Thursday, December 29, 2011

මං මැරුණා..!!

හ්ම්ම් මම ලියුමක් ලියුවා එයාට. ගොඩාක් දිග ලියුමක්. දවස් ගානක් පද ගලපලා සිතිවිලි අකුරු කළා.. කියාගන්න තිබුණු ගොඩාක් දේවල් ලියාගන්න බැරි වුනා. එත් මොන මොනවදෝ ගොඩාරියක් ලියුවා. ලස්සන ස්ටිකර් දෙකකුත් අලවලා අපි දෙන්නගේ පින්තුරයකුත් එක්ක නත්තල් කාර්ඩ් එකක් ඇතුලට දාලා මම ලිපිය අවසන් කළා...
කොහොමද මම මේක දෙන්නේ දැන්??????????
ගියා ගෙදරටම. ගොඩාක් දුර. බස් එකේ ගියේ. දුන්නා ලියුම එයාගේ නංගිට. මේක දෙන්න අයියාට..
එකත් අරන් එයා ගියා ඇතුලට. මම දැක්කා ඒ නෙත් .. පොඩ්ඩක් අදුරු වෙලා. ඉස්සර තිබුණු එලිය දැන් නැහැ. ඉස්සර කතා කරපු ඒ ඇස් අද ගොළු වෙලා..
මගේ ඉස්සරහට ඇවිත් ලියුම කියවන්නෙත් නැතුවම ඉරලා දැම්මා.
මගේ හිත පොඩි වෙලා ඉරිලා කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා..
මේ ඇස් දෙකෙන් වැටුණු කදුළු කැට කොච්චරද කියලා මටවත් හිතාගන්න බෑ දැනටත්. ඇයි මම ඒ දේ බලන් ඉන්න බැරි තරමට එච්චර දුර්වල වුනේ? මම දුර්වල ගැහැනියක් වෙලා.  ලියුම ඉරලා මටත් මොන මොනවදෝ සද්දෙට කියලා ඇතුලට ගියා. ඔව් එයා ඇතුලට ගිහින් ගොඩාක් ඇඩුවා.. ඇයි මාව බලන්න ආවේ කියලා කෑ ගැහුවා. මගේ ඇස් ලේ රතු පාට වෙලා මට දරාගන්න බෑ වුනු කිසි දෙයක්.. 
මෙච්චර දවසක් මම මගේ මුළු ආදරේම කැටි කරලා මම හදාපු මගේ දරුවාව කෑලි වලට ඉරලා දානවා මට බලන් ඉන්න බැරි වුනා.
මම දිව්වා.. පිස්සෙක් වගේ දිව්වා.. ගොඩාක් දුර, සෙරෙප්පු දෙකක්වත් නොදාපු මගේ කකුල් දෙකේ ගල් ඇනිලා ලේ එනවා. එත් මට දැනුනෙවත් නැහැ. මම මහා බොලද කෙල්ලෙක්ද? කිසි දෙයක් දරාගන්න බැරි? මගේ යටි හිත කෑ ගගහා මට බැන්නා. එත් මම අසරණයි. දුවලා දුවලා ගිහින් නතර වුනේ බීච් එක ගාව. නුවර කොහෙද බීච්? එත් ඒ අපි හැමදාම හම්බුනු බීච් එක..අපි දෙන්න හැමදාම මුණ ගැහුණු තැන. එතන අපේ නම් කොටලා තිබුනා. ඔව් මම ඒවාත් දැක්කා. මගේ පපුව ගිනි ගත්තා. මේ ලෝකේ මට කව්රුත් නැහැ . මට එහෙම හැගීමක හිතට ආවා.. මම ජිවත් වෙන්නේ ඇයි.?
දිව්වා මම බීච් එකට. දුවගෙන ගියා මුහුදට. හයියෙන්. දෙපාරක් තුන්පාරක් මාව නොවැටුනා නෙමෙයි. එත් මගේ හිතේ ගිනි මගේ අඩි ඉස්සරහට එසෙව්වා..
මුහුදු රල කපාගෙන මම ඉස්සරහට ගියා. මුහුද මට අඩගැහුවා වගේ මට දැනුනා. ඈතින් මගේ තාත්ති අත් දෙක උස්සන් මං දිහා බලාගෙන මට කතා කළා. මම දිව්වා. 
මුහුදට මාව යට වුනා. නහයට හුස්ම ආවේ නැහැ. මම කෑගැහුවා.. අම්මේ....



