Monday, January 30, 2012

කමුද මාළුපාන්?

හ්ම්ම් කොහොමද ? ටික කාලෙකට පස්සේ.. 
අද මම කියන්න යන්නේ මම හදපු කෑමක් හදාගන්න විදිය ඔයාලට කියන්න.. ඔව් අපි හැමෝම ආසයිනේ මාළුපාන් කන්න. එත් කඩවල් වල තියෙන්නේ අමු ජරාව.. කඩේකින් මාළුපාන් එකක් කෑවොත් සතියක් ටොයිලට් එකේ පදිංචි වෙන්න පුළුවන්.. එත් සක්‍යා එකේ මාළුපාන් නම් සිරාවටම රසයි.. 
හරි කතා ඇති. දැන් හදමු.


අවශ්‍ය ද්‍රව්‍ය


පිටි මිශ්‍රණයට 


පිටි 500g (මාළු පාන් 10 ක් විතර හදන්න පුළුවන්, පොඩියට හැදුවොත් 12 ක් විතර පුළුවනි)
යීස්ට් තේ හැදි 5 ක්
සිනි තේ හැදි 3 ක්
ලුණු කුඩු ටිකක්
වතුර


ඇතුළු පිරවුමට
මාළු , ඔයාල මාළු කනවනේ, එහෙනම් මාළු දාන්න, මම මාළු කන්නේ නැහැ එත් සැමන් කනවා, ඒ නිසා මම සැමන් ටින් එකක් ගත්තා
හීනියට ලියාගත් කැරට් 
හීනියට ලියාගත් ගෝවා 
කපාගත් ලොකු ලුණු
පොඩියට කපාගත් අල
සුදුලුනු , කරපිංචා, අමුමිරිස්‌, රම්පා
මිරිස් කුඩු, කහකුඩු, කුරුදු කුඩු
සොයා සෝස්


හරි දැන් බලමු සාදන ආකාරය.

මුලින් පිටි ටික භාජනයකට දමන්න. එයට සිනි, ලුණු දමා කලවම් කරන්න. උතුරන වතුර අඩු කෝප්පයකට යීස්ට් ටික දමා දිය කරගන්න. එම දියරය පිටි මිශ්‍රණයට දමන්න. ඉන්පසු එයට වතුර ටික ටික දමා පහත ආකාරයට අතේ ඇලෙන්නේ නැති පදමට පිටිමිශ්‍රනය හදාගන්න.


ඊට පස්සේ පිටි මිශ්‍රණය තවත් ගොඩාක් පාරක් අනාගන්න ඕනා. මාළුපාන් එක හොදට පිපිලා එන්නේ මේ ඇනීම මත.හොදට අනාගත්තාට පස්සේ පිටි මිශ්‍රණය සහිත භාජනය ප්ලාස්ටික් පිගානකින් වහලා පැයක් පමණ පැත්තකින් තියන්න ඕනා. යීස්ට් වල ක්‍රියාකාරිත්වය නිසා පිටි මිශ්‍රණය පිපෙනවා. 



දැන් අපි මිශ්‍රණය හදාගමු.
කැරට් සහ ගෝවා
රම්පා, කරපිංචා, අමුමිරිස්, සුදුලුනු

පොඩියට කපාගත්තු අල


මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා , තෙල් රත් උනාම එකට කපාගත් ලුණු දමා  ටිකක් බැදෙන්න අරින්න.

ඊට පස්සේ එයට මුලින් පෙන්නලා තිබුණු රම්පා, කරපිංචා, සුදු ලුණු , අමු මිරිස් දාලා හොදට බැදගන්න.. ඊට පස්සේ එකට කැරට් ටික ගෝවා ටික සහ අල ටික දමා හොදින් උයා ගන්න.


දැන් සැමන් ටික සාමාන්‍යයෙන් කෑලි තියෙන විදියට කඩාගෙන, එකට ලුණු, ගම්මිරිස්, මිරිස්, කහ කුඩු සහ සොයාසොස් දමාගෙන පැත්තකින් තියාගන්න සීසන් වෙන්න.
දැන් ලිපේ තියෙන මිශ්‍රණය උයාගත්තාට පස්සේ එයට සැමන් ටික දමන්න. තව සොයාසොස් ටිකකුත් දමන්න.


