මම මේ කියන්න යන දේ ඔයාලා දන්නවා ඇති. නොදන්නවාත් ඇති.
කොහොම උනත් මෙයාල වෙනුවෙන් මම මගේ බ්ලොග් පිටුවක් වෙන් කරන්නේ මෙයාල ඒ තරමටම මට සුවිශේෂී නිසයි.
කුඩා කල සිටන්ම මගේ මිත්‍රයෝ.මගේ වැලි කෙලියේ යාළුවො,නෑදෑයෝ. පොඩි කාලේ ඉදන් දුකට සැපට එකට හිටියේ මේ අයියලා රොත්ත තමයි. ඉස්සර නත්තලට කැරොල් කියනවා අපි හැමෝම රැ 12 පුජාවෙන් පස්සේ. ඒ තරමටම පුදුම බැදීමක් අපි අතර තිබුනේ. අපි ලොකු වුනාට පස්සෙත් ඒ බැදීම පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ. සංගීතයට පුදුම දක්ෂතාවයක්, ඒ නිසාම සංගීත කණ්ඩායමකුත් හදාගත්තා. Hard Black, සැරින් සැරේ tv එකෙත් පෙන්නලා තියෙනවා මෙයාලව. ඊයේ දිනයේ හදිස්සි මාරක අනතුරකින් මේ සහෝදරයන් අතරින් දෙන්නෙක් අපේ ජිවිත වලින් විතරක් නෙමෙයි මේ ලෝකෙන්ම සමුගෙන ගියා. හෂාන්ත අයියයි ෆ්‍රෑන්ක් අයියයි තමයි අපිව දාලා ජේසු ගාවට ගියේ.
හැම නත්තලකටම ෂෝ එකක් සංවිදානය කරනවා. මම ත් සංවිදායක මණ්ඩලේ ඉදලා තියෙනවා ඔකේ. හිහි. මේ 23 වෙනිදට තියන්න කියලා බැනර් ගහලාත් තිබුනේ.
හරිම එකමුතුව හරිම සංයමයකින් ඉදපු අයියලා කට්ටියක්. ඉතින් මේ බැදීම් නැති වෙනකොට හිතට පුදුමාකාර දුකක් දැනෙන්නේ.
නැති වුනු අනිත් අයියා ෆ්‍රෑන්ක් , අපේ ගෙදර නිතරම එනවා. අපේ බප්පිගේ පුතා එක්ක. හරිම හොද අයියා කෙනෙක්. එයාගෙත් තාත්ති නැහැ. දෙන්නගෙම වයස 23 යි.මේ අයියලා රොත්තම අපිට පුදුමාකාර ශක්තියක් වුනා අපේ තාත්ති නැති වුනු වෙලේ. හැම තැනටම දුවල පැනලා වැඩ කළා. මගේ හිත ගොඩාක් හැදුවා.
මුණු ඔක්කොම කුඩු පට්ටම් වෙලා ඒ මාරක අනතුරින්. එදා එයාල වෙඩින් එකකට ගිහින් සින්දු කියන්න. රෑ ගෙදර එද්දී තමයි ඩ්‍රයිවර් ට නින්ද ගිහින් අනතුර වෙලා තියෙන්නේ. අනතුර වුනු අනිත් අයියලා 6 දෙනාගෙන් එක්කෙනේක්ටවත් තාම සිහියක් ඇවිල්ලා නැහැ. එක්කෙනෙක්ගේ හක්ක පැනලා. එක්කෙනෙක්ගේ දිව කැපිලා. තව එක්කෙනෙක්ගේ දත් නැහැ. අනේ මෙහෙම වෙන්න තරම් ඒ අසරණයෝ කරපු පව මොකක්ද.
මැරුණු ශරීරෙට අන්දලා තියෙන්නේ වෙඩින් එකට ගත්ත ඇදුම. පෙට්ටිය වටේට වෙඩින් කාර්ඩ් වෙඩින් ක් පෙට්ටි තියලා. දැක්කම සංසාරේ එපා වෙනවා. පුංචි කාලේ ඉදන්ම මගේ ඇස් මානේ ඉදන් සෙල්ලම් කරපු අයියා නේද මේ කියල දැනෙනකොට ඇයි මෙහෙම නැති වෙන්න ඉපදෙන්නේ කියලා හිතෙනවා...
