Friday, December 2, 2011

මෙහෙමත් ගුරුවරු

මම මේ කියන්න යන්නේ මේ රටේ ඉන්න ටියුෂන් කඩ කාරයෝ ගැන. ආවේගශීලිව ලියන නිසා මන් ගැන වැරදියට හිතන්න එපා. මගේ කටින් නරක වචනයක් එහෙම පිටවුනොත් සමාවෙන්ට ඕනෑ..

මේ මම කියන්න යන්නේ මගේ සහෝදරියෙක්ගේ යාලුවෙක් ගේ  නංගි කෙනෙක්ට වුන දෙයක් ගැන. ඒ නඟා පනම් අතින් තරමක්(ගොඩක්ම නෙමෙයි) දුර්වල වෙච්චි , ඉස්කෝලේ මොන මගුලක් වත් උගන්නන්නේ නැති වෙච්චි, කොළඹ පන්ති යන්ට පටන් ගත්ත ලු. මේ කියන නංගි කරන්නේ ගණිත විෂය ධාරාවන්, මෝඩ ළමයෙකුත් නෙමෙයි ලු. මේ නංගා ඉගෙන ගන්න පාසලේ ගණිත විෂය උගන්නන ගුරුතුමී විෂය උගන්වන්න මැලිකමක් දක්වනවාලු. නිතර පන්තියට එන්නෙත් නැහැලු, මේවා ඔයාල පන්ති වලින් කරගන්න කියල කියනවලු, ඉතින් සමහර පන්ති යන්නේ නැති ළමයි, අනේ මිස් අපි පන්ති යන්නේ නැහැ, ඒ කොටස කියල දෙන්නකෝ කියල කියුවම කියනවලු  ඇයි මට ඒ වගක් වේලපහින් කියුවේ නැත්තේ, දැන් කරන්න බෑ, ඒවා කරොත් අනිත් ඒවා කරන්න කාලේ මදියි කියනවලු. ඒ උනත් කරන මගුලකුත් නැහැලු, ඉතින් ඒ පන්තියේ ඉන්න හැමෝම  පන්ති යන්න පටන් ගත්තලු


ඉංගිරිසි මාධ්‍යයෙන් මේ ළමයි හදාරන නිසා ඒ ගමේ පන්ති නැහැලු ඒ මාධ්‍යයෙන්, ඒ නිසාලු කොළඹ පන්ති යන්න පටන් ගත්තලු, කොළඹ රටේ  මම නම නොකියන ආයතනයක මෙයාලා පන්ති වලට ගියාලු.,, Theory ගාස්තුව 4000 ක් ලු, Revision 2000 ක් ලු, ඒක විෂයකට විතරක්. ඒ ගාස්තුව අය කරන්නෙත් සති 4 කට සැරයක්ලු. ඉතින් මේ නංගිලා සෙට් ඒක මුලින් ගියාලු නොකඩවා. එත් පස්සේ පස්සේ මෙයාල කොටස් දෙකකට සහභාගී උනාලු. කොටසක් Theory  ගියාලු කොටසක් Revision ගියාලු. පස්සේ නෝට්ස් හුවමාරු කරගත්තලු. 


ඒක දවසක් මේ මම මුලින් සදහන් කරපු නංගි ට class fees ගෙනියන්න බැරි උනාලු, අන්තිම සතිය නිසා එයා හිතුවලු ලබන සතියේ ගෙනියනවා කියල, මොකද එදා එයාගේ අම්මට සල්ලි දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැලු ඒ නංගිගේ, ඒක දවසක් පන්ති නොගියාම ගොඩාක් කොටසක් පාඩු වෙන නිසා මේ නංගි අනිත් යාලුවොත් එක්ක ගියාලු, මේ නංගිලා ඉන්න ගමේ ඉදන් මේ පන්තියට  යන්න පැය 5 ක් යනවලු. 


