Monday, March 5, 2012

බොඳව ගිය දේදුනු - 6 වෙනි කොටස







ගහක වැලක මල් පූදින පාන්දර අවුරැල්ල ඇඟට  හරිම සනීපයි. ඒ අවුරැල්ලම ගින්දරක් වෙලා මධ්‍යහන ගිනියම් කරද්දී අවුරැල්ල සනීපයි කියුව හැමෝම කොහෙටහරි දුවන්නේ හෙවනක් හොයාගෙන. කෞමදිගේ ජීවිතේටත්  ගිනියම් අවුරැල්ලට බයේ හැංගෙන්න උනා. විහග ඒ ජිවිතේ ලැබෙනකම් පෙරුම්පිරුවත් දෙවියන්ට බුදුන්ට කියනවා හැරෙන්න වෙන කාටවත් ඒ පැතුම් කියන්න විහගට පුළුවන්කමක් තිබුනේ නැහැ.විහඟ ගේ හුස්ම පොදටත් ගිනි තියලයි කෞමදී මේ ඇස් පියාගෙන ඉන්නේ කියලා විහඟ දැන් දැන් තේරුම් අරගෙනයි ඉන්නේ...


ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව
බොඳව ගිය දේදුනු අද 6 වෙනි කොටස...!!


මුල් කොටස් කියවන්න බැරි උනානම් මෙන්න පාර
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
බොඳව ගිය දේදුනු 5 කොටස


දරාගන්න බැරි දුකක් සතුටක් එකම හිතක වැලපෙද්දී කඳුලට හිනාවට වෙනසක් නැතුව නවාතැන් දෙන්න ආදරයක් මඟ බලාගෙන ඉද්දි විහඟ කඳුලක් අරන් රෝහල වෙත ගියේ හිතේ දෙගිඩියාවෙන්.මොකද ඒ විහඟට ටිකකට කලින් ලැබුණු දුරකථන ඇමතුම නිසා. දාහක් බලාපොරොත්තු පොදි බැන්දත් ඒ හැම පැතුමක්ම දෙපාමුල විසිරිලා යනකොට විහඟ ඒ හැමදෙයක්ම ඉවසගෙන කෞමදී දිහා බලාගෙන හිටියා. ඒ අහිංසක මුණ විහඟ ගේ ජීවිතය වෙලා තිබුනා.


ඒ වෙලෙමයි වෛද්‍යවරයා රෝහල් කාමරය වෙත ආවේ.


"ඩොක්ටර් හදිස්සියේ එන්න කියලා පණිවුඩයක් එවලා තිබුනා? "


"ඔව් මිස්ටර් විහඟ මම එන්න කියුවේ පොඩි සතුටුදායක කාරණයක් කියන්න."


"ඒ මොකක්ද ඩොක්ටර්?" 
"අද උදේ නර්ස් මෙයාගේ සේලයින් එක මාරුකරන්න ආපු වෙලාවේ පේෂන්ට් ගේ ඇඟිලි හෙලවෙනවා දැකලා තියෙනවා. හැබැයි ටික වෙලාවක් විතරයි.
ඒ උනත් අපි විශ්වාස කරනවා කෞමදිට ඉක්මනින් සිහිය එයි කියලා. එයාගේ රිපොර්ට්ස් පොසිටිව් වේගෙනයි එන්නේ :) "


ඉහලට ගත්ත හුස්මපොද පහලට දමන්ටවත් විහඟට සිහියක් තිබුනේ නැහැ. ඒ තරමටම ඒ ආරංචිය විහඟ ට මුළු ලෝකයක් තරම් වුනා.
ඒ උනත් කවදා කෞමදී ට සිහිය ඒවිද කියලා විහඟ දුක් වුනා. කෞමදී දිහාවට හැරුණු විහඟ ඇගේ ඇඟිලි වලින් අල්ලන් එක ප්‍රාර්ථනාවක් කළා. ඒ ඉක්මනින් ඇයට සුව වෙන්න කියලයි.




-------------------------------------------------------------------------------------------------------------
"මචන් උබ අපිට කොලේ වහනවා."