හ්ම්ම් ජිවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගන්න අමාරුයි. කොහොම උනත් මේ සිද්දිය මුළු ගමම සසල කළා. මොකද මුළු ගමේම ආදරේ දිනාගත්ත දෙන්නෙක් තමයි අපිට නැති වුනේ.
මේ පහල තියෙන වීඩියෝ එක වෙඩින් එකකදී ගත්ත එකක්.. හ්ම්ම්/
පිනි මුතු කැට කදුළු බින්දු
කඩා හැලෙන ඇසිපිය උඩ
පරමලකින් සරසුවේ ඇයි
සුළග එක්ක විසිර යන්න
දෙව් මව් වෙත බාරදෙමින්
මතු උපදින හැම භවයේත්
ඔබ අප සහෝදරයන් වී
ඉපදෙමු යලි සතුටු සිතින්
ඔබට මොක් සුව...
ඉක්මනින් ආපහු ඉපදිලා එන්න අපි ලගට.
ජිවිතේ විදින්න බැරි උනත් ගොඩාක් කාලයක් ඔයාල අපේ ජිවිත වල හැමදාමත් කොටස්කාරයෝ.
ජිවිතේ සුන්දරයි කියන හැම අවස්ථාවකදීම අප ලබන එකම ජයග්‍රහණය කදුලත් වේදනාවත් පමණයි අයියේ.
You will always be in Our hearts...
Will always remember the time We had in same neighbourhood..
In sweena teacher's class...
In Leo and all the parties we had...
You were always there for friends...
A good son.. a good brother..
A good lover.. a great friend . and an awesome human being...
Still can't believe...
We will miss u...
RIP
warnaa, meeka thamai oyage kathaawe man dakka hodama de "ජිවත් වෙලා ඉන්න ටික කාලේ අපි කරන කියන දේවල් තමයි අපි මැරුණට පස්සේ ඉතුරු වෙන්නේ"
ReplyDeleteitin api karanna oone jeewath welaa inna tika kaale yahapath wada karana eka needa kiyala mata hithuna.eeka kiwwata tnx warnaa.
This comment has been removed by the author.
ReplyDeleteමියගිය දෙන්නගේ නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් මගේ ශෝඛය භාර ගන්න.
ReplyDeleteතුවාල ලබා ඉන්න අනිත් අයට ඉක්මනින් සුවය ලැබේවා...!!!
මොනවත් කියන්න කිසි දෙයක් හිතෙන්නේ නැහැ.සියලු දෙනාටම ඉක්මන් සුවය!!
ReplyDeleteඔබගේ සහෝරයෝන්ට නිවන් සුව !!
ශෝකජනක ආරංචියක් තමයි. අපිත් දැක්කා පත්තරේ නිව්ස් එක. මොක්සුව පතමි. ඉක්මන් සුවය රෝහල් ගත වී සිටින අයට !
ReplyDeleteදුක්බර ආරංචියක් වර්ණා... සහෝදර දෙපලට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeletemama hithanne akkio oya catholic... ehema nam nivan suva pathana eka hari nehe oyage yaluvonta.namuth api buddhist aya hema mohothakama anunge duka beda ganna sudanam..ovun,ovunge aageme hetiyata yahapath thenaka upatha labavi.mevan puvathak asannata lebeema kanagatuvak.
ReplyDeleteee vagema 'gemba' kiya thiyena deyata ekaga venava.
api aadaraya karana aya dala apatath davasaka yanna venavane akkio..
mama'ano'nanga..
@ ගෙම්බා
ReplyDeleteහ්ම්ම් ඔව් එක ඇත්ත. මේ ලෝකේ ජිවත් වෙලා ඉද්දි අපි කරන හොද දේවල් තමයි අපි මැරුණම මිනිස්සු අපි ගැන කතා වෙන්නේ.
@ ඔබා මාමා
ඔබගේ පැතුම ඒ ආකාරයෙන්ම ඉටුවේවා//
@ අසරණයා
හ්ම්ම් හ්ම්ම් කිසිදෙයක් කියන්න බැරි තරමටම අසරණයි අපිත්
@ Weni
ඔව් අයියේ නිවුස් වලට පෙන්නුවා.
