තලක් වේවා නංගි ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත්...

    ReplyDelete
  11. එසේම වේවා...අපොයි මේ දවස්වල ඉතින් බැංකුවල සෙනග සූ ගාල

    ReplyDelete
  12. අපිටත් නත්තල් නෑ. හැබැයි කෑම නම් හොඳ සරුවට හම්බුනා. අපේ පාරේ ගෙවල් 10 න් බෞද්ධ ගෙවල් 2 යි ... අපිට ඉතින් මදි නොකියන්න කෑම.. දැනුත් මම මේ කොකිසක්‌ කනවා.. :D

    ReplyDelete