ඔන්න ඉතින් එදා ඒ නංගි සල්ලි ගෙනාවේ නැති නිසා එයාව පන්තියට ගත්තේ නැහැලු, ඒ නංගි කොච්චර කියුවත් ගත්තේ නැහැලු, දුර ඉදන් එන්නේ කියුවත් ඇහුවේ නැහැලු, ගෙදර යන්න කියුවලු, මේ නංගිගේ යාළුවො එයාලට උගන්නන මිස් ගාවට ගිහින් කියුවලු, අපි දුර ඉදන් එන්නේ, එයාව පන්තිය ගන්න බැහැයි කියුවා, class fees ගෙනත් නැති නිසා, එයාට සල්ලි ප්‍රශ්නයක් නිසයි මිස් ගෙනත් නැත්තේ කියල.


අර හිතක් පපුවක් නැති මිස් , (මට උන් වගේ උන්ට මිස් කියන්නත් ලැජ්ජයි,) ඒ ගැහැණිය කියුවලු අහ්හ් ඉගෙනගන්න නම් සල්ලි වියදම් කරන්න වෙනවා තමයි, සල්ලි නැත්තම් ඉගෙනගන්නේ නැතුව ගමේ වෙන රස්සාවක් කරන්න කියන්න, සල්ලි දීලා එන්න කියන්න නැත්තම් යන්න කියන්න, සල්ලි නැත්තම් උගන්නන්නේ නැහැ මම, දන්නවද මගේ ගේ දැන් තට්ටු 5 ක් කියල කියුවලු. 


අර නංගිලා ටිකට කර කියාගන්න දෙයක් නැතිව ගියාලු, ඉති ඒ නංගි එලියට වෙලා අඩ අඩ ඉන්නවා දැකපු අම්මා කෙනෙක් කියුවලු, ඔයා දුව දැන් ගෙදර යන්න, මන් ගාව සල්ලි ඒ තරම් ගොඩක් නැහැ, මම ඔයාව නැත්තම් පන්තියට යවනවා, ඔය මෙතන කොච්චර ඇඩුවත් මුන්ගේ හිත උණු වෙන්නේ නැහැ. ඒ නිසා දුව ගෙදර යන්න කියුවලු. ඉතින් ඒ නංගි ගෙදර ආවලු. එයාට ඉගෙනිමම එපා වෙලා. දැන් කිසිම පන්තියකට යන්නෙත් නැහැ, ඉස්කෝලේ යන්නෙත් නැහැ, අපි ගොඩාක් එයාගේ හිත හැදුවා. තාමත් හදනවා. ඔයාගේ දුප්පත්කමට ගරහපු එවුන්ට පෙන්න කොහොමහරි ඔය ඉගෙනගෙන්න පෙන්නන්න කියල. අපි ටිකක් සාර්ථකයි, එයා දැන් පාඩම් කරන්න පටන් අරන්, එත් එයා මාසයක් විතර පොතක් අල්ලුවෙවත් නැහැ. 


දුප්පත්කම අතේ අරන් ඉපදුනු අය ඉගෙනගන්න හොද නැද්ද? පෝසත් මිනිස්සුන්ට විතරද මේ රටේ ගුරුවරු උගන්නන්නේ. 


මේ වගේ අයට ගුරුවරු කියලද කියන්න ඕනා?


43 comments:

  1. ඔයාලා ඒ නංගිට දුන්න උපදෙස හරියටම හරි.. මෙයාලට ඉතින් කියන්න නම් නෑ.. අපිත් ඒ දවස් වල ක්ලාස් ගියේ මාසෙට 2000ක් විතර දීලා..

    ReplyDelete
  2. මමනම් ඔච්චර ගෙව්වේ නැහැ, සත්තයි. අනික ඉස්කෝලෙත් හොදට ඉගැන්නුවා.

    ReplyDelete
  3. අපිත් ක්ලාස් ගියාට ඔය තරම් නම් ගෙවලා නෑ. මොනා කරන්නද, හැමදේම විකුණාගෙන කන රටේ....

    ReplyDelete
  4. මිනිස් ආත්මෙක ඉපදුනා කියල හැමෝම මිනිස්සු වෙන්නේ නෑ නේ... ඔයත් ඒ වගේ මිනිස් වර්ගෙට අයිති නැති කෙනෙක්... ඔය වගේ උන්ට ගුරුවරු කියල කියනවට අපිට ගහන්න ඕනේ...