මට ඇහැරුනා....
එක හීනයක්ද? මගේ ඇස් තාම තෙතයි.. මම අඩලා..
ඇයි අමතක කරන්න හදන හැමවෙලාවකම ඔහු මගේ මතකයට එන්නේ? මේ හීන මාව අසරණ කරනවා..
අනේ මට මැරෙන්න බෑ.. මැරෙන්න බය නිසා නෙමෙයි. මගේ අම්මා තනි වෙන නිසා. එවන් සිහින නැවත නොපමිනේවා...





ප.ලි.- අද උදේ මේ හීනෙ දැකලා, මගේ මුළු දවසම අප්සට් කළා. වැඩට ගියෙත් නැහැ... :(((

42 comments:

  1. අතීතය හිතේ ගුලි කරන් ඉන්න ඉන්න වේදනාව වැඩියි... ඒ අතීතයට යන්න දෙන්න...

    ReplyDelete
  2. @ මහිම
    හ්ම්ම් සිරා නම් තමයි..

    @ මන්තරකාරි
    හඅතීතයට යන්න කියලා මම කොච්චරවත් කියලා ඇතිද. හැමදෙයක්ම අමතක කරලා හිත හදාගත්තා විතරයි පොඩ්ඩක්.. ඇයි මට මේ මතක තාමත් වද දෙන්නේ..?

    ReplyDelete
  3. දවසක් ආ පස්සට අදින්න තරම් ඔයාගේ ඒ හීනෙ බලගතු උනේ කොහොමද.හැමදෙයක්ම හොඳින් සිද්ද වෙයි.

    ReplyDelete
  4. සමහර දේවල් තියෙනව අමතක කරන්න බැරි..යටි හිතේ තියෙන දේවල් තමයි හීනෙන් පේන්නේ ගොඩක් වෙලාවට....වැඩට ගියෙත් නැත්තේ ඒ නිසාද..අපෝ ඕවා ගනං ගන්න එපා....

    ReplyDelete
  5. අතීතය සිහිනයක් පමණයි.........

    මෙහෙම දෙයක් උනාම දරාගන්න අමාරුයි කොයිතරම් කාලයක් ගියත් ඒත් මොනා කරන්නද මුළු දවසක් නෙමෙයි හැමදාම අඩවන්න මේ වගේ හීන වලට පුළුවන් හැම දේම අමතක කරලා ඉන්නකොට හීනෙන් හරි මතක් වෙනවා....

    කොයිතරම් ආදරේ කරලා ප්‍රශ්න නැතුව හිටියත් මෙහෙම හීන පේනවා අක්කේ ඒත් යටි හිතට බලවත් වෙන්න දෙන්න එපා.කාලය හැම දේම විසදනවා මම ඒක අත්දැකීමෙන් දන්නවා සැලෙන්න එපා

    ඔබ නෙතු දුර ඇදී...
    යන විට ඉගිලිලා...
    ඇහුනද රත්තරන්...
    හද කෑ ගසා හැඩුවා...

    ආදරය අහිමි කාටත් පොදුයි.

    හීන වලට වහල් වෙන්න එපෝ......
    හීන අපේ වහලෙක් කරගන්නෝ....

    ReplyDelete
  6. හ්ම්ම්! ඒ අතීතය ඔයාට තාමත් අමතක කරන්න බෑ නේද. ඒත් උත්සහ කලොත් බැරි වෙන්නේ නෑ නගෝ. පරණ දේවල් අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න. එතකොට ඔය වගේ හීන පේන එකක් නෑ. ඔයාගේ අම්මයි මල්ලියි වෙනුවෙන් ඔයා ලස්සනට ජීවත් වෙන්න ඕන.

    ReplyDelete
  7. නංගී මම කියන්නද දෙයක්... වරෙන් මේ පැත්තෙ සෙට්වෙලා පොඩි අඩියක් දාමු... ඊට පස්සෙ ඔකකොම අත ඇරලා අලුත් හීනයක් ලියමු... ඔයා ආස මොනවගේ හීන වලටද...?? අපි එක ලියමු සිම්පල්නෙ...

