Sunday, December 18, 2011

සහෝදරයෙනි ඔබට මොක් සුව

ජිවිතේ හරි පුදුමයි. අපි නොහිතන නොපතන දේවල් අපේ ජිවිතේ සිද්දවෙන්නේ. අපි මොන වැඩ්ඩා උනත් ලොක්කා උනත් අන්තිමේට හැමෝටම ඉතුරු වෙන්නේ අඩි 6 ක් ගැබුරු වලක්. ජිවත් වෙලා ඉන්න ටික කාලේ අපි කරන කියන දේවල් තමයි අපි මැරුණට පස්සේ ඉතුරු වෙන්නේ. මරණය කියන දේ කොයි මොහොතේ අපිව තුරුළු කරගනිද කියන්න බැහැ.. උපදින හැමෝටම මරණය කියන දේ කවදාහරි අත්විදින්න වෙනවා කියලා ඔබ අපි දන්නවා උනත්  අපේ ලගම කෙනෙක් නැති උනාම ඒ දේ විශ්වාසකරන්න අපිට බැරි බැදීම් කියන දේත් එක්ක අපි ජිවත් වෙන නිසා. බැදීම් කොච්චරක් දුරට දුකක් උනත් සතුටක් උනත් අපිට එවලින් තොරව ජිවත් වෙන්න අමාරුයි.
මම මේ කියන්න යන දේ ඔයාලා දන්නවා ඇති. නොදන්නවාත් ඇති.
කොහොම උනත් මෙයාල වෙනුවෙන් මම මගේ බ්ලොග් පිටුවක් වෙන් කරන්නේ මෙයාල ඒ තරමටම මට සුවිශේෂී නිසයි.
 කුඩා කල සිටන්ම මගේ මිත්‍රයෝ.මගේ වැලි කෙලියේ යාළුවො,නෑදෑයෝ. පොඩි කාලේ ඉදන් දුකට සැපට එකට හිටියේ මේ අයියලා රොත්ත තමයි. ඉස්සර නත්තලට කැරොල් කියනවා අපි හැමෝම රැ 12 පුජාවෙන් පස්සේ. ඒ තරමටම පුදුම බැදීමක් අපි අතර තිබුනේ. අපි ලොකු වුනාට පස්සෙත් ඒ බැදීම පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ. සංගීතයට පුදුම දක්ෂතාවයක්, ඒ නිසාම සංගීත කණ්ඩායමකුත් හදාගත්තා. Hard Black,  සැරින් සැරේ tv එකෙත් පෙන්නලා තියෙනවා මෙයාලව. ඊයේ දිනයේ හදිස්සි මාරක අනතුරකින් මේ සහෝදරයන් අතරින් දෙන්නෙක් අපේ ජිවිත වලින් විතරක් නෙමෙයි මේ ලෝකෙන්ම සමුගෙන ගියා. හෂාන්ත අයියයි ෆ්‍රෑන්ක් අයියයි  තමයි අපිව දාලා ජේසු ගාවට ගියේ.


හැම නත්තලකටම ෂෝ එකක් සංවිදානය කරනවා. මම ත් සංවිදායක මණ්ඩලේ ඉදලා තියෙනවා ඔකේ. හිහි. මේ 23 වෙනිදට තියන්න කියලා බැනර් ගහලාත් තිබුනේ.


 හරිම එකමුතුව හරිම සංයමයකින් ඉදපු අයියලා කට්ටියක්.  ඉතින් මේ බැදීම් නැති වෙනකොට හිතට පුදුමාකාර දුකක් දැනෙන්නේ. 

