Saturday, December 31, 2011

සුබ නව වසරක් වේවා....!!!


අවූරුද්දක් ගෙවුනේ පුදුම ඉක්මනින්. අපේ අම්මිත් කියනවා එහෙ හැරිලා මෙහෙ හැරෙද්දී අවුරුද්දකුත් ගෙවිලා නේද කියලා.
පහුගිය අවුරුදු 3 4 ම මගේ ජිවිතේ අහිමිවීම් විතරමයි තිබුනේ.. පොඩ්ඩක් ඉන්න මතක් කරන්න එක හිමි වෙච්ච දෙයක් තියෙනවද කියලා...... නැහැ. එකක්වත් නැහැ. මගේ ලග හිටපු අය , මම ගොඩාක් ආදරේ කරපු, කොටින්ම කියුවොත් මේ ලෝකෙන් මම වැඩිපුරම ආදරේ කරපු අය මාව දාලා ගිය අවුරුද්දක්.
   
                       පුදුමාකාර සිදුවීම් ගොඩකට මුහුණ දුන්නු මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා හැමදෙයක්ම විසදෙනකම්.කැමති නැහැ පොඩ්ඩක්වත් කිසිදෙයක් මගෙන් නැති වෙනවට. පුංචි කාලේ ඉදන්ම හැමදෙයක්ම ලැබුණු මට මේ අහිමිවීම් දරාගන්න ගොඩාක් අමාරු වුනා. එත් මේ ලෝකේ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතාගෙන හැමදෙයක්ම හිතේ තද කරගෙන ලෝකෙට හිනා වෙලා මුහුණ පෙන්නුවට මම ඉන්නේ ගිනි ගොඩක..
මේ බ්ලොග් එක ලියන එක තමයි මගේ එකම සතුට. බ්ලොග් ලෝකෙට ඇවිත් මාස දෙකක් උනාත් ගොඩාක් යාළුවො මුණ ගැහුනා. ඒ අය නිසා මම දැන් පුදුමාකාර සතුටකින් ජිවිතේ ගෙවන්නේ.
හෙට අනිද්දා ගාලු ටුවර් එකේදිත් ගොඩාක් අයව හදුනාගන්න ලැබේවි.
වැඩට යනවා ගෙදර එනවා හැරෙන්න ජිවිතේ මේ දුක නිවාගන්න ක්‍රමයක් තිබුනේ නැහැ මට. එකයි මේ ගමන යන්න මම ආසා වුනේ..


2011 වසරේ නොවුණු දේවල් එත් මම බලාපොරොත්තු වුනු දේවල් 2012 වසරේ වෙයි කියලා හිතනවා.
ඒ වගේමයි කිසිම දාක වැටුනේ නැති මම වැටුනා. එත් ආපහු නැගිටිනවා ආයේ කවදාවත්ම වැටෙන්නේ නැති වෙන්න. ඒ බලාපොරොත්තුව එක්ක 2012 අවුරුද්ද හොදින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා..
ඒ වගේමයි මගේ බ්ලොග් මිතුරන්ටත් 2012 වසරේ සියලුම බලාපොරොත්තු සපල වෙන සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. නම් වශයෙන් කියන්න ආසයි එත් එක නමක් හරි මග හැරුනොත් එක මම කරන ගුණමකු වැඩක් වෙනවා. මොකද මේ හැම මිත්‍රත්වයක්ම මට මහා මෙරක් වගේ වටිනවා...


ඉතින් හෙට දවස විතරක් නෙමෙයි 2012 වසරේ හැම දිනයක්ම සතුටින් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා..

41 comments:

  1. ඔබේ සුවහසක් පැතුම් මල් එලෙසින්ම පිපේවා
    උදාවන නව වසරේ..

    ReplyDelete
  2. ලබන්නාවු නව වසරේ සිතේ තියෙන යහපත් පැතුම් ඉටු වෙන අහිමිවීම් වෙනුවට ලැබීම් වැඩි වෙන හිතේ සතුට රජයන සාර්ථක වසරක් වේවායි පතන්නෙමු !!!