    ReplyDelete
  8. අයියෝ නංගෝ ඇත්ත ජීවිතේ අවුල් කරගන්න එපා මොන දේ උනත්...ආ ඒක හීනයක් නේ කියලා හිනා වෙලා ඉන්න :)

    ReplyDelete
  9. පොඩි උනාට දෙසැරයක්ම කියෙව්වා

    ReplyDelete
  10. හිත ගලක් කරගන්නවා කියන ගේ ප්‍රයෝගිකව කරන එක අමාරු වෙන්න පුළුවන්
    ඒත් අපේ ජීවිතවල ඉදිරි ගමනට හිත හයයි කරගන්න එක ගොඩක් වැදගත්

    කියන්න ගොඩක් දේවල් තිබුනත් ඒකට මාවම උදාහරණ වලට ගන්න වෙන නිසා සහ ඒක හරියට මම ගැන මමම දෙන පොර ටෝක් එකක් වගේ වෙන නිසාත් ලියන්න බැහැ
    හිත හයි කරගෙන හොඳින් ඉන්න බලන්න....

    ReplyDelete
  11. මාතෘකාව දැකල ෆුල් අස්පෙට් ගියා

    ReplyDelete
  12. පිස්සු කෙලින්ඩ එපා..ගියදේ ගියා..ඔයා වාසනාවන්තයි..අඳුරු යුගය අවසන්...අලුත් ජිවිතයක් පටන්ගන්ඩ..වෙලාව..හරි..ජිවිතේ කියන්නේ ප්‍රෂ්ණ සහ උත්තර ..ජය..සුබ අලුත් අවුරුද්දක් ඔයාට..ආ..ජනවාරි 7 ගාලු යං ..ඉක්මනට එනවා අනිවාර්යෙන්ම..

    ReplyDelete
  13. අළුත් අවුරුද්දක් ලබද්දි අළුත් අධිෂ්ඨානයක් ඇතිකරගන්න, හදවතට වඩා බුද්ධියට තැන දෙනවා කියල.... මම ඔය වගේ ඒවායින් ගොඩ ගියේ එහෙම හිතලා.... කාලය ගොඩාක් දේවලට විසඳුමක්... පිටින් ඉන්න අපට මේ වගේ ඕන තරම් දේවල්, උපදෙස් කියන්න පුළුවන්... ඒත් වැඩේ තියෙන්නෙ ඔයාගෙ අතේ....

    අර ගැමිය කිව්ව වගේ ඔය වගේ දේවලදි,
    'අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ....'

    ReplyDelete
  14. හීනය නං කතන්දරයක් වගේ ඒත් දවසක් ඊට වඩා වටිනව කියල මතක තියාගන්න.

    ReplyDelete
  15. ලස්සනට ලියලා තියෙනවා!
    අපේ යටි හිතේ හැංගිලා තියෙන දේවල් තමයි ගොඩක් වෙලාවට හීන විදිහට පේන්නේ...

    ReplyDelete
  16. මාතෘකාව දැකපා මම පුල් හොල්මන් වුනා. ඇයි දෙයියනේ මේ ඇහුවමයී නේ මනුස්සයෙක් මම මැරුනා කිව්වා.
    හිතේ තියෙන දේව අමතක කරලා දාන්න. හිත සැහැල්ලු කරන් අලුත් අවුරුද්දේ අලුත් වෙන්න. මම පඩිවදන් දුන්නට මගේ හිතත් තාම මට හදා ගන්න බැරි වුනා. ඒත් දුක් වෙන්නෑ. හීනෙන් ආවත් හැබැහින් එන්න දෙන්නෑ මම කොහොමත්.

    ReplyDelete
  17. හ්ම්... මට හිතා ගන්න පුලුවන් නංගො.මාත් හීනෙන් අඩලා තියෙනවා.තාත්තා මැරෙනවා හීනෙන් දැකලා.දවසම එපා වෙනවා එතකොට.

