Tuesday, December 13, 2011

හිස් අහස

මම 
හිනා උනා
හිස් අහසට....
වලාකුළු මුකුත් නැති
නිකම්ම නිකන්
හිස් අහසක්...
හරියට මගේ ජීවිතය
කැඩපතකින් දැක්කා වගේ...,
මගේ ජිවිතයට
මමම හිනා උනා
උඹ දැන්
හිස් අහසක්...

33 comments:

  1. අලේ...ඔන්න අද මමයි 1.......හුරේයා.....
    අදහස නම් ලස්සනයි...ඒත් ජීවිතේ කියන්නෙ හිස් අහසක් නම් නෙවෙයි...

    ReplyDelete
  2. @ තරු
    නෙමෙයි කොහෙද එහෙම තමයි, හිස් අවකාශයක් මගේ ජීවිතය..

    ReplyDelete
  3. හිස් වෙන තරමට හොදයි. එතකොට ඕන හැටියකට පිරෙන්න පුලුවන්.

    ReplyDelete
  4. @ මදුරංග
    හ්ම්ම් එත් හිස් කමට හුරුවෙන්න අමාරුයි...

    ReplyDelete
  5. සඳරුවො , පරෙස්සන් වෙයන්. මෙන්න උඹට ටිකට් එක ඇදෙන්නද කොහෙද එන්නෙ 'හිස් අහස' කියාගෙන.

    ReplyDelete
  6. හිහි,,, සදරුවා විතරද ඔබා මාමේ හිස් අහස..
    :/ සදරුවා අයියා ව මතක් උනෙත් නැහැ මට මේක ලියනකම්ම

    ReplyDelete
  7. වලාකුලු මුකුත් නැති
    …ඒ හිස් අහසෙ
    …තනිවෙච්ච
    …හිරු කුමරුව
    …ඔබ නොදුටුවෙද?

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්.... අමුතුයි...

    ReplyDelete
  9. පිරුණ අහසකට වඩා.. හිස් අහසක් පුරවන්න ලේසියි නංගියෝ.. හැබැයි පුරවන දේ තීරණය කරන්න ඕනි අපිමයි.. :) :)
    දුකද..? සතුටද..?

    ReplyDelete
  10. මම හිතුවේ මලක්වත් ඇදලද කියලා මේ හිස් අහස එක්ක තනියම හිනාවෙන්න....

    ReplyDelete
  11. හිස් අහස...අපේ සඳරුවට මඩගහන්නේ එහේම නෑ....

    ReplyDelete
  12. mama ara oyata comment dana nangi...
    oya mehema liyana kota dukaine akki.. oyage hema yahapath prarthanavakma itu vela sathutin eya ekka inna puluvan venna one..

    ReplyDelete
  13. ආ වර්ණා සඳරු එක්ක හිනා වෙලා වගෙයි...... :)

    ReplyDelete
  14. හැමෝටම වගේ මටත් මේකෙ සදරුව එක්ක ලින්ක් එකක් පේන්නේ ඇයි?

    ReplyDelete
  15. @ Loku John
    හිරු කුමරෙක්
    පෙනෙන තෙක් මානයක නොදිටිමි..
    කෙලෙස දකින්නද
    නොමැති දෙයක්...


    @ හිස් අහස
    අහ්හ් මොකද ලජ්ජා වෙන්නේ :/


    @ Senna
    හ්ම්ම් එහෙමද

    @ නන්දු
    දුක සතුට මේ කිසිදෙයක් පුරවන්න මේ කිසිදෙයක් මන ලග නැහැනේ අක්කේ,, ඔයාව හුග කාලෙකින් දැක්කේ


    @ ඔබ නොදු‍ටු ලොවක්
    මොකක් මලක්? ඒ කියුවේ?

    @ Raj
    බෑ මඩ ගහනවමයි :))))


    @ ඇනෝ
    අනේ ආපහු නම් ඕනෑම නැහැ නංගෝ ගිය කෙනෙක්,


    @ RanDil
    ඔව් අක්කේ, හිනා උනා මම, කොහෙද එයා අහක බලන් ගියානේ හිකිස්‌,


    @ රාජ්
    අහ්හ් අයියට එහෙම එකක් පෙනුනද? මට පෙන්නේ නැහැනේ.. :D

    ReplyDelete
  16. මටනම් අහසක් හිස්වෙන තරමට ලස්සනයි...
    එතකොට තමයි දකින්න ලේසි
    ඒත් කවදාවත් ජිවිතේට හිස්වෙන්න දෙන්න එපා
    පුරවගන්න වටිනා දේවලින්...

