Friday, December 9, 2011

අකම්පා

කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න බැරි වුනා මොකද වර්ණා දැන් ටිකක් කාර්යබහුල වෙලා. අලුත් රැකියාව, අලුත් මුහුණු, අලුත් රාජකාරි. වගකීම් කියන දෙයක් ඔලුවට ඇවිල්ලා නිසා නුහුරු දිවි පෙවතක් මේ දවස් වල මම ගතකරන්නේ. රාජකාරිය දේවකාරිය කියලා කියමනක් තියෙනවානේ, ඒ කියමනට සාධාරණයක් ඉෂ්ටකරන්න මම ඉතින් රාජකාරිය අකුරටම ඉටු කරනවා. කාලය කොච්චර හිග උනත් මම මගේ හිතවත් බ්ලොග් මිතුරන්ගේ බ්ලොග් අඩවි වල පොස්ට් බලන එකනම් අමතක කලේ නැහැ, :)))  


                                                                 අද වර්ණා වැඩට නොගියේ අද තරමක් වර්ණා ට අසනීප ගතියක් දැනුන නිසා, හෙම්බිරිස්සාව සමග උගුරේ රිදිල්ලෙන් පටන් අරගෙන දවල් උනත් සමග වමනය යාම නිසා හවසට බෙහෙත් ගන්න යන්න තමයි ඉන්නේ. එත් ඉතින් කොච්චර කාර්යබහුල උනත් , අසනීප තිබුනත් හිතේ හැමවෙලේම කැකෑරෙන අමිහිරි වේදනාවන් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසාමයි මම පොස්ටුවක් ලියන්න කියලා ගොඩවුනේ. එත් මේ දුක හිතෙන මගේ අත්දැකීමක් නම් නෙමෙයි, නමුත් පොතක් ගැන. මුණු පොතේ අර ගොඩාක් කමෙන්ට්ස් යන පොස්ට් එකක් තිබුනේ BMICH book fair යන්නේ කව්ද කියලා අහලා, අන්න එකට මමත් ගියානේ. එහෙදි මගේ සිත ගත්ත පොතක් ගැන තමයි මේ කියන්න යන්නේ.


මනෝරි සිලිකා වික්‍රමාරච්චි නමින් මගේ ප්‍රියතම නවකතාකරිනිය වන අතරම ඇගේ බොහෝ පොත් ප්‍රමාණයක් මා විසින් කියවා නිමකර තිබේ. එයිනුත් නේත්‍රා කියන පොත අප පන්තියේ සැම දෙනෙක්ම  අතින් අතට පාස් කරගෙන කියවපු ඇගේ මම ආසමකරන නවකතාවක්. 
ඇගේ පොතක් වන අකම්පා ගැන තමයි මම මේ කියන්න යන්නේ.  ගෙනාපුම දවසේ එක හුස්මට කියවලා දැමු අතරම විසි තිස් පාරක් ඇස් තෙත් වන්නටද ඇති. ඔයාලත් අරගෙන කියවන්න, අකම්පා, ගෑනු ලමයෙකුගේ ජීවිතේ අපායක් කල පිරිමි ගැන කියවෙන කතාවක්. ආදරේ අහිමිව දුක් විදපු පෙම්වතියකගේ කතාවක්. ...


 ඔන්න එහෙනම් මම බෙහෙත් ගන්න ගියා,, ටටා..

26 comments:

  1. ඉක්මන් සුවය පතමි..කතා පොත නම් අරන්ම බල්නෝනැ..

    ReplyDelete
  2. ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි!! .මේ පොස්ට් එක පිරිමිට රිද්දන්න නෙවෙයිනේද දැම්මේ !!

    ReplyDelete
  3. නගාට ඉක්මන් සුවය පතනවා...!!