    මොනවා වුණත් අයෙත් වැඩ පටන් ගත්ත එක හොඳයි... ඔය වගේ ජරා මිනිස්සුන්ට පේන්නත් එක්ක හොඳටම විභාගේ සමත් වෙන්න හැකි වේවා කියල දේව්දාස් ප්‍රාර්ථනා කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  5. ම‍‍ං මේ ගැන සවිස්තරව පෝස්ටුවක් ලියනවා..භාගෙකට වැඩිය ලියලා තියෙන්නේ! සඳූදා දිහාට විතර දාන්න පුලුවන් වෙයි! ඉගෙනීමේ වැඩකටයුතු එක්ක ටිකක් අමාරුයි ඕවා දිගට ලියන්න!

    ReplyDelete
  6. අම්මෝ මෙච්චරම ලොකු ගානක් පංති වලට ගෙවන්න උනා නම් මම් ගෙදර නැවතිලා ගොඩක් කල්. මේ වගේ අයට ගුරුවරු කියලා නම් කියන්න බෑ. මට මතකයි සමහර ටියුශන් ගුරුවරු ෆ්‍රී කාඩ් හිටන් දෙනවා.

    ReplyDelete
  7. මේ රටේ කාලකන්නි ටික දෙනෙක් ඉන්නවා උන් නිසා තමා හැම දෙයක්ම වෙන්නේ.ඒත් නංගිට කියන්න මෝඩ මිනිස්සු නිසා අනාගතේ නැතිකරගන්න එපා කියල

    ReplyDelete
  8. මොනවා උනත් මේ සිද්ධියට සම්බන්ධ අයගේ නම් ගම දැම්මනම් මෙහි විශ්වාසවන්ත බව වැඩි වෙනවා. ඔබ ලියන කාරණය ඇත්තක් සහ ඒ වෙනුවෙන් පෙනී සිටින්නට තරම් පිටකොන්දක් තිබේ නම් එය එතරම් කාරණයක් නොවේ.

    ReplyDelete
  9. හැමදේම විකිනෙන කාලේ ඕව ඔහොම වෙන එක පුදුමයක් නෑ. අපි ගුරුවරු කියල හදාගෙන ඉන්න ගෞරවනීය ප්‍රතිරූපය දැන් තියෙන්නේ බොහොම අතලොස්සකට විතරයි.

    ReplyDelete
  10. බොරු කියන්නෙ මොකටද...කැම්පස් එනකම්ම මම නම් ඔච්චර ගානක් දීලා ක්ලාස් ගිහිල්ලා නෑ....අර කසුන් කිව්වා වගේ ගුරුවරුන්ගේ ගෞරවය නැති කර ගන්නෙ ඒ අය විසින්මයි....ඒකෙන් වෙන්නෙ හොඳ ගුරුවරුන්වත් මිනිස්සු අර තත්වෙටම දානවා..දානවා නෙමේ ඉබේම වැටෙනවා

    ReplyDelete
  11. ඔයාල එකතුවෙලා ඒ නංගිගේ හිත හැදුවනම් ලොකු දෙයක්.
    ගුරුවරු ගැන මගෙත් හොඳ මතක වලට වැඩිය අමිහිරි මතක ගොඩක් වැඩියි.

    අපිත් ටියුෂන් ගියා, ඒත් ඔය ගානෙන් අවුරුදු දෙකම යන්න පුළුවන් පන්ති වලට තමයි මමනම් ගිහින් තියෙන්නේ.
    මම ඒ ලෙවල් කරන කාලේ පන්ති වල ගාන රු80 යි.

    ReplyDelete
  12. මට කියන්න අමතක උනානේ. දැන් හරි, දැන් හරි..ඔයාගේ පෝස්ට් මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙනවා.