@ Dinesh
දුක්බරයි ගොඩාක්
@ ඇනෝ
හ්ම්ම් ඔව් නංගි පොස්ට් එකේ හෙඩ්ලයින් එකේ මම එහෙම දැම්මට බොඩි එකේ මොක් සුව කියලා දැම්මේ. කතෝලික අය බෞද අය කියලා නිවන් සුව මොක්සුව වෙනසක් නැහැ නංගි, හැම එකම අපිනම් කියනවා.
හ්ම්ම් ඔව් හැම බෞද්යක්ම කතෝලිකයෙක්ම කියලා වෙනසක් නැතුව මිනිස්සු වශයෙන් අනුන්ගේ දුක බෙදාගන්නවානම් මේ ලෝකේ මිට වඩා ගොඩාක් ලස්සනයි..
මොනව කියන්නද කියලා හිතාගන්න බෑ නගෝ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. දුක් වෙන්න එපා කියලා කියන්නේ නෑ. ඒත් ඉතින් ජීවිතේ කියන දේ ඔහොම තමයි.
ReplyDeleteඅර වීඩියෝ එක බැලුවෙ මොටද කියල හිතුන මට... හරිම දුකයි....
ReplyDeleteමං අදහන ආගම අනුව දෙන්නටම නිවන් සැප ලැබේවා කියලා පතන්නම්....
තුවාල ලබා ඉන්න සහෝදරයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteහ්ම්... අද උදේ ලිඳ ගාවදී නෝනි කිව්වේ බෑන්ඩ් එකක් කට්ටියක් ඇක්සිඩන්ට් වෙලා කියලා... කවුද දන්නේ මෙහෙම දෙයක්...
ReplyDeleteමීට කාලේකට කලින්, පානදුර නල්ලුරුවේ තිබුණූ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් තිබුණා මම අදුනන අයියලා ටිකක්. එයාලගේ වෑන් එකත් ඔය වගේ හැප්පිලා තිබුණා. කීබෝඩ්ස් වල කීස් පාර පුරා කියලා දැක්ක අය කිව්වේ... අනේ මන්දා... මමත් බෑන්ඩ් වලට බැඳිලා හිටිය නිසා මේ කථාව ඇහුවම දුක වැඩියි... අනික වයස !!! වෙඩින්... හ්ම්
ප්‍රිය විප්‍රයෝගය පපුවටම දැනෙන්නේ අපි ආදරය කරපු කෙනේක අපිව දාලා ගියාම. මගේ අයියා නැතිවුනු දවසේ, body එක එළියට ගත්තු වෙලාවේ තරම් මමත් ජීවිතේ කවදාවත් දුක් වෙලා නෑ...
වර්ණා නංගී, ජීවිතේ ටික කාලයයි... ඒ සහෝදරයෝ හොඳ විදියට ජීවත් වෙලා, හොඳ දෙයක් කරලා තියෙනවා. අකාලයේ මිය ගියත් / තුවාල වුනත් ඒ අය කරපු හොඳ දිහා බලලා හිත හදාගන්න. ලෝකේ හැමදේම අපිට පාලනය කරන්න බෑ...
මිය ගිය සොහොයුරන් දෙදෙනාට මොක්සුව !!! අනෙක් සොහොයුරන්ට ඉක්මන් සුවය ලැබී, Hard Black යලිත් ආරම්භ කරන්න ලැබේවා...!
වර්ණා මම ඊයේ මේ පොස්ට් එක බලන්ඩ හැදුවට ඩිස්ප්ලේ උනේනෑ..අද තමයි හරිගියේ...ඇත්තේන්ම මගේ හදවතින්ම ශොකය පළකරනව..ඔවුන්ට මොක් සුව ලැබේවා...
ReplyDeleteඔයාල නුගේගොඩ කොයි හරියෙද මොකද මම නුගේගොඩ YMCA මෙම්බර් කෙනේක් ඒ වගේම නුගේගොඩ NSB තමා වැඩකලේ දැන්නම් හෙඩ් ඔෆිස් එකේ ඔයා මොන බැංකුවෙද වැඩකරන්නේ..
හරිම දුකයි, ජීවිතේ හැටි ඔහොමයි කියා හිත හදා ගන්න බැරි උනාට.......
ReplyDeleteජීවිතේ හැටි ඔහොමයි
දෙන්නටම නිවන් සැප ලැබේවා.......