    ඔය නේත්‍රා කියන කතාව ඉස්සර තරුණයා පත්තරේ ගිය කතාවමද දන්නේ නැහැ
    මට මතක නැහැ පත්තරේට ඒ කතාව ලියපු කෙනාගේ නම
    ඒකෙ තියෙන කතාවේ විදිහට නේත්‍රා කියන කෙනා සහ xxxx(කොල්ලගේ නම මතක නැහැ) සහ එයාගේ තාත්තයි අතර සිදුවෙන තුන්කොන් සිදුවීම් පෙළක් :((

    මමත් පොත් බලන්නනම් පිස්සෙක්....
    මගේ ගාව ලොකු කබඩ් එකක දාල එකතු කරන පොත් එකතුවක් තියෙනවා
    ගොඩක් තියෙන්නේ පරිවර්තන, පොත් 400 ට වැඩිය තියෙනවද කොහෙද
    වනජීවී සම්බන්ධව ලියවුනු පොත්පත් ඔක්කොම වගේ තියෙනවා
    දැන් මේ කබඩ්එක ලොක්කරලා තමයි තියෙන්නේ, නැත්නම් පොත් පැනල යනවා, එහෙම ගියාම ආපහු එන්නේ නැහැනේ, ඒකනේ ප්‍රශ්නේ :))

    කියන්නත් ලැජ්ජයි තවම අතවත් තියපු නැති පොත් 50 ක් 60 කුත් තියෙනවා මගේ පොත් එකතුවේ :))
    සමහර පොත් මම විසි තිස් වතාවක් කියවල ඇති.
    මේ විදිහට මම ආසාවෙන් නැවත නැවතත් කියවපු පොතක් තමයි මැක්සිම් ගෝර්කිගේ "මිනිසුන් අතර" පොත... චින්ගීස් අයිත්මාතව් ගේ ගුරු ගීතය පොත බලල මොනතරම් දුක්වෙන්න ඇතිද. ජමීලා එක්ක තණබිම් ඔස්සේ කොයි තරමක් දුරක් යන්න ඇතිද
    "වානේ පන්නරය" ලබපු හැටි, "රතු හිම" රතු වෙච්ච හැටි, බල්ලෙකුගේ හදවත, "ටොම් සෝයර්"(රානි රණතුංග රාජපක්ෂ පරිවර්තනය) එක්ක ගල් ගුහාවේ හිර උනාට පස්සේ කොයි තරම් බයෙන්ද හිටියෙ එලියට එන්න බැරි වෙයි කියලා, "හකල්බරි ෆින්" එක්ක ටොම් තරම් රසවත් නැති උනත් වීරකම් කීයක්නම් කියල කලාද,

    රුද්‍රප්‍රයග්හි ව්‍යාඝ්‍රයා, සිවානිපල්ලි කළු දිවියා, ට්සාවෝහි මිනී කන්නෝ, තිත් රකුසිය, ඉන්දියානු වනකතා, පොවල්ගාරයේ තනිකඩයා, කුමාඕහි මිනීකන්නෝ, වගේ පොත් වල හිටපු ජිම් කෝබට්, කෙනත් ඇන්ඩර්සන් එක්ක ජිවිතේ පවා පරදුවට තියලා කොයි තරමක්නම් දඩයම් ගමන් ගිහින් තියෙනවද
    ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර මහත්තය එක්ක එයාල කරපු (පස්සේ චන්දන මෙන්ඩිස් එක්ක) හැම රහස් පරීක්ෂණ කටයුත්තකටම සහභාගී උනත් එක්ක.
    තව කී දෙනෙක් කියල කියන්නද

    ඒත්, මගේ ගාව දැන් මේ එක්කෙනෙක්වත් නැහැනේ
    ආපහු ලංකාවට ගියාම රස්සාවක් කරන්නේ නැතුව ටික කාලයක් ඉන්න ඕනේ, ජිවිතේ ආපහු පරණ ට්‍රැක් එකට දා ගන්න ඕනෙ :))

    ReplyDelete
  4. හිතේ තියෙන අමිහිරි වේදනාවන්ම තමා කවදාක හරි මිහිරි මතක වෙන්නෙත් අක්කා / නංගි ( මම හිතන්නේ මට අක්කා වෙන්න ඕන :) )

    ලෙඩ දුක් ඉක්මණටම සුව වේවා..