"එහෙම දෙයක් නැහැ බං"


"එහෙම නැත්තම් උබ මොකක්ද අර කෙල්ලෙක් ඔලුව උඩ තියාගෙන නටන නාඩගම.? උබ ට්‍රිප් එක යන්නත් ආවේ නැහැ. බලන බලන හැමවෙලේම මුඩ් ගහගෙන ඉන්නවා. කවුද බං ඔය කෙල්ල අපි නොදන්න"


"උබලට කියුවේ මම කෙල්ලෙක්ගෙන් මම යාලුවෙන්න ඇහුවා කියලා. උබලා මොකද නොදන්නවා වගේ අහන්නේ. අනික උබලට මොකද මම කොහේ ගියත්. "


"අනේ නිකන් පලයන් බං යන්න. උබ අපේ හොදම යාලුවා. තොපේ ඕනෑම මගුලකට අපි ඉන්නවා කියලා උබ අමතක කරා එහෙනම්  අහ්හ් ?"


"එහෙම දෙයක් නෙමෙයි මචන්ලා තෙරුම් ගනින්කෝ. ඒ කෙල්ල ඇක්සිඩන්ට් උනා එදාම.කෝමා එකක ඉන්නේ. එකයි මචන් මම මෙච්චර අප්සට් ඒකෙන් ඉන්නේ.මට තේරෙන්නේ නැහැ බං එකී මට කැමති කියලා කියුවෙත් නැහැ. එත් මම එයාට ආදරෙයි බං..
මචන් කසුන් උබත් ආදරේ කරනවනේ. උබට තේරෙනවනේ මම කියන දේ."


"මාර වැඩනේ බං උබටත් වෙන්නේ. හරි මචන් අවුල් ගන්න එපා. අපි ඉන්නවා උබත් එක්ක. ආදරේ කරන එක වැරද්දක් නෙමෙයි බං කවදාවත්. උබ ඕක අපිට කියන්න පරක්කු වෙච්ච එක තමයි වැරැද්ද."


"මට සමාවෙයන් මචන්ලා.. මට ඕනා උනේ නැහැ මගේ දුක හැමෝටම ප්‍රචාරය කරන්න "


විහඟට ඔහුගේ මිතුරන්ගෙන් ලැබුනේ ගොඩාක් ලොකු හයියක්.


මිතුරන්ගෙන් සමුඅරගෙන විහඟ කෙලින්ම ගියේ කෞමදී ව බලන්න රෝහලට. ඒ වෙද්දී කෞමදී ගේ ඇඳ ලග කෞමදිගේ හොදම යෙහෙළිය වන නෙතුකි හිටියා. එත් ඇය සිටියේ තනියම නම් නෙමෙයි. විහඟ එනවා නෙතුකියි අමුත්තා යි දැක්කා. 


"අහ්හ් විහඟ කොහොමද? කෞමදී ගැන මොනවද ඩොක්ටර්ස් ලා කියන්නේ? "


"ඉක්මනින් හොද වෙයිලු  කියනවා නෙතු, එක නෙමෙයි ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ව අපිට අදුන්වලා දෙන්නේ නැද්ද?"


"අහ්හ් මේ ඉන්නේ ගයාන්. හැබැයි මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නම් නෙමෙයි."


"මම කවි ගේ යාලුවෙක්"
විහඟ කතා කරන්නටත් කලින්ම ගයාන් උත්තර දුන්නා.


"ඔෆිස් එකේ යාලුවෙක් වෙන්න ඇති එහෙනම් "


"නැහැ. ඊටත් කලින් ඉදන්ම කවිව දන්නා කෙනෙක්.. නෙතුකි මම ගිහින් එන්නම්. බබා ව ගන්න තියෙනවා."


"හොදයි ගයාන්"


"ගිහින් එන්නම් විහඟ. බයවෙන්න එපා. කවිට ඉක්මනින් සනීප වෙනවා "
"තැන්ක්ස් ගයාන් ආවට.."


ගයාන් රෝහලෙන් පිටත්ව ගියේය. එත් විහඟ ගේ මුණේ ඇඳුනු ප්‍රශ්නේ නෙතුකිට තේරුම්ගන්න අපහසු උනේ නැහැ. 


"මට තේරෙනවා ඔයා අහන්න යන ප්‍රශ්නේ. ගයාන් කවුද කියන එකනේ. ගයාන් කියන්නේ කවි මුලින් යාළුවෙලා හිටිය කෙනා. ගොඩාක් කාලයක් ඉඳන්ම. ප්‍රශ්න වගයක් වෙලා ඒ දෙන්නා වෙන්උනා. ඊටපස්සේ කෞමදී කාතෙක්කවත් යාලුවුනේ නැහැ.එත් ගයාන් බැඳලා ළමයෙකුත් ඉන්නවා.."