නැති වුනු එක අයිය කෙනෙක් හෂාන්ත. අපේ ගෙවල් ලගමයි. මගේ නෑයෙක්. මේ 23 වෙනිදා කසාද බදින්නයි හිටියේ. මේ ගිය සතියෙත් බැංකුවට ඇවිත් මාව දැකලා නංගි කියලා ලගට ඇවිත් මාත් එක්ක කතා කළා. වෙඩින් එකට එනවා නේද? මේ සාරි පටලවාගෙන එන්නේ එහෙම නැහැ හෝම් කමින් එකට , ගවුමක් ඇදගෙන වරෙන් කියුවා. මට දැන් මතක් වෙද්දීත් ඇස් දෙකට කදුළු එනවා. ඒ අයියා ගේ තාත්තා ත් එයාව දාලා ගියා මිට අවුරුදු 5 කට විතර කලින්. 
නැති වුනු අනිත් අයියා ෆ්‍රෑන්ක් , අපේ ගෙදර නිතරම එනවා. අපේ බප්පිගේ පුතා එක්ක. හරිම හොද අයියා කෙනෙක්. එයාගෙත් තාත්ති නැහැ. දෙන්නගෙම වයස 23 යි.මේ අයියලා රොත්තම අපිට පුදුමාකාර ශක්තියක් වුනා අපේ තාත්ති නැති වුනු වෙලේ. හැම තැනටම දුවල පැනලා වැඩ කළා. මගේ හිත ගොඩාක් හැදුවා.


මුණු ඔක්කොම කුඩු පට්ටම් වෙලා ඒ මාරක අනතුරින්. එදා එයාල වෙඩින් එකකට ගිහින් සින්දු කියන්න. රෑ ගෙදර එද්දී තමයි ඩ්‍රයිවර් ට නින්ද ගිහින් අනතුර වෙලා තියෙන්නේ. අනතුර වුනු අනිත් අයියලා 6 දෙනාගෙන් එක්කෙනේක්ටවත් තාම සිහියක් ඇවිල්ලා නැහැ. එක්කෙනෙක්ගේ හක්ක පැනලා. එක්කෙනෙක්ගේ දිව කැපිලා. තව එක්කෙනෙක්ගේ දත් නැහැ. අනේ මෙහෙම වෙන්න තරම් ඒ අසරණයෝ කරපු පව මොකක්ද.

මැරුණු ශරීරෙට අන්දලා තියෙන්නේ වෙඩින් එකට ගත්ත ඇදුම. පෙට්ටිය වටේට වෙඩින් කාර්ඩ් වෙඩින් ක් පෙට්ටි තියලා. දැක්කම සංසාරේ එපා වෙනවා. පුංචි කාලේ ඉදන්ම මගේ ඇස් මානේ ඉදන් සෙල්ලම් කරපු අයියා නේද මේ කියල දැනෙනකොට ඇයි මෙහෙම නැති වෙන්න ඉපදෙන්නේ කියලා හිතෙනවා...


මේ තියෙන්නේ අනතුර වුනාට පස්සේ එයාල ගිය වාහනේ තිබුණු හැටි.. ඊට පහලින් තියෙන්නේ වාහනේ ගැටුණු ලොරියේ හැටි.



හ්ම්ම් ජිවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගන්න අමාරුයි. කොහොම උනත් මේ සිද්දිය මුළු ගමම සසල කළා. මොකද මුළු ගමේම ආදරේ දිනාගත්ත දෙන්නෙක් තමයි අපිට නැති වුනේ.


මේ පහල තියෙන වීඩියෝ එක වෙඩින් එකකදී ගත්ත එකක්.. හ්ම්ම්/


පිනි මුතු කැට කදුළු බින්දු
කඩා හැලෙන ඇසිපිය උඩ
පරමලකින් සරසුවේ ඇයි
සුළග එක්ක විසිර යන්න


දෙව් මව් වෙත බාරදෙමින්
මතු උපදින හැම භවයේත්
ඔබ අප සහෝදරයන් වී
ඉපදෙමු යලි සතුටු සිතින්




අයියේ හැමදාමත් ඔයාල දෙන්නා අපේ මතකයේ සදා අමරණියයි.
ඔබට මොක් සුව...


ඉක්මනින් ආපහු ඉපදිලා එන්න අපි ලගට.
ජිවිතේ විදින්න බැරි උනත් ගොඩාක් කාලයක් ඔයාල අපේ ජිවිත වල හැමදාමත් කොටස්කාරයෝ.
ජිවිතේ සුන්දරයි කියන හැම අවස්ථාවකදීම අප ලබන එකම ජයග්‍රහණය කදුලත් වේදනාවත් පමණයි අයියේ.