    එහෙනම් ගාළු ටුවර් එකේදි හම්බ වෙමු ඈ. මාත් ගාලු එන්න ඉන්නේ :)

    ReplyDelete
  3. මේ ලෝකේ හැමෝටම දුක උරුමයි කිසි කෙනෙක් නැහැ හැමදාම සතුටින් හිඅපු කෙනෙක්.ඔයාට වැඩ දුකෙන් ඉන්න කෙනෙක් දැක්කම ඔයාට හිතෙයි ඔයාගේ දුක මොකක්ද කියල.හැමෝටම මේ දුක උරුමයි.හෙටින පටන් ගන්න අලුත් අවුරුද්දේ ඉඳල හැම දෙයක්ම හොඳින් සිද්ද වේවි.ඔබට ජය!!!..

    ReplyDelete
  4. මගෙත් ප්‍රාර්ථනය ඒකම තමයි. ඔයාට වගේම මටත් ඒ විදියට ඉස්සරහට යන්න ලැබෙන්න කියලා.
    2012 අවුරුද්ද සුභම එකක් වේවා මචං

    ReplyDelete
  5. කොහොමද බංකුවේ ඉයර් එන්ඩ් එක..අම්බානක වැඩ නේද....ජිවිතේ කියන්නේ වැටිම් සහ නැගිටිම්..තමයි..ජිවත් වෙනව කියන්නේ ප්‍රෂ්ණ උත්තර අතර දොලනය වෙන එකනේ....ඉතින් අලුත් අවුරුද්ද..ප්‍රෂ්ණ අඩු සාර්ථක එකක් වෙන්ඩ කියල පතනවා....
    7 වෙනිදට හමුවෙමු...ජය

    ReplyDelete
  6. වර්ණා හැමෝගෙම ජිවිත වල කාටවත් නොකියන ගොඩාක් ලොකු දුක් තියනවා... බ්ලොග් ලොකේ ඔයා හොද සහෝදරියක්.. ජිවිතේ හැම ප්‍රශ්නයක්ම විසදගෙන සතුටින් ඉන්න ඔයාට පුලුවන්... මම සුබ පතනවා හැමදේකටම

    ReplyDelete
  7. ඔයාට බලපොරොතු ඉටු වන සුභ අලුත් අවුරුදක් වේවා.!!

    ReplyDelete
  8. අවුරුද්දේ අන්තිම කොහොමත් අම්බානෙක වැඩ නේ..ඔව්වා වැඩිය ගනන් ගන්න එපා..
    නංගිගෙත් සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන සුභම සුභ නව වසරක් වෙන්න ඕන.. :))

    හැමෝම ගාලු යනවා වගේ..ෂික් මට මිස් වෙනවනේ :(

    ReplyDelete
  9. එලබෙන නව වසර සුභම සුභ අවුරුද්දක් වේවා වර්ණා නංගිටත්.. සියළු පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  10. //පහුගිය අවුරුදු 3 4 ම මගේ ජිවිතේ අහිමිවීම් විතරමයි තිබුනේ//

    මට ඔළුවට ආවේ වර්ණාට අවුරුදු 34 ද කියලා ? lol

    අහිමිවීම් ගැන තැවෙන්න එපා, නොතැවෙන්නෙත් ඒපා. ඒවා තමයි නැගිටින්න ශක්තිය දෙන්නේ. ඒ නිසා ගෙවුනු 2011 පැත්තකට කරලා එන්න තියෙන 2012 ගැන හිතන්න. මේ අවුරුද්දේ ඔක්කොම හරි නොයන්න පුළුවන්. ඒත් කවදා හරි නැගිටින්න ගට ගන්න මේ අවුරුද්ද ඇති. වැඩිපුරත් දවසක් එක්ක 366 ක්ම තියෙනවානේ... :P

    පැතුම් ඉටුවන සතුට රජවන සාර්ථක වසරක් වේවා !!!

    ReplyDelete
  11. මොන තැවුල් ආවත්
    සතුටින් ඉන්න හැකිවෙන
    සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  12. ඔන්න වර්ණාටත් වර්ණවත් සුබ නව වසරක් ම වේවා ..

    ReplyDelete
  13. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  14. "ඒ වගේමයි කිසිම දාක වැටුනේ නැති මම වැටුනා. එත් ආපහු නැගිටිනවා ආයේ කවදාවත්ම වැටෙන්නේ නැති වෙන්න."
    අනිවාර්යෙන්ම එකතමයි වෙන්න ඕනේ
    හැමදෙම වෙන්නේ හොදට කියලා අනාගතේට මුණදෙන්න.