    ReplyDelete
  5. හ්ම්ම්. දැන් නම් පොත් කියවෙන්නෙම නෑ නගෝ. බේත් ගත්තද? නගාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  6. මම පොත් කියවන්නෙ නැතෝ. :P
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  7. @ ලොකු පුතා,
    සඳහන් කරල තියෙන පොත් සමහරක් මං කියවල තියෙනව, ජිම් කෝබට් ගෙ නම් ඔක්කොම ටික.

    ReplyDelete
  8. ඉක්කනට සනිප වෙන්ඩො......ආ..ඉටපස්සේ වැඩට යන්ඩ....

    ReplyDelete
  9. ඉක්මනටම බේත් අරගෙන හොද වෙන්ට නංගි.
    අර කිව්වත් වගේ පොත ලස්සන එකක් වෙන්ටෑ. කියවලා බලන්න ඕනා.

    ReplyDelete
  10. @ රූ
    හ්ම්ම් ඔව් අක්කේ බලන්න

    @ අසරණයා
    රිද්දගන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  11. @ ලොකු අයියා
    ඒ නේත්‍රා කතාව උපුල් ශාන්ත සන්නස්ගල සර් ගේ නේද අයියේ. මම ඒ පොත කියවලා තියෙනවා මතක හැටියට 3 න් පාරක් වගේ, පත්තරේක ගියා කියලනම් මතකයක් නැහැ, තාත්තයි පුතයි කෙල්ලෙකුයි අතර තුන කොන ප්‍රේමයක් තමයි, තාත්තටත් පුතාටත් දාව ළමයි දෙන්නෙක් හම්බෙන්නේ ඒ කතාව අසාමාන්‍ය කතාවක්.
    මම කියන නේත්‍රා එක නෙමෙයි ලොකු අයියේ,

    මමත් ඔයා කියපු පොත් ගොඩාක් කියවලා තියෙනවා, ඊට අමතරව බොලද පෙම්වතියක් වෙලා හිටපු කාලේ මහා ගොඩාක් නවකතා පොතුත් කියෙව්වා.දැන් නම ඕනා එකක් කියවනවා. පුස්තකාලේ ලේකම් විදියට මම දැන් මුළු පුස්තකාලේම කියවමින් යනවා.. මමත් ගොඩාක් ආසයි පොත් කියවන්න,

    මගේ බ්ලොග් එකේ දිගම කමෙන්ට් එක දැමීම ගැන ගොඩාක් සතුටු වෙනවා මම. :)))

    ReplyDelete
  12. @ ChammA
    හ්ම්ම් සමහර මතක මිහිරි වෙන්නේ නැහැ සහෝ. මම හිතන්නේ ඔයා අයියා. මට 21 යි.

    @ Kasun
    බෙහෙත් නම් ගත්තා අයියේ, ඒ මොකෝ පොත් කියවන්නේ නැත්තේ? පොත් කියවන එක නතර කරන්න එපා..

    ReplyDelete
  13. @ සීතල අයියා
    ඒ මොකෝ පොත් කියවන්නේ නැත්තේ? පොත් කියවන අය හොද ළමයි, අනිත් අය නරකයි, ඔව්

    ReplyDelete
  14. @ Observer
    හොදයි සතුටුයි, මමත් කියවලා තියෙනවා

    @ Raj
    හා හොදමයි,, :)))

    @ මධුරංග
    හ්ම්ම් ඔව් අයියේ, පොත ලස්සනයි. මෙහෙමත් ගෑනු දුක විදිනවද කියලා හිතෙනවා'

    ReplyDelete
  15. මේ පාර පොත් ප්‍රදර්ශනේට ඩියුටි ගිය වෙලාවේ නෝනිත් එක්ක ඇවිත් ගත්ත පොත් අතර අකම්පා පොතත් තිබුණා. ඒක ගත්තේ නම් මම නෙවේ, නෝනි. එයා මනෝරි සිලිකාගේ පොත් වලට ආස නිසා...