මෙම මිශ්‍රණය හොදට උයාගන්න ඕනා. නැත්තම් ගෝවා, කැරට්, අල අමුවෙන් තමයි කන්න වෙන්නේ :))

හරි මේ මිශ්‍රණය ලිපෙන් බාලා නිවෙන්නට හරින්න ඕනා.


දැන් පිටි මිශ්‍රණය අරගෙන බෝලා වලට වෙන් කරන්න. ලොකුවටනම් 10 ක්, නැත්තම් 12 ක් විතර.


ඊටපස්සේ මේ එක පිටි බෝලයක් අරගෙන තුනී කරගන්න. ගොඩාක් හීනියට නෙමෙඉ. සාමාන්‍ය ගනකම තියෙන විදියට.. මෙන්න මේ වගේ.


ඊට පස්සේ පහත රූපරාමු පෙළ පරිදි මිශ්‍රණය මැදින් තබා තුන් මුලසට නමාගන්න.











මෙන්න මේ විදියට හදාගත්ත මේ මාළුපාන් ටික තව පැය බාගයක් පමණ පැත්තකින් තබන්න. මෙවිට මේ මාළුපාන් ටික ආපහු පිපෙනවා. ඊටපස්සේ බිත්තර සාරු මේ මාළුපාන් වල උද පැත්තේ තවරන්න ඕනා. බේක් උනාට පස්සේ එතකොට උඩ කොටස දිලිසෙනවා මේ බිත්තර සාරු නිසා..ඊටපස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 190 මිනිත්තු 20 ක් පමණ බේක් කරගන්න.
මිනිත්තු 20 ක් හෝ ඊට වැඩි. 


ඔන්න මාළුපාන් හදලා ඉවරයි.. හෑහහ් කෝ බොලේ අවසන් ප්‍රතිපලේ?
අනේ සමාවෙන්ට ඕනා තියෙන හදිස්සියට පින්තුර ගන්න බැරි උනා. පින්තුර ගන්න කලින් කාලා ඉවර උනානේ :(((


හදලා බලලා රසද කියන්න හොදේ :)))



67 comments:

  1. මේකත් අර ගාලු හදාගෙන ගියාය කියන කිරිටෝපි වගේද දන්නේ නෑ!
    හි හි!:D

    ReplyDelete
    Replies
    1. හේ හේ එහෙම වෙන්නේ නැහැ කොල්ලෝ :ඩි

      Delete
  2. මාළු පාන නම් පැලවත්ත කඩේ මාළුපාන්.

    ReplyDelete
    Replies
    1. අහ්හ් අපි හදන ඒවාත් රහයි හොදේ

      Delete
    2. ඔයා පැලවත්තේ, කොයි කඩේ ගැනද කියන්නේ? ඇත්තටම රසයිද! මම දන්නා තරමට නම් හෝටලයකින් ඇරුනම ,එළියෙන් ගන්නවානම් 'ෆැබ්' එකේ ඇරෙන්න රස මාළු පාන්, මම කාල නැනේ අයියෝ! අල පාන් නම්, කාල තියෙනවා මෙලෝ රහක් නැති... :)

      Delete
  3. මට නම් දැනගන්න ඕන මොකක්ද මේ මාළු කන්නෙ නෑ සැමන් කනව කියන කතාව කියන එකයි... ඇයි බන් සැමන් කියන්නෙ මාළු නෙමෙයිද?... ;)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අයියේ, සැමනුත් මාළු තමයි. එත් මම අලුත් මාළු කන්නේ නැහැ , පුංචි කාලේ ඉදලාම මාළු වල තියෙන හමට, ඒ රසට මම අකමැති. සැමන් වලින් මට එන්නේ වෙනම රසක්, අනික කටුත් කන්න පුළුවන්, අන්න එකයි. මාළු වල තියෙන රසට මම අකමැති. අනේ මන්දා එක මගේ හැටියක් පුංචිකාලේ ඉදලම.

