හරි පුදුමයි ජිවිතේ. හැමවෙලේම වෙන්නේ අපි නොහිතන නොපතන දේවල්. අපේ ජීවිත වලටත් වෙන්නේ අන්න එහෙම දේවල්. නුලකින් මිදුණු සරුංගලයක් ඉබාගාතේ යනවා වගේ තමයි අපේ ජීවිතත් ඉබාගාතේ යන්නේ.. එත් අපි හිතුවොත් ඒ හැමදෙයක්ම අපිට වෙනස් කරගන්න පුළුවන් .. :)
ආදරේ ජිව්තේම කරගත්ත කෙල්ලෙක්ගෙ කතාව.
බොඳව ගිය දේදුනු.. අද 5 වෙනි කොටස.
මුල් කොටස් කියෙව්වේ නැත්තම් මෙන්න පාර....,
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
මම ඔහේ හිත හිත පාර පුරා ආවෙමි. එපමණයි මට මතක. කොහෙන්දෝ ආපු වාහනයක් මාව යට කරගෙන ගොසින්ය. මට සිහියක් නැත. එහෙත් මට මාව පෙනුනි. මම බිම ලේ විලක් මැදවැතිර උන්නෙමි....
අද එතැන් සිට...
නර්ස් මෙයාගේ විස්තර හම්බුනේ නැද්ද?
නැහැනේ ඩොක්ටර්. කැලණියේ පන්සල ගාවලුනේ ඇක්ස්ඩන්ට් එක වෙලා තියෙන්නේ, මට හිතෙන්නේ මේ ගර්ල් පන්සල් ගිහින්, එකනේ මේ සුදු ඇදුම් ඇදගෙන ඉන්නේ.
පර්ස් එකක්වත් ඉරිරිපත්කරලා නැහැ නේද? දැන් කොහොමද මේ ළමයාව අදුනගන්න නෑදැයෝන්ටවත් ඉන්ෆෝම් කරන්නේ?
කවුද හොස්පිට්ල් එකට බාරදීලා තියෙන්නේ?
ඩ්‍රයිවර්, වාහනය ගෙනිච්ච.
බලමුකෝ පොලිසියෙන් හොයයිනේ.. අනික කොහොමත් මෙයාට කවදා සිහිය එයිද කියලා කියන්න අමරුයි. Keep in touch.
හොදයි ඩොක්ටර්
අනතුරින් කෞමදී ජීවිතය බේරාගත්තේ පෙර පිනකට වාසනාවකට වගේ. පැය ගානක ශල්‍යකර්මයකට පස්සේ කෞමදිට යම්තාක් දුරට සුවය ලබුවාත් ඇයට සිහිය පැමිණ තිබුනේ නැහැ. වෛද්‍යවරුන්ගේ නිගමනය උනේ කෞමදී කෝමා තත්වයකින් සිටිනවා කියලයි. පොලිසිය මගින් කෞමදී වැඩකරන ස්ථානයට කෞමදිගේ මේ මාරාන්තික අනතුර දැන්වීමෙන් පසුව එමගින් විහඟ ටත් ඒ ආරංචිය ගිහින් තිබුනා. ඒ අනුව විහඟ ඇතුළුව කෞමදිගේ මිතුරු මිතුරියන්, බෝඩිමේ මිතුරියට කිහිපවිටක් කෞමදි ව බලන්න රෝහල ට පැමිණියත් ඒ අයට සතුටකට තිබුණු එකම කාරණය වුනේ කෞමදී මරණාසන්න තත්වයෙන් ගැලවීම පමණයි.
විගඟ හැමවෙලේම වගේ කෞමදී අසල රැඳුනේ සැබෑම සෙනෙහසකින් ආදරේකින්...
"කෞමදිට සිහිය එන්නේ නැති වෙයිද ඩොක්ටර්?"
විහඟ වෛද්‍යවරයාගෙන් එහෙම ඇහුවේ සැරයක් දෙසැරයක් නෙමෙයි. ඒ හැම මොහොතකම ඔහුගේ පිළිතුර උනේ..
"අපි කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම දීලා තියෙන්නේ මිස්ටර් විහඟ. අපිට තියෙන්නේ දැන් බලාගෙන ඉන්න එක විතරයි. එයාට සිහිය කොයි මොහොතක හරි එන්න පුළුවන්. දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්න."