හරිම දුකයි, ජීවිතේ හැටි ඔහොමයි කියා හිත හදා ගන්න බැරි උනාට.......
ReplyDeleteජීවිතේ හැටි ඔහොමයි
දෙන්නටම නිවන් සැප ලැබේවා.......
මම නිව්ස්එක දැක්ක. ඔයා අදුණන අය කියල දන්නෙ නෑ. ඔවුන්ට නිවන් සුව ලැබේවා.
ReplyDeleteමේක කියවද්දි මගේ ඇඟේ හිරිගඩු පිපුනා..:'( :'( හරිම දුක්බරයි... පතාගෙන ආපු ආයුෂ ඉවර වෙලා, ලෝකෙන් සමුගන්න වෙලා. මොනා කරන්න්ද, ජීවිතේ කියන්නෙ තණ අග පිණී බිංදු වගේ..
ReplyDeleteඔයාගෙ අයියලා දෙන්නාටම නිවන් සුව ලැබේවා!!! ජාති ජාතිත් මෙහෙම අකල් මරණෙකට ගොදුරු නොවේවා!!!
මම මේක දැක්කෙ දැනුයි....හරිම කණගාටු දායක සිද්ධියක් වර්ණා...බැඳීම් නිසා ප්‍රිය විප්‍රයෝගය අපේ හදවත පතුලටම දැනෙනවා.....ඒත් ඉපදුන හැමකෙනෙකුටම අයිති උන මරණය....හ්ම්ම්ම්ම්ම්!
ReplyDeleteමියගිය දෙදෙනාට නිවන් සුව අත්වේවා !
ඒ වගේම අනතුර නිසා රෝහල් ගත්වෙලා ඉන්න හැම දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙ ලින්කුව වැඩකලෙ නෑ දැන් තමයි ලින්ක් එකට ගියෙ. මෙ ශොකජනක ආරංචිය මම පත්තරෙ නම් දැක්කා. මාගෙ ශෝකය !
ReplyDeleteරෝහල් ගතවූ සැමට ඉක්මන් සුවය පතමි !
මේකනම් හුඟාක් සංවේදී සටහනක්.
ReplyDeleteමාත් කලින් මේ ලිපිය බලන්න හදපු වෙලාවෙ ලින්ක් එක වැඩ කලේ නැහැ..හරිම දුකයි..මම අදහන ආගමේ හැටියට ඒ දෙන්නටම මාත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..තුවාල ලබා සිටින සහෝදරයන්ටත් ඉක්මන් සුව ලැබේවා..!
ReplyDeleteමගේ යාළුවෙක්ගේ වෙන්න ඉන්න මහත්තයත් ඔය අනතුරින් තාම සිහිය ඇවිත් නෑලූ. අනේ මන්දා ඒ අය ගිය ආත්මේ මොන වරදක් කරාටද මෙහෙම වුනේ කියලා.
ReplyDeleteඅපි අතරින් වෙන් වුනු සහෝදරයෝ දෙන්නට නිවන් සුව පතනවා. ඒ වගේම රෝගා තුරව ඉන්න අනිත් හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
නොදනිම් කාගෙ දොසා.. රෝගාතුරවූ අයට ඉක්මණ් සුවය පතමි. නික්ම ගිය සහෘදයන්ට නැවත එවන් විපත් නොවෙන්නට නිවන් සුව පතමි.
ReplyDeleteමිය ගිය සොහොයුරන් දෙදෙනාට මොක්සුව !!! අනෙක් සොහොයුරන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
ReplyDeleteගොඩක් දුකහිතෙන සිද්දියක්
අපරාදේ වටිනා ජිවිත
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි........ඔබේ සොයුරන් දෙදෙනාට මොක් සුව පතමි...