    ඔයා මගේ බ්ලොග් එකේ ගොඩක් කලින් දවසක දාපු කමෙන්ට් එකක් මම දැක්කේ නැතුව තිබිලා, දැන් දැකල ඒකට රිප්ලයි කලා. සමාවෙන්න ඕනේ වෙච්ච අත්වැරද්දට. අපි උනත් බ්ලොග් එකකට කමෙන්ට් කලාම ආපහු ඇවිත් බලනවනේ අපිට රිප්ලයි එකක් තියෙනවද කියලා.
    දැන්නම් ඔයාට මතක නැතුවත් ඇති, මෙන්න ලින්ක් එක

    http://widiyabandara.blogspot.com/2011/10/blog-post_22.html?showComment=1322852252404#c7534901441729525201

    ReplyDelete
  13. මමත් ඔච්චරනම් ගෙවලා නැහැ කවදාවත්...කාලෙත් එක්කම ගණන වැඩි වෙලා තියන තරම...ඒ වගේමයි ඔය තරම් කුහක ගුරුවරයෙක්නම් දැකලම නැහැ මම...මම දන්න අයනම් ටියුෂන් ගුරුවරු උනත් මනුස්ස කම තිබුන අය...

    ReplyDelete
  14. ගුරු-හොරු

    ReplyDelete
  15. හපොයි.. කරන්න තියෙන්නේ ඔය කතාව පනව්තියේ ඉන්න හැමෝටම කියලා.. වෙන කෙනක් ලඟට පන්ති යන එක ඇයි වදේ එයා විතරද ඒ විශය දන්නේ.. ඔය ඉන්නේ ඔනි තරම් හොඳ අය මම දන්න ටියුෂන් ගුරුවරු ගොඩක් ළමයින්ට ෆ්‍රී කාඩ් දෙනවා

    ReplyDelete
  16. හපොයි අපි ක්ලාස් යන කාලේ ක්ලාස් ෆීස් රුපියල් 250 විතරනේ තිබ්බේ...දැන් එච්චා ගණන් ගිහින් ද..ඇරත් එක සතියක් සල්ලි ගෙනාවේ නැහැ කියලා එලියට දානවානම් , එතන මනුස්සක්වත් නැහැ :/

    ReplyDelete
  17. බුදු අම්මෝ, පන්ති වලට ඔච්චර සල්ලි ගන්නවද? තට්ටු ගෙවල් ගහන එක පුදුමයක් නෙමේ

    ReplyDelete
  18. ඉස්සර කිව්වේ ගුරු දෙවිවරු කියලා. දැන් නම් ගොඩ දෙනෙක්ට ගුරුවරු කියන එකත් සුදුසු නෑ වගේ. විශේෂයෙන් ටියුෂන්වල උගන්වන්නේ වෙළඳ ව්‍යාපාරිකයෝ වගේ අය. හොඳ ගුරුවරු නැතුවමත් නෙවෙයි. ඒත් හුඟ දෙනෙක් කරන්නේ සල්ලි ගරා ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට.......

    ඒ නංගිගේ හිත හදපු එක ගොඩක් හොඳයි. එහෙම වුණා ම මානසික ව වැටෙන එක අහන්නත් දෙයක් නෙවෙයි. ඒත් දුප්පත්කම ඉගෙනීම ට බාධාවක් නෙවෙයි. ඒ ගරහපු අය ට පේන්නත් එක්ක, මනුස්සකම අඳුර ගෙන, හොඳ ට ඉගෙන ගන්න එයා ට ශක්තිය දෙන්න.....

    ReplyDelete
  19. @ ලහිරු
    ඒක නේන්නම් මමත් ගෙවල නැහැ ඔච්චරනම්

    ------------------------------------------------------------------------------------------------

    @ දේව්දාස්
    හ්ම්ම් ඔව්, ගුරුවරු නෙමෙයි , මට මේ කතාව ඇහුන වෙලේ මාර තරහක් ආවේ.. මොනා කරන්නද දෙව් කියුව වගේ මිනිස් වර්ගෙට අයිති නැති කෙනෙක්...