You will always be in Our hearts...
Will always remember the time We had in same neighbourhood..
In sweena teacher's class...
In Leo and  all the parties we had...
You were always there for friends...
A good son.. a good brother..
A good lover.. a great friend . and an awesome human being...
Still can't believe...
We will miss u... 
RIP





47 comments:

  1. warnaa, meeka thamai oyage kathaawe man dakka hodama de "ජිවත් වෙලා ඉන්න ටික කාලේ අපි කරන කියන දේවල් තමයි අපි මැරුණට පස්සේ ඉතුරු වෙන්නේ"
    itin api karanna oone jeewath welaa inna tika kaale yahapath wada karana eka needa kiyala mata hithuna.eeka kiwwata tnx warnaa.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මියගිය දෙන්නගේ නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් මගේ ශෝඛය භාර ගන්න.
    තුවාල ලබා ඉන්න අනිත් අයට ඉක්මනින් සුවය ලැබේවා...!!!

    ReplyDelete
  4. මොනවත් කියන්න කිසි දෙයක් හිතෙන්නේ නැහැ.සියලු දෙනාටම ඉක්මන් සුවය!!
    ඔබගේ සහෝරයෝන්ට නිවන් සුව !!

    ReplyDelete
  5. ශෝකජනක ආරංචියක් තමයි. අපිත් දැක්කා පත්තරේ නිව්ස් එක. මොක්සුව පතමි. ඉක්මන් සුවය රෝහල් ගත වී සිටින අයට !

    ReplyDelete
  6. දුක්බර ආරංචියක් වර්ණා... සහෝදර දෙපලට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  7. mama hithanne akkio oya catholic... ehema nam nivan suva pathana eka hari nehe oyage yaluvonta.namuth api buddhist aya hema mohothakama anunge duka beda ganna sudanam..ovun,ovunge aageme hetiyata yahapath thenaka upatha labavi.mevan puvathak asannata lebeema kanagatuvak.
    ee vagema 'gemba' kiya thiyena deyata ekaga venava.
    api aadaraya karana aya dala apatath davasaka yanna venavane akkio..

    mama'ano'nanga..

    ReplyDelete
  8. @ ගෙම්බා
    හ්ම්ම් ඔව් එක ඇත්ත. මේ ලෝකේ ජිවත් වෙලා ඉද්දි අපි කරන හොද දේවල් තමයි අපි මැරුණම මිනිස්සු අපි ගැන කතා වෙන්නේ.

    @ ඔබා මාමා
    ඔබගේ පැතුම ඒ ආකාරයෙන්ම ඉටුවේවා//


    @ අසරණයා
    හ්ම්ම් හ්ම්ම් කිසිදෙයක් කියන්න බැරි තරමටම අසරණයි අපිත්

    @ Weni
    ඔව් අයියේ නිවුස් වලට පෙන්නුවා.

    @ Dinesh
    දුක්බරයි ගොඩාක්

    @ ඇනෝ
    හ්ම්ම් ඔව් නංගි පොස්ට් එකේ හෙඩ්ලයින් එකේ මම එහෙම දැම්මට බොඩි එකේ මොක් සුව කියලා දැම්මේ. කතෝලික අය බෞද අය කියලා නිවන් සුව මොක්සුව වෙනසක් නැහැ නංගි, හැම එකම අපිනම් කියනවා.
    හ්ම්ම් ඔව් හැම බෞද්යක්ම කතෝලිකයෙක්ම කියලා වෙනසක් නැතුව මිනිස්සු වශයෙන් අනුන්ගේ දුක බෙදාගන්නවානම් මේ ලෝකේ මිට වඩා ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
  9. මොනව කියන්නද කියලා හිතාගන්න බෑ නගෝ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. දුක් වෙන්න එපා කියලා කියන්නේ නෑ. ඒත් ඉතින් ජීවිතේ කියන දේ ඔහොම තමයි.