    ඔහොම හිතෙන්න පුලුවන් ඔය වගේ සිද්දියකදි.ඒත් අල්ලගෙන ඉන්න.කාලයක් යනකොට හරි යයි.හැබැයි මං කියන්නෙ නෑ සම්පූර්ණයෙන් අමතක වෙයි කියලා.හිතේ කොනක වගේ තියේවි.ඒත් දරා ගන්න පුලුවන් ශක්තිය ඔයාට ලැබේවි.එතකල් කාගෙන ඉන්න. :))

    ReplyDelete
  18. අයියෝ නංගියෝ ජිවිතේ ඔහොම වැටෙන්න එපා කෙල්ලේ.

    ReplyDelete
  19. අපෝ ඔයවගේ භයංකාර හීන මටත් පෙනිල තියෙනව... යටි හිතේ බය තියාගෙන නිදාගත්තම තමයි ඔය විකාර පේන්නෙ...

    ප . ලි. බොරුවට හීනෙ පිටින් දාල නිවාඩුවක් දැම්ම නෙ. .හිහ්

    ReplyDelete
  20. මමත් ප්‍රර්ථනා කරන්නේ එකම දෙයයි.. වර්ණා අක්කිට නැවතත් මේ වගේ හීන නොපෙනේවා!!

    ReplyDelete
  21. හීන කියලා අපිට පෙන්නේ යටි හිතේ තියෙන දේවල් කියලයි මම අහල තියෙන්නේ.. ඉතින් ඒ යටි හිතේ තියෙන දේ උඩු හිතට ගන්න එපා..හීනයට ඔයාගේ ජීවිතේ වෙන්න දෙන්න එපා.. කාලය හැමදේටම හොඳ විදියට විසඳුමක් දේවි.
    සැලෙන්න එපා.. :D

    ReplyDelete
  22. @ ගැමියාගේ පත් ඉරුව
    හ්ම්ම් මට දරාගන්න පුළුවන්. මේ දේත් මම දරාගත්තා. හැමදෙයක්ම අමතක කරන්න හිතත් හදාගත්තා...
    එත් මේ හිනා එකට බාධා කරනවනේ..


    @ kasun
    හ්ම්ම් ගොඩාක් දේවල් තාම අමතක කරගන්න බෑ තමයි.. එත් උත්සහා කරනවා. කරන්න බෑ කියලා දෙයක් නැහැනේ. ඔව් අම්මි මල්ලි වෙනුවෙන් මම ලස්සනට ජිවත් වෙන්න ඕනා..


    @ නරකයා.
    හිහි අයියා සෙට් වෙමු සෙට් වෙමු.. හැබැයි ඉතින් මම බොන්නේ නම් නෑ.. මේ ඒකාකාර ජීවිතෙන් මිදිලා කොහෙහරි පියාබන්න ආසයි..

    @ සයුරි
    හ්ම්ම් ඔව් අක්කේ. අපේ අම්මිත් කියන්නේ ඕකමයි.. ආ එක හිනයක්නේ කියලා අමතක කරන්න කියලා...

    ReplyDelete
  23. අනේ වර්ණා... අමතක කරන්න බැරි බව දන්නවා. ඒත් මේ ලබන අලුත් අවුරුද්දෙ ඉඳන්වත් අපි අතීතය අලුත් නොකර අනාගතේ වෙනස් කරගමු නේද?? හැමදාම එකම තැන ඉඳලා බෑ කෙල්ලෙ.. ඔයා වගේමයි මාත්.. හීනෙකට උනත් මහ හුඟාක් රැවටිලා හිතින් විදවනවා...ඒත් ඒක නෙවෙයි හරි ක්‍රමේ...

    අපි ඇත්තට මූණ දෙමු...!!!

    ReplyDelete
  24. අම්මෝ මම දවසක් හීනෙන් දැක්කා අපේ අම්මයි අප්පච්චිවයි මල්ලිවයි තව මට ආදරේ කරන නෑදෑයෝ ගොඩක් එකපිට එක මැරිලා වැටෙනවා. මම කෑ ගහලා ඇඩුවා. නින්දෙන් ඇහැරුනාම තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.

    ReplyDelete
  25. ee heene kavadavath eththak venna epa mage akkio..
    aluth avurudde lassana heenama penila ee heena sebee veva.

    ReplyDelete
  26. හීන නම් මට ඒතරම් පෙනිලා නෑ .. මම හිතන්නේ මට හීන පේනවා ඒත් මට ඒවා මතක හිටින්නේ නෑ ..