    හැපීම හැපී මෙවුව එකක් වේවා

    ReplyDelete
  15. ජිවිතේ ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න හැමෝටම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්න....
    අනිත් හැමෝම හිතනා විදිහට නෙමෙයි.... ටිකක් අළුත් විදිහට හිතන්න....
    හැමෝම වැරදි කරනවා කියලා.. ඒ වගේ අපිත් වැරදි නොකරන.......
    අළුත් හිතකින්...අළුත් බලාපොරොත්තු රැසක් එක්ක......
    අධිෂ්ඨානය පෙරටු කරගෙන......
    හැමදේම සල්ලි කොල වලින් විතරක් මනින්නේ නැතුව...
    පුලුවන් තරමින් තව කාට හරි පොඩි උදවිවක් එහෙම කරගෙන....
    හැමෝම සතුටු කරන්න බැරි උනත්.. කාගේවත් හිත් රිදවන්නේ නැතුව...

    තැවුනු... රිදුනු සිත් යලි සැනසිමෙන් පිරෙන්න කියලා...
    සියළු දෙනාට ආදරයෙන්..සතුටින් පිරුනු................
    නැවුමි වු හැගුමි හා බලාපොරොත්තු සමගින්.............

    2012 වසරට පියනගන්න ආරාධනා.....

    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වෙිවා......!!!!

    ReplyDelete
  16. වර්ණා ඇතුළු පවුලේ සැමටම 2012 වසර වාසනාවන්ත නිරෝගී නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  17. සුභ නව වසරක් වේවා..හප්පේ ඔයත් 76ද?

    ReplyDelete
  18. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!! වාසනාවන්ත අනාගතයකට මංපෙත් විවර වේවා!!

    ReplyDelete
  19. සිතේ දුක් සේරම පහුගිය අවුරුද්දට දාලා මේ අවුරුද්ද පුරාවටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා අක්කාට මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ගාලු ඇවිත් කට්ටිය මුණගැහෙන්න වෙන්නේ නෑ අප්පා.. :(

    ඔයාටයි පවුලේ හැමටයි සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  20. පරණ මතක පරණ අවුරුද්දට බාර කරලා.. අළුත් අවුරුද්දෙ අළුත් බලාපොරොත්තු එක්ක.. අළුත් පියවරකින් ජීවිතය ලස්සන කරගන්න පටන්ගන්න.. ආදරණීය නංගියාට.. හදවතින්ම සුබ පැතුම්.. :)

    ReplyDelete
  21. උදෙත් ආවා.ඒත් එකවුන්ට් එක පිස්සු ‍‍කෙළිය නිසා සූභ පතන්න බැරි වුනා.
    හරි ඔන්න එහෙනම් වර්ණාගේ ජීවිතය මේ වසර අවසන් වෙද්දී හිමි වීම් වලින් විතරක්ම පිරී ඉතිරිලා යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

    ඒ වගේම 2011 වෙනකම්ම නැග්ගෙ කන්ද කියලා හිතන්න.දැන් 2012. පල්ලම බහින්න තියෙන්නේ. ඒකට ලෑස්ති වෙන්න. කළබලයක් නැතිව,කඩා වැටෙන්නෙත් නැතිව ජීවිතයට මූණ දෙන්න.
    07 වෙනිදා එන්න ලැබුනොත් කතා බහ කරන්නම්..

    ReplyDelete
  22. හිතේ තියන හැම පැතුමක්ම ඉටු වෙන හිත සතුටින්ම තියෙන සුභම සුභ නව වසරක් වේවා නංගි...!!!

    ReplyDelete
  23. budu amme,varna akkita 34da?
    hari hari ohoma yanko..
    siyalu yahapath pethum itu vana vasanavantha subama suba nava vasarakata akkiyata suba pethum!

    ReplyDelete
  24. වර්ණා ඔයා ආයෙ වැටෙන්නෙ නෑ නංගෝ..... ශක්තියෙන් ඉදිරියට යන්න, දිනන්න පුලුවන් වසරකට සුබ පැතුම් .... මමත් ගාලු යන්න එන්න හිතන් ඉන්නෝ ...