හා හා පුරා කියලා විහඟ පැතුව කෞමදිගේ ආදරය ගැන ඔහු බලාපොරොත්තු තබන්නටත් ඉස්සෙල්ල ඒ සිහින මාලිගා ඔහුගේ ඇස් ඉස්සරහා කැඩිලා බිදිලා ගියා. කරන්න පුළුවන් හැම භාරහාරයක්ම ඔහු කෞමදී වෙනුවෙන් ඔප්පු කළා.
මේ විදියට දින සති ගෙවිලා ගියේ විහඟ ව ගොඩාක් හෙම්බත් කරමිනුයි. එත් ඔහුගේ හිතේ කෞමදී ගැන තිබුණු ආදරය ගලේ කෙටුව අකුරක් වගේ නොවෙනස්ව තිබුනා.
"පුතා"
"ඇයි අම්මේ?"
"මම මේ බලාගෙන ඉදලා බැරි කමට පුතාගෙන් මේ අහන්නේ. ඔයා දන්නවා මම හැමදේටම ඔයාට නිදහස දීලා තියෙන්නේ. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ඔයා ගන්නේ නැහැ කියලාත් මම දන්නවා. එත් තාත්තාගේ යාලුවෙක් දැකලා තියෙනවා ඔයා හොස්පිට්ල් යනවා හැමදාම. මට දැනගන්න ඕනා ඒ ඇයි කියලා පුතේ? "
"අම්මේ මම මේ දේ අම්මා ට කියන්න කියලා හිටියේ අද නෙමෙයි. ගොඩාක් දවසක ඉදන්. එත් මේ ප්‍රශ්න මගේ ඔලුව හිරකරන් හිටියේ. මම ගැහැණු ළමයෙක්ට ආදරේ කරනවා."
"ඔය වයසේදී ආදරේ ඇතිවීම සාමාන්‍යයි දරුවෝ. ඔයා දන්නවානේ. අපි ආදර සම්බන්දතා වලට අකුල් හෙලන දෙමව්පියෝ නෙමෙයි කියලා.ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නේ? "
"මම මගේ ආදරේ කියුවා විතරයි අම්මේ. එයා උත්තරයක් දෙන්න කලින් එයාව ඇක්සිඩන්ට් එකක් උනා"
"දෙයියනේ "
"ඔව් අම්මේ. දැන් මාස 3 ක් වෙනවා. එයා ට සිහියක් නැහැ. කෝමා එකක් "
හිත කලබල කරගන්න එපා පුතේ. මම හෙට එන්නම් ඒ දරුවාව බලන්න."
"ඇයි අම්මා මටම මෙහෙම වෙන්නේ?"
"දෙවියන්ගේ කැමැත්ත එකනම් අපිට වලක්වන්න බැහැනේ පුතේ. ශක්තිමත්වෙලා ඉන්නකෝ"
විහඟට කෞමදිව මුළු ජිවිතයම විය. එක ඇගිල්ලක් වත් හොල්ලයි කියලා හැම තප්පරයක්ම විහඟ කෞමදිගේ ඒ අහිංසක මුණ දිහා ඇසිපිය ගහන්නේ නැතුව බලාගෙන හිටපු වාර ගණන අනන්තයි.
අනේ මගේ මැණික එන්නකෝ. ඇයි මෙහෙම බුම්මගෙන ඉන්නේ. බලන්න ඔයා මට ආදරෙයි කියලා කියුවේ නැහැනේ. ඔයාගේ ඔය රෝසපාට තොල් වලින් ඒ දේ අහන්න බලන්න මම පෙරුම්පුරන තරමක්. ඔයා ගලක් වෙලා ඇයි මැණික.?
එක සැරයක් නෙමෙයි , සියදහස් වාරයක් විහඟ මේ විදියට කෞමදිට කොච්චර කතා කරන්න ඇද්ද? එත් ඒ හැම වචනයක්ම හුළගේ පාවුනු වචන පවට හැරවුනා මිසක් කවි ගේ සියපත් තුලට ගියේ නම් නැහැ.
එත් එක් දිනක් හදිස්සියේම විහඟ ගේ දුරකථනය නාදවිය.
මතුසම්බන්දයි
ප.ලි.- කාර්යබහුලතාවය නිසා අද කොටස ප්‍රමාණයෙන් ස්වල්ප බවත් මීලග කොටස ඉතා ඉක්මනින් මීටත් වඩා ප්‍රමාණයෙන් දිගින් වැඩි වන බවටත්, එය අවසානයට පෙර කොටස වන බවත් දැනුම්දෙමි.