    හොඳට බීල බුදියගත්තාම අනික්පහුවදා තමා ඇහැරෙන්නේ මට නම් ආයේ මොකවත් පේන්නේ නෑ

    ReplyDelete
  27. @ Loku John
    හ්ම්ම් එහෙමද..


    @ ලොකු පුතා
    අනේ ඒ වුනත් ලියන්න තිබුනා ලොකු.. කාට පොර ටෝක් එකක් උනත් මට එහෙම නැහැ, මොකද ඒ හැමදෙයකින්ම මට හිතෙනවා මගේ ජීවිතේට පාඩමක් තියෙයි කියලා...

    @ ඔබා මාමා.
    හ්ම්ම් ඔබා මාමේ ,, මැරෙන එකත ලේසි නැහැ නොවැ


    @ Raj
    හ්ම්ම් ඔව් මමත් එකතමා ප්‍රර්ථනා කරන්නේ. අදුරු යුගය අවසන් වෙන්නේ කියලා.
    ඔව් ගාල්ලේදී හමුවෙමු.. වේලපහින් එනවානේ..

    @ Miyuru
    ඇත්ත අක්කේ. මමත් උත්සහා කරනවා. හැමදේම අමතක කරන්න. ඔයා කියුවා වගේ කාලය හැමදේම බලාගනී.. හැමදෙයක්ම අමතක කරන්න හදන හැමවෙලේම මේ මතකයන් හිතට වද දෙන එකයි එපාම වෙන දේ...


    @ රාජ්
    ඇත්ත,, ආපහු නම් එහෙම වෙන්න දෙන්නෙම නැහැ මම..


    @ පූසා
    ඔව් යටි හිත තමි වද දෙන්නේ..


    @ බට්ටි
    හ්ම්ම් ඔව් බට්ටි අක්කේ,, හැබැහින් නම් අම්මෝ කවදාවත් ම එපා..
    අලුත් අව්රුද්දෙදිවත් හිත හදාගමු නේද අක්කේ...


    @ නිසුපා
    මමත් දැක්කා අක්කේ එහෙම.. ඒ දේ ඒ විදියට වුනා..
    අල්ලාගෙන ඉන්නවා පුළුවන් උපරිම වෙනකම්..


    @ වෛශ්‍යාවක් නොවේ
    අක්කව සාදරයෙන් පිලිගන්නවා..
    ඔව් අක්කේ වැටෙන්න දෙන්න හොද නැහැ තමයි.. හ්ම්ම්ම්

    @

    ReplyDelete
  28. @ Sammani
    හික් හික් ඔව් හීනෙ දැම්මා නිවාඩු ගත්තා හිකිස්‌...


    @ Ice නගා
    අනේ ඔව් නංගි මමත් මටම එහෙම ප්‍රර්ථනා කරනවා...


    @ Shani
    හ්ම්ම් හොදයි මැඩම් සැලෙන්නේ නැතුව ඉන්නම්කො.. එකට මට උදව් කරනවා හරිද :/


    @ හිතුවක්කාරි
    ඔව් හිතු.. මමත් දන්නවා ඔයත් මම වගේමයි කියලා. මේ වගේ හීනයක් සමහර වෙලාවට මුළු ජීවිතේම විනාශ කරනවා..
    එහෙම වෙන්න නොදී ජිවත් වෙමු...


    @ මධුරංග
    ඔව් අයියේ එහෙම හිනා මම ඕනා තරම් දැකලා තියෙනවා. සමහරක් හැබෑ වෙලාත් තියෙනවා.. :(((


    @

    ReplyDelete
  29. @ ano
    හ්ම්ම් තැන්ක්ස් නංගි.. මට ඔයාගේ නම දැනගන්න පුලුවන්ද..


    @ හිස් අහස
    බිව්වම ඉතින් පෙන්නේ නැහැ නේන්නම්. :/
    බොන්න එපා ළමයා...

    ReplyDelete
  30. @ අසරණයා
    ඒ හීනෙ ගොඩාක් බලගතුයි.. හැමදෙයක්ම හොදින් සිද්ද වෙන්න ඕනා.. මමත් එච්චරයි හිතන්නේ...


    @ ඔබ නොදු‍ටු ලොවක්
    හ්ම්ම් ඔව් ගොඩාක් දේවල් අමතක කරගන්න බෑ තාමත්..
    ආපහුනම් වැඩට නොයා ඉන්නේ නැහැ...

