Monday, December 26, 2011

බටර්ස්කොච් මූස්..!!!

කොහොමද හැමෝම හොදින් ඉන්නවා නේද.. නත්තල් නත්තල් කියා කියා උන්නා දැන් නත්තලුත් ඉවරයි ඔන්.
නත්තල් කියද්දී ඉතින් කෑම ජාති තමයි හැමවෙලේම මතක් වෙන්නේ. අපේ මල්ලි නම් නත්තල් වෙනකම් බලාගෙන ඉන්නේ නත්තලට හදන කෑම ටික කාගන්න.
ඔන්න ඉතින් වර්ණා ත්  වර්නාගේ අම්මිත් එක්ක එකතුවෙලා නත්තලට කෑම ජාති ගොඩාක් හැදුවා.
එකින් එක හිමිට කියන්නම්කො.
ඔන්න අද පලවෙනි කෑම ජාතිය.මේක අතුරුපසක්. පත්තරේ තිබුනේ රෙසිපි එක. ඔන්න ඉතින් මම එක හැදුවා. දැන් කාලත් ඉවරයි. :D හොදට රසට තිබුණු නිසා හදන හැටි කියනම්. ඔයාලත් හදලා රසද කියලා කියන්නකෝ මට.. 

බටර්ස්කොච් මූස් (Butterscoth Moos) තමයි නම.

අවශ්‍ය ද්‍රව්‍ය-

                බිත්තර කහමද 7 ක්
                කිරි ලීටර 1 ක් (එල කිරි පැණි රස නැති.)
                සිනි  ග්රෑම් 350 ක් සහ වෙනම තව සිනි 200 ග්රෑම්
                ජෙලටින්  ග්රෑම් 40 ක්
                ඇස්ට්‍රා 180 ක්

සාදන ක්‍රමය-



                 මුලින්ම සිනි  ග්රෑම් 350 ලිප තබා සිනි මට්ටමට බාගයක් වෙන විදියට වතුර දාලා, ඒ කියන්නේ වතුර පොඩ්ඩක් වෙන්න, ලිපේ තියාගෙන එක දිගට හැදි ගාගෙන කැරමල් කරගන්න. කැරමල් වගේ එනකොට ලිපෙන් බාගෙන ඉක්මනට එකට බටර් ග්රෑම් 40 එකට දාගෙන දිය කරගන්න පහත රුපයේ ආකාරයට ඒවි එතකොට. ඔය මිශ්‍රණය පැත්තකින් තබාගන්න.


දැන් කිරි ලීටරය ලිපේ තබා උතුරවා ගන්න.කිරි උතුරවන විට ලිප නිවා දමන්න. දැන් එය පසෙකින් තබාගන්න.
බිත්තර කහමද ටිකට ඉතුරු සිනි ග්රෑම් 200 දමා හොදට බීට් කරගන්න.


ඉන්පසු එම බිත්තර සිනි මිශ්‍රණය උතුරුවා ගත්ත කිරි එකට දමන්න. ඒ මිශ්‍රණය දමන ගමන් හොදට මිශ්‍ර කරගන්න ඕනා.


දැන් එම මිශ්‍රණයට ජෙලටින් ටික කලින් උණුවතුර ටිකක දියකරගෙන එම ජෙලටින් ටික ඉහත මිශ්‍රණයට දමන්න.,,


හොදින් හැදිගාන්න.
       ඉන්පසු කලින් සාදාගත් බටර් කැරමල් මිශ්‍රණය ද මෙයට එකතු කරන්න.හොදින් කලවම් කරගන්න. මෙය ක්‍රීම් එකක් තරමට සැකසේවි.

ඉන්පසු විනාඩියක් පමණ මෙම මිශ්‍රණය නැවත බිටරයකින් බීට් කරගන්න.

බටර් කේක් හෝ චොක්ලට් කේක් සිහින් තට්ටුවක් අතුරාගත් කැමති හැඩයේ බෝල් එකකට මෙමෙ මිශ්‍රණය දමා ශීතකරණයේ තබන්න. ජෙලි එකක් වගේ වෙනකම් මෙය සෙට් වේවි.. :))

හදිස්සි වැඩි කමට පින්තුරයක් ගන්න කලින්ම කපලා කෑවා :))

හදලා ගුණ දොස් කියන්නකෝ..