      Delete
  4. බෑ බෑ මෙහෙම හරි යන්නේ නෑ. හදපු ඒවගේ පින්තූර දානකල් අපි නම් හදන්නේ නෑ. අර කිරිටොපි වගේද දන්නේ නෑ නේ...:P

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් පින්තුරේ ගන්න බැරි උනානේ.. හේ හේ කිරි ටොපි වගේ උනේ නැහැ :)))

      Delete
  5. ඔක්කොමත් හරි සැමන් කියන්නේ මාළු ජාතියක් නෙවිද? :)

    ReplyDelete
    Replies
    1. සාතන් අයියට කියපු උත්තරේ බලන්නකෝ මහිම අයියේ :))

      Delete
  6. දාන්නකෙල්ලෙ පහක්..!!! මාත් මාළු කන්නෙ නෑ... සැමන් කනවා...:)

    ReplyDelete
    Replies
    1. අන්න මෙන්න මගේ පාරේ යන තවත් කෙනෙක් :)))

      Delete
  7. හදලා බලලා කියන්නම්..

    ReplyDelete
    Replies
    1. අනිවා සයුරි අක්කේ,.. කියන්න හොදේ

      Delete
  8. අපි නං ඕවට කියන්නේ සමෝසා කියලා.....

    ReplyDelete
    Replies
    1. අහ්හ් නෑ නෑ මේ සමෝසා නෙමෙයි. සමෝසා පාන් පිටි මිශ්‍රණයට තෙල් දානවා. අනික සමෝසා බේක් කරන්නේ නැහැ. සමෝසා තෙලේ බදිනවා.. මේ මාළුපාන්. පාන් හදන්න ගන්න පිටි මිශ්‍රනයම තමයි ගන්නේ

      Delete
  9. කමුද කියලත් අහනවා.. අපි නම් එක පයින් මේ වගේ දේ වලට..

    ReplyDelete
    Replies
    1. හි හි හ්ම්ම් හ්ම්ම් :ඩි

      Delete
  10. ඔය පිටි මිශ්‍රණයට තෙල් එහෙම දාන්නේ නැද්ද වර්ණා ? බිත්තර සාරු නැතුව හදන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. නෑ තෙල් දාන්නේ නැහැ. අනේ මන්දා අනිත් අය දානවද දන්නේ නැහැ. බිත්තර සාරු තවරන්නේ ලස්සන නිමාවක් ගන්න. නැතුවත් කමක් නැහැ :))

      Delete
  11. තෑන්ක්ස් වර්ණා... මම හදල බලලම රසගුණ කියන්නම්කො...

    ReplyDelete
  12. මෙන්න ආයෙ ඇවිත්... හුක් හුක්.... සමාවෙන්න මම මෙ කැම හද පොස්ට් නං සකිප් කරනවා ඈ

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඇයි එන්න එපාද හේ හේ :ඩි
      ඒ මොකෝ කෑම හදන්න දන්නේ නැද්ද

      Delete
  13. හලේ..... මාත් මාළු කන්නේ නෑ සැමන් කනවා... හි හි.. :D

    ReplyDelete
    Replies
    1. අලෙ මගේ ගමන් මග යන තවත් නංගියෙක්

      Delete
  14. අපේ තාත්තත් ඉස්සර හැදුවා. දැන් අපේ අවන් එක අප්සෙට් ගහලා නිසා මුකුත් හදන්න අමාරුයි.... :((

    ReplyDelete
  15. අක්කේ බේක් කරනකොට චොර උන නිසාද හදපු පොටෝ එකක් දැම්මේ නැත්තේ........
    ලැජ්ජා වෙන්න එපා ඇත්ත කියමු......හී...... :)
    [විහිළුවක් හොඳේ]

    ReplyDelete
  16. ඕං ඉතින් බඩගිනි හැදුවා...දැං දෙන එකයි තියෙන්නේ කන්න මාළුපාං... ;) ;)

    ReplyDelete
  17. වෛවර්ණා ටත් හොඳට කෑම හදන්න පුලුවන් වාගෙ නෙ.
    මං හිතාගෙන හිටියෙ [කුස්සියෙ] වැඩ බෑ කියල.