    ------------------------------------------------------------------------------------------------

    @ Sabith
    ඉක්මනින් පොස්ටුව පලකරන්න සහෝ

    ------------------------------------------------------------------------------------------------

    @ මධුරංග
    ඔව් අයියේ, මම දන්නා ගුරුවරුත් ඉන්නවා ෆ්‍රී කාර්ඩ් දෙනවා,

    ------------------------------------------------------------------------------------------------

    @ අසරණයා
    ඔව් ගොඩාක් දෙනා එයාගේ හිත හැදුවා, එත එයා තම පන්ති යන්න පටන් අරගෙන නැහැ වෙන කොහේටවත්... එකත ඉක්මනින් කරවන්න ඕනා, තව මාස 6 යි එයාගේ විභාගෙට

    ------------------------------------------------------------------------------------------------

    @ gim
    කාරණය නම් සහතික ඇත්ත, මෙතන බොරු කියෝලා වැඩ්ඩේක් වෙන්න නම මට උවමනාවක් නැහැ, නම් ගම එත් මම හෙළි කරන්නේ නැහැ, මොකද ඒ කියපු පාසලේ ඒ ගුරුවරියගෙන් මමත් අකුරක් හරි ඉගෙනගෙන තියෙන නිසා..
    ------------------------------------------------------------------------------------------------

    @ Kasun
    ඒක ඇත්ත, ගුරුවරු කියල ඉන්නේ බොහොම අතලොස්සයි, අනිත් ඔක්කොම ටියුෂන් කඩ දාගෙන, සමහර ගුරුවරු ඉස්කෝලේ අයිස් ගහලා ටියුෂන් එකේ උගන්නනවා, ඉස්කෝලේ උගන්නවට වඩා දස දහස් ගුණයක් හොදට, මොකද සල්ලි ලැබෙනවනේ කුට්ටිය පිටින්,,

    ------------------------------------------------------------------------------------------------

    @ දිල්
    ඔව් අක්කේ කතාව සියට සියක් හරි

    ------------------------------------------------------------------------------------------------

    @ ලොකු පුතා
    ඔව් අයියේ මම බැලුවා, මම හිතුවේ ඔයාට මග ඇරෙන්න ඇතිය කියලා, සමාව ඉල්ලන්න එපා,ඕක මොකක්ද.
    සමහර බ්ලොග් සහෝදරයෝ කමෙන්ට් වලට රිප්ල්ය් දාන්නේ නැති අය ගොඩාක් ඉන්නවා, ඒවාට නම් මට ගොඩාක් දුක හිතෙනවා. ඒ අය කාගේවත් ඒවලට කමෙන්ට් දාන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ ඒ ඇයි කියලා.

    ------------------------------------------------------------------------------------------------

    @ සයුරි
    ඔව් සහෝදරි මමත් මේ වගේ ගුරුවරයෙක් ගැන ඇහුවමයි, එකයි පොස්ට් එකක් පවා දැම්මේ,. :(((

    ------------------------------------------------------------------------------------------------

    ReplyDelete
  20. @ විසිතුරු
    ගුරු නමින් වෙසෙන අමනුෂ්‍යයෝ
    ----------------------------------------------------------------------------------------------------

    @ සුදු හංසි
    හ්ම්ම් ඔව් ඒ නංගිලා කට්ටියම දැන් ඒ පන්තිය නවත්තලා. ෆ්‍රී කාර්ඩ් දෙන ගුරුවරු ඕනතරං ඉන්නවා ;;

    ------------------------------------------------------------------------------------------------

    @ ChammA
    එකනේ, සති 4 න් 4 ලු ගාස්තු අය කරන්නෙත්, මහා ජරා ජාතිය, :/
    ------------------------------------------------------------------------------------------------


    @ Observer එකනේ අර ගෑනි තවත් ලජ්ජා නැතුව කියලනේ ගේ තට්ටු 5 ක් කියලා :/

    ------------------------------------------------------------------------------------------------

    @ මහි
    ඔව් සහතික ඇත්ත, හොද ගුරුවරු කොච්චර ඉන්නවද.. ඒ නංගි හොදට ඉගෙනගන්න පුළුවන් ළමයෙක්, අනිවාර්යෙන් ඒ ශක්තිය එයාට දෙන්න ඕනා.. උන්ට පෙන්න ඉගෙනගන්න කියලා.

