Thursday, March 1, 2012

බොඳව ගිය දේදුනු - 5 වෙනි කොටස






                                                      හරි පුදුමයි ජිවිතේ. හැමවෙලේම වෙන්නේ අපි නොහිතන නොපතන දේවල්. අපේ  ජීවිත වලටත් වෙන්නේ අන්න එහෙම දේවල්. නුලකින් මිදුණු සරුංගලයක් ඉබාගාතේ යනවා වගේ තමයි අපේ ජීවිතත් ඉබාගාතේ යන්නේ.. එත් අපි හිතුවොත් ඒ හැමදෙයක්ම අපිට වෙනස් කරගන්න පුළුවන් .. :)


ආදරේ ජිව්තේම කරගත්ත කෙල්ලෙක්ගෙ කතාව.
බොඳව ගිය දේදුනු.. අද 5 වෙනි කොටස.


මුල් කොටස් කියෙව්වේ නැත්තම් මෙන්න පාර....,


බොඳව ගිය දේදුනු 1 කොටස


බොඳව ගිය දේදුනු 2 කොටස


බොඳව ගිය දේදුනු 3 කොටස


බොඳව ගිය දේදුනු 4 කොටස





මම ඔහේ හිත හිත පාර පුරා ආවෙමි.  එපමණයි මට මතක. කොහෙන්දෝ ආපු වාහනයක් මාව යට කරගෙන ගොසින්ය. මට සිහියක් නැත. එහෙත් මට මාව පෙනුනි. මම බිම ලේ විලක් මැදවැතිර උන්නෙමි....

අද එතැන් සිට...

නර්ස් මෙයාගේ විස්තර හම්බුනේ නැද්ද?

නැහැනේ ඩොක්ටර්. කැලණියේ පන්සල ගාවලුනේ ඇක්ස්ඩන්ට් එක වෙලා තියෙන්නේ, මට හිතෙන්නේ මේ ගර්ල් පන්සල් ගිහින්, එකනේ මේ සුදු ඇදුම් ඇදගෙන ඉන්නේ. 

පර්ස් එකක්වත් ඉරිරිපත්කරලා නැහැ නේද? දැන් කොහොමද මේ ළමයාව අදුනගන්න නෑදැයෝන්ටවත් ඉන්ෆෝම් කරන්නේ?
කවුද හොස්පිට්ල් එකට බාරදීලා තියෙන්නේ?

ඩ්‍රයිවර්, වාහනය ගෙනිච්ච.

බලමුකෝ පොලිසියෙන් හොයයිනේ.. අනික කොහොමත් මෙයාට කවදා සිහිය එයිද කියලා කියන්න අමරුයි. Keep in touch.

හොදයි ඩොක්ටර්

අනතුරින් කෞමදී ජීවිතය බේරාගත්තේ පෙර පිනකට වාසනාවකට වගේ. පැය ගානක ශල්‍යකර්මයකට පස්සේ කෞමදිට යම්තාක් දුරට සුවය ලබුවාත් ඇයට සිහිය පැමිණ තිබුනේ නැහැ. වෛද්‍යවරුන්ගේ නිගමනය උනේ කෞමදී කෝමා තත්වයකින් සිටිනවා කියලයි. පොලිසිය මගින් කෞමදී වැඩකරන ස්ථානයට කෞමදිගේ මේ මාරාන්තික අනතුර දැන්වීමෙන් පසුව එමගින් විහඟ ටත් ඒ ආරංචිය ගිහින් තිබුනා. ඒ අනුව විහඟ ඇතුළුව කෞමදිගේ මිතුරු මිතුරියන්, බෝඩිමේ මිතුරියට කිහිපවිටක් කෞමදි ව බලන්න රෝහල ට පැමිණියත් ඒ අයට සතුටකට තිබුණු එකම කාරණය වුනේ කෞමදී මරණාසන්න තත්වයෙන් ගැලවීම පමණයි.





විගඟ හැමවෙලේම වගේ කෞමදී අසල රැඳුනේ සැබෑම සෙනෙහසකින් ආදරේකින්...

"කෞමදිට සිහිය එන්නේ නැති වෙයිද ඩොක්ටර්?"

විහඟ වෛද්‍යවරයාගෙන් එහෙම ඇහුවේ සැරයක් දෙසැරයක් නෙමෙයි. ඒ හැම මොහොතකම ඔහුගේ පිළිතුර උනේ..