    මම අකම්පා කියෙව්වේ ගෙනල්ලත් මාසයක් දෙකක් ගියාට පස්සේ... ඇත්තටම වර්ණා කිව්වා වගේ හොඳ පොතක්... කතුවරියගේ අනෙක් පොත් වලට වඩා වෙනස් ආරක පොතක්... සමහර ගැන ටිකක් සයිකෝ වගේ... කොහොම වුනත් නීරස නැතුව එක දිගට කියවගෙන යන්න පුළුවන් අමුතුම ආකෘතියේ පොතක්...

    ජංජාලේ කැරකුණාට ලෙඩ හොඳ වෙන්නේ නෑ බොල ! බෙහෙත් ටිකක් බිව්වොත් හොඳා !!! අනේ නෝනිටත් සතියක ඉඳන් සෙම ! කොහෙද මේ ගෑනු එකෙක් වත් කියනදෙයක් අහලා බේතක් කරන්නැති හැටි !!!

    ReplyDelete
  16. ඔව් ඔව් නංගි, ඒ කතාව තමයි
    මටනම් ඒක ටිකක් නෙමෙයි ගොඩක්ම නීරස වෙලා බලන එක ඇතඇරලා දැම්මා.
    මම ආදර නවකතා බලල තියෙන්නේ බොහොම ටිකයි
    පුස්තකාලේ තියෙන පොත් ඔක්කොම බලන එකනම් මරු වැඩක් තමයි...

    @ Observer
    අයියත් ජිම් කෝබට්ගේ පොත් වලට කැමතියි වගේ
    මට දුක මේ මිනිස්සු දෙන්නා(කෙනත් සහ ජිම්) තව පොත් ලියපු නැති එක ගැන

    ReplyDelete
  17. පොත නම් කියවලා නෑ නංගී.. බේත් ගත්තද??

    ReplyDelete
  18. ඉක්මණට සුව වෙන්න ප්‍රර්ථනා කරනවා...!
    අක්කේ ටිකක් දේව්දාස් ‍ෆිල්ම් එක නෙවෙයි, කතා පොත කියවන්න. ඔය කියන දේ අනිත් පැත්තත් තෙරෙවි..

    ReplyDelete
  19. ෂා ඔයානම් මාර වාසනාවන්තයි පුස්තකාලෙක ඉන්නවා කියන්නෙ කොච්චර පොත් කියවන්න පුලුවන්ද?? :((( අපිට ඉතිං එහෙම චාන්ස් නෑ නෙ නංගි.පුස්තකාලෙකට බැදිලා පොත් ගන්න තරම් වෙලාවකුත් නෑ.ඉතිං අරගෙනම තමා කියවන්නෙ.තව යාලුවන්ගෙන් ඉල්ලගෙන කියවනවා.

    දැන් අපේ ගෙදර පොඩි පුස්තකාලෙකට පොත් තියෙනවා.ඒ ටිකට නොම්බර එහෙම දාලා පිලිවෙලක් කරන්නයි ඉන්නෙ නංගියි මායි දෙන්නත් එක්ක.

    ReplyDelete
  20. මේ ඔක්කොටම ඉස්සෙල්ලා සනීප වෙලා ඉන්න.කොම්පීතරේ දිහා බලාගෙන ඉදලා ලෙඩ වැඩි කර ගන්නකො..

    ReplyDelete
  21. අනේ මන්ද නගෝ මට කියවන්න මාර කම්මැලියි. බ්ලොග් වුනත් කියවන්නේ ගොඩක් අඩුවෙන්.