"කවි ගේ හැසිරීමෙන් මට තේරුනා එයා ආදරේ කරලා විදවපු කෙනෙක් කියලා නෙතුකි. එත් මම ඒ ගැන එයාගෙන් අහලා එයාව අසරණ කරන්න කැමති උනේ නැහැ."


"ඒ දෙන්නා වෙන් උනාට පස්සේ කවදාවත් හම්බවුනේ නැහැ. කවි ගොඩාක් ආදරේ කළා ගයාන්ට. එයාට ගයාන් නැති අඩුව හැමදාම තිබුනා. එත් එයා හැමදේම අමතක කළා. ඒ ගයාන්ගේම හොඳට.ගොඩාක් විදෙව්වා මේ කෙල්ල. ඒත් එයා තාමත් හැමදාමත් විඳවනවා.."


හදවත පාරන වේදනාවන් හිතින් අමතක කරලා දාන්නත් බැරිනම් සදාකාලිකවම ඒ වේදනාව තුරුල් කරගෙන දුක්විඳින්නයි හිතකට සිද්දවෙන්නේ.කෞමදී ගැන විහඟ ට දැනුනේ පුදුම දුකක්. ඒ කෙල්ලගේ ජිවිතේ ලස්සන කරනවාමයි කියලා විහඟ කෞමදිගේ ඔලුවේ අත තියලා දිව්රුවා..


ඔහොම දවස දෙක තුනක්ම සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. කෞමදී ව බලන්න හැමෝම වගේ ආවා. ඒ අතරේ කෞමදිගේ ලොකු අයියා ත් රට ඉඳන් ආවා. කෞමදිගේ අම්මා තාත්තා හැරුනුකොට කෞමදී ට හිටියේ අයියා විතරයි.අම්මා තාත්තා නැති උනාට පස්සේ කෞමදිට ඉගැන්නුවේ, හැම කලේ කෞමදිගේ අයියා. එයාලාට වෙන කව්රුත් හිටියේ නැහැ. අයියා රට ගියාට පස්සෙයි කෞමදී තනි උනේ., එත් කෞමදිගේ අයියා කෞමදිට කිසිම අඩුවක් දැනෙන්න ඉඩ දුන්නේ නැහැ.


"මගේ නංගි ගොඩාක් දුක් වින්දා.මට මගේ ලඟට නංගිව ගන්න බැරි උනා. අම්මෙක් තාත්තෙක් නැතුව මම එයාව හැදුවේ මලක් වගේ. එත් එයාට ගයාන් නැති වුනු අඩුව ගොඩාක් බලපෑවා. ගයානුත් ඔයා වගේම එයා එක්ක හැමවෙලේම දුකට සැපට හිටියා. එත් එයා නංගිට කරපු දේ ඔයා නොකරයි කියලා මට හිතන්න බෑ. එත් දෙයක් මම දන්නවා. කවුරු නැතත් මගේ නංගිව මම පරිස්සම් කරනවා. "


"මට තේරෙනවා අයියා කියන දේ. එත් විශ්වාස කරන්න මාව. මගේ ජිවිතේ තියෙනකන් කෞමදී ව තනිකරන්නේ නැහැ. එක පොරොන්දුවක්."


කඳුලකට පුලුවන්නම් හදවතක් නතර කරන්න, මේ ලෝකේ හැම හදවතක්ම එකම මොහොතක නතර වෙලා යාවි. ඒ ආදරය අමතක කරනවාට වඩා මේ ජීවිතය අවසාන වෙනවානම් විහඟට එක සැපයි.


කාලය ඉගිල්ලිලා ගියේ ගොඩාක් වේගෙන්.
එදා අහස ලස්සනට පායලා තිබුනා. විහඟ හිතුවේ නැහැ ඒ දවස විහඟට මෙච්චර සතුටු හිතෙන දවසක් කියලා ඒ වෙලාවේ. විහඟ රෝහල වෙත එදාත් ගියේ අදවත් කෞමදිට සිහිය එන්න කියලා දෙවියන්ට කියලයි. 




විහඟ ගේ ඒ පැතුම එදා ඉටු වෙයිද?








අවසාන කොටසෙන් හමුවෙමු ඉක්මනට.... එත් කියන්න බෑ අවසාන කොටසම වේවිද කියලා :)





56 comments:

  1. මම 1ක.දැන් කියවන්නම්...