"අපි කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම දීලා තියෙන්නේ මිස්ටර් විහඟ. අපිට තියෙන්නේ දැන් බලාගෙන ඉන්න එක විතරයි. එයාට සිහිය කොයි මොහොතක හරි එන්න පුළුවන්. දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්න."

හා හා පුරා කියලා විහඟ පැතුව කෞමදිගේ ආදරය ගැන ඔහු බලාපොරොත්තු තබන්නටත් ඉස්සෙල්ල ඒ සිහින මාලිගා ඔහුගේ ඇස් ඉස්සරහා කැඩිලා බිදිලා ගියා. කරන්න පුළුවන් හැම භාරහාරයක්ම ඔහු කෞමදී වෙනුවෙන් ඔප්පු කළා.

මේ විදියට දින සති ගෙවිලා ගියේ විහඟ ව ගොඩාක් හෙම්බත් කරමිනුයි. එත් ඔහුගේ හිතේ කෞමදී ගැන තිබුණු ආදරය ගලේ කෙටුව අකුරක් වගේ නොවෙනස්ව තිබුනා.

"පුතා"

"ඇයි අම්මේ?"

"මම මේ බලාගෙන ඉදලා බැරි කමට පුතාගෙන් මේ අහන්නේ. ඔයා දන්නවා මම හැමදේටම ඔයාට නිදහස දීලා තියෙන්නේ. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ඔයා ගන්නේ නැහැ කියලාත් මම දන්නවා. එත් තාත්තාගේ යාලුවෙක් දැකලා තියෙනවා ඔයා හොස්පිට්ල් යනවා හැමදාම. මට දැනගන්න ඕනා ඒ ඇයි කියලා පුතේ? "

"අම්මේ මම මේ දේ අම්මා ට කියන්න කියලා හිටියේ අද නෙමෙයි. ගොඩාක් දවසක ඉදන්. එත් මේ ප්‍රශ්න මගේ ඔලුව හිරකරන් හිටියේ. මම ගැහැණු ළමයෙක්ට ආදරේ කරනවා."

"ඔය වයසේදී ආදරේ ඇතිවීම සාමාන්‍යයි දරුවෝ. ඔයා දන්නවානේ. අපි ආදර සම්බන්දතා වලට අකුල් හෙලන දෙමව්පියෝ නෙමෙයි කියලා.ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නේ? "

"මම මගේ ආදරේ කියුවා විතරයි අම්මේ. එයා උත්තරයක්‌ දෙන්න කලින් එයාව ඇක්සිඩන්ට් එකක් උනා"

"දෙයියනේ "

"ඔව් අම්මේ. දැන් මාස 3 ක් වෙනවා. එයා ට සිහියක් නැහැ. කෝමා එකක් "

හිත කලබල කරගන්න එපා පුතේ. මම හෙට එන්නම් ඒ දරුවාව බලන්න."

"ඇයි අම්මා මටම මෙහෙම වෙන්නේ?"


"දෙවියන්ගේ කැමැත්ත එකනම් අපිට වලක්වන්න බැහැනේ පුතේ. ශක්තිමත්වෙලා ඉන්නකෝ"

විහඟට කෞමදිව මුළු ජිවිතයම විය. එක ඇගිල්ලක් වත් හොල්ලයි කියලා හැම තප්පරයක්ම විහඟ කෞමදිගේ ඒ අහිංසක මුණ දිහා ඇසිපිය ගහන්නේ නැතුව බලාගෙන හිටපු වාර ගණන අනන්තයි.

අනේ මගේ මැණික එන්නකෝ. ඇයි මෙහෙම බුම්මගෙන ඉන්නේ. බලන්න ඔයා මට ආදරෙයි කියලා කියුවේ නැහැනේ. ඔයාගේ ඔය රෝසපාට තොල් වලින් ඒ දේ අහන්න බලන්න මම පෙරුම්පුරන තරමක්. ඔයා ගලක් වෙලා ඇයි මැණික.?

එක සැරයක් නෙමෙයි , සියදහස් වාරයක් විහඟ මේ විදියට කෞමදිට කොච්චර කතා කරන්න ඇද්ද? එත් ඒ හැම වචනයක්ම හුළගේ පාවුනු වචන පවට හැරවුනා මිසක් කවි ගේ සියපත් තුලට ගියේ නම් නැහැ.