    ReplyDelete
  18. බඩගින්නේ බෑ... යමී!!! ගෙදර හදපු මාළු පාන් කන්න කවුද අකමැති...:D

    ReplyDelete
  19. ඒ අක්කේ මේ මට මේක තුන් හුලස් විදියට පේන්නේ නිකන් එලවලු රොටියක් වගේ....අපේ මාමගේ බේකරියේ මාළු පාන් බේක් කරන්න කලින් ඔයි තරම් ලොකු නෑනේ මෙව්වා තවත් පිම්බෙනවාද බේක් කලාම??? මරු ආ මෙව්වා රහ ඇති නේද කඩේ එව්වට වඩා.....මේ අක්කේ සැමන් වලට ගන්න මාළු මාළු ලෑලි වල නැද්ද ඈ

    ReplyDelete
  20. කිරිටොපි පෝස්ටුව මොකෑ දාන්නැත්තෙ! හැක හැක හැක!

    ReplyDelete
  21. ඔයා නම් හොඳම නෑ.. මේවා දැක්කම අපිට අඬන්න හිතෙනවා.. රස ඇති ..අයියෝ ..මොන කරන්නද. හදන්න ට්‍රයි එකක් දෙන්නම්. බැරි උනොත් තමා අපරාදේ.

    ReplyDelete
  22. මේක නං තනි බොරුවක්, නැත්තං කෝ 'එන්ඩ් ප්‍රොඩක්ට්' එක ?

    ReplyDelete
  23. මං වෙජි.නිසා මාලුපාන් කන්නේ නැහැ.ඒ නිසා ‍මට මේ ලිපිය අදාළ වන්නේ නැත.
    කමෙන්ට් කළේ ..ආයෙත් ආවා මදෑ අපේ වර්ණා අක්කියා.. කියලා කියන්න.ආයෙත් බ්ලොග් එක වහලා දාලා කොහෙවත් යන්න නොහිතේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  24. මරු... ඔයා හොද ගෘහණියකනේ බලන් යනකොට... අනේ වාසනාවන්..

    ReplyDelete
  25. ඔය විදියට කවුරු හරි මාළු පාන් හදලා කියන්න මන් එන්නම් කන්න !

    ReplyDelete
  26. හොඳට කෑම හදන්න දන්නව වගේ . අපි පිටි මිස්‍රනයට තෙල් ටිකක් දානවා . ඔයා එහෙම දාන්නෙ නැද්ද ?

    ReplyDelete
  27. අයියෝ වර්ණා නංගා කෝ අන්තිම පිංතූරය..බලාගෙන හිටියෙ කොහොමද කියල අන්තම ප්‍රථිඵලය...ඔයානම් හරිම ලමෙක් තමයි

    ReplyDelete
  28. කටට කෙල උනනව දැකලා.. අපිට කොයින්ද ඔව ඉතින්....

    ReplyDelete
  29. අප්පේ ඇතියන්තං ඔහොම එකක් වත් ගොඩ දාගත්තා....මගේ කටට කෙලත් ඉනුවද මන්දා...

    ReplyDelete
  30. අප්පේ ඇතියන්තං ඔහොම එකක් වත් ගොඩ දාගත්තා....මගේ කටට කෙලත් ඉනුවද මන්දා...

    ReplyDelete
  31. කෝ අන්තිම පින්තූරේ ??
    මාත් අපේ අම්මට කියලා හදෝගන්නම් :)

    ReplyDelete
  32. මාත් මාළු පාන් හදලා තියෙනවා.. :D මගේ බුකියේ ඇති ෆොටෝ කෑලි දෙක තුනක්...

    ReplyDelete
  33. ඔයා අන්තිම පින්තූරේ දැම්මේ නැත්තේ වැඩේ බකල් වුනු නිසා නේද ? කිරිටොපි part II ද ?