    ReplyDelete
  25. Wish you and your family a 'Happy New Year'

    ReplyDelete
  26. හැමෝම වැටෙනවා,වැටිච්ච තැනින් නැගිටලා ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනෙ....ඔයාටත් සියලුම බලාපොරොත්තු,ප්‍රාර්ථනා සඵල වෙන සුබ නව වසරක් කියලා කියනවා....:)

    ReplyDelete
  27. ජීවිතේ කොහොමත් හිමිවීම් වලට වැඩ අහිමි වීම් වැඩියි අක්කෝ.. හිත හදාගෙන ඉස්සරහට ගියේ නැත්තන්, අපි අතරමං වෙනවා. :)

    ජීවිතේ අලුතින් පටන් ගන්න පුළුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! :DD

    ReplyDelete
  28. @ දයානන්ද
    ඔබේ පැතුමට ගොඩාක් ස්තුතියි.. ඔබටත් එසේම වේවා...

    @ මධුරංග
    අයියටත් එසේම වේවා අයියේ,, හොදයි එහෙනම් ගාල්ලේදී හම්බෙමුකෝ..

    @ අසරණයා
    ඇත්ත එත එක්කෙකෙනාගේ දුක දරාගැනීමේ හැකියාව මත ඒ කෙනා දුක් වෙන කාරනාව වෙනස් වෙනවා යාලු.. මට මේ දුක මහා මෙරක්. තව කෙනෙක්ට එක ඒ හැටි දෙයක් නොවෙන්න පුළුවන්. මේ මගේ දරාගැනීමේ හැකියාව. එක ඒ කෙනාගේ. ඒ නිසා අපිට හැම දෙයක්ම හැම විදියකටම හිතන්න වෙනවා. හැම පැත්තෙන්ම..
    අයියටත් නව වසරේ සියලුම පැතුම් රජයන සුභම සුභ නව වසරක් වේවා..



    @ Shani
    ඔයාටත් එසේම වේවා කෙල්ලේ..


    @ Raj
    අනේ අම්මේ කතා කරන්න එපා. ඉහටත් උඩින් වැඩ.. එපාම උනා ඇත්තටම..
    හ්ම්ම් අයියටත් සුභම සුභ නව වසරක් වේවා.. 7 හම්බෙමුකෝ :)))


    @ දේවා
    අයියගේ සුභ පැතුමට ගොඩාක් ස්තුතියි.. අයියටත් නව වසර සුභම සුභ වසරක් වේවා...


    @ Nadun
    ඔබටත් එසේම වේවා.. :))


    @ ChammA
    හ්ම්ම් අයියටත් සුභ නව වසරක් වේවා..
    අනේ ඔයාලා එන්නේ නැද්ද.. හ්ම්ම් එහෙනම් ඊලග පාරවත් බලමුකෝ..


    @ Dinesh
    අයියටත් සියලුම පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා.. :))


    @ Chathuranga
    දිරි ගැන්වීමට ගොඩාක්ම ස්තුතියි අයියේ,, සුභම සුභ නව වසරක් වේවා. අනේ අම්මෝ මට 34 ක් නෙමෙයි බෝල වයස. :/


    @ රූ
    අක්කි හම්බෙමුකෝ එහෙනම් 7. සුභ නව වසරක් වේවා..



    @ kumaraya
    එසේම වේවා කුමාරයෝ


    @ දිල්
    අක්කිටත් එසේම වේවා :))


    @ මහිම
    හ්ම්ම් ඔව් එහෙම ඉන්න උත්සහා කරනවා.
    අයියටත් හැපීම හැපී මෙව්වා එකක් වේවා..

    ReplyDelete
  29. @ Sihina
    දිග කමෙන්ට් එකක් දාලා හරිම සතුටුයි මට..
    හ්ම්ම් හැමෝටම උදව් කරගෙන මේ අව්රුද්දෙදි හොද ජිවිතයක් ගත කරන්න උත්සහා කරනවා..
    අයියටත් සුභම සුභ නව වසරක් වේවා..



    @ Miyuru
    අක්කිටත් එසේම වේවා අක්කියෝ...



    @ ඔබ නොදු‍ටු ලොවක්
    එසේම වේවා අයියේ.. අහ මොකක් පිස්සුද මම 90 :/



    @ කල්ප
    ඔබටත් එසේම වේවා...


