Saturday, December 10, 2011

කොහොමද මුණ

මම ඉතින් සතියක් යනකම් බෙඩ් රෙස්ට් නිසා ඉතින් ගෙදරම තමයි. අපේ අම්මාගේ පරම්පරාවේ ඉන්නේ ගෑනු ළමයි 3 න් දෙනයි. මම තමයි වැඩිමල් :)) අනිත් එකා 11 වසරේ, පොඩි එක්කෙනා 5 වසරට සමත්. ඉතින් මේ දෙන්නා අද ආවා මගේ ලෙඩ බලන්න. ඉතින් කෙල්ලෝ 3 න් දෙනෙක් එකතු උනාම හිතාගන්න පුළුවන්නේ. මගේ කාමරේ වැනසුවා.  අනික අපි 3 න් දෙනාගේම කටවල් ලිහිනියි, ඒ නිසා හොදට ඇහෙනවා .හිකිස්‌.
 පොඩි එක්කෙනා ගේ නම පාරමී.ඔන්න ඉතින් අපි එයාගේ පිස්සු පින්තුර වගයක් ගත්තා.  මද්දු නංගි ඒවා ටික පරිගණකය තුලට දැම්මා. මමයි පොඩි එක්කෙනයි ඇදෙ චිත්‍ර ඇද ඇද හිටියේ, ටිකකින් පොඩි එක්කෙනා චු බරයි කියලා ගියා. මද්දු යි මමයි පාරියගේ පින්තුරයක් එඩිට් කොලා. හික් හික්. එක හදලා ඉවර උනාට පස්සේ අපිටත් බය හිතුනා. එයාට කොහොම බය හිතෙන්න ඇද්ද. 
අම්මෝ ටිකකින් මෙයා ආවනේ කාමරේට. අපි පෙන්නුවා ඉතින් මෙන්න පාරි මේ ඉන්නේ ඔයා කියලා,මෙකි කෑ ගැහුවා නේද බයවෙලා. මර ලතෝනි දීලා ඇඩුවත් එක්ක. අපිට ගැහුවත් එක්ක :((( මහම්මේ කියලා කෑගහගෙන ගිහින් අපේ අම්මිටත් අපිව අල්ලලා දුන්නා. :((( අපි පව් නේද.. අන්තිමට එයා කියන දඩුවම ඉෂ්ට කරන්න අපි කැමති උනා, පරාජය පිළිගත්තා, පැය කාලක් දනගහගෙන හිටියා :(((  

බලන්න මේක එතරම්ම කැතද? අපි ඇවිස්සුවේ කොහොමත් ඔයාගේ මුණ මේ වගේ තමයි කියලා ;;හිහි.



34 comments:

  1. හප්පේ මූනු දේකේ වැඩි වෙනසක් නෑ....හික් හික් ....

    ReplyDelete
  2. මොකද්ද පාවිච්චි කරපු ප්‍රෝග්‍රෑම් එක?

    ReplyDelete
  3. මට නම් මේ මූනු දුකම එක වගෙයි කියලා හිතෙනවා. හික්ස් :)
    මොකද්ද මේකට පාවිච්චි කරපු මෘදුකාංගය ?

    ReplyDelete
  4. මම හිතන්නෙ වෙබ් කැම් එකේ effects වෙන්ටෑ...

    ReplyDelete
  5. හොද වැඩ අක්කලාට ඕන නැති වැඩ කරනවට :P

    ReplyDelete
  6. අප්පේ මේකත් මහ ඇට්ටර කෙල්ලෙක් නේ. පව් අර පොඩි එකා.

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක්,
    @ Observer
    @ විසිතුරු
    @ හෙලයෙකුගෙන් ලොවට

    හික් හික් මුණු දෙකේ වැඩි වෙනසක් නෑ නේද? ඒකතමයි අපිත් කියුවේ, කෝ අහනවයැ.. පාවිච්චි කලේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකක්. www.picnik.com

    ReplyDelete
  8. @ ChammA
    අපි පව් නේද හිකිස්‌.

    @ Kasun
    ඔව් අපි අට්ටරයි තමයි බ්ලා බ්ලා බ්ලා :D

    ReplyDelete
  9. @ මධුරංග
    ඔව් ඔව් වෙනසක් නැහැ නේද..
    පික්නික් කියලා එකක් අයියේ,

    ReplyDelete
  10. මමත් මේ දවස් වල පන්තියකට යනවා. ඒකෙදී උගන්නන ඒවා තාම මුලින්මනේ ඇදලා ඉවර වෙද්දී යක්කු වගේ මටම හිනා.

    ReplyDelete
  11. පව් අප්පා පොඩිඑකා...
    කාරණේ ටිකක් ඇත්ත වගේ උනත් ඔව්ව මුණටම කියන සිරිතක් තියෙනවද මං අහන්නේ... :)))

    ReplyDelete
  12. මේ මටත් පොඩි එඩිටින් වැඩ වගයක් තියෙනව...චරිත ඝාතනය ගැන පුලුවං වෙයි නේද ස්තුතී...හික්

    ReplyDelete
  13. පිස්සු හැදෙනවා.. වර්ණාටත් හිතෙන දේවල්!!!

    ReplyDelete
  14. @ බට්ටි
    හිහි එහෙමද..එහෙනම් මීටත් වඩා යක්ෂ පෙනුමක් ඇති.. හිහි

    @ ලොකු පුතා
    හිහි එක තමයි. කාරණේ ඇත්ත වෙච්චි, ඔන්න අද උදේම එයාගේ අම්මි , ඒ කියන්නේ අපේ පුන්චිත් ආවා කෝ බලන්ට මගේ යක්ෂ පැටියාගේ මුණ කියාගෙන. හික් හික්. අරකි මර ලතෝනි දුන්නා ආපහු.


    @ Raj

    හික් හික් පුළුවනි පුළුවනි :)))

    ReplyDelete
  15. @ Nj_A
    එහෙම තමයි මට පිස්සු හික් හික්

    ReplyDelete
  16. හෆොයි මෙහෙමත් අක්කලා, අර පොඩි ඒකිගේ මුනට කරලා තියන විනාසයක්. ඩ්‍රෑකියුලා ගේ නංගි වගේ. හි හි හි

    ReplyDelete
  17. @ රෙප් මහත්තයා
    එහෙම තමයි හොද අක්කලා. :)))

    ReplyDelete
  18. නංගි තවම පොඩි හින්ද අවුලක් නෑ. නැත්තන් ඉතින් අක්කලගෙ ඔය වගේ පින්තුරත් අපිට බලන්න තිබුන. :D

    ReplyDelete
  19. ශෝයි අක්කා.. පොඩි එකාට කරලා තියෙන දෙයක්..

    ReplyDelete
  20. අනේ පව් පොඩි එකා....

    ReplyDelete
  21. මම පිඉයවි සිහියට ආවේ විනාඩි පහක් විතර ගිහිං .. පවු අර සිඟිති පොඩි එකී

    ReplyDelete
  22. ඔයා කියන්නෙ අක්කේ අපේ අම්මගෙ පරම්පරාවෙ ඉන්නෙත් කෙල්ලෝ තුන්දෙනයි..(අපි 3 දෙනාට පිස්සු අය්යලා තුන්දෙනෙක් ඉන්නවා,ඒක වෙනම කතාවක්.)මාත් ඔය වගේ තමයි මම only child හින්දා මගෙ අක්කිටයි නංගිටයි මාත් මාර ආදරෙයි.ඔය වගේ පිස්සුම තමයි කෙලින්නේ අපි සෙට් එක එකතු වුණොත්.එයාලාව හුග කාලෙකින් හම්බ වුණේ නෑ.මේක කියෙව්වට පස්සේ හිතුණා උන්ට කෝල් කරන්න ඕනෙ කියලා..


    ඒකයි මේ පොඩි කෙල්ල නම් පව්...මං වගේ නම් දණ ගස්සලා නතර වෙන්නේ නෑ.

    ReplyDelete
  23. අනේ පව් අර පොඩි එකා...
    අපේ නම් ඉන්නේ කෙල්ලෝම රොත්තක්.. අපේ අම්මිගේ දෙවෙනි මල්ලිට කෙල්ලෝම 5ක්.. ලේසි නෑ.. කොටින්ම කිව්වොත් උන් 5දෙනා නුවර එනවට අපේ අහල පහල ගෙවල් වල මිනිස්සුවත් කැමති නෑ.. ඒ තරමටම ශාන්ත දාන්ත ළමයි ... හිකිස්..

    ReplyDelete
  24. අපෝයි... අර මූණ දැක්කම අපිත් බය වෙනවානේ යකඩෝ... පොඩි එකී ඉස්පිරිතාලේ නොගිය එක ඇති...!!!

    තමන්ගේ සෙට් එක...! අපේ අම්මලගේ පැත්තේ පවුල් තුන (අපේ පවුල - නංගී හා මම, සහ මාමලා දෙන්නගේ පවුල් දෙක) තමයි ලඟින්ම ආශ්‍රය කරන්නේ... බැඳපු ජෝඩු වල උදවියත් එක්ක අපේ සෙට් එක 12 ක්... ඉස්සර ඉඳන්ම අද වෙනකල්ම අපි සෙට් වුනාම පොඩි වුන් වගේ තමා...!

    ReplyDelete
  25. ඔයාගේ ඒ නංගිලා බ්ලොග් ලියන්නේ නැද්ද?.මොකද ඔයාගේ පොටෝ එකක් බලාගන්නත් පුළුවන් නේ.එත් ඒ නංගි ඔයාගේ නැ කෙනෙක් නිසා වැඩි වෙනසක් නැතුව ඇති නේ. හික් හික් හි .............

    ReplyDelete
  26. @ රුචා
    හ්ම්ම්ම් එකනේ. එයාලට හදන්න බැරි නිසා දැන් , අපි මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනි.

    @ Dinesh
    අනේ මම ෂෝයි ද? තැන්ක්ස් :)))

    @ නිසුපා
    පව් නේද ? මටත් හිතුනා ව් කියලා, හිහි

    @ හිස් අහස
    සදරු අයියාව සාදරයෙන් පිලිගන්නවා.
    ඉතින් අපිත් අසරණයි තමයි. අපේ හිත අපිට කියන දේ නොකලොත් හිත අපිත් එක්ක තරහ වෙනවානේ. :(((

    @ ඇනෝ
    හ්ම්ම් මරුනේ. කොච්චර අවිස්සුවත් අපි 3 න් දෙනාට 3 න් දෙනා නැතුව බැහැ.

    @ Ice
    අම්මෝ 5 ක්? හිහි. මෙහෙත් එහෙම තමයි, සද්දේ ඉතින් අහල පහල ගෙවල් වලටත් ඇහෙනවානේ. හිහි

    @ අම්මෝ 12 ක්, වැඩි වගේ හිහි. එහෙම තමයි අයියේ, හැම ප්‍රේමේකටම වඩා සහෝදර ප්‍රේමය ගනකම් වැඩි. කවදාවත් කැඩෙන්නේ නැහැ,

    @ අසරණයා
    අනේ යනවා, අපි හොද ලස්සන ළමයි හරිද. හිහි. නෑ එයාල බ්ලොග් ලියන්නේ නැහැ තාම, ලියන්ඩ ගත්තොත් නම් මම ඉවරයි.

    ReplyDelete
  27. මේ වැරැද්දට දවසක් අව්වෙ දණ ගහල තියන්න ඔන. පුංචි එකා බය කෙරුවට....

    ReplyDelete
  28. හිකිස්ස්ස්ස්ස්ස්ස්..... මම බොහොම බය වුනා...;)

    මූණූ දෙකම එක වගේමනේ...;)

    ReplyDelete
  29. @ Shaggy
    අනේ දවසක්? වැඩි නැද්ද :D

    @ හිතුවක්කාරි
    එක වගේ නේන්නම් හිහි

    ReplyDelete
  30. හයියෝ...පවු පොඩි එකා...හිකිස්....

    ReplyDelete
  31. @ තරු
    පව් නැහැ :/ හිහි

    ReplyDelete
  32. අනේ...පව්ව් ලස්සන පොඩි එකා....:))))

    ReplyDelete
  33. @ සයුරි
    හිහි.. එයා ගොඩාක් ලස්සනයි තමයි..

    ReplyDelete