    ReplyDelete
  10. අර වීඩියෝ එක බැලුවෙ මොටද කියල හිතුන මට... හරිම දුකයි....
    මං අදහන ආගම අනුව දෙන්නටම නිවන් සැප ලැබේවා කියලා පතන්නම්....

    ReplyDelete
  11. තුවාල ලබා ඉන්න සහෝදරයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. හ්ම්... අද උදේ ලිඳ ගාවදී නෝනි කිව්වේ බෑන්ඩ් එකක් කට්ටියක් ඇක්සිඩන්ට් වෙලා කියලා... කවුද දන්නේ මෙහෙම දෙයක්...

    මීට කාලේකට කලින්, පානදුර නල්ලුරුවේ තිබුණූ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් තිබුණා මම අදුනන අයියලා ටිකක්. එයාලගේ වෑන් එකත් ඔය වගේ හැප්පිලා තිබුණා. කීබෝඩ්ස් වල කීස් පාර පුරා කියලා දැක්ක අය කිව්වේ... අනේ මන්දා... මමත් බෑන්ඩ් වලට බැඳිලා හිටිය නිසා මේ කථාව ඇහුවම දුක වැඩියි... අනික වයස !!! වෙඩින්... හ්ම්

    ප්‍රිය විප්‍රයෝගය පපුවටම දැනෙන්නේ අපි ආදරය කරපු කෙනේක අපිව දාලා ගියාම. මගේ අයියා නැතිවුනු දවසේ, body එක එළියට ගත්තු වෙලාවේ තරම් මමත් ජීවිතේ කවදාවත් දුක් වෙලා නෑ...

    වර්ණා නංගී, ජීවිතේ ටික කාලයයි... ඒ සහෝදරයෝ හොඳ විදියට ජීවත් වෙලා, හොඳ දෙයක් කරලා තියෙනවා. අකාලයේ මිය ගියත් / තුවාල වුනත් ඒ අය කරපු හොඳ දිහා බලලා හිත හදාගන්න. ලෝකේ හැමදේම අපිට පාලනය කරන්න බෑ...

    මිය ගිය සොහොයුරන් දෙදෙනාට මොක්සුව !!! අනෙක් සොහොයුරන්ට ඉක්මන් සුවය ලැබී, Hard Black යලිත් ආරම්භ කරන්න ලැබේවා...!

    ReplyDelete
  13. වර්ණා මම ඊයේ මේ පොස්ට් එක බලන්ඩ හැදුවට ඩිස්ප්ලේ උනේනෑ..අද තමයි හරිගියේ...ඇත්තේන්ම මගේ හදවතින්ම ශොකය පළකරනව..ඔවුන්ට මොක් සුව ලැබේවා...
    ඔයාල නුගේගොඩ කොයි හරියෙද මොකද මම නුගේගොඩ YMCA මෙම්බර් කෙනේක් ඒ වගේම නුගේගොඩ NSB තමා වැඩකලේ දැන්නම් හෙඩ් ඔෆිස් එකේ ඔයා මොන බැංකුවෙද වැඩකරන්නේ..

    ReplyDelete
  14. හරිම දුකයි, ජීවිතේ හැටි ඔහොමයි කියා හිත හදා ගන්න බැරි උනාට.......
    ජීවිතේ හැටි ඔහොමයි
    දෙන්නටම නිවන් සැප ලැබේවා.......

    ReplyDelete
  15. හරිම දුකයි, ජීවිතේ හැටි ඔහොමයි කියා හිත හදා ගන්න බැරි උනාට.......
    ජීවිතේ හැටි ඔහොමයි
    දෙන්නටම නිවන් සැප ලැබේවා.......

    ReplyDelete
  16. මම නිව්ස්එක දැක්ක. ඔයා අදුණන අය කියල දන්නෙ නෑ. ඔවුන්ට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  17. මේක කියවද්දි මගේ ඇඟේ හිරිගඩු පිපුනා..:'( :'( හරිම දුක්බරයි... පතාගෙන ආපු ආයුෂ ඉවර වෙලා, ලෝකෙන් සමුගන්න වෙලා. මොනා කරන්න්ද, ජීවිතේ කියන්නෙ තණ අග පිණී බිංදු වගේ..