වර්ණා ට නත්තලට අම්මි ගෙන් තෑග්ගක් හම්බුනා. බ්‍රේස්ලට් එකක්. :)) I Love you ammi :))))


41 comments:

  1. ම්ම්ම්... මූස්... ක්‍රිස්මස් සරුයි වගේ ආ....

    ReplyDelete
  2. ස්කොච් මූස් ඒක රසට ඇති, නේද?

    ReplyDelete
  3. යමී....රසයි වගේ පෙනුම...බලමුකො හදන්න දවසක..

    තැන්කූ වර්ණා...

    ReplyDelete
  4. දෙල් වලින් පට්ට කෑමක් හදන හැටි බලන්න... ගුණදොස් එවන්න
    http://arunadeepa.blogspot.com/2011/11/blog-post_10.html

    එහෙම නැත්තං ගෙඹ් සුප්
    http://arunadeepa.blogspot.com/2011/11/blog-post_19.html

    ReplyDelete
  5. මට නම් ඉතින් ඕවා හදන්න පුලුවන් කමක් නැනේ.. දන්න කෙනෙක්ට කියලා හදවගෙන තමා කන්න වෙන්නේ.....

    පොස්ට් එක සේව් කරලා තියාගන්නම්කො

    ReplyDelete
  6. මොනවද මේ. මට පින්තූරේ දැක්කහම මතක් වුනේ මී වද.රසයිද? හදන්න ඕන මාත් දවසක.
    ෂා ඔයාටනම් නත්තල් සරැයී නේ. අම්මිගෙන් විතරද තෑගි හම්බවුනේ?

    ReplyDelete
  7. යම්ම්ම්ම්ම්ම්ම්ම්.....කෙල උනනවානෙ කටට මෙව්වා දැක්කහම...:(

    ReplyDelete
  8. @ පැණි දොඩම්
    අනේ එහෙම ඉතින් ලොකු සරුවක් නැහැ අයියා :))

    @ ගෙම්බා
    ඔව් ඔව් රසයි. :D

    @ නිසුපා
    ඔව් ඔව් අක්කේ හදලා බලන්නකෝ

    @ නරකයා
    මම බැලුවා නලකයෝ.. මට ඒවා දැකලා හිනා වෙලා තාම බඩ රිදෙනවා..

    @ මහිම
    ඔව් ඔව් ජයයි :D

    @ බට්ටි
    මේක අතුරුපසක් අක්කි. රසයි. හදලම බලන්නකෝ.
    හ්ම්ම් ඔව් අම්මිගෙන් විතරයි. වෙන කාගෙන් තෑගි ලබෙන්නද මට :)))


    @ හිතුවක්කාරි
    හිහි.. කෙල උනන නිසා හදලම බලන්න වෙනවා ඔයාට :)))

    ReplyDelete
  9. මාත් ඉතින් සිංහල අවුරුද්දට වත් හදන්න බලන්නම්කෝ... බත් උයන්න දන්නවා උනාට තාම කේක් හදන්න දන්නේ නෑනේ.. :D

    ReplyDelete
  10. ඔබී ආවම රෙසිපිය පෙන්නල බලමු

    ReplyDelete
  11. ඔන්න මගේ නොනත් ඔයාගේ රෙසපිය හොඳට බලාගත්තා බලමුකො...රහද කියලා

    ReplyDelete
  12. මේකක් හදාගෙන කන්න තව අවුරුදු ගානක් බලාගෙන ඉන්න වෙයි අප්පා ...

    මම මේ ජාතියේ කෑමක් දැක්කමයි රහයිද??? මේවා බලාගෙන ඉන්නේ කොහොමෙයි ඔයාගේ බඩ රිදෙයි ඈ.......

    ReplyDelete
  13. අලේ මේ දවස්වල රෙසිපි ගොඩායි...

    ReplyDelete
  14. :) බලමු හදන්න උත්සාහයක් කරල. මගේ මෝඩ මොළේ හැටි.මම කලින් හිතුවේ අර උඩම තියෙන තැඹිලි පාට බෝල වගේ ඒවා තමයි ඔයා හදන්න යන්නේ කියලා. බැලින්නම් ඒව බිත්තර කහමද... හෙහ් හෙහ්

    ReplyDelete
  15. නංගිට නත්තල් සරුයි වගේ.
    ඔය තෑගි හිටන් ලැබිලා තියෙන්නේ.
    නංගිටත් සුබම සුබ නත්තලක් වේවා

    ReplyDelete
  16. මේ, ඕක බිත්තර කහමද 8කින් හදන විදිය කියන්නකෝ නගෝ......