    ReplyDelete
  22. @ Chathuranga

    අයියව සාදරයෙන් පිලිගන්නවා..හ්ම්ම් ඔව් අයියේ, එක වෙනස්ම ආකාරයේ පොතක්. අපේ අම්මි එක කියවලා මට කියුවා ආපහු මේ වගේ පොත් ගන්න එපා කියලා. එයාට අකමැතිලු, අනේ මටනම් එහෙම නැහැ.
    ගෑනු කවද්ද හිතෙන දේ කියුවේ හිකිස්‌. බෙහෙත් ගත්තෝ.. හිහි.


    @ ලොකු පුතා
    ඔව් අයියේ එක ටිකක් නෙමෙයි ගොඩක්ම සයිකෝ. හිහි. එහෙම දේවල් වෙන්නේ නැහැ නේද සාමාන්යෙන්. අනේ මන්ද ,,

    @ Dinesh
    අයියට ඒ පොත ගන්න බැරි උනොත් මම ඔහේ ආවම දෙන්නම්කො. ඔව් ඔව් බෙහෙත් ගත්තා..

    @ රහස් පරික්ෂකයා
    මොකක් දේව්දාස් පොතක් තියෙනවද? අපේ දේවදාස් මල්ලිගෙන් අහමුකෝ එහෙම පොතක් තියෙනවද කියලා හිහ


    @ නිසුපා
    අක්කා ආපු එක ගොඩාක් සතුටක් මට, හ්ම්ම් ඔව් අක්කේ කාලයක් මම මුකුත්ම නොකර ඔහේ හිටියනේ, ඒ කාලේ මට පොත් කියවන්න පුරුදු කළා, අපේ ගෙවල් ලගමයි මහජන පුස්තකාලය, මම පොත් කියවන්නන ආසම නැති කෙනෙක් ඉස්සර, එත් දැන් නම් හැමවෙලම වගේ කියවනවා.
    ඔව් ඔව් අක්කේ, බෙහෙත් ගත්තා දැන් හොදයි,,, හ්ම්ම් :)))

    @ Kasun
    කම්මැලිකමට පුරුදු වෙන එකනම් හොද නැතෝ..

    ReplyDelete
  23. ඔව් පොතක් තිනවා... මන් ගාව නම් තිනවා...

    ReplyDelete
  24. මේවා පිරිමින්ට මඩ ගහන්න ලියපු පොත් ද කොහෙද...මම පිටකවරෙන් හිතුවේ....ඒක නෙමෙයි බෙයියං බිව්වද.....

    ReplyDelete
  25. මටත් පොත් පිස්සුව නම් අහස උසට.දැන් හැම පඩියටම පොතක් ගන්නවා. මේ දවස් වලට සීතලටද කොහේද මගෙත් බටර් පෝලිම නම් තියෙනවා. ඒත් ඉතිං දෙයිය‍නේ කියලා පස්පංගුවෙන් ‍බේරිලා ඉන්නවා.
    අසනීප වුනත් වැඩ කරන්න ඕනනේ ඉක්මනින් ‍බෙහෙත් බීලා සනීප වෙන්න.

    ReplyDelete
  26. @ රහස් පරික්ෂකයා
    හොදයි මම බලන්නම්කෝ

    @ ඔබ නොදු‍ටු ලොවක්
    මේක නෙමෙයි පිටකවරේ. පොත් මේ වෙද්දී මගේ යාලුවෙක් ගාව. ඒ නිසා පින්තුරයක් ගන්න බැරි උනා. හි හි, අනේ ඔව් කොල්ලන්ට මද ගහන්නම වැඩේ :/
    ඔව් ඔව් බෙයියං බිව්වා. දැන් හොදයි.

    @ බට්ටි
    මටත් අම්මි හදලා දුන්නා කොත්තමල්ලි, දැන් හොදයි.. :)))

    ReplyDelete