    ReplyDelete
    Replies
    1. අනේ 1 වෙලාද.. මරුනේ :))

      Delete
  2. ලස්සන කතාව...
    හැබැයි ඇඬෙන අවසානයක් නම් එපා ඔන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම බලමුකෝ අක්ක්කි. තැන්ක්ස් :)

      Delete
  3. මේ සැරේ එයාට හොඳවෙලා තියේවි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බලමුකෝ ඉස්සරහට.. :)

      Delete
  4. අයියෝ මම කියවලා comment කරන්න හිටියනේ...නැත්නම් මම 1.හුගක් සංවේදී කතාවක්....කෞමදිට ඇත්තම ආදරේ හම්බ වෙයි කියල හිතනවා.... ඉතිරියත් ඉක්මනට දාන්ඩෝ....:D

    ReplyDelete
    Replies
    1. අනේ අපරාදේ... :(
      හැරියෝ ඉක්මනින් දාන්නම් :)
      මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
    2. හි..හි...ඒකනේ...අනිත් දවසෙ මම වගේ කරන්න යාලු.

      Delete
    3. අයියෝ...ඒ උනාට comment1 දන්නා ඕන කියවලානේ....ඉතින් මට කතාව කියවන්න හදිස්සියනේ තිබ්බේ ඔක්කොටම වඩා ඉතින් මම එක කියවල චොම්මෙන්ට් කලේ....අනිත් දවසේ සිහින මතකයන් වගේ කොරන්න ඕන.....:D

      Delete
    4. අපිත් ඉස්සර එහෙම තමයි. එත් එහෙම කලාම කවදාවත් එක වෙන්න බැරි බව දැනුනා :( ඒ නිසයි දැන් මෙහෙම ක්‍රමයක් අනුගමනය කරන්නේ :D

      Delete
  5. දුක හිතෙන අවසානයක් නම් හොඳයි.... මම කැමති ඒ වගේ එවට.....

    ReplyDelete
    Replies
    1. එහෙමද? මමත් කැමති ඒවාට තමයි :D
      එත් ඉතින් බලමුකෝ මේ කතාවේ අවසානේ මොනවගේ වෙයිද කියලා :)

      Delete
  6. එහෙනම් අපි ඊළඟ කොටසින් හම්බෙමු හොඳේ.......

    ReplyDelete
  7. ම්ම්ම්....ලස්සනයි කතාව..

    ReplyDelete
  8. මටත් හිතෙන්නේ එයාට හොඳ වෙයි...මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලනම් හිතුවේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. බලමුකෝ අක්කේ... කොහොමහරි ඉවර කරගන්න :)

      Delete
  9. අලේ මෙන්න මාත් මේ කතාවේ ඉන්නෝ....:D වැඩේ ගොඩ යාවි වගේ නේද? බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ ඔයා නෙමෙයිලු. ඒ වෙන කසුන් කෙනෙක්ලු :D

      Delete
    2. වෙලාවට උඹ නෙමෙයිලු කසුනො... විහඟ කාර‍යගෙ යාළුව උඹ වුනානම් ඌට දෙයියන්ගෙ පිහිටයි... බුදුන්ගෙ සරණයි... ඕං කිව්ව ;)

      Delete
  10. අනේ හරිම සංවේදියි!!! දුකයි සතුටයි එකට එකතුවෙච්ච හරිම අමුතු හැඟීමක් තියෙන්නෙ... ලස්සනයි ව්අර්ණෝ.. අවසාන කොටස කිව්වෙ?? මේක ඉවර වෙන්න ලගහ්යිද?? :O

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් හිතු... ඔව් ඉවර කරනෝ ඉක්මනට

      Delete
  11. හරි.. දැන් නම් සනීපවේගන එනවා. කතාවත් ටෙලියක් වගේ ගලාගෙන යනවා. නියමයි .ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සනිපනම් වෙයි නේද? බලමුකෝ

      Delete
  12. දැන් ම හිටන් අඬන්න වෙන පාටයි.
    ඔන්න කෞ මදීව මරන්ඩ බෑ ඔන්න ! අබ්බගාත කරන්ඩත් බෑ හරි ද !
    එහෙම උනොත් කමෙන්ට් කරන්නෙත් නෑ හරි ද ! මෙහෙම කිව්වට නොකියවා ඉන්නෙත් නෑ හරි ද !:)

    ReplyDelete
    Replies
    1. අම්මෝ බයයි හරිද? :D
      කතාව දුකක්ද සතුටක් ද කියලා ඉක්මනටම දැනගන්න ලැබේවි අයියේ :)

      Delete
  13. හ්ම්ම් හ්ම්ම්ම් දැන් නම් සුභවාදී විදියට කතාව යනව වගේ.. ඒත් ඉවර වෙන නිසා දුකයි දුකයි වගේ...