    ඔයාගෙ අයියලා දෙන්නාටම නිවන් සුව ලැබේවා!!! ජාති ජාතිත් මෙහෙම අකල් මරණෙකට ගොදුරු නොවේවා!!!

    ReplyDelete
  18. මම මේක දැක්කෙ දැනුයි....හරිම කණගාටු දායක සිද්ධියක් වර්ණා...බැඳීම් නිසා ප්‍රිය විප්‍රයෝගය අපේ හදවත පතුලටම දැනෙනවා.....ඒත් ඉපදුන හැමකෙනෙකුටම අයිති උන මරණය....හ්ම්ම්ම්ම්ම්!

    මියගිය දෙදෙනාට නිවන් සුව අත්වේවා !

    ඒ වගේම අනතුර නිසා රෝහල් ගත්වෙලා ඉන්න හැම දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  19. මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙ ලින්කුව වැඩකලෙ නෑ දැන් තමයි ලින්ක් එකට ගියෙ. මෙ ශොකජනක ආරංචිය මම පත්තරෙ නම් දැක්කා. මාගෙ ශෝකය !
    …රෝහල් ගතවූ සැමට ඉක්මන් සුවය පතමි !

    ReplyDelete
  20. මේකනම් හුඟාක් සංවේදී සටහනක්.

    ReplyDelete
  21. මාත් කලින් මේ ලිපිය බලන්න හදපු වෙලාවෙ ලින්ක් එක වැඩ කලේ නැහැ..හරිම දුකයි..මම අදහන ආගමේ හැටියට ඒ දෙන්නටම මාත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..තුවාල ලබා සිටින සහෝදරයන්ටත් ඉක්මන් සුව ලැබේවා..!

    ReplyDelete
  22. මගේ යාළුවෙක්ගේ වෙන්න ඉන්න මහත්තයත් ඔය අනතුරින් තාම සිහිය ඇවිත් නෑලූ. අනේ මන්දා ඒ අය ගිය ආත්මේ මොන වරදක් කරාටද මෙහෙම වුනේ කියලා.
    අපි අතරින් වෙන් වුනු ‍සහෝදරයෝ දෙන්නට නිවන් සුව පතනවා. ඒ වගේම රෝගා තුරව ඉන්න අනිත් හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  23. නොදනිම් කාගෙ දොසා.. රෝගාතුරවූ අයට ඉක්මණ් සුවය පතමි. නික්ම ගිය සහෘදයන්ට නැවත එවන් විපත් නොවෙන්නට නිවන් සුව පතමි.

    ReplyDelete
  24. මිය ගිය සොහොයුරන් දෙදෙනාට මොක්සුව !!! අනෙක් සොහොයුරන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
    ගොඩක් දුකහිතෙන සිද්දියක්
    අපරාදේ වටිනා ජිවිත

    ReplyDelete
  25. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි........ඔබේ සොයුරන් දෙදෙනාට මොක් සුව පතමි...

    ReplyDelete
  26. @ Kasun
    හ්ම්ම් ඔව් අයියේ, මේ ජිවිත ගමන හරිම පුදුමයි

    ReplyDelete
  27. @ Miyuru
    @ නරකයා
    @ රාජ්
    @ හිතුවක්කාරි
    @ දිල්
    @ Loku John
    @ අනුරාධ
    @ Shani
    @ බට්ටි
    @ හෙලයෙකුගෙන් ලොවට
    @ මහිම මදුරංග
    @ Ravi

    හ්ම්ම් වෙන වෙනම අමතන්න බැරි වීම ගැන කනගාටුව. මොකද හැමෝටම එකම දේ කියන එකට වඩා මෙහෙම කියන එක හොදයි
    හ්ම්ම් ඒ හැම සහෝදරයෙක්ටම ඔබ පතු ලෙසම මොක් සුව සහ නිරෝගී සුවය අත්වේවා.. හෙළයෙක් ගෙන ලොවට කියමි. දොස මගේ සහෝදරයන්ගේ අතේ. එයාලට නින්ද ගිහීන්. මොනා කරන්නද වෙලාව තමයි.