    ReplyDelete
  17. අපිට කොහෙන්ද බුල් බල්ලෝ.

    ReplyDelete
  18. මුලින්ම නත්තලට සුභ පැතුම්..
    කෑම වට්ටෝරුවක් දීලා ගැලවෙන්නද හදන්නේ ඒවා කොහෙද? ඊළග නත්තලටවත් පාටියක් දෙන්න වෙයි අරී..

    ReplyDelete
  19. කෝ නගේ cream
    මුස් නම් cream ඕනනෙ...

    ReplyDelete
  20. මගේ පොඩි අක්ක මේ වගේ එකක් හැදුවා වගේ මතකයි ඉස්සර,ඒ කාලේ එයාගේ වැඩේම එක එක කෑම හදලා ගෙදර බඩු නාස්ති කරන එක,කොහොමහරි එක දවසක් ලස්සන පොලොස් මාලුවක් හැදුවා..රතු පාටට ලස්සනේ බෑ,අපි කෑවා හොදට රසයි,හවස් වෙනකොට ඔක්කොගෙම කටවල් පැලිලා,රෑට කන්න බැරි ගානට කට හම ගිහිල්ලා..බැලින්නං කව්ද කියලා පොලොස් ලස්සනට රතුපාට වෙන්න හුනු ටිකක් දාන්න කියලා ..කොහොමහරි වැඩිපුර වැටිලා..හප්පේ ගෙදර ඔක්කොගෙම කටවල් හම ගිහිල්ලා දැනුත් පොලොස් දැක්කම කන්න බයයි....

    ReplyDelete
  21. ආව් ආව්.. මේකනම් හදන්න ඕනෙ දවසක.. ස්තූතියි නංගියෝ.. :)

    ReplyDelete
  22. රෙසිපියට ස්තූති... හදල බලන්නම්කො....

    ReplyDelete
  23. රසයි වගේ..
    පුළුවන් වෙලාවක ට්‍රයි එකක් දෙන්නම්කො..... :))

    ReplyDelete
  24. @ Shani
    හ්ම්ම් ඔව් හදන්නකෝ. හදලා රසාද කියලා කියන්න..


    @ Observer
    හොදයි ඔබා මාමේ..


    @ Raj
    ඉක්මනට හදන්න කියන්න එහෙනම් හිහ..


    @ සීතල අයියා
    අලෙ ඔව් අනේ ගොඩායි හිකිස්‌..


    @ මධුරංග
    හ්ම්ම් අපිට නත්තල් ඉතින් අවුරුදු වගේ තමයි මදු අයියේ. අයියටත් සුභම සුභ නත්තලක් වේවා.. :)))


    @ Kasun
    ඒ මොකෝ 8 කින් අයියේ..? ඔත්තේ හරි නැහැ වගේද? අවුලක් නැහැ. ඔය රෙසිපියටම බිත්තර කහමදයක් වැඩි කලාට. ඉතුරු බඩු ටික ඒ ප්‍රමනයෙන්ම දාන්න..


    @ අසරණයා
    හිහි අපිටත් කොයින්ද බුල් බල්ලෝ :D


    @ නාකියා
    ඔයාටත් සුභ නත්තලක් වේවා..
    අයියෝ එහෙම ගැලවෙන්නේ නැහැ. ඕන වෙලාවක එන්නකෝ. පාර්ටි දෙන්නම් :)))


    @ ඇනෝ
    අනේ ඇනෝ මේක පත්තරේ ගිය රෙසිපි එකක්නේ. මම හදපු එකක් නෙමෙයි...


    @ ඔබ නොදු‍ටු ලොවක්
    හිහි අනේ අම්මේ.. මටත් ඔය වගේ ඒවානම් වෙනවා. අර කිසස් එක දහ පාරක් විතර හැදුවා මම හරි යනකම්ම. එත තාම හරි නැහැනේ හිහි...


    @ නන්දු
    හදන්න හදන්න අක්කේ. අනේ අම්මේ ඔයාව දැක්ක කල් :/



    @ Sammani
    හොදයි හදලා බලන්න. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..