    හොඳයි හොඳයි... නෝනිට කියලා හදලා බලලා කාලා කියන්නම්...

    ReplyDelete
  34. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

    ReplyDelete
  35. අම්මේ ජාති ජාති පිනක් කෑම ටිකක් කවන්න හැදුවට......!!!

    ReplyDelete
  36. ඔන්න බඔරු.. මෙයාගෙ කිරිටොපි වගේ තමයි මේකෙ එන්ඩ් ප්‍රඩක්ට් එක ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...... කාල ඉවර උනාලු

    ReplyDelete
  37. කඩේ තියෙන මාළු පාන් මම හිතන්නේ පරම්පරා 7 කටවත් මාළුවෙක් දැකල නෑ... වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕනි... දැන් කෝ හදපුවා ????

    ReplyDelete
  38. කන බොන දේවල් පෙන්නලා අපිව අවුස්සන්න එපා බං මේ බඩගින්නේ ඉන්න වෙලාවේ.... :(

    ReplyDelete
  39. හ්ම් ඒකත් කරලා කාලා බලමු

    ReplyDelete
  40. ජීවිතේ පලමුවතාවට මාළු පාන් ගෙඩියක් අතුලේ සැමන් මාළුවෙක් වත් ඉන්නවා දැක්කේ ඕං.. නැත්නම් ඕව ඇතුලෙ තියෙන්නෙම අලයි සීනිසම්බෝලයිනේ

    ReplyDelete
  41. අන්ති,,මට,,ෂුවර්නේ

    ReplyDelete
  42. මාලු පාන් කන්න හරි ඉක්මනින් ආපසු ඇවිත්..
    පහුගිය දවස්වල බ්ලොග් එක තිබුනෙත් නෑ..
    කඩේ මාලු පාන් වල මාලුත් නෑ සමහර වෙලාවට පානුත් නෑ
    නිකංම නිකං මැටි ගුලියක් විතරයි.

    ReplyDelete
  43. අපිත් මාළුපාන් හදලා කෑවා ගිය සතියෙ. අද පීට්සා හැදුවා. ඒක නෙවෙයි වර්ණා, යීස්ට් හැඳි පහක් වැඩි නැත්ද කියලා දීපා අහනවා? අපි දැම්මෙ 250ට තේ හැන්දයි. ඔය ගාන දාලා කන්න පුළුවන් වුනා නේද ශුවර් එකට?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ahh ow aiye.. ane mandaa chuti handen 5k damme. the handata wadaa adui mage hithe.. kalin dawasaka 3k daalaa haduwaa. eth pipune naha. ekai medaasare 5k damme... niyameta aawaa

      Delete
  44. හෆෝයි... කඩෙන් ම කන එක ලේසියි වගේ...! වැඩේ දෙල් වෙලා වගේ මට පේන්නේ හැදුවට පස්සේ!

    ReplyDelete
  45. ෂා... මරුනෙ.... හදනවාමයි මේක...

    මේ ඒක නෙවෙයි.... සීනි බනිස් හේම හදන්න දන්නවද...? ආසයි හලෝ හදාගෙන උණු උණුවෙ කන්න.... සෑහෙන කාලෙකින් කෑවෙ නෑ අප්පා.... දන්නව නම් දාන්නකො මේ වගේ හදන විදිය....

    ReplyDelete
  46. ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තෙ ආවෙ. ආපු ගමන් මාලු පාන්!!! නියමයි. මාත් මාලු කන්නෙ නෑ. සැමන් නම් කනවා. ඒ නිසා මේ විදිහටම හදාගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  47. හිහී... එළනෙ! කාපන් මාළු පාන්! :D

    ReplyDelete
  48. දැන්ම බඩගිනියි මට.

    ReplyDelete
  49. දැන්ම බඩගිනියි මට.

    ReplyDelete
  50. එක්කෝ අපි හොඳට හදපු මාළුපාන් කන සක්යා යන්න ඕනේ නැත්නම් වර්ණාගේ ගෙදර යන්න ඕනේ :D

    ReplyDelete