    බට්ටි අක්කේ, දැන් සමහර අයට සිහිය ඇවිත්.

    ReplyDelete
  28. @ Chathuranga
    හ්ම්ම් ඔව් චතු අයියේ, ඒ දෙන්නගෙම කිසිම වැරද්දක් එයාලගේ මුළු ජිවිත කාලෙම කරලා නැතුව ඇති. ඒ තරම්ම හොද දෙන්නෙක්. ඇයි මෙහෙම වුනේ කියලා සිය දහස වාරයක් මම මගෙන්ම අහගනවා.
    ඒ වාහනේ ගිය කෙනෙක් අනතුර වෙන්න කලින් මගින් බැහැලා එයාට වැඩට යන්න එයාගේ බෝඩිම ලග. අද ඒ අයියා කියපු දේවල් වලට අපි හැමෝම ඇඩුවා. :((

    ReplyDelete
  29. @ Raj
    ලින්ක් එක පෙනුනේ නැති බව ගොඩාක් අය කියුවා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා
    නැහැ අයියේ අපි නුගේගොඩ නෙමෙයි. මේ මැරුණු අයියා කෙනෙක් වැඩ කලේ නුගේගොඩ.
    එයාලා දාපු බැනර් එකේ පින්තුරයක් තමයි මම දැම්මේ.
    මම වැඩ කරන්නේ මම ඉන්න ගමේමයි. එත් නුගේගොඩ නම් නිතරම එවෙනවා. ඒ ආපු වෙලාවක එන්නම්කෝ බැංකුව පැත්තේ.

    ReplyDelete
  30. හ්ම්... මොක් සුව ප්‍රාර්ථනා කරනවා.. :(

    ReplyDelete
  31. ජිවිතේ අපි නොහිතන මොහොතවල් වල මොන තරමි දේවල් වෙනවද? මියගිය ඒ සහෝදරයින් දෙදෙනාට මොක්සුව පතනවා. ඒ වගේම තුවාල ලබලා ඉන්න අනෙක් සහෝදරවරුන්ටද ඉක්මන් සුවය පතනවා.
    වර්්ණා.. ගිය සෙනසුරාදා උදේ ආරචිචීකටිටුව ප්‍රදේශයේදි උනු මෙි සිදුවිම ප්‍රවෘත්තියක් හැටියට මගේ අතින්ම ලියැවිලා පලකරන්න තරමි මමත් අවාසනාවන්ත වුනා. හිත හදා ගන්න, මෙි ලෝකේ හොද මිනිස්සුන්ට වැඩි කාලයක් ඉන්න ඉඩ නැහැ...!!!

    ReplyDelete
  32. අපේ ආගමට අනුව මියගිය සහෝදරයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල වූ අයට ඉක්මන් සුවය පතමි,

    ReplyDelete
  33. නැ..නංගා මම දැන් නුගේගොඩ බ්‍රාන්ච් එකේන් හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්සර් වෙලා ඉන්නේ..කොල්ලුපිටියේ..

    ReplyDelete
  34. @ සීතල අයියා
    @ ගැමියාගේ පත් ඉරුව
    @ පූසා

    ඔබගේ පැතුම් එලෙසම ඉටුවේවා.. ඔවුන් හට මොක් සුව ..

    ReplyDelete
  35. @ Sihina
    හ්ම්ම් බැදීම් කියන දේවල් ඇති කරගන්නෙත් නැති කරගන්නෙත් මිනිස්සුමයි අයියේ.
    ඒවගේම ඔයා කියුව විදියට අපි නොහිතන දේවල් තමයි හැමවෙලේම වගේ සිද්ද වෙන්නේ. මගේ ජිවිතේදීත් හැමදෙයක්ම වගේ සිද්ද වුනේ මම කිසි දිනකවත් නොහිතන දේවල්..


    @ ඔබ නොදු‍ටු ලොවක්
    ස්තුති මේ පැත්තේ ආවට

    @ Raj
    එහෙමද අයියා. මම කොමර්ෂල් එකේ තමයි වැඩ..