    ReplyDelete
  21. සිංහල හා ඉංග්‍රිසි භාෂෘ දෙකේම ගුරැවරු හරියට වැඩේ නොකරයි නම් පොඩි අකුරක් වෙනස් වෙයි
    ගුරුවරු-ගුරු හොරු
    Teacher - Cheater
    ඉතින්...

    ReplyDelete
  22. දැන් වැඩි හරියක් ඉන්නේ ළමයින්ගේ සල්ලි වලින් තට්ටු ගෙවල් ගහන ගුරුවරු තමා...

    ReplyDelete
  23. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු..මට බින්දුවෙ පංතියේ ඉගැන්නුවේ අම්මා..13 වසරෙදි අන්තිමට ඉගැන්නුවේ තාත්තා..පුදුම දෙයක්...හැබැයි ඒ කාලේ ටියුශන් එච්චරම නෑ...මම ටියුශන් පංති ගියෙත් නෑ..ඒ ගොල්ලා ලමයි වෙනුවෙන් මහන්සි වෙච්ච හැටි මම ඇස් දෙකෙන්ම අවුරුදු ගානක් දැක්කා...දැං නවීන ක්‍රමත් එක්ක ටියුශන් කතාන්දරෙත් එක්ක මනුස්සකම යට ගිහිල්ලා සල්ලි උඩ ඇවිල්ලා....හැම දෙයක්ම සල්ලි වලට යටවෙලා..ආදරෙත්..මේ ඔක්කොම මට් අත් දැකීමෙන් උන ඒවා .....

    ReplyDelete
  24. ඔය වගේ එවුන්ට අපිනම් කියන්නේ කාලකණ්නි කියල... මුන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි අපි ඉගෙනගෙන ඊට වඩා ඉහළට යන එක.

    ReplyDelete
  25. හෆ්ෆෝයි ඔහොම සල්ලි මත්තෙම නැහෙන්න හදන අයට ගුරුවරු කියන්න බෑනෙ.. එහෙම අය හුගාක් ඉන්නෙ අද සමාජෙ. ඉස්සරනම් එහෙම නෑ..ගුරු වෘතිය කියන්නෙ හරිම ගෞරවණීය වෘතියක්කේක සල්ලි වලට විකුණන එක හරි කැතයි...

    අපි දන්න ගුරුවරු උන්නා ළමයින්ව ගෙදර ගෙනිහින් නවත්වගෙන ඉගනගන්න උදව් කරපු...එහෙම ගුරුවරු දෙවිවරු..

    මෙච්ච්ර ගානක් ගන්න එක අසාධාරනයි.

    ReplyDelete
  26. හැබැයි ඉතින් ඔහොම ගුරුවරුන්ට තට්ටු ගනන් ගෙවල් ගැහුවත් යාදෙන්නෙ නම් නෑ වර්ණා..සල්ලි ගෙවල ඉගෙන ගන්න කැමතිනම් ඉගැන්නුවට වරදක් නෑ..අපි හැමෝම සල්ලි හම්බ කරන්න කැමතීනේ..ඒත් ඉස්කෝලේ උගන්නන්නැතුව ටියුශන් කඩේ උගන්නන එක නං සහ ගහන අපරාධයක්.. :(( ඒ මදිවට ඔහොම හිතක් පපුවක් නැති ගුරුවරු නම් කිසිම කමකට නෑ.. :((

    ReplyDelete
  27. එත් ලංකාවේ සාක්ෂරතාවය 90 ට වැඩි... මටන නිකන් පිස්සු වගේ..

    නියම පොස්ට් එක අක්කේ

    ReplyDelete
  28. කොහොමත් ටියුෂන් ගුරුවරු ගුරුවරු කියල කියන්න බැහැනේ..මම නම් එයාලා බිස්නස් කරන අය කියලයි හිතාන ඉන්නෙ..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මුදලාලිලා වුනත් කස්ටමර්ස්ලට හොඳට සලකවනේ..සල්ලි මදිනම් පොතටවත් දානවා...!!