ReplyDelete@ Kasun
ReplyDeleteහ්ම්ම් ඔව් අයියේ, මේ ජිවිත ගමන හරිම පුදුමයි
@ Miyuru
ReplyDelete@ නරකයා
@ රාජ්
@ හිතුවක්කාරි
@ දිල්
@ Loku John
@ අනුරාධ
@ Shani
@ බට්ටි
@ හෙලයෙකුගෙන් ලොවට
@ මහිම මදුරංග
@ Ravi
හ්ම්ම් වෙන වෙනම අමතන්න බැරි වීම ගැන කනගාටුව. මොකද හැමෝටම එකම දේ කියන එකට වඩා මෙහෙම කියන එක හොදයි
හ්ම්ම් ඒ හැම සහෝදරයෙක්ටම ඔබ පතු ලෙසම මොක් සුව සහ නිරෝගී සුවය අත්වේවා.. හෙළයෙක් ගෙන ලොවට කියමි. දොස මගේ සහෝදරයන්ගේ අතේ. එයාලට නින්ද ගිහීන්. මොනා කරන්නද වෙලාව තමයි.
බට්ටි අක්කේ, දැන් සමහර අයට සිහිය ඇවිත්.
@ Chathuranga
ReplyDeleteහ්ම්ම් ඔව් චතු අයියේ, ඒ දෙන්නගෙම කිසිම වැරද්දක් එයාලගේ මුළු ජිවිත කාලෙම කරලා නැතුව ඇති. ඒ තරම්ම හොද දෙන්නෙක්. ඇයි මෙහෙම වුනේ කියලා සිය දහස වාරයක් මම මගෙන්ම අහගනවා.
ඒ වාහනේ ගිය කෙනෙක් අනතුර වෙන්න කලින් මගින් බැහැලා එයාට වැඩට යන්න එයාගේ බෝඩිම ලග. අද ඒ අයියා කියපු දේවල් වලට අපි හැමෝම ඇඩුවා. :((
@ Raj
ReplyDeleteලින්ක් එක පෙනුනේ නැති බව ගොඩාක් අය කියුවා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා
නැහැ අයියේ අපි නුගේගොඩ නෙමෙයි. මේ මැරුණු අයියා කෙනෙක් වැඩ කලේ නුගේගොඩ.
එයාලා දාපු බැනර් එකේ පින්තුරයක් තමයි මම දැම්මේ.
මම වැඩ කරන්නේ මම ඉන්න ගමේමයි. එත් නුගේගොඩ නම් නිතරම එවෙනවා. ඒ ආපු වෙලාවක එන්නම්කෝ බැංකුව පැත්තේ.
හ්ම්... මොක් සුව ප්‍රාර්ථනා කරනවා.. :(
ReplyDeleteපව් දෙයියනේ
ReplyDeleteජීවිතේ හැටි....
ReplyDeleteජිවිතේ අපි නොහිතන මොහොතවල් වල මොන තරමි දේවල් වෙනවද? මියගිය ඒ සහෝදරයින් දෙදෙනාට මොක්සුව පතනවා. ඒ වගේම තුවාල ලබලා ඉන්න අනෙක් සහෝදරවරුන්ටද ඉක්මන් සුවය පතනවා.
ReplyDeleteවර්්ණා.. ගිය සෙනසුරාදා උදේ ආරචිචීකටිටුව ප්‍රදේශයේදි උනු මෙි සිදුවිම ප්‍රවෘත්තියක් හැටියට මගේ අතින්ම ලියැවිලා පලකරන්න තරමි මමත් අවාසනාවන්ත වුනා. හිත හදා ගන්න, මෙි ලෝකේ හොද මිනිස්සුන්ට වැඩි කාලයක් ඉන්න ඉඩ නැහැ...!!!
අපේ ආගමට අනුව මියගිය සහෝදරයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල වූ අයට ඉක්මන් සුවය පතමි,
ReplyDeleteනැ..නංගා මම දැන් නුගේගොඩ බ්‍රාන්ච් එකේන් හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්සර් වෙලා ඉන්නේ..කොල්ලුපිටියේ..
ReplyDelete@ සීතල අයියා
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව
@ පූසා
ඔබගේ පැතුම් එලෙසම ඉටුවේවා.. ඔවුන් හට මොක් සුව ..
@ Sihina
ReplyDeleteහ්ම්ම් බැදීම් කියන දේවල් ඇති කරගන්නෙත් නැති කරගන්නෙත් මිනිස්සුමයි අයියේ.
ඒවගේම ඔයා කියුව විදියට අපි නොහිතන දේවල් තමයි හැමවෙලේම වගේ සිද්ද වෙන්නේ. මගේ ජිවිතේදීත් හැමදෙයක්ම වගේ සිද්ද වුනේ මම කිසි දිනකවත් නොහිතන දේවල්..