    @ ලොකු
    රසයි රසයි ලොකු..

    ReplyDelete
  25. දැක්කමත් කන්න හිතෙනවා වගේ!!

    ReplyDelete
  26. මේකෙ බිත්තර කහමද වෙනුවට සුදුමදයි එල කිරි වෙනුවට පොල්කිරියි සිනි වෙනුවට පොල්පැනියි දාල හදන්න බැරිද? :D

    ReplyDelete
  27. @ ගැමියාගේ පත් ඉරුව
    අනේ ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුනේ :((
    හික්හික් මගේ බඩ රිදෙන්නේ නැතෝ.. මගේ බඩත් ඕන කෙහෙල්මලකට හුරු වෙන්න හැදිලා තියෙන්නේ හැක් හැක් හැක්/


    @ සොඳුරු සිත
    අනේ ඔව් ඒ කහමද නොවැ. හිහි.
    අක්කිගෙ කමෙන්ට් එකත් ස්පෑම් වෙලා තිබුනේ.
    හදලා රස කියන්නකෝ අක්කි. :)))
    මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...


    @ Najath Akram
    කන්න හිතෙනවද :D


    @ රාජ්
    හොක් හොක් හොක් .. හා හා හදන්නකෝ, පොඩි එක්කෙනාගේ ආසාවනේ.හැබැයි බඩ ගියා කියලා එහෙම කියන්නේ නැහැ :/

    ReplyDelete
  28. @ දේවා ගේ අඩවිය
    දෙවා අයියේ ඔයාගේ කමෙන්ට් එකත ස්පෑම් වෙලා, දැනුයි දැකලා පබ්ලිෂ් කලේ මම.
    ඔව් ඔව් සේව් කරලා තියාගෙන පස්සේ කාලෙක හදලා බලන්නකෝ :))

    ReplyDelete
  29. නිකං වටලප්පං වගේ ඇති නේද?

    ReplyDelete
  30. අයියෝ..............දැන් නම් බඩගිනියෝ................

    ReplyDelete
  31. @ කතන්දර
    ඕව් ටිකක් ඒ වගේ තමයි.. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...


    @ ~තරූ
    බඩගිනිද .. හක් හක් හක් :D

    ReplyDelete
  32. අපේ පැත්තේ ඇවිත් තිබ්බ නිසා බලන්ට කියල බොල ආවේ. ඉස්සෙල්ලම දැක්කේ කෑමක් නොවැ. පෙරේත කමට කෑවට ඕව මම හදන්න යන එකක්යැ. හැදුවොත් පොඩ්ඩක් මෙහාට එවනව හොදයි. අපේ යෝදිට පෙන්නන්න ඕනේ.........

    ජය සිරි කිව්වා !

    ReplyDelete
  33. නයි කයි ද රෝස්පාන් කිව්වලු......

    ReplyDelete
  34. @ sAm sRi
    ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා,,,
    හා හා හැදුවොත් එවන්නම්කො :D


    @ ලහිරු
    ලහිරුවත් සාදරයෙන් පිලිගන්නවා,,,
    නයි කයිද රෝස් පාන් නෙමෙයි, මේක හදලා කාලා බලන්න

    ReplyDelete
  35. ශා...... මරුනේ. වෙලාවක හදල බලන්න ඕනේ.. :))

    ReplyDelete
  36. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....ඉඩකඩ තියන වෙලාවක ට්‍රයි එකක් දීලා බලන්න ඕනෙ....හි හි...:)

    ReplyDelete
  37. එකපාරක් කිසස් හැදුවා.. මෙකටත් ගෙමක් දිලා බලන්න ඔන.. බොඩිමෙදි...

    ReplyDelete
  38. @ වවුලා
    අනිවා ට්‍රයි කරලා බලන්න


    @ රහස් පරික්ෂකයා
    ශෝක් ශෝක් :))

    ReplyDelete
  39. කිකස් නම් කෑවා නියමයි.. බැරිද පැණිරස නැතුව සැර දෙයක් හදන්න කියල දෙන්න? (ඕ මම කියන්නේ මස් වලින් හදන දේ නෙවි) :D

    ReplyDelete
  40. ඉන්න ඉන්න කියලා දෙන්නම් :)))

    ReplyDelete