    ReplyDelete
  29. @ ළහිරු හිමේෂ්
    එකනේ.. එකත එකසමානයිනේ.. හිහි. තව මොන කතාද සහෝ.


    @ prasanna86k
    අනිවා ඔව්,, දැන් ගොඩාක්ම පොහොසත් ටියුෂන් ගුරුවරුලු


    @ රෙෂාන් Chathuranga
    හ්ම්ම් හ්ම්ම් අනේ මුන්වැ දෙවියොම බලාගනී...


    @ ඔබ නොදු‍ටු ලොවක්
    හ්ම්ම් හ්ම්ම් ආදරේට සල්ලි බලපාන එකනම් අපරාදයක් :(((( එහෙම පුලුවන්ද මිනිස්සුන්ට කරන්න, සල්ලි වලින් මනින්න බැහැ ආදරේ. එහෙම මනින අය කවදාවත් ආදරේ කරන්න දන්නේ නැහැ.



    @ පැණි දොඩම්
    ඔව් ඉගෙන ගෙන හොද තැනකට එන ඒක තමයි දෙන්න පුළුවන් දඩුවම



    @ හිතුවක්කාරි
    නැතුව, මම දන්නා ගුරුතුමෙක් ඉන්නවා, ගොඩක් ළමයින්ට නිකන් උගන්නන්නේ, ඕනෑම වෙලාවකට ඇවිත් පාඩම් අහගන්න කියලත් කියනවා, ඉතින් අපි සමහර වෙලාවට එහෙ ගියාම දකිනවා මහා රෑටත් ළමයි එනවා පාඩම් අහගන්න, සත 5 ක් නෙමෙයි ගන්නේ, එහෙම කෙනෙක් මගේ මාමා උන ඒක මට ලොකු ආඩම්බරයක්,


    @ මකුළු පැංචි
    එකනේ අක්කේ, ඕවා යාදෙන්නේ නැහැ, ඉස්කෝලේ උගන්නන්නේ නැහැ , ටියුෂන් වල උගන්නනවා... මාර උදවිය.

    @ රහස් පරික්ෂකයා
    ලංකාවේ සාක්ෂරතාවය 90 ට වැඩි උනාට ඔක්කොම යටයි සල්ලි වලට මල්ලි..


    @ රූ
    එකනේ,, නයක්වත් දෙන්නේ නැහැනේ මේ ගුරුවරයා,

    ReplyDelete
  30. මම ක්ලාස් යද්දි නම් ඔච්චර ගනන් නෑ... ඒත් ඒ හිටපු කිසිම ගුරුවරයෙක් සල්ලි නෑ කියල ඒ ළමයව පන්තියට නොගෙන ඉදල නෑ.. පුද්ගලිකවම ඒක දන්නවා.

    4000ක් මාසෙකට... කොහොමද මිනිස්සු කරන්නෙ...අනේ මන්ද... ළමයි හුඟක් එන ක්ලස් වලත් ඔච්චර ගන්නවද ? මම ඒ ලෙවල් කරද්දි ග්‍රූප් ක්ලාස් එකෙත් 300 යි ගාන. 2003...

    ReplyDelete
  31. blog eka remove karala kiyala thibune.. man beluva mokakda varna akkita vune kiyala.

    ReplyDelete
  32. @ පිස්සා පලාමල්ල
    හ්ම්ම් ඔව් මටත් පුදුම හිතුනා ඔච්චර සල්ලි ගන්නවා කියුවම,

    @ අනෝ
    හිහි, ඔව් බ්ලොග් එක අතුරුදහන් වෙලා තිබුනනේ. නිසුපා අක්කා කියලා දුන්නා ආපහු හදාගන්න විදිය :))) දැන් හරි :)))

    ReplyDelete
  33. ඉතිං අනේ සාමාන්‍ය පංතියකට ගිහිං ඒක ඉංග්‍රීසිවලට පරිවර්තනය කරන්නනෙ තියෙන්නෙ. මගෙ යාලුවොනම් කලේ එහෙමයි.