@ ඔබ නොදුටු ලොවක්
ස්තුති මේ පැත්තේ ආවට
@ Raj
එහෙමද අයියා. මම කොමර්ෂල් එකේ තමයි වැඩ..
මේ ක්ෂේත්‍රයෙ ගොඩක් අය සේවයෙන් පස්සේ ගෙවල් දොරවල් බලා එන්නේ පාන්දර 1-2-3 අතර වෙලාවල් වල. නිදිමත වැඩිම වෙලාවල්. ගොඩක්ම ප්‍රවේසම් වෙන්න ඕන වෙලාවල්.........
ReplyDeleteඒ දෙන්නාට නිවන් සුව ලැබෙන්න කියල පතනවා
ReplyDeleteඅනිත් අයටත් ඉක්මන් සුවය ලැබේවා....!!
puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.
ReplyDeletemeya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!
meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.
WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..
if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube
obe mithuranta mathu kisima bavayaka mevan akal maranayak noveva!
@ හෙලයෙකුගෙන් ලොවට
ReplyDeleteහ්ම්ම් එක ඇත්ත.
@ ලොකු
හ්ම්ම් අනිත් අයගෙන් සමහරකට සිහිය ඇවිත්
@ අනෝ
හොදයි මම බලන්නම්
ඇඟෙ හී ගඩු පිපුනා... මේ සිද්දිය ගැන දැනගත්තෙ දැන්... තරුණ ජීවිත 2ක් මෙහෙම නැති උනහම ලඟින් හිටිය අයට දැනෙන වේදනාව හිතා ගන්න බෑ...
ReplyDeleteඔවුන් දෙදෙනාට නිවන් සුව පතනවා...
තුවාල කරුවන්ගෙ තත්වෙ කොහොමද දැන් ??
දුක හිතෙන කතාවක්..
ReplyDelete@ පිස්සා පලාමල්ල
ReplyDeleteඑක්කෙනෙක්ට සම්පුර්ණ සුවයි අයියේ, එයා ගෙදරත් ආවා. අනිත් සමහරකට සිහිය ඇවිත් එතා තාම රෝහලේ. තවත් දෙන්නෙක්ට සිහිය ඇවිත් නැහැ.
@ Ruka
ඔයාව මේ පැත්තට පිලිගන්නවා.
හ්ම්ම් ඔව් ගොඩාක් සංවේදියි..
වර්ණා...ජිවිතේ අපිට නොලැබුනු දේවල් ගැන කවදාවත් දුක් වෙන්න එපා... මොකද දුක් වෙන කාලයට වඩා අපිට කරන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. කවදාවත් ආත්ම ශක්තිය නැති කර ගන්න එපා.....
ReplyDeleteවර්ණා, මම් මීට ඉස්සර ඉඳලත් ඔයාගෙ පොස්ට් කියවනවා ඒත් මේක දෑකපුවහම මටත් comment එකක් දාන්ඩ හිතුනා. මොකද ඒ wedding එක video කරන්ඩ හිටියෙ මම, මගෙ video ජීවිතයෙ මේවගෙ දෙයක් වෙච්ච් පළවෙනි පාර තමයි මේක, මටත් ලොකු shock එකක් තිබ්බා, අනික මම පහුගිය දවස් ටිකේම video කළේ මෙයගෙ යාළුවන්ගෙ wedding. ජීවිතේ කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්... ඔබ තිදෙනාටම නිවන් සුව!!!!
ReplyDeleteමට මතක තියන විදිහට වර්ණා දෙසෑම්බ්‍ර් 23 නෙමේ 29 නේද?
@ සිහින
ReplyDeleteහ්ම්ම් බොහොම ස්තුති දිරිගැන්වීමට සහෝ..
@ Sudara Fernando
ඔව් ඔව් 29 තමයි. එතට ටිකක් වැරදුනා..
හ්ම්ම් මොනා කරන්නද අපි හිතන වෙලාවට අපිට යන්න බෑ.. ඒ වගේමයි අපි නොහිතන වෙලාවට දෙවියෝ අපිට අඩගහන්නේ.. ඒ නිසා හැමදේකටම ලෑස්තිවෙලා ඉන්න ඕනා..