    ReplyDelete
  36. මේ ක්ෂේත්‍රයෙ ගොඩක් අය සේවයෙන් පස්සේ ගෙවල් දොරවල් බලා එන්නේ පාන්දර 1-2-3 අතර වෙලාවල් වල. නිදිමත වැඩිම වෙලාවල්. ගොඩක්ම ප්‍රවේසම් වෙන්න ඕන වෙලාවල්.........

    ReplyDelete
  37. ඒ දෙන්නාට නිවන් සුව ලැබෙන්න කියල පතනවා
    අනිත් අයටත් ඉක්මන් සුවය ලැබේවා....!!

    ReplyDelete
  38. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube


    obe mithuranta mathu kisima bavayaka mevan akal maranayak noveva!

    ReplyDelete
  39. @ හෙලයෙකුගෙන් ලොවට
    හ්ම්ම් එක ඇත්ත.

    @ ලොකු
    හ්ම්ම් අනිත් අයගෙන් සමහරකට සිහිය ඇවිත්

    @ අනෝ
    හොදයි මම බලන්නම්

    ReplyDelete
  40. ඇඟෙ හී ගඩු පිපුනා... මේ සිද්දිය ගැන දැනගත්තෙ දැන්... තරුණ ජීවිත 2ක් මෙහෙම නැති උනහම ලඟින් හිටිය අයට දැනෙන වේදනාව හිතා ගන්න බෑ...

    ඔවුන් දෙදෙනාට නිවන් සුව පතනවා...

    තුවාල කරුවන්ගෙ තත්වෙ කොහොමද දැන් ??

    ReplyDelete
  41. දුක හිතෙන කතාවක්..

    ReplyDelete
  42. @ පිස්සා පලාමල්ල
    එක්කෙනෙක්ට සම්පුර්ණ සුවයි අයියේ, එයා ගෙදරත් ආවා. අනිත් සමහරකට සිහිය ඇවිත් එතා තාම රෝහලේ. තවත් දෙන්නෙක්ට සිහිය ඇවිත් නැහැ.

    @ Ruka
    ඔයාව මේ පැත්තට පිලිගන්නවා.
    හ්ම්ම් ඔව් ගොඩාක් සංවේදියි..

    ReplyDelete
  43. වර්ණා...ජිවිතේ අපිට නොලැබුනු දේවල් ගැන කවදාවත් දුක් වෙන්න එපා... මොකද දුක් වෙන කාලයට වඩා අපිට කරන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. කවදාවත් ආත්ම ශක්තිය නැති කර ගන්න එපා.....

    ReplyDelete
  44. වර්ණා, මම් මීට ඉස්සර ඉඳලත් ඔයාගෙ පොස්ට් කියවනවා ඒත් මේක දෑකපුවහම මටත් comment එකක් දාන්ඩ හිතුනා. මොකද ඒ wedding එක video කරන්ඩ හිටියෙ මම, මගෙ video ජීවිතයෙ මේවගෙ දෙයක් වෙච්ච් පළවෙනි පාර තමයි මේක, මටත් ලොකු shock එකක් තිබ්බා, අනික මම පහුගිය දවස් ටිකේම video කළේ මෙයගෙ යාළුවන්ගෙ wedding. ජීවිතේ කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්... ඔබ තිදෙනාටම නිවන් සුව!!!!

    මට මතක තියන විදිහට වර්ණා දෙසෑම්බ්‍ර් 23 නෙමේ 29 නේද?

    ReplyDelete
  45. @ සිහින
    හ්ම්ම් බොහොම ස්තුති දිරිගැන්වීමට සහෝ..

    @ Sudara Fernando
    ඔව් ඔව් 29 තමයි. එතට ටිකක් වැරදුනා..
    හ්ම්ම් මොනා කරන්නද අපි හිතන වෙලාවට අපිට යන්න බෑ.. ඒ වගේමයි අපි නොහිතන වෙලාවට දෙවියෝ අපිට අඩගහන්නේ.. ඒ නිසා හැමදේකටම ලෑස්තිවෙලා ඉන්න ඕනා..

    ReplyDelete