    @ ගැමියාගේ පත් ඉරුව
    මල්ලිටත් එසේම වේවා.. ලබන සැරේ එහෙනම් සෙට් වෙමු..


    @ නන්දු
    අක්කිටත් එසේම වේවා මගේ අක්කේ...


    @ නාකියා
    දිරි ගනිවිමට ගොඩාක් තුති අයියේ,, 7 වෙනිදට හම්බෙමු..



    @ ~~තරූගේ ලෝකය~~;
    අයියටත් එසේම වේවා..



    @ ඇනෝ
    අනේ මේ පිස්සුද මට තාම 16 මාසයයි. හිහි. මේ 34 ක් නෙමෙයි . අවරුදු 3 ක් 4 ක් කියලයි තියෙන්නේ එකේ.
    නංගිටත් සියලුම පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා..



    @ Sammani
    අක්කිටත් එසේම වේවා අක්කේ.. 7 වෙනිදට හම්බෙමු එහෙනම් ...


    @ ඔබා මාමේ.
    සේම් ටු යු ඔබා මාමේ..


    @ වවුලා
    ඔබටත් එසේම වේවා සහෝ.. අලුතින් නැගිටලා ඉස්සරහට යන්න ශක්තිය දැන් තියෙනවා මට...


    @ Ice
    එසේම වේවා නංගියෝ ඔයාටත්.. බලමුකෝ මේ අවුරුද්දෙදිවත් හිත හැදෙයිද කියලා.

    ReplyDelete
  30. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  31. ඔයාටයි, පවුලේ හැමෝටමයි සුබ නව වසරක් වේවා.....!!
    නංගියේ උඹට අවුරුද්දට සුබ පතන්න අමතක වෙලානේ මට
    සමා වෙයන් ලොකු පුතා අයියට...

    මේ දවස්වල එක දිගට මාස දෙකක් තිස්සේ රෑ වැඩ
    ඒ නිසා සමහර වෙලාවට පෝස්ට් මග ඇරෙනවා

    මෙහෙන් එන්න කිට්ටු කාලේ නිසා මමත් කට්ට කාගෙන ඉන්නවා
    කට්ට කිව්වට එක අතකින් ඒක හරි නිදහස්
    රජා වගේ ඉන්න පුළුවන් ලැබ් එකට වෙලා
    මාසයක් රෑ වැඩ කලාම මම ලංකාවේදී ගත්තු පඩියටත් වඩා වැඩි ගානක් අමතර දීමනා විදිහට ලැබෙන නිසා මම දැන් දිගටම රෑ වැඩ කරන්නයි කල්පනාව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එක හොදයි අයියේ,, වැඩ ටික හරියට කරගන්න. :))
      සුභ පැතුමට තුති.
      මම දැනුයි දැක්කේ කමෙන්ටුව :((

      Delete
  32. ඔන්න දැන් නම් මේ වර්ණා ගේ බ්ලොග් අඩවියේ පැටලවිල්ල හරි ගස්සා ගත්තා.. ඊයේ හම්බ වෙන්න ලැබී ම නම් හරිම සතුටක් ! සීමිත කාලයයිනෙ තිබ්බෙ අපිට ඊයේ කතා බහ කරන්නත් .. හිතා ගන්න බැරි තරම් අළුත් මුහුණු ගොඩක් නිසා වෙලාව යනවා දැනුනෙවත් නැහැ...
    ඉතින් පොඩ්ඩක් පහුවෙලා වුනත් ඔබට සුභ නව වසරක් පතන්නම් !

    ReplyDelete
    Replies
    1. වෙනි මාමාටත් එසේම වේවා. එදා දන අදුනගෙන කතා කරන්න ලැබුණු එක ගොඩාක් ලොකු සතුටක්

      Delete
  33. සුභ අලුත් අවුරුද්දක් වේවා....!
    …* මගේ බ්ලොගේ ෆලෝ කරාට ස්තූතියි

    ReplyDelete
  34. oya template eka venas kalada.mechchara kalayak man ano comment demme.ada idan ennamko digatama!

    ReplyDelete
  35. මේ අර ඇනෝ කමෙන්ට් දාපු නන්ගිද?

    ReplyDelete