    දැන් ඔය වගේ ගුරුවරු සුලබයි. :(

    ReplyDelete
  34. මට ඔහොම දෙයක් උනා නම්, මම කරන්නෙ තව තවත් ධෛර්ය්‍යමත් වෙන එක.
    ජීවිතේ කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ.
    දන්නවද, මට පලවෙනි සැරේ උසස් පෙළ භෞතික විද්‍යාවට තිබුනෙ S සාමාර්ථයක් විතරයි. අන්තිමට මම නතර වුනේ භෞතික විද්‍යා විශේෂ උපාධියක් පංති සාමාර්ථයකුත් එක්ක නිම කරල. උසස් පෙල කරන කාලෙ පුංචි පුංචි සිත් රිදවීම් ඇතිඋනාම මම කලේ, තව තවත් ධෛර්‍යමත් වෙන එක.

    ReplyDelete
  35. @ සීතල අයියා
    ඔව් ගොඩාක් අය එහෙම කරනවා. හ්ම්ම්


    @ nishuoc
    ගොඩාක් සතුටුයි අයියගේ සාර්ථකත්වය ගැන, ඔව් තමන්ට අභියෝග ආවම ඒවාට නොසැලී මුහුණ දෙන්න ඕනා, එතකොට තමයි අපි දිනුම් වෙන්නේ..

    ReplyDelete
  36. ගුරුවරු නෙමේ ගුරු හොරු තමා මෙයාල. කොහොම නමුත් දැන් හැම්දේම විකුණාගෙන කන්න උත්සහ කරන සමාජෙක අධ්‍යාපනේට විතරක් බේරිලා ඉන්න අමාරුයි. දිසාපාමොක් වගේ ආචාර්යවරු දුලබයි

    ReplyDelete
  37. @ Hasitha
    සහතික ඇත්ත, හැමදේම විකුණගෙන කන රට

    ReplyDelete
  38. අපරාදේ කියන්න බෑ මට හමු වුණු ගුරුවරු ඒ අතින් නම් දෙවි වරු වගේ.. මුදල් අපහසුතා තියෙන අයට තමන්ගේ විෂයය විතරක් නෙවෙයි, අනෙක් විෂයනුත් නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව සලසලා දුන්නා.. ඒ අතින් මම නම් වාසනාවන්තයි.. ඒත් මට එහෙමයි කියල සතුටු වෙන්න පුළුවන් ද?

    ReplyDelete
  39. සිරාවටම ඔච්චර ගානක් ගන්න,,ඔය තරම් පහත් ගුරුවරයෙක් ගැන ඇහුවමයි මේ..
    උන්ට ඉතින් ගුරුවරු නෙවෙයි වෙන මොකක් හරි කියන්න වෙනවා..
    අපිට මිනිස්සු හදන්න බෑනේ..මොනවා කරන්නද..
    අර නංගි නම් හරි පවු..කොච්චාහ්ර දුකක් හිතෙන්න ඇද්ද?..

    @N J - උඹ ඔය කියන අයගෙන් එක්කෙනෙක් ජනක සර් වෙන්න ඇති නෙ මල්ලි?

    ReplyDelete
  40. @ Najath Akram
    හ්ම්ම් සමහර ගුරුවරු ඉන්නවා එහෙම . බය නැතුව කියන්න පුළුවන් පුස්සැල්ල සර් සහ තිස්ස සර් මම දන්නා අයගෙන් දෙන්නෙක්.


    @ ගිනි කුරුල්ලා
    හ්ම්ම් ඔව් ඒ ඇයට කියන්න ඉතින් වෙන නමක් තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
  41. නියම කතාව. සමාජෙ හදන්න බැහැ. ගොඩක් මිස්ලා සර්ලට වඩා දරැණුයි ඒකයි ඇත්ත. ඕව විදවන කාලෙට එයාලා විදවයි.

    වර්ණාට ජය...

    ReplyDelete
  42. හ්ම්ම් ඔව්
    ඕවාට එලොවේදී තමයි විදවන්න වෙන්නේ.

    ReplyDelete