එත් එක් දිනක් හදිස්සියේම විහඟ ගේ දුරකථනය නාදවිය.


මතුසම්බන්දයි






ප.ලි.- කාර්යබහුලතාවය නිසා අද කොටස ප්‍රමාණයෙන් ස්වල්ප බවත් මීලග කොටස ඉතා ඉක්මනින් මීටත් වඩා ප්‍රමාණයෙන් දිගින් වැඩි වන බවටත්, එය අවසානයට පෙර කොටස වන බවත් දැනුම්දෙමි.

52 comments:

  1. මේ කතා සැට එක කියවන්න ආවේ අදමයි ඒක නිසා නිස්කලන්කේ කියවලාම බලන්නම් :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කියවන්නකෝ එහෙනම්

      Delete
  2. හ්ම්ම් ..එයාට සිහිය ඇවිත් වෙන්න ඇති නේද?

    ReplyDelete
  3. කෞමදි - විහඟ ලස්සන නම් දෙක.
    කෞමදිට සහිය එයිද? විහඟගේ උතුම් ආදරේට ඇගේ පිළිතුරු කවර වෙයිද....? කතාව ටිකක් දුකට බර වෙඩියිද වර්ණා...?? :)

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන අවසානයක් දෙන්නේ නැහැ

      Delete
  4. අයියෝ කෝමා... මම කිව්ව විදිහට කරල නෑනෙ :( අපරාදෙ...

    ReplyDelete
    Replies
    1. හැක හැක ඒ විදියට කලොත් කියවන ඇය කැති පොලු අරන් එයි මාව මරන්ඩ :D

      Delete
  5. හලේ... ඔයාගෙ උත්සහය සාර්ථකයි..
    කොහොම හරි අපේ කුතුහලය උපරිමේටම ගෙනත් දඩොග් ගාල අත අරිනව හරිය දැන් ටීවී එකේ යන ටෙලිඩ්‍රාමාස් වල වගෙ!!!
    :ඩී

    හෙහේ... ලස්සනයි කෙල්ලෙ.... බෝම බිසී වෙලා තිඋනෙ... අනිත් කොටස් ටික කියෙවුවට කොමෙන්ට් නොකරපු එක ගැන නම් තරහ වෙන්ට එපා ඕන්...!!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නොකර බැහැනේ මල්ලියෝ.. හිහි
      මම එත් බැලුවා මෙයා මේ කතාව කියවන්නේ නද්දත් ද කියලා

      Delete
  6. ආ... කෙල්ල කතාව ඉවර කරන්නත් ලෑස්තියිද? කෞමදී බේරුණ එක නම් වාසනාව... බලමු කොල්ලගෙ ආදරේ කොච්චර ශක්තිමත්ද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඩාර්ලිං මට මේක ලියන්න අමාරුයි හිත කලබලයි එකයි :(

      Delete
  7. පළවෙනි පාරට මේ පැත්තෙ ආවෙ. කෝමා කියන ලෙඩේ දැන් හැමතැනම තියෙනව වගේ නේද? බලමුකො ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල :)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා යාලු. දිගට එන්ඩෝ
      කෝමා තියෙනවා නේන්නම්

      Delete
  8. දැන්ම සිහිය එන එකක් නෑ නේද??:-/
    අද කතාව ගොඩක් කොටයිනේ.ඒ මොකද??:P

    ReplyDelete
    Replies
    1. ප.ලි. එකේ තියෙන්නේ කතාව කොට මොකද කියලා :)
      සිහිය ඒවිද කියලා බලාගෙන ඉන්නකෝ :)

      Delete
  9. සිහිය ඒවි නෙද ? ඊලඟ කොටසින්....මේ තරම් ඉක්මනට ඉවර කරන්නෙ ඇයි වර්ණා

    ReplyDelete
    Replies
    1. ලියන්න ගත්තම ගොඩාක් අමාරුයි කෙල්ලේ හිතට. එකයි

      Delete
  10. කෞමදී .. ලස්සන නමක්..මම ආසවෙන් කියෙව්වා. ලස්සනයි නංගියෝ...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අක්කේ. දිගටම කියවන්න එන්නකෝ :)