    ReplyDelete
  31. කවුද අප්පා ඔව්ව ගනන් ගන්නෙ. හීන බලල වැඩට නොගිහින් හිටියොත් නම් ඉතින් බුදු සරනයි රටටම.
    හැම දෙයක්ම ගැන ඕනවට වඩා හිතන එක නම් පිස්සුවක් කියල තමයි කියන්න වෙන්නෙ.
    මම නම් පහල තියෙන පින්තූරෙ දිහා තමයි බැලුවෙ.

    ReplyDelete
  32. @ අන්තිම Ano
    මේකනේ ඇනෝ එක එක්කෙග්නාගේ හැගීම් හිතන විදිය වෙනස්නේ.. ඔයාට මේක සුළු හීනයක් වුනත් මට එක එහෙම නෙමෙයි..

    ReplyDelete
  33. අපි හැමෝම හිතේ දුක තියාගෙන ඉන්නවා. ඒත් කවදාවත් ඒ අතීතය අමතක කරලා ඉස්සරහට ගමන් කරන්නේ නැහැ. මොකද අපි ඒ මතකයත් එක්ක තවත් ජිවත් වෙන්න ආස කරනා නිසයී. අතීතය අමතක කරන එක ලේසි නැහැ, ඒත් ඒ අතීතය නිසා අපි අපේ අනාගතය නැති කරගන්න එක ඒතරමි හොද නැහැ නේද???
    ආදරය අපේ හිත්වලට දුන්නු එකම දේ දුක විතරයි... ඒ දුක ජයගන්න දන්නේ කීයෙන් කී දෙනාද? ආදරේ කරන්න ධෛර්්‍ය තියෙනවානමි ඒ ආදරේ අහිමි උනු දවසට කෙලින් නැගිටලා හරියට සිංහයෙක් වගේ කෙලින් නැගිටලා ගමන් කරන්න පුලුවන්කම තියෙන්න ඔින. මෙි ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ..
    (මෙික ආදරේ කියන වචනයට කරන අගෞරවයක් කියලා හිතන්නෙපා... ආදරෙන් පැරදුනු හිතක් ආපහු ඒ දේ හිතෙන් අමතක කරලා නැගිහිටින්න ඔිනයි කියන හැගීම නිසයි මෙහෙම ලිවිවෙි....)

    ReplyDelete
  34. මේ අළුත් අවුරුද්දෙ ආපහු ජීවත් වෙමු.........මදැයි ඔය මැරුනා.....

    ReplyDelete
  35. තාම හුස්ම ගන්නවා.. කරන්න වැඩ ගොඩකුත් තිනවා

    ReplyDelete
  36. හෆ්ෆා මටත් ඔහොම වෙලා තියෙනවා.....තවමත් ඒක හීනයක්ද කියලත් ෂුවර් නැති තරම්.....

    ReplyDelete
  37. @ ~තරූ
    හ්ම්ම් ඔව් ජිවත් වෙමු...


    @ රහස් පරික්ෂකයා
    හ්ම්ම් වැඩ අතපසු නොකර කරමු මලේ...


    @ කුබූ
    හ්ම්ම් එකනම් ඇත්ත...

    ReplyDelete
  38. හොඳම බෙහෙත තමයි ඔලුව අවුල් කරන දෙයක් මතක් වුනොත් වැඩි වැඩියෙන් වැඩ කරන එක... මට නම් මාසයක් විතර මුට්ට කරගහනකොට වැඩේ ගොඩ දාගන්න පුළුවන් වුනා.. විහිලුවට නෙමෙයි ඇත්තටම මුට්ට කරගැහුව.. ඒකත් රෑ එළිවෙනකම් දවල් වරුවෙ එක ජොබ් එකකුත් කරන ගමන්...

    දැන් නම් බෙල්ල ගහල ගියත් ගානක් නෑ.. ඔයා කෙල්ලෙක් හින්ද ගෙදර රෙදි හෝදන වැඩේ එහෙම පවරගන්න එකයි තියෙන්නෙ ;)

    ReplyDelete
  39. හ්ම්ම් ඔව් එහෙම දෙයක් වත් කරන්න ඕනා තමයි. :((

    ReplyDelete