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඉවර නොකර ජිවිත කාලෙටම අදින්නද කෙල්ලේ කියන්නේ... :)

      Delete
  14. හ්ම්ම්ම්...මම හිතන්නෙ එයා නැති වෙලා....පව්...

    ReplyDelete
    Replies
    1. අයියෝ නැති වෙලා? :o
      මටත් දැන් නිකන් ඇඩේන්න වගේ :(

      Delete
  15. අම්මගේ ඔළුවේ අත තියලා තුන් හතර පාරක්ම මමත් දිවුරුවා ඒ කාලේ.....

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද... නොටි ලොවක් තමයි :/

      Delete
  16. මේ කොටසත් කියෙව්වා, ඒ ගමන්ම පොලිස් වෙඩි පහරින් මියගිය ධීවර තරුණයා ගැන පෝස්ට් එකත් නැවත විසිට් කළා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබා මාමේ ඒ කාරණය ගැන නම් ඇත්තටම දුකයි

      Delete
  17. මධුරංග කියපු දේම තමයි මාත් කියන්නේ..:D දුක හිතෙන අවසානයක් දෙන්නෙ නැහැ කියලා ඔයා මට පොරොන්දු වුනා මතකද? :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් බලමුකෝ කෙල්ලේ :)

      Delete
  18. මොකක්?????
    අවසාන කොටස??
    එහෙම කරන 1 අසාදාරණනෙ!:-/
    ඒ කියන්නෙ ඊලග කොටසේදී කෞමදිට සිහිය ඒවි,උන් දෙන්න එකතු වේවි.එච්චරයි!
    එතකොට කිසි ත්‍රිල් 1ක් නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන දේම වෙයිද අයියෝ..

      Delete
  19. අලේ... ඒ කියන්නෙ දෙන්නා ගොඩ යයි නේද??? අර ගයාන් කෙනෙක්ව මේකට ගත්තෙ මොකද??

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ මොකටද ගයාන් කෙනෙක් එකපාර ආවේ කියලා

      Delete
  20. හ්ම්ම්  සොඳුරු අවසානයක් දකින්නට බලාපොරොත්තුවෙන්.............:)

    ReplyDelete
  21. ඒ කියන්නේ ලබන සතියෙන් කතාව ඉවරද.අයියෝ...අපරාදේ...ලස්සන කතාව.

    ReplyDelete
  22. අවසානය කුමක් වේවිද? කළු එකක් වෙයිද? සුදු එකක් වෙයිද? ඔන්න අපි බලාගෙන ඉන්නවෝ! ඉක්මනට දාන්ඩෝ....

    ReplyDelete
  23. ඔන්න මග අරුණු කොටස් ටිකත් එක්කම කියෙව්වා....
    ඉවර වෙන්නත් ලන්ගයිද අප්පා..
    කොහොම වුනත් දුක හිතෙන අවසානයක් නම් එපෝ... :DD

    ReplyDelete
    Replies
    1. අහ්හ් කියෙව්වද හොදයි :) :D

      Delete
  24. අම්මෝ තව චුට්ටක් ඉස්සරහට ඇදගෙන යමුකෝ. කොටස් 10 ක් වත්

    ReplyDelete
  25. මම කිව්ව වැඩේට තාම පරක්කු නෑ... කැමතිනම් ගයාන්ගෙ වයිෆ්ව මරල ‍කෞමදීව පොරට සෙට් කරමු :)

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක එහෙම දේවල් වෙනවද කොල්ලෝ?

      Delete
  26. ම්ම්ම්..... කතාවට දාපු නම අනුව නම් සුඛාන්තයක් වෙන්න බැහැ....

    ඒත් මේ කොටස කලින් කොටස්වලට වඩා ලස්සනට ලියල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. අනේ තැන්ක්ස් තැන්ක්ස් :)

      Delete