      Delete
  11. හෆෝයි... කවදා සිහිය එයිද මන්දා. ඒත් කෝල් කරන්න ඇත්තෙ කවුරු වෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. දැන් දැනගත්තාද මොකටද කෝල් කලේ කියලා

      Delete
  12. මමත් ආසාවෙන් කියෙව්වෙ ඉතිරියත් ඉක්මනින් ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  13. තව පොඩ්ඩක් ලිව්ව නම් නරකෙයි.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔන්න ලිව්වා :)

      Delete
  14. මේ කතාවේ කෞමදි ට මිය යන්න නම් දෙන්න එපා. ඒකට පොඩි හේතුවක් තියනවා. ලංකාවෙ පාඨකයෝ නවකතාවල, කෙටිකතාවල, ටෙලිනාට්‍යවල, ප්‍රධාන චරිත මවන පෙම්වතා පෙම්වතිය මියයනවට කැමති නෑ. ඒක මුද්‍රිත කෘතියක් නම් විකිනෙන්නෙ නෑ. ලංකාවෙ බොහොමයක් පාඨකයන් කැමති ජීවිතය ජීවත් කරවන කතාවලට. මේ මගේ පෞද්ගලික අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. හැම සාර්ථක කතාවක් පිටිපස්සෙම බිඳුණු හීනයක්‌ තියෙනවා. බිඳිලා ගිය හීනේ අතැරලා දාන්න මම ලොබ වෙන්නේ නැහැ සහෝ.
      ලංකාවේ හැම සාර්ථක පොතකම දුක හිතෙන කතාවක් හැංගිලා තියෙනවා කියලයි මගේ හැඟීම..
      බලමු කතාවේ අවසානය සතුටු එකක් වේවිද කියල :)

      Delete
  15. මම හිතුවේ එදා මැරුණා කියලා... හලේ බැලින්නං සිහියනේ නැතිවෙලා තියෙන්නේ
    පොඩ්ඩක් ලිවුව එක තමා අවුල

    ReplyDelete
    Replies
    1. අයියෝ මැරෙන්න දෙන්නද එහෙනම් හිහි... :)

      Delete
  16. සිහිය ඇවිල්ලා වගේ....

    ReplyDelete
  17. මුල ඉඳන් කතාව කියවන් එන්නම් යාලු...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
  18. කමක් නෑ ඉතින් ජීවිතේ බේරුනා මදැයි. බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඔව් බලමුකෝ ඉස්සරහට

      Delete
  19. අනේ එහෙම හරි ජීවිතේ බේරුනානෙ..ඒ ඇති... හරිම සංවේදියි..නිකන් ෆිල්ම් එකක් වගේ කතාව යන්නෙ.ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තැන්ක්ස් හිතු.. බලන්නකෝ කතාවේ ඉතුරු ටිකත් :)

      Delete
  20. මගෙ යාලුවෙකුත් ඇක්සිඩන්ට් එකක් වෙලා කෝමා එකකින්ම මැරුනා. කවදාවත් සිහිය ආවෙ නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එහෙමද? එකනම් දුක හිතෙන සිද්දියක්...

      Delete
  21. හ්ම්ම්.. ඊට පස්සෙ.. :(

    ReplyDelete
  22. මුල ඉඳන් කියවල නැති හන්ද කොටස් 5 ම එක හුස්මට කියවගෙන ගියා. කතාව ෂොක්.. මරු.. එල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු.. ඉතිරි ටිකත් කියවන්නකෝ :)

      Delete
  23. මේ කොටසත් කියෙව්වා...

    ReplyDelete
  24. කොහොම හර් ජීවිතේ බේරුනානේ..

    ReplyDelete
  25. කතාව මුල ඉඳන් කියවන් ආව.මේ විස්තර කරන හැඟීම් ගොඩාක් දැනෙනව යාලු..ලස්සන කතාවක්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් සතුටුයි මටත් :)

      Delete
  26. ඊළඟ කොටසත් බලමුකෝ.... මම මේ කොටස් තුනක් විතර එක දිගට කියවන් යන ගමන්... :D

    ReplyDelete
  27. පන්සලට ගිය බවුද්දයෝ මොකටද දෙවියන්ගේ කැමැත්ත ගැන කියන්නේ ? එක නම් හරි නැහැ දරුවෝ..

    ReplyDelete