    ReplyDelete
  17. ඔන්න කිව්වා ඉතින් කතාවක්. ඔහොම හිතල නම් හරි යන්නේ නෑ නගෝ. එක්කෙනෙක් දෙන්නෙක් අපිව දාල ගිය පලියට අපේ ජීවිත හිස් වෙන්නේ නෑ. ජීවිතේ පුරවගන්න තව ගොඩක් දේවල් තියනවා. ඒ නිසා ගිය අයට යන්න දීල, ඉන්න අයගෙන්, තියන දේවල් වලින් ජීවිතේ පුරවගන්න.

    ReplyDelete
  18. @ ලොකූ

    හ්ම්ම් පුරවගමු, හිමින්,, හදිස්සි වෙලා ජීවතේ ආපහු වැරැද්ද ගන්න බෑ..


    @ Kasun

    එකම එක්කෙනයි,, ඔව්, යන අයට යන්න දුන්නා.. ආපහු ජීවිතේට එපා.. පුරවගන්නම් ගොඩාක් ලස්සන ගොඩාක් දේවල්,

    ReplyDelete
  19. හිස් අහසට තරු කැට පායාවි.. අහසට තනි රකින්න...

    ReplyDelete
  20. ඉවසල ඉන්න හිස් අහස පිරිලා ඉතිරිලා යාවි තරු වලින්

    ReplyDelete
  21. @ Dinesh
    හ්ම්ම් තරු මන්දාකිණියක මම ඉදලත් මගේ අහසේ තරු නැති හැටියක්,,,


    @ අසරණයා
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩියලු නේද..

    ReplyDelete
  22. හිතට දැනෙන, ලස්සන.......... අදහසක්
    තරු පිරුණු අහසෙ ලස්සන කවුරුත් දකිනවා. ඒත් හිස් අහසක සුන්දරත්වය දකින්නෙ අල්පයක් දෙනා විතරයි. ජීවිතේ නියම සුන්දරත්වය පෙනෙන්නෙත් ඒ වගේ අයට කියලයි මටනම් හැ‍ගෙන්නෙ.

    ReplyDelete
  23. හිස් අහසේ සඳරුවෝ මේ මොකද වෙන්නේ?

    ලස්සන පැදි පෙළ!

    ReplyDelete
  24. @ සංස්කාර විනිවිද
    හ්ම්ම් හිස් අහසත් සුන්දරයි ඔව්,, මේ පැත්තට ගොඩ වුනාට ස්තුතියි.


    @ විසිතුරු
    අනේ සදරු අයියට මොකුත් වෙලා නැහැ :/

    ReplyDelete
  25. හෆ්ෆා.. අපේ සඳරු අයියාට මොකක්හරි වෙන්න ගියාද?? :O

    ලස්සන සිතුවිල්ලක් වර්ණා..:) හරිම ලස්සනයි.. ජීවිතේ හිස් අහසක් නම් හොඳයි...පුර්වන්න පුලුවන්..

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  28. @ හිතු
    හිහි. තැන්ක්ස් හිතු

    @ සඳ කින්නරාවි
    තැන්ක්ස් කින්නරවී..

    ReplyDelete
  29. තරු ඇවිත් හැඩ කරන්නෙත් ඒ හිස් අහස ම තමයි.. තරු කඩා වැටිලා නැති උණාම අහස හිස් උණා කියලා ඒ අහස කවදාවත් කඩා වැටෙන්නේ නෑ...

    ReplyDelete
  30. හිස් අහස කීවම මටත් සදරැව මතක් වුනේ. මොකක් හරි අහවල් එකක්ද බොල.. ජය සිරි කීවා..

    ReplyDelete
  31. අනේ අම්මේ එහෙම දෙයක් නැතෝ.. මට ගුටි කන්න වෙයිද මන්